Sunday, May 1, 2016

ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් 10 කරන්න         එපා....

 

මම නිතර පරණ වාහන එළවන කෙනෙක් නිසා ඇත්තටම ක්ලැසික් කාර් ගැන උනන්දු අය මගෙන් නිතර අහන දෙයක් තමයි ඉස්සරලාම පරණ වාහනයක් ගත්තම කරන්න ඕනේ මොනවාද කියන එක. මම මොන උපදෙස දුන්නත් සාමාන්‍යයෙන් වෙන්නේ එයාලා ඒවා බල්ලට දාලා වාහනේ පාරට දාන එකයි. ඒ නිසා මම කරන්න ඕනේ මොනවාද කියන එක වෙනුවට නොකර ඉන්න ඕනේ මොනවාද කියන එක හිතලා දේවල් 10 ක ලැයිස්තුවක් හැදුවා මීට ටික කාලෙකට කලින්. මේක මගේ යාලුවෝ අතර ටිකක් ජනප්‍රිය වුණු නිසා බ්ලොග් එකටත් දාන්න හිතුවා.
මගේ අනික් පෝස්ට් වගේම මේවත් සයන්ටිෆික් හරි ටෙක්නිකල් හරි දේවල් නෙමෙයි. මේක අවුරුදු 10 ක් විතර ක්ලැසික් කාර් පැදලා පත්තියන් වෙච්චි කෙනෙක්ගේ ෆීලින්ස්.  

1. ක්ලච් බැලන්ස් එක ගැන ඕනාවට වඩා හිතන්න                                                                 එපා.
2. ස්ටියරින් ඇඟට වදිනකල් හාඩ් කෝනරින් කරන්න යන්න                                                 එපා.
3. රිම් ටික දිරලා නෑ කියලා විස්වාස නැත්තං වාහනේ පාරට දාන්න                                        එපා.
4. ඉස්සරහ යන වාහනේට මූණ හේත්තු කරන්න                                                                   එපා.
5. බ්‍රේක් ඕනාවට වඩා විස්වාස කරන්න                                                                                 එපා.  
6. ස්පීඩෝ එක සත පහකට විස්වාස කරන්න                                                                         එපා.
7. පෙට්‍රල් සුවඳ ගණන් නොගෙන ඉන්න                                                                               එපා.
8. රිංගන්න යන්න                                                                                                               එපා.
9. බැටරි, ටයර් ෂුවර් නැත්නම් දුවන්න                                                                                  එපා.
10. වාහනේ ගැන හරියටම දන්නේ නැත්නම් නිවාඩු දවස්වල පාරට දාන්න                            එපා.

මම කියන දේවල් ෂුවර් නැත්නම් ක්ලැසික් කාර් එකක් තියන යාළුවෙක්ගෙන් අහන්න. ඌට නිකන් Déjà vu වගේ දැනෙයි.

10 comments:

  1. හාඩ් කෝනරින් කියන්නෙ මොකක්ද? ස්පීඩෝ එක විශ්වාස කරන්න එපා කියන්නෙ යනවට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද සාමාන්‍යෙන් පෙන්වන්නෙ?

    Comments අඩුයි කියලා නොලියා ඉන්න එපා. දිගටම ලියන්න. ටික කලක් යද්දි කට්ටිය එන්න පටන් ගනීවි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හාඩ් කෝනරින් කියන්නේ වැඩ දාලා වංගු ගන්න එකට. හරියට නොදැන කරන්න ගියොත් ට්‍රැක්ෂන් නැතිවෙලා හොම්බ සමතලා වෙනවා. :D ස්පීඩෝ එකේ තියන ප්‍රශ්නේ යන වේගෙට වඩා අඩු වේගයක් පෙන්නන එකයි. අපි පනහට යනවා කියල හිතනකොට සමහර වෙලාවට දන්නෙම නෑ හැත්තෑව පැනලා.

      බොහොම ස්තුතියි දිරිමත් කිරීමට. ඒක ගොඩක් වටිනවා...

      Delete
  2. 1. වාහනේ කොච්චර හොදට හැදුවත් දිනපතා වතුර, ඔයිල් (එංජින් ඔයිල්, බ්රේක් ඔයිල්) පරික්ෂා කරන්න.

    2. වාහනෙන් එන කිසිම සද්දයක් සුළුවට හිතන්න එපා. සද්දයක් එනවනම් කොහෙන්ද එන්නේ කියලා හොයල බලන්න.

    3. නිතරම ඔයිල් ලීක්, වතුර ලීක් ගැන අවදානෙන් ඉන්න. එහෙම තියෙනවනම් ඉක්මනට පරික්ෂාකරගන්න.

    4. අපි වාහනේ ස්ටාර්ට් කරද්දී, ගොඩක් වෙලාවට පෙට්‍රල් ලයින් එකෙන් පෙට්‍රල් කාබ් එකට එන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා වාහනේ හොද බැටරියක් තියෙන එක වැදගත්. පුළුවන් නම් බැටරි ඇම්පියර් මීටර් එකක් හයි කරගන්න. බැටරිය charge වෙන එක ගැන අවදානෙන් ඉන්න පුළුවන්.

    5. ගොඩක් අය නොකරන දෙයක් තමා ස්පෙයාර් වීල් එක හොදට මේන්ටේන් කරන එක. ඒකට තියාගෙන ඉන්නේ පරණ ඒ ගැන අවදානෙන් ඉන්න. පුළුවන් නම් හොද ටයර් එකක් ස්පෙයාර් වීල් එකටත් දාගන්න.

    6.අනිවාර්යෙන්ම වාහනේ ජැක් එක, වීල් බ්‍රෂ් එක(රෝදේ ඇන ගලවන යතුර), වෙනම ඩිකියේ හෝ අදාල තැන තියන්න. කිසිම වෙලාවක ඒ දෙක අනික් ආයුද එක්ක ගෙදර හෝ වෙන වැඩවලට එලියට ගන්න එපා. ගත්තත් නැවතත් මතක් කරලා වාහනේ ඇතුලට දාන්න.

    7. අනිවාර්යෙන්ම වාහනේ ඇතුලේ විදුලි පන්දමක් තියන්න. වාහනේ පාවිච්චියට විතරක් ඒක තියාගන්න. පහලින් දාලා තියෙන ලින්ක් එකේ තියෙන වගේ එකක් නම් ගොඩක් ලේසි වෙයි.
    http://easy.lk/info.php?id=675

    8. රේඩියේටර් එකේ වතුර ලීක් නම්, අනිවාර්යෙන්ම අමතර වතුර බෝතලයක් වාහනේ තියාගන්න.

    9. බැටරියේ කණුවල ඔක්සයිඩ් (ලුණු) බදෙනවානම්, බැටරි කණු ගලවල සුද්ද කරලා හොදට තද වෙන්න හයි කරන්න. මේක කරද්දී පරිස්සම් වෙන්න බැටරියේ කණු කඩාගන්න එපා.

    10. වාහනයේ temperature (හීට් වෙනවද) කියන එක ගැන අවදානෙන් ඉන්න.

    ReplyDelete
  3. තවත් වැදගත් දෙයක්,

    වාහනේ ලස්සන වෙන්න ෆොග් ලයිට් හයි කරනවා නම් ගොඩක් දෙනා ඒක කරන්නේ වාහනේ බෆර් එක උඩට හයි කරන එක. (මමත් ඇතුළුව) එත් මතක තියාගන්න ලංකාවේ නිතිය අනුව එක වැරද්දක්. දඩයක් ලියන්න පුළුවන්.

    හරි විදිය තමයි ෆොග් ලයිට් එක හයි කරන්න ඕනේ බෆර් එකට යටින්. බෆර් එකට උඩින් හයි කරනවානම් හෙඩ් බීම් එකේදී (ඩිම් ලයිට් එකේ ඉදලා හෙඩ් කරද්දී ) විතරයි පත්තු වෙන්න ඕනේ. වෙනම ස්විච් එකකින් ඕන් වෙන්න බෑ.

    නිවැරදි විදියට හයි කරලා නැත්තන් හයිවේ එකේ එන්ට්‍රන්ස් එකේදියි එක්සිට් එකේදියි ෆොග් ලයිට් නිවාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. හ හා... ස්තුතියි නි මෝ... හැබැයි මම කතාකරන්නේ ක්ලැසික් කාර් වලටම විශේෂ වන අපබ්‍රංස ගැන... ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
    2. ක්ලැසික් කාර් ගැන තමා බන් මමත් කියන්නේ, මට තියෙන වහනෙත් එක්ක මට හිතෙන දේවල් කිව්වේ. දිගටම ලියපං.

      Delete
    3. අයි විල්... තෑන්ක් යූ සෝ මච්...

      Delete
  4. කාර් පිස්සෙක් වුන මට නොදන්න ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වුනා.ගොඩක් ස්තුතියි ඔබට.
    ආසාවක් තියෙනව බ්211ක් හරි ලාන්සර් ෆ්ලැට් ලයිට් එකක් හරි ඔරිජිනල් විදියට හදල පදින්න
    යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔය වාහන දෙකම හරියට හදාගත්තොත් හෝද හෝදා මඩේ ඔබන්න වුණත් පුළුවන් වාහන...

      Delete
  5. " පෙට්‍රල් සුවඳ ගණන් නොගෙන ඉන්න එපා."
    meke mokakda aiye wenne?

    ReplyDelete