Monday, December 5, 2016

මිනි මයිනර්/ඔස්ටින් මිනි උපන් හැටි

ෆොටෝ එක එවුවේ ශානක ලියනගේ



මම මිනි පිස්සෙක් නෙමෙයි. හැබැයි මිනි එක සැරින් සැරේ මගේ ඔළුවට එන්නේ හරියට ගෙදර ඇතිකරන්නේ නැති වුණාට බඩගිනි වුණාම ගෙදර ඇවිත් පුරුපුරු ගගා කකුලේ දැවටෙන පුංචි පූස් පැටියෙක් වගේ... (ඔවු, මම කාර් වලට තරමටම පූසන්ට ආදරෙයි).

මිනි එකක් පාරේ ගියොත් මම බීට්ල් එක ස්ලෝ කරලා ඒක දිහා බලනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. තව වෙන වෙන කාර් වලට ආසා අයත් පාරේ මිනි එකක් දැක්කම නැවතිලා බලන වෙලාවල් ඕන තරම් තියනවා. ඒ ඇයි කියන්න ඒ අය දන්නෙත් නෑ...

වෙන එකක් තියා මිනි එක ඩිසයින් කරපු ඉසිගෝනිස් මහත්තයා වත් ඒක දැනගෙන හිටියේ නැහැ...

මිනි එකේ ඉතිහාසය බොහොම දිග කතාවක්. ඒ නිසා මිනි එකේ මුළු ජීවිත කතාවම එක බ්ලොග් පෝස්ට් එකකින් කියන්න බැහැ. මිනි එක වෙළඳපොළට හඳුන්වලා දුන්නට පස්සේ වෙනස්කම් ගොඩක් සිද්ධ වුණා. මිනි එක හදපු බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් හෙවත් BMC එකට අභියෝග මහා ගොඩකට මූණදෙන්න වුණා. 

අපි අද හිතන තරම් මුල් කාලේ මිනි එක ජනප්‍රිය වුණේ නැහැ. මොකද මිනි එක ඉස්සරලාම ආවේ වියදම් අඩු සරල කාර් එකක් විදිහට මිසක් 'මං වෙනස්' කියලා පෙන්නන්න පුළුවන් කාර් එකක් විදිහට නෙමෙයි. කොටින්ම සෑහෙන කාලයක් යනකල් BMC එක මිනි වික්කේ අතින් පාඩු කරගෙන. මේක හොයන්න ෆෝඩ් සමාගම මිනි එකක් අරගෙන ගිහිං කෑල්ලෙන් කෑල්ල ඇනෙන් ඇනේ තහඩුවෙන් තහඩුවෙන් තහඩුව කෑලි කරලා පතුරු කරලා මස් කරලා  ගණන් හදලා බැලුවා (ෆෝඩ් එක මේ වගේ වැඩ වලට මාර දස්සයි). ඊට පස්සේ එයාලා කිව්වා විකුණන හැම මිනි එකකටම BMC එක පවුම් 30 ක් පාඩු විඳිනවා කියලා. ඔන්න ඔය වගේ අමාරුකම් සහ කුහකකම් රාශියක් මැද්දේ තමයි මිනි එක මේ ගමන ආවේ.



මිනි එකේ කතාව පටන් ගන්න නම් අපි මොරිස් මෝටර්ස් සමාගමෙන් කතාව පටන්ගන්න ඕනේ. දිගට කතාකරන්න කාලයක් නැති නිසා මම බොහොම කෙටියෙන් කියන්නම්. මොරිස් මෝටර්ස් සමාගම පටන් ගත්තේ 1919 අවුරුද්දේ. මේ කාලයේ බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කර්මාන්තය දියුණු වෙමින් තිබුණේ. එදා ඉඳන් සෑහෙන කාලයක් යනකල් මේ මොරිස් නමින් අපට මොරිස් මයිනර්, මොරිස් මිනි සහ මොරිස් ඔක්ස්ෆර්ඩ් වගේ අපූරු වාහන ගොඩක් ලැබුණා. 1984 දී තමයි මොරිස් නම භාවිතයෙන් ඉවත් වුණේ. අද වෙනකොට මොරිස් නම අයිති චීනයේ SAIC කියන සමාගමට ලු. දැනට MG බ්‍රෑන්ඩ් එකත් අයිති මෙයාලටමයි.

මොරිස් සමාගමේ ලාංඡනය


මොරිස් සමාගමේ අපට අදාළ කාලය වෙනකොට ප්‍රධානියා වෙලා හිටියේ ලෙනර්ඩ් ලෝඩ්. 1951 දී මොරිස් සහ ඔස්ටින් සමාගම් දෙක එකතු වෙලා බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් හෙවත් BMC එක හැදුණට පස්සේ එතුමා BMC එකේ ලොක්කා වුණා. මිනි එක බිහිවෙන්න පාර කැපුණේ එතුමා නිසයි.


ලෙනර්ඩ් ලෝඩ්

මිනි උපතට පින් ලබන්න ඕන අනික් කෙනා තමයි ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් (ඇලෙක්) ඉසිගෝනිස්. එතුමා තමයි මොරිස් මයිනර් එක නිර්මාණය කරන්න වැඩ කළෙත්. මම අදටත් එතුමාට මේ තරම් ගරු කරන්නේ මොරිස් මයිනර් එක නිර්මාණය කළාට මිසක් මිනි එක නිර්මාණය කළාට නෙමෙයි. මොකද මොරිස් මයිනර් එක නොතිබුණා නම් මිනි එක නිර්මාණය කරන්න අවශ්‍ය තාක්ෂණික හෝ ආර්ථික පසුබිම BMC එකට නොලැබෙන්න ඉඩ තිබුණා.


ඇලෙක් ඉසිගෝනිස්

1950 දශකය වෙනකොට දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා තිබුණත් බ්‍රිතාන්‍යය හරියට ඔලුව උස්සලා හිටියේ නැහැ. ඉන්ධන, ටයර් වගේ බොහෝ දේවල් සීමා කරලයි තිබ්බේ. මේ වෙනකොට සාමාන්‍ය මිලගණන් යටතේ ගන්න තිබුණේ මොරිස් මයිනර්, ඔස්ටින් A30 සහ ෆෝඩ් පොපියුලර් වගේ කාර්. 1953 දී ෆෝඩ් පොපියුලර් එක හඳුන්වලා දෙනකොට ඒක එහෙ අඩුම මිලට ගන්න පුළුවන් කාර් එක වුණා කියලා කියනවා.

ඊට පස්සේ තමයි සූවස් ඇලේ ප්‍රශ්නේ ආවේ. මැද පෙරදිග රටවල ඉඳන් බටහිර රටවලට ඉන්ධන ගෙන්න තිබ්බ හොඳම ක්‍රමය තමයි සූවස් ඇල. නැත්තම් තෙල් ගේන නැව් ලෝකේ වටේ රස්තියාදු ගහලා එන්න ඕනේ. නැවක් එහෙම රස්තියාදු ගැහුවම වියදම් ඉහළ යන හැටි ගැන කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. පනස් ගණන්වල ඊජිප්තුවේ පාලකයා මේ වැඩේට කොක්ක ගැහුවා. මේක බොහොම දිග කතාවක්. කෙටියෙන් කියලා වැරදි අදහස් ඇතිකරන්න කැමති නැති නිසා මම ඒක ලියන්න යන්නේ නැහැ. කොහොම හරි අන්තිමට සූවස් ඇල හරහා බටහිරට තෙල් ගේන්න බැරි තත්ත්වයක් උදා වුණා. බ්‍රිතාන්‍යය ඇතුළේ ආයෙත් ඉන්ධන මිලදීගැනීම සීමා කරන්න වුණා.

මෙන්න මෙතනින් තමයි අර බබල් කාර් (Bubble cars) ජනප්‍රිය වෙන්න පොටක් පෑදුණේ.

අද අපි ඔය බබල් කාර් වලට හරි ආසයි, ඒවා දකින්න නැති නිසා. ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන එකතු කරන අය ගාව මේවා තියනවා ඔයාලා ප්‍රදර්ශනවලදී දැකලා ඇති. අනික් අතට ටොප් ගියර් එකේ කියන දේවල් දේව වාක්‍යය වගේ පිළිගන්න ගොඩක් දෙනෙක් බබල් කාර් ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ඒවට බනිනවා.

බබල් කාර් ජනප්‍රිය වුණේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසා. බබල් කාර් අතරින් ජනප්‍රියම කාර් එකක් තමයි BMW Isetta එක. මේ ගොඩක් බබල් කාර් වර්ග වල තිබුණේ රෝද තුනක් විතරයි. ඒවා බොහොමයක් රියදුරා ඇතුළුව දෙන්නෙකුට විතරක් යන්න පුළුවන්, පොඩි මෝටර් සයිකල් එන්ජින් තිබුණු, සමහර වෙලාවට රිවස් ගියර් එකක් පවා නොතිබුණු කාර් (රිවස් එකක් නැත්නම් ඒ කාලේ මෝටර් සයිකල් ලයිසන් එකෙන් මේවා එළවන්න අවසර තිබුණලු). මේවා හැබැයි ඉතින් කාර් නම් නෙමෙයි. මේවා හුදෙක් නිකම්ම නිකං ප්‍රවාහන මාධ්‍යයක් විතරයි.



මේවා ජනප්‍රිය වෙනවා දැක්කම BMC එකේ ලොක්කා වුණු ලෙනර්ඩ් ලෝඩ් මහත්තයට අසූහාරදාහට මලපැන්නා. එතුමා මේවා හඳුන්වන්න පාවිච්චි කළේ 'God damn bloody awful Bubble cars' කියන වචන සෙට් එක. මේ පැන්න මල ඔස්සේම තමයි එතුමා කල්පනා කළේ නියම පුංචි කාර් එකක් ඩිසයින් කරලා බබල් කාර් ටික පාරෙන් එළවලා දාන්න.

මෙන්න මෙතනින් තමයි මිනි ඉස්ටෝරිය පටන් ගන්නේ...

මේ වැඩේ කරන්න භාරවුණේ මොරිස් මයිනර් එක  ඩිසයින් කරපු ඇලෙක් ඉසිගෝනිස් මහත්මයාටම තමයි. ඇත්තම මොරිස් මයිනර් එක කියන්නේ ඒක නිර්මාණය කරපු කාලයේ හැටියට ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඒ නිසා ඉසිගෝනිස් මහත්මයාට හොඳ පිළිගැනීමක් ලැබිලා තිබුණා. ඉතාම කෙටි කාලයක් ඇතුළත තමන්ට දීපු ඉලක්කය ළඟා කරගන්න එතුමාට පුළුවන් වුණා. එතුමාගේ සමීපත විශ්වාසවන්තයෝ සෙට් එකක් තමයි එතුමා එක්ක මේ වැඩේ කළේ. ඒ අය පස්සේ බොහොම ළෙන්ගතුව කිව්වා 'We were there do things his way' කියලා. ඒ කියන්නේ වැඩේ ඒකායන මොළකාරයා හෙවත් සොඳුරු ආඥාදායකයා ඉසිගෝනිස් මහත්තයා තමයි...

මිනි එකට ඇඳපු මුල්ම කටු සටහනක්


මිනි එක ඇත්තටම 'ලස්සන ඩිසයින් එකක්' බවට පත්කරන්න ඉසිගෝනිස් මහත්මයට කොහොමවත්ම ඕන කමක් තිබුණේ නැහැ. මිනි එකේ හැම අංගයක්ම නිර්මාණය වුණේ වියදම් අඩු, ඒ වුණාට හතර දෙනෙකුට යන්න පුළුවන්, ප්‍රායෝගික, පවුලේ වාහනයක් විදිහට. මිනි එක මේ තරම් ආකර්ෂණීය නිර්මාණයක් වීම ඇත්තටම අහම්බයක්.

පුංචිම පුංචි වාහනයක් වුණත් මිනි එකේ මේ තරම් ඉඩ තියෙන්න හේතු කීපයක් තියනවා. 

1. එන්ජිම හරස් අතට (transversely) සවිකිරීම 

2. එන්ජිමට යටින් ගියර් බොක්ස් එක පිහිටා තිබීම 

3. Front wheel drive වීම 

මේ වගේ හේතු ගොඩක් නිසා මෙච්චර පොඩි වාහනයක් වෙලත් හතර දෙනෙකුට නිදහසේ යන්න මිනි එක ඇතුළේ ඉඩ තියනවා. 

මාස 4 ක් තරම් කෙටි කාලයක් ඇතුළත මූලික සැලසුම් වල ඉඳලා අනුමත සැලසුම දක්වා යන්න ඉසිගෝනිස් මහත්මයාගේ ටීම් එකට පුළුවන් වුණා. විශේෂම දේ තමයි මිනි prototype සහ ප්‍රඩක්ෂන් එකට දාපු කාර් එකක් බොහෝ දුරට සමාන වීම. එකම එක කොස්ස වුණේ ඔරිජිනල් ප්ලෑන් එකේ විදිහට 948cc (37bhp) එන්ජිම පාවිච්චි කරනවා වෙනුවට 848cc (34bhp) එන්ජිම පාවිච්චි කරන්න මෙයාලා තීරණය කරපු එකයි. මේ දෙක අතරේ තියෙන්නේ 3bhp වගේ වෙනසක් වුණාට මේ තරම් සුළු බලයක් තියන කාර් එකකට අශ්ව බල තුනක් කියන්නේ ලොකු ගාණක්. මිනි අරගන්න කස්ටමර්ස්ලාට ස්පීඩ් එකට වැඩිය තෙල් වැඩකරන ප්‍රමාණය වැදගත් වෙයි කියලා ටීම් එක හිතන්න ඇති. කොහොම වුණත් ඒ කාලේ හැටියට ඒක තමයි වැදගත්ම දේ වුණේ! 

1959 අගෝස්තු 26 වෙනිදා තමයි මිනි එක නිල වශයෙන් දියත් කළේ. අද ලෝකේ පුරා අගෝස්තු 26 වෙනිදා 'මිනි ඩේ' එක විදිහට සමරන්නේ ඒකයි. මිනි එක ඔස්ටින් සහ මොරිස් බැජ් දෙකෙන්ම ආවා. මොරිස් එක ආවේ මොරිස් මිනි කියන නමින්. ඔස්ටින් එක'ඔස්ටින් 7' කියලා ආවා (ඔස්ටින් 7 එක ඔස්ටින් මිනි කියලා නම් කෙරුණේ 1961 දී). මොරිස් වාහන හැදුවේ Cowley වල තිබුණු කර්මාන්ත ශාලාවේ. ඔස්ටින් එක Longbridge වල හැදුවා. 




මිනි කූපර් කියන වර්ෂන් එක ඇත්තටම ආවේ 1961 දී. ජෝන් කූපර් කියන්නේ රේසින් වලට සම්බන්ධ සුප්‍රසිද්ධ ඉංජිනේරුවෙක්. ඒ වගේම එයා ඉසිගෝනිස් මහත්මයාගේ යාළුවෙක්. මේ දෙන්නා එකතු වෙලා රේස් වලට දාන්න පුළුවන් විදිහට මිනි එකේ එන්ජිම සහ අනෙක් උපාංග වැඩිදියුණු කළා. (මෙතනත් ලොකු පසුබිම් කතාවක් තියනවා. ඒක විස්තර කරන්නේ නැති එක ගැන කූපර් ෆෑන්ස් ලා මාත් එක්ක අමනාප වෙන්න එපා. ඒකත් සෑහෙන්න ලුණු ඇඹුල් සහිත කතාවක් කියලා ඔයාලා දන්නවා නේ. ඒ නිසා ඒක පස්සේ වෙලාවක කියමු). එන්ජින් කැපැසිටි එක 848cc ඉඳලා 997cc වෙනකල් වැඩිවෙලා bhp ගාන 34 ඉඳන් 55 දක්වා වැඩිවුණා. ඊට අමතරව ආපු මිනි කූපර් S වර්ෂන් එකේ  එන්ජිම 1077cc. ඊටත් පස්සේ අර අපි කවුරුත් ආසා කරන 1275cc එන්ජිම ආවා. 

ඇලෙක් ඉසිගෝනිස් සහ ජෝන් කූපර්


මෙතනින් එහාටත් තව කතා ගොඩාක් පටන්ගන්නවා. නමුත් ඒවා ලියන්න අපට වෙලාවක් නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය ප්‍රඩක්ෂන් එකට දාපු මිනි මාදිලි ගැන පොඩ්ඩක් කියලා අපි කතාව නවත්තමු. 

BMC එක මිනි එක මාකට් එකට දාල නිකං හිටියේ නැහැ. මුල් කාලේ එයාලා එක එක වර්ෂන් හදලා ටෙස්ට් කරලා බැලුවා. 

1. ඩිකියක් එක්ක ආපු Wolseley Hornet සහ Riley Elf කාර් 




2. මොරිස් මිනි ට්‍රැවලර් සහ ඔස්ටින් මිනි කන්ට්‍රිමන් විදිහට ආපු වැගන් වර්ෂන් එක (පස්සේ මේ වෙනුවට ක්ලබ්මන් එස්ටේට් වර්ෂන් එක හඳුන්වලා දීපු බව මේ ලිපිය මුලින්ම පළවුණාට පස්සේ රුක්ෂාන් හල්පිට මතක් කළා).



3. මිනි වෑන් එක විදිහට හඳුන්වපු වර්ෂන් එක 

4. මිනි පිකප් එක 



5. මිනි මෝක් එක හෙවත් ජීප් වර්ෂන් එක



මීට අමතරව තව වර්ෂන් ගොඩක් එන්න ඇති. ඒ වගේම එඩිෂන් ගොඩකුත් ආවා. 

ඇනිවර්සරි එඩිෂන්: Mini 20, Mini 30, Mini 35, Mini 40 

ලන්ඩන් කලෙක්ෂන්: Mini Mayfair, Mini Ritz, Mini Chelsea, Mini Piccadilly, Mini Park Lane, Mini Advantage 

මීට අමතරව තවත් එඩිෂන් ගොඩක් ආවා. ඒ සේරම ටික වගේ ඔයාලට මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්. හැබැයි මේවා ගැන එක එක අය එකිනෙකට වෙනස් මත දරන අවස්ථාවල් තියනවා. ඒ වගේම කවුරුහරි කිවුව පලියට විශ්වාස කරන්නත් එපා. ටිකක් අන්තර්ජාලයේ එහා මෙහා දියබුං ගහලා හොයලා බලන්න. මොකද ලංකාව වගේ රටවල ගස්ලබු සහ තලන බටු විකුණන්නෙත් ලිමිටඩ් එඩිෂන් කියලා.


පනහේ දශකයේ බ්‍රිතාන්‍යය හොම්බෙන් ගිය වෙලාවක දෙපයින් හිටවන්න හිතාගෙන ඩිසයින් කරපු ඇබිත්තන් කාර් එකක් මේ තරම් දුර යාවි කියලා ශ්‍රීමත් ඇලෙක් ඉසිගෝනිස් ඇතුළු කිසිම කෙනෙක් හිතන්න නැතුව ඇති. ඔරිජිනල් මිනි එක බ්‍රිටිෂ් ලේලන්ඩ් එක සහ රෝවර් ග්රූප් එක වගේ එක එක අයිතිකාරයෝ යටතේ 2000 අවුරුද්ද වෙනකල්ම නිෂ්පාදනය වුණා. ප්‍රඩක්ෂන් එක ඉවර වෙද්දී මිනි මිලියන 5.3 ක් නිෂ්පාදනය වෙලා තිබුණා ලු. ඒ අනුව මිනි එක තමයි අද දක්වා වැඩියෙන්ම නිෂ්පාදනය වුණු බ්‍රිතාන්‍ය කාර් එක. 

කොටින්ම කියනවා නම් ෆෙරාරි එකේ නිර්මාතෘ එන්සෝ ෆෙරාරි මහත්මයාටත් මිනි මිස්සුව ගැහුවා. ඒ නිසා එතුමත් මිනි එකක් ගත්තා...

ආරම්භයේ ඉඳන් අවසානය දක්වා පුංචි පුංචි වෙනස්කම් වුණාට මිනි එකේ බාහිර පෙනුමේ ලොකු වෙනසක් වුණේ නැහැ. ඒකයි අදටත් ගොඩක් දෙනෙකුට 1959 හදපු මිනි එකකුයි 2000 ට කිට්ටුව හදපු මිනි එකකුයි වෙන්කරලා අඳුනගන්න අමාරු. මිනි ඔස්තාද්ලා දන්නවා වුණාට සාමාන්‍ය අය ඔය පුංචි පුංචි දේවල් දන්නේ නැහැ.

නමුත් එදා ඉඳන් අවුරුදු 60 කට කිට්ටු වෙන්න කාලයක් ගිහිල්ලා, ඉන්දියන් සාගරය මැද්දේ හිච්චි දූපතක ඉන්න බාල තරුණ මහලු හැමෝම තාමත් උදේ හවා ලුහුඬු දැන්වීම් දිගේ දුව දුවා මලකඩ බේරෙන මිනි මයිනර් වලට කෙළ හලනවා...  

ඉසිගෝනිස් මහත්තයා අද හිටියා නම් 'කොහොමද යකඩෝ එහෙම වුණේ' කියලා කල්පනා කරලම පිස්සු හැදෙනවා... 


www.facebook.com/CarPissuwa 

පසු සටහන: කාර් පිස්සුවට කට්ටිය එවපු මිනි පින්තූර ගොඩක් තියනවා. මේ පහළින් තියෙන්නේ ඒ අතරින් තෝරගත්තු ටිකක්. නමුත් එවපු කට්ටියගේ නම් වෙන වෙනම සටහන් කරලා තියාගත්තේ නැති නිසා මට එවපු කෙනා කවුද කියලා හරියටම කියන්න බැහැ. මේ ෆොටෝ අතර ඔයා එවපු එකක් තියනවා නම් කමෙන්ට් එකක් දාලා ඒ බව කියාගෙන යන්න. 

























www.facebook.com/CarPissuwa

51 comments:

  1. Mulinma kiyanna oona mage phone eka reset wela Sinhala font eka na.ee nisa mehema comment karannam. Atta washayenma kiyanawanam mini kiyanne like godak minissunge eka hiinayak. E unata minissu marenawa ipadebawa.mini aaya hadenne na. Mama eka article ekak kiyawala tiyanawa punaruppattiya gana.eeke manussayek marila eelanga athme ipadila taman use karapu mini cooper eka hoyagana giya gamanak gana. Attatama mini saha minissu atara pudumaakara bandimak tiyenne

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි, හූ එව යූ ආ...:D

      Delete
    2. Hehehee... Mama ban... Akila Wickramasinghe

      Delete
    3. මොන මගුලක්ද ඩෝ... හදාගනින් කෝ ඕක... හැක්...

      Delete
  2. ලොක්ක හොඳ කූපර් එකක් පැද්ද නම් මයිනරේ වෙනුවට අද ගැරේජ් එකේ එයිං එකක් ෂුවර්... පොඩි බට්ටෙක්ට 1.3 එන්ජින් එක රොකට්, පැනගෙන දුවන්නේ ! හැබැයි මයිනර් එක වගේ පාවී පාවී යන්න නම් බෑ ...

    ReplyDelete
    Replies
    1. කවදාහරි පැදලා බලන්න ඕනේ කන්ඩෝ... කවදාහරි අරං බලන්න ඕනේ... ;)

      Delete
  3. අර බබල් කාර් කියන ජාතිය ගැන අනම්මනං කියන එවුන්ට මගේ කේන්තිය. මං එව්වට හරි ආසයි peel p50 එකක් හැදුවොත් කොහොමද පොඩි එන්ජිමක් දාලා. තනි මිනිහෙක් ලොකු කාර් එකක යනවට වඩා නරකද තනියම යන්න පුලුවං ඒ වගේ වාහනයක් ගන්න එක.
    මිනි මයිනර් එක තව ඩිංගක් පොලෝ මට්ටමෙං උස හිටින්න හැදුවනං, 660cc එන්ජිමක් තිබ්බනං අදත් ජනතාවගෙ වාහනේ ඒක. අදටත් ඕක හරි හුරතල් වාහනයක්.

    ReplyDelete
    Replies
    1. අපි මේ 1275/1300 මදි වෙලා දඟලනවා... ඔයා මේ අඩු කරන්න කතා කරනවා... අහුවෙන්න එපා ඔයා :D

      Delete
  4. ඔය වගේ කාර් එකක් ( හොද තත්වේ ) ලංකාවේ වටිනාකම කීයද මචං

    ReplyDelete
    Replies
    1. දහයෙන් එහා අටම් දැන්... අපි කට්ටක් කාලා පොතක් හොයාගෙන කාර් එකක් අඩුවට හොයාගෙන ගොඩ දාගත්තොත් නම් අඩුවට කරගත්තහැකි. සාමාන්‍ය ක්‍රමේට ගන්නවා නම් ඉතිං හොඳ එකක් 10 කට එහා තමා...

      Delete
    2. ඔබ හීනයක් වගේ
      හාදු වැස්සක් අරං

      Delete
    3. සාමාන්‍ය මට්ටමේ එකක් නම් හයකට විතර හොයාගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ සිරියහන අද්දරට වී වැතිරෙන්නේ තමයි වෙන්නේ... :D

      Delete
    4. අනේ මටනම් නිකන් දුන්නත් එපා

      Delete
  5. හ්ම්මෝ....මිනිය... ;) .... ගිය සතියෙ පලවෙනි පාරට මිනියක් පැද්දා...යාලුවෙක්ගෙ එකක්.. #නෝ_පවර්_ස්ටියරින් ...මරු අත්දැකීම..

    කතාව නියමයි අය්යේ...

    ReplyDelete
    Replies
    1. ඔයා මීට කලින් පවර් ස්ටියරින් එකක් පැදලා තිබ්බෙම නැද්ද? එහෙනම් වෙලාවක 1956 ට කලින් ආපු මොරිස් මයිනර් එකක් වගේ එකක් පැදලා බලන්න. :)

      ප්‍රතිචාරයට ස්තූතියි රොෂේන්...

      Delete
    2. පැදල තියනවා...අපේ ජීප් එක power කරල තියෙන්නෙ...ඒත් ඉතින් ඒ රෝද දෙක හරවන්න යෝද බල ශක්තිය ඕනෙ!!

      Delete
  6. හ්ම්මෝ....මිනිය... ;) .... ගිය සතියෙ පලවෙනි පාරට මිනියක් පැද්දා...යාලුවෙක්ගෙ එකක්.. #නෝ_පවර්_ස්ටියරින් ...මරු අත්දැකීම..

    කතාව නියමයි අය්යේ...

    ReplyDelete
  7. කොළඹ වරායෙත් මිනි කාර් හයක් හතක් අවුරුද්දක් දෙකක් විතර නතර කරලා තිබුනා. අළුත් ඒවා නෙමෙයි 5 ශ‍්‍රී , 6 ශ‍්‍රී, 10 ශ‍්‍රී මොඩල්. කොහේ රටකට පටවන්න හදපු එවාද මන්දා. හැබැයි දැන් දැන් එ්වා ටික එතන නෑ. වෙන තැනක දිරනවාද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ෂුවර් එකටම දිග, සංකීර්ණ කතාවක්... ;)

      Delete
  8. ඔන්න 5 වෙන එක මන් හදපු එකක් mage car eka den nam wena aithikaarayek ge

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අපිව දැනුවත් කළාට...

      Delete
  9. උඩින්ම තියෙන්නේ මන් දාපු 1. නිල් පට 1 මගේ . රතු පාට 1 මියුරු කියල මල්ලි කෙනෙක්ගේ .

    බොහොම ස්තූතියි.
    දන්නැති ගොඩක් දේවල් අපිට හැමදාම කියල දෙනවට.

    ReplyDelete
    Replies
    1. සාඩම්බර මිනි හිමිකරුවෙක්...! ප්‍රතිචාරයට බොහොම ස්තූතියි තනුජ...

      Delete
  10. නියම විස්තරයක් වගේම උඹ හරි ලස්සනට ඒක දෙසාබානවා. කලින් කිව්වත් වගේ මාත් ඔය බීටල් පිස්සෙක් වෙලා නවතින්නේ. ඒකට උඹ වග කියන්න ඕන.. හැක්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශකයාණනි... බීටලයක් අරගෙන 'බීටලයක් සහ බෝතලයක්' වගේ කතාවක් ලියන්න වාසනාව ලැබේවා!

      Delete
  11. Patta hinayak. ........ mini.....

    ReplyDelete
  12. ඔය ඔතන තියෙන 4 ටෝ වලින් මම එවපු 4 ටෝ එකක් වත් නෑ මොකද මට මිනියක් නෑ........😆😆😅
    නියම වැඩක්....
    දන්නෙ නැත් දෙවල් ගොඩක් අහුල ගත්තා....
    කතාවට ව්ඩා අර දේශකයා ගේ කමෙන්ට් එක අල්ලල ගියා ඔන්න ඔය නිසා තමා අපි සටන අතාරිනේ නැත්තේ .......😁😁😁

    ReplyDelete
    Replies
    1. උඹ පුළුවන් නම් මෙතෙන්ටත් ගෙනෙන් ඔය බීට ලේ මූව්මන්ට් එක... හැක්...

      Delete
  13. මටනම් වාහනයක් එලවනවා කියලා ඇගට දැන්නෙන්නේ නිසාන් පැට්රල් වගේ දඩ සයිස් වාහනයක් එලවන්න ඕනේ ...
    මචෝ,
    අලුත් රෙනෝල්ට් එක ගැන විස්තරයක් ලියපංකෝ ..
    දේශකයා ලියලා තිබුනා එත් හොද නරක සහ උබගේ උපදෙස ලියපං
    ගන්නද එපාද

    ReplyDelete
    Replies
    1. ක්විඩ් එක ගැන නොලියා ඉන්නේ මේ මගේ හිතවත්තු කීප දෙනෙකුත් මොක්කුද වගේ දුවලා ගිහිං ඒක කරේ දාගෙන තියන නිසා... අර මරුටිය ගැන ලියලා මම අහගත්තු තරම් දන්නේ මගේ කොම්පියුටරේ විතරයි බොල...!

      Delete
    2. ඒ උනාට ඒක තව අයට ප්රෝයෝජනවත් වෙයි..

      Delete
  14. අපරාදෙ කියන්න බෑ මාත් දැක්කොත් දෙපාරක් හැරිල බලන වාහනයක්.
    ඒත් අර මෙන්ඩ කියල තියෙනව වගේ එලෝන වෙලාවල් වලටනං මාත් ඔය සුකුරුත්තං වලට කැමති නෑ.

    මොනව උනත් හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා... බලන්නකෝ තව ටික දවසක් යනකොට වෙන දේ... ඊළඟට ඔයා මිනි එකක් ආස්සරේ කරන්න ගත්තම ඔයා ඒක දිහා බලන්නේ කලින් බලපු ඇහින් නෙමෙයි... බලන්න බොරුද කියලා ;)

      Delete
  15. මගේ ප්‍රියතම වාහනේ .....
    කවද හරි මම වාහනයක් ගත්තොත් ඒ ඩිකිය තියන මිනි එකක් තමා ........

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ අන්තිම තියන ෆොටෝ සෙට් එකේ තියන ඒ වගේ කාර් එක restore කරපු කෙනා තව ෆොටෝ දෙකතුනක් මට එවුවා. එයාගේ නම මතක නැති නිසා ෆොටෝ නොදා හිටියේ. ඒ ටික දැක්කොත් ඔයාට තවත් ආසා හිතෙයි...

      Delete
  16. Me blog eke daana palaweni comment eka . Lipi kiyewwata mini kyana subject ekata aawama chuuty kithiyak yanwa eekai comment ekak daannama hithune .. ayye oya rasa karala kathawa kyaddi ara yatapath karagena hitapu kithiya wadi wenawa appa.... thaama hambakaran kana thathweta awilla nathi nisa gedarata karadara karala miniyak illannna hitha denne na .. gannawa loweth gannawa aragenama page ekata ewannamko photowak 😎🤗

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තූතියි චේතිය... ඉක්මනටම හීනය හැබෑකරගන්න ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා...

      Delete
  17. Me blog eke daana palaweni comment eka . Lipi kiyewwata mini kyana subject ekata aawama chuuty kithiyak yanwa eekai comment ekak daannama hithune .. ayye oya rasa karala kathawa kyaddi ara yatapath karagena hitapu kithiya wadi wenawa appa.... thaama hambakaran kana thathweta awilla nathi nisa gedarata karadara karala miniyak illannna hitha denne na .. gannawa loweth gannawa aragenama page ekata ewannamko photowak 😎🤗

    ReplyDelete
  18. කතාව සුපිරි. ජයෙන් ජය. ! මාත් එකක් ගන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි හසිත... ඉක්මනටම එකක් ගන්න ලැබේවා!

      Delete
  19. ඔය නවය ශ්‍රී වලින්ද කොහෙද පස්සෙ ආපු මිනි කපලා එවලා බඩ් කරපු ඒවා වෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. නව ශ්‍රී විතරක් නෙමෙයි, අනික් ඒවත් බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම ඕවා ෆේස්බුක් එකේ එහෙම කතාකරන්න ගියාම ඒවා කට්ටියට මල පැනලා දුවගෙන එන හැටි බලාගන්න පුළුවන් ;)

      Delete
  20. මොරිස් ඔස්ටින් කූපර් අච්චාරුව ලෙහාගන්න බැරුව දහඅතේ හොයල පස්සේ බ්ලොග් එකේ ආර්ටිකල් එක තිබ්බ කියල මතක්වෙලා ඇවිල්ල බැලුවේ.දැන්නම් හිතේ සැනසිල්ලෙන් නිදාගන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ලිපියට. හැමදෙයක්ම සරලව සුගමව අසහිතෙන විදියට ලියල තියෙනවා.මගේ පලවෙනි වාහනේ මිනියක් නොවුනොත් තමයි පුදුමේ.එදාට කෙල්ලට යවන්නත් කලින් ෆොටෝ 1ක් ඇවිල්ල තියෙයි කාර් පිස්සුවට.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. බොහොම ස්තූතියි තුසිත...

      Delete
  21. පරන මිනිය ආයේ එන්නයි යන්නෙ යාලෝ ඒත් ගාන නම් සැරයි පුතාලා වැඩි විස්තර මෙතනින් http://www.aniwa.lk/2017/04/24/1704241-mini-remastered/

    ReplyDelete
    Replies
    1. මම ඕක ගැන විස්තරක් ලිවුවා අපේ ෆේස්බුක් පේජ් එකේ. පොඩ්ඩක් ගොඩවෙලා ඒකත් කියවන්න. ලින්ක් එකට ස්තූතියි.

      Delete