Thursday, May 19, 2016

EN මයිනර් එක චීස් ග්‍රේටර් කරපු විදිහ



මොරිස් මයිනර් එකේ ග්‍රිල් වර්ග දෙකක් ආපු බව සමහරවිට ඔයාලා දන්නවා ඇති. මේ අතරින් පළවෙනි එක තමයි Series 1 සහ 2 වල ආපු කොටු තියන ග්‍රිල් එක. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ Cheese Grater Grill එක කියලා. මේක මුලින් ක්‍රෝම් කරපු ග්‍රිල් එකක් විදිහටත්, පස්සේ පේන්ට් කරපු ග්‍රිල් එකක් විදිහටත් ආවා. 


                                               ක්‍රෝම් ග්‍රිල් එක 



                                      පේන්ට් කරපු ග්‍රිල් එක 

1954 දී මේක වෙනුවට Slatted ග්‍රිල් එක හඳුන්වලා දුන්නා. අද අපි බොහෝ දෙනෙක් දකින්නේ මේ ග්‍රිල් එක තමයි. 


                                           Slatted ග්‍රිල් එක 

මම මගේ මොරිස් මයිනර් එක ගනිද්දී ඒකෙ තිබුණේ මේ අන්තිමට කියපු විදිහේ Slatted ග්‍රිල් එකක්. ඒක 1955 කාර් එකක් නිසා ග්‍රිල් එක නිවැරදියි. ඒත් මගේ වැඩි ආසාව තිබුණේ චීස් ග්‍රේටර් එකකට. ඒ නිසා මම තීරණය කළා චීස් ග්‍රේටර් එකක් තියන්න. මේකට මගේ වාහනේ restore කරපු කට්ටියත් එකඟ වුණා. 

මම ඉස්සරලාම කළේ ගිහිල්ලා හොරණ ෂෙල්ටන් අන්කල්ගේ ගෙදරින් චීස් ග්‍රේටර් ග්‍රිල් එකක් එක්ක ෂෙල් එකක් සල්ලිවලට ගන්න එකයි. කාර් පිස්සන්ට මේ තැන කොහෙද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 


                                 ෂෙල්ටන් අන්කල්ගේ සුරපුරේ 



                     මෙන්න මෙයා තමයි මට ෂෙල් එක දන් දුන්නේ. 

ෂෙල් එක අරන් ආවට පස්සේ අපේ කට්ටිය කන කහකහ කල්පනා කළා. ඊට පස්සේ තීරණය කළා මගේ තිබුණු ෂෙල් එකේ හොඳ කොටසක් කපලා අරන් අලුත් ග්‍රිල් එකේ දිරාපු කොටස වෙනුවට පාස්සලා වැඩේ කරන්න. 







වැඩේ නියමෙට ආවා. ඊට පස්සේ, කාර් එකට අවශ්‍ය කලර් එක අපි හදාගත්තට පස්සේ අලුත් ෂෙල් එක පේන්ට් කළා. 





වැඩේ හොඳටම සැටිස් කියලා තේරුණාට පස්සේ අපි ෂේප් එකේ හයි කරලා බැලුවා. 







අන්තිමට ඔක්කොම හයි කරලා ඉවර වුණාම කාර් එක තිබුණා මෙන්න මෙහෙම අපූරුවට.





මගේ චීස් ග්‍රේටර් හීනේ කොහොම හරි හැබෑ වුණා. කාටද ආඩම්බර!



Sunday, May 15, 2016

9 ශ්‍රී බීට්ල් එකේ එන්ජිම හදපු හැටි



මගේ 9 ශ්‍රී බීට්ල් ප්‍රොජෙක්ට් එකේ බොඩි වර්ක් පින්තූර ටිකක් මම කලින් පෝස්ට් එකේ දැම්මා. එන්ජිම ගැනත් කට්ටිය ටිකක් උනන්දු වෙන බවක් පෙනුණු නිසා දැන් එන්ජිමේ ෆොටෝ ටිකකුත් දාන්න හිතුවා.

ආයෙත් කියනවා. මේක standard single manifold single carb 1600 එන්ජිමක්. අනික තමයි මේකේ තියෙන්නේ ජපන් ඕල්ටනේටරයක්. ඒක ළඟදීම ඔරිජිනල් එකකට මාරු වේවි. ඒ වගේම මම දැනට මෂ්රූම් එයා ෆිල්ටර් එකක් තියලා තියෙන්නේ. ළඟදීම ක්‍රෝම් එකක් ගෙනත් තියන්න හිතන් ඉන්නවා.එන්ජින් එක හැදුවේ බොඩි වර්ක්වලට කලින්. ඒ නිසා පාට තියෙන්නේ කලින් තිබුණු, තනි කහපාට. පස්සේ තමයිමම Two Tone එකකට ගියේ.

එන්ජිම හදන්න හිතුවේ ඔයිල් ලීක් එකක් ආපු හින්දා. පරණ වාහනවල ඔයිල් ලීක් එන එක බොහොම සාමාන්‍ය දෙයක් වුණත් මේක VW Beetle Owners' Club එකේ වැඩසටහන්වලට ගෙනියන්න බලාපොරොත්තු වුණ නිසා හොඳට හදන්න මට වුවමනා වුණා. ගැලෙව්වට පස්සේ සිලින්ඩර් ටිකක් ගෙවිලා වගේ දැනුණා. නමුත් බෝර් කරනවා වෙනුවට සම්පූර්ණයෙන්ම අලුත් පිස්ටන් සිලින්ඩර් සෙට් එකක් තියන්න මම තීරණය කළා.






මම පිස්ටන් සිලින්ඩර් සෙට් එක ගත්තේ පංචිකාවත්තේ ගොල්ෆ් මෝටර්ස් එකෙන්. මට හොඳම ඩීල් එක දුන්නේ ඒ ගොල්ලෝ. ඒ වගේම බෙයාරින් ඇතුළු තවත් බඩු ගොඩකුත් මම එයාලගෙන් ගත්තා.









වැඩේ කරගෙන යද්දී අලුත් කාබ් එකක් තියන්නත් මට හිතුණා. මුලින් මගේ අතට ආවේ රීකන්ඩිෂන් කරපු Bocar 34 PICT එකක්. නමුත් ඒක මට එච්චරම ඇල්ලුවේ නැති නිසා මම Brand New Chinese කාබ් එකක් ගත්තා. (හැබැයි පස්සේ මට හිතුණා තිබිච්ච් Solex එකට ගහන්න වෙන එකක් නැහැ කියලා. එක 28 PICT II. ඇත්තටම ඒක එන්ජිමට මදි. ඒත් දැන් එන 34 එකටයි 31 එකටයි වඩා එදා ආපු 28 එක හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම ආපහු Solex එකම තිබ්බා).









මේ පල්ලෙහා තියෙන්නේ මම ගත්තු චයිනීස් කාබ් එක. ඒක 31 PICT.






බෙයාරින් ටිකත් සේරම අලුතින් ගැහුවා. ඒ ටික ඔක්කොම කළේ මගේ විශ්වාසවන්ත මිකැනික් දයානන්ද අයියා. ඉන්නේ පානදුරේ කිට්ටුව එගොඩඋයනේ...











අලුත් කොයිල් එකකුත් තිබ්බා.ඒක ගත්තේ තායිලන්තයෙන්. CM Performance කියන බ්‍රෑන්ඩ් එකේ. නමුත් ඒකට වඩා දැනට ලංකාවේ තියන ජැපනීස් කොයිල් එක හොඳයි කියලා පස්සේ හිතුණා. ඒ නිසා මම ජැපනීස් කොයිල් එකක් තිබ්බා.මේ තියෙන්නේ ඒ අලුත් කොයිල් එක.





මේ ටිකට අමතරව මම ප්ලග් වයර් සෙට් එකකුයි, අලුත් එයා ෆිල්ටර් එකකුයි, අලුත් කන්ඩෙන්සර් එකකුයි, ප්ලැටිනම් සෙට් එකකුයි තිබ්බා. පෙට්‍රල් ලයින් එක අලුතින් දැම්මා. මෂ්රූම් ෆිල්ටර් එකක් තිබ්බේ අත්හදා බැලීමක් විදිහට. ඒක ලස්සන වුණාට සාර්ථක නැහැ. ඒ නිසා ළඟදීම ක්‍රෝම් එකක් තියනවා.






මේ සේරම කරලා අපි එන්ජිම හයි කළා. එන්ජිම හයි කරපු එකේ වීඩියෝ එකේ ඔයාලට පේන්නේ පරණ කොයිල් එකයි ෆිල්ටරෙයි. ඒවා මම මාරු කළේ ස්ටාර්ට් කළාට පස්සේ.






මේ තියෙන්නේ ස්ටාට් කරපු දවසේ පොඩි වීඩියෝ එකක්.


පාට්ස් ගත්තේ ගොල්ෆ් මෝටර්ස්, සුබසිංහ මෝටර්ස්, දර්ශන මෝටර්ස් සහ ගම්ලත් මෝටර්ස් කියන තැන්වලින්. ජේසන් මෝටර්ස් එකෙත් හොඳ පාට්ස් තියන බව නිකමට වගේ මතක් කරනවා. වැඩේ අවසන් අදියර වලදී සුබසිංහ මෝටර්ස් එක ගොඩක් උදවු කරපු බව කියන්නම ඕනේ.ඒ වගේම මොරටුව සින්දු මෝටර්ස් එකෙන් මට සුපිරි Bosh rotor එකක් දුන්නා.

මේ ඔක්කොම දැම්මේ ඔයාලට ෆොක්ස්වැගන් එන්ජින් එකක් හදනවා නම්, බඩු තියනවා, බයවෙන්න එපා කියන්නයි. වියදම් නම් ටිකක් යනවා තමයි. හැබැයි කරනවා නම් බඩු තියනවා. හරියට හැදුවොත් ජීවිතේ එන්ජෝයි කරන්න මේ වගේ දෙයක් තවත් නැහැ!




Monday, May 9, 2016

මගේ දෙවෙනි ෆොක්ස්වැගන් බීට්ල් ප්‍රොජෙක්ට් එක


ප්‍රොජෙක්ට් ෆොටෝස්වලටකවදත් කාර් පිස්සෝ අතර ලොකු ඉල්ලුමක් තියනවා. වාහනයක් අලුත් පණක් ලබනවා දකින එක අපි කාටත් ලොකු සතුටක්. අද මම පෝස්ට් කරන්නේ මගේ 9 ශ්‍රී 5333 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර. මේ කාර් එක තමයි දැනට මම මගේ එදිනෙදා වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. ළඟට, දුරට වගේම බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ වැඩසටහන්වලටත් මමත් මගේ බිරිඳත් යන්නේ මේකේ.

මම මේ කාර් එකේ ලියාපදිංචි අයිතිකාරයා. මම මේක ගත්තේ මීට කලින් මේක අවුරුදු 6 ක් තමන්ගේ ප්‍රධාන වාහනය හැටියට පාවිච්චි කරපු කෙනෙක්ගෙන්. වාහනේ තියෙන්නේ ඔරිජිනල් එන්ජිම සහ චැසිය. ගන්නකොට ගැටලුවකට තිබුණේ පේන්ට් එක සැලකිය යුතු දුරකට අප්සට් වෙලා තිබීම විතරයි. නමුත් ටිකක් කල් දුවනකොට වාහනේ තෙල් ලීක් එකක් ආවා. එතකොටත් අපි වාහනේට ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණු නිසා අපි එන්ජිම overhaul කරන්න තීරණය කළා. එන්ජිමට අවශ්‍ය සියලුම කොටස් ගත්තේ ලංකාවෙන්. හොයාගන්න කිසිම ගැටලුවක් වුණේ නැහැ. අලුත්ම අලුත් 1600 පිස්ටන් සහ සිලින්ඩර් සෙට් එකක් එක්ක සියලුම දේවල් අලුතින් දාලා අපි එන්ජිම හැදුවා. ඊට පස්සේ වෙනස් විදිහේ two tone පේන්ට් එකකට ගියා.

පල්ලෙහා තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර කීපයක්. එන්ජිම හදන ඒවා ගැන කවුරුවත් එච්චරම උනන්දුවක් නැති නිසා පේන්ට් එකේ පින්තූර විතරයි දාන්නේ.