Wednesday, June 1, 2016

පාහියංගල යන පාරේ හැලුණු යකඩ කඳුළු බිංදුව...




මේ පෝස්ට් එක වෙනදා වගේ උපදෙස් දෙන පෝස්ට් එකක් නෙමෙයි. මේක  ක්ලැසික් කාර් ලෝකයේ ටිකක් සංවේදී සටහනක්. 

මම ටිකක් කාර්ය බහුල කෙනෙක් නිසා මට එකපාර කිලෝමීටර විස්සකට වඩා දුර එළවන්න හම්බවෙන්නේ කලාතුරකින්. මාස කීපයකට උඩදී මට පුංචි විවේකයක් ඇවිල්ලා ගෙදර කට්ටිය සහ මිතුරියක් එක්ක පාහියංගල ගියා. ඒ ගමනේ අතර මගදී ගත්තු පින්තූරයක් තමයි මේ උඩින් තියෙන්නේ. මේක ෆේස්බුක් එකේ ක්ලැසික් කාර් පේජ් එකේ දැම්ම වෙලාවේ නොහිතපු තරම් විශාල ප්‍රතිචාරයක් ආවා. ඒ වගේම විදේශ ෆේස්බුක් පිටුවකුත් මේක ෂෙයා කරලා එහෙනුත් මට ප්‍රතිචාර ගොඩක් ලැබුණා.

පාහියංගල යන්න මම ප්ලෑන් කළේ එක ප්‍රධාන හේතුවක් නිසා. ඒ තමයි පානදුර රත්නපුර පාරේ මගේ බීට්ල් එක එළවන්න මට තියන ආසාව. පානදුර රත්නපුර පාර කියන්නේ හොඳට හදපු, හැබැයි බොහොම tricky පාරක්. වංගු, පොලීසිය, ඩබල් ඉරි (සහ හයිබ්‍රිඩ්) හැමතැනම. මම සාමාන්‍යයෙන් බොහෝ දුරට නීති ගරුකව, හැබැයි ටිකක් වේගෙන් එළවන කෙනෙක්. ඒ වගේම ජපන් හයිබ්‍රිඩ් ඕවර්ටේක් කරලා ඒවා එළවන මිනිස්සුන්ව හොල්මන් කරන්නත් මම ආසයි. 



පාහියංගල දක්වා ගිය ඩ්‍රයිව් එක මම බොහොම එන්ජෝයි කළා. පරණ බීට්ල් කියන්නේ අලුත් Golf GTI වගේ සුපිරියට වංගු ගන්න පුළුවන් වාහන නෙමෙයි. මේවායේ ට්‍රැක්ෂන් බින්දුවයි. ඒ නිසා ක්‍රමේ දැනගෙන වංගු ගන්න ඕනේ. හැබැයි විශ්වාස කරන්න, ඔයා ඩ්‍රයිව් කරන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ ත්‍රිල් එක කිසිම දවසක ප්‍රියස් එකකින් හරි කොරොල්ලා එකකින් හරි ගන්න බැහැ. මේ ඇඩ්රිනලින් රෂ් එක Subaru Impreza WRX STI වලින් හරි Lancer Evo වලින් හරි ගන්නත් බැහැ.

පාහියංගල හරිම ලස්සන තැනක්. ඒක ලංකාවේ මානව ජනාවාස පිළිබඳව සාක්ෂි ලැබුණු තැන්වලින් පැරණිම තැනක් කියලා ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. පාහියන් හාමුදුරුවෝ එක්ක තියන සම්බන්ධය නම් නිකන් ජනශ්රුතියක් විතරක් වෙන්න ඕනේ.කොහොම වෙතත් තැන නම් හරිම ලස්සනයි. බලන්න මහා දෙයක් නැති එක ඇත්ත. ඒත් එතන mainstream tourist attraction එකක් නොවන නිසා අමුතු underdog factor එකක් තියනවා. හැබැයි ඇත්තටම මට පාහියංගල ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. මගේ ඔලුවේ තිබුණේ ඩ්‍රයිව් එක. 









පාහියංගල අවට පරිසරය බොහොම හරිතවත්. මේවායේ සංචාරය කරන එකේ ආතල් එක කතාකරන්න ඕනෑතරම් කට්ටිය හිටියත් මේ වගේ පාරක් දිගේ ඩ්‍රයිව් කරන එකේ ආතල් එක ගැන කතාකරන්න ඉන්නේ බොහොම ටික දෙනයි. මම ඒ ටික දෙනා අතරින් කෙනෙක් වීම මට ආඩම්බරයක්. ඔබත් ඒ ටික දෙනා අතරින් කෙනක් බව මම දන්නවා. 



පාහියංගල ගිහින් ආපහු එනකොට හොරණ බුලත්සිංහල පාරෙදි තමයි මම මේ ලිපියේ මුලින්ම දාපු ඡායාරූපය ගත්තේ. පාහියන්ගල යද්දී මේ අතඇරලා දාපු බීට්ල් එක දකිනකොට මගේ වේගේ අධිකයි. ඒ නිසා එනගමන් නවත්තනවා කියලා හිතාගෙන ආවා. 

මේ වගේ අතඇරලා දාපු වාහන දැක්කාම ඒවා ගොඩගන්න පුළුවන්ද කියලා බලන එක කාර් පිස්සන්ගේ සිරිතක්. මමත් එහෙම හිතාගෙන නැවැත්තුවා මිසක් ෆොටෝ එකක් ගන්න අදහසක් මට තිබුණේ නැහැ. ඒත් එතනට ගිහින් හැරිලා බලද්දී මට තේරුණා ලෝක දෙකක පරතරය. අර කාර් එක දැක්කම තේරෙනවා ඒක සොලිඩ් කාර් එකක් විදිහට තිබිලා තියනවා කියලා. නමුත් මොකක් හරි හේතුවක් නිසා අයිතිකාරයා ඒක අතඇරලා දාලා. ඒක restore කරන්නත් කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ.

සමහරුන්ට මේවා යකඩ ගොඩවල් විතරක් වෙන්න පුළුවන්. ඒත් අපිට මේවා අපේ ජීවිතේ. මේවාට හිත යටින් ආසා කරන, ඒත් කාර් පිස්සුවට ජීවිතේ ඇතුළේ ඉඩක් දෙන්න විදිහක් නැති කී දෙනෙක් ලෝකේ ඉන්නවද! රැකියාවේ කාර්ය බහුලකම, අධ්‍යාපනය සහ පවුල් ප්‍රශ්න වගේ තවත් දාහක් ප්‍රශ්න එක්ක මිනිස්සුන්ට මේ වගේ දේකට කාලය, ශ්‍රමය, මුදල් වැයකරන්න අමාරුයි. කී දෙනක් මේ පාරේ යද්දී මේ කාර් එක දිහා බලලා හූල්ලනවා ඇත්ද? කී දෙනෙකුට restoration project එකක් පටන් ගන්න හිතෙනවා ඇත්ද? ඒත් එක්කම තමන්ගේ ජීවිතේ අටෝරාසියක් දුක් කම්කටොලු මතක් වෙලා, ඒ වගේ දෙයක් කරන්න කවදාවත් ඉඩක් ලැබෙන එකක් නෑ කියලා සුසුමක් පිටවෙනවා ඇත්ද? 

මම මගේම කියලා පොඩි දෙයක් කරලා හම්බ කරලා ඒ සල්ලි වලින් කාර් පිස්සුවට ජීවිතේ ඉඩක් දීලා ඉන්න මිනිහෙක්. මේවා බලලා තවත් කෙනෙක්ගේ ජීවිතේ කාර් පිස්සුවට ඉඩ පෑදෙනවා නම්, ඒ ඔස්සේ අකලට දිරලා අතීතයට එකතුවෙන්න තිබුණු කාර් දහයක් පහළවක් ඊළඟ පරම්පරාවට දායාද වෙනවා නම්, මට එච්චරයි. පාරේ අයිනේ පොළොවට පස් වෙලා යමින් ඉන්න මේ කාර් එක දැක්කාම සහ, ඒ කාර් එක එක්ක හොඳට restore කරපු මගේ කාර් එක තියනවා දැකලා හැඟීම්බර වුණු බොහෝ දෙනා කියපු දේවල් දැක්කම, අනාගතයේදී කළ යුතු දේවල් ගොඩක් මගේ හිතට ආවා. මේ බ්ලොග් එකත් ඒකෙ එක දීර්ඝකාලීන ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. කාර් පිස්සුව ගැන තියන සාම්ප්‍රදායික භයංකර ආකල්ප වෙනස් කරලා, මේක පොඩි කැපකිරීමත් කළොත් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා පෙන්නන එක තමයි මගේ මූලික අරමුණ.

මාත් එක්ක දිගටම මේ ගමන එන්න... අනිත් හැමෝම ගතානුගතික දේවල් කරද්දී අපි වෙනස් දෙයක් අනාගත පරපුරට ඉතිරි කරලා යන්න යමු...







45 comments:

  1. https://www.google.lk/maps/@7.1964013,79.8553821,3a,57y,310.92h,66.49t/data=!3m6!1e1!3m4!1s-rQy1iefOsbY8eCNnj1TrA!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en

    ReplyDelete
    Replies
    1. අහා! ස්තුතියි!

      Delete
    2. අද මීගමුව පැත්තෙ මොකඛරි ක්ලැසික් කාර් ඉවෙන්ට් එකක් තියෙනවද? උදේ පාන්දර සෙට් උනා දහයක දොළහක විතර පෝලිමක්. ඇරලා යනවා. :) මමත් ඇරලා ආවා වම් පැත්තෙන් දාලා පෝලිමේ මුල ඉඳන් බලා ගන්න. කොහෙද කට්ටිය හිතේ මම රේස් යන්න එනවා කියලනෙ. පරණයි කියලා නෑ. උජාරුවටත් එක්ක පාගනවා. කොහොමහරි ඔක්කොම ටික බලාගත්තා. :)

      Delete
    3. දැන් රටේ කාර් පිස්සුව ගොඩක් තද නිසා Regional clubs ගොඩක් බිහිවෙලා තියෙන්නේ. ඒ නිසා හරියටම දන්නේ නැහැ. කිව්වට බොහොම ස්තුතියි.

      Delete
    4. aiye oya hugak hoda wadak karannane. mama podi kollek . eth wahana pissek(thadatama)
      oyata idiriyatama yanna prarthana karanawa?>> congrats!!!!!

      Delete
    5. බොහොම ස්තුතියි අනුප... ඔහොම ප්‍රතිචාර දකිනකොට තමයි මේක දිගටම කරන් යන්න ආසා හිතෙන්නේ...

      Delete
  2. දැනට නම් එකක් අරගෙන restore කරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. පින්තුරයක් දාන්න බැලුවා. හරිගියේ නෑ. ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්ඩෝ.

      Delete
    2. නියම භාණ්ඩයක්නේ. හරියට හැදුවාම හොඳට විශ්වාසදායක වාහනයක්.බොහොම ස්තුතියි පින්තුරේ දැම්මට.

      Delete
  3. ගිය බ්‍රහස්පතින්දා ඔය පාරෙදි (Panadura- Ratnapura හුඟක් අයිතිහාසික පාරක්. පෘතුගීසි / කෝට්ටෙ කාලෙ නුවර ගිය පාර ) ඩ්‍රයිව්කලා. ඒත් බීට්ල් නෙමෙයි. නෝ ත්‍රිල් !

    ReplyDelete
    Replies
    1. ළඟදීම බීට්ල් එකක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

      Delete
  4. එල ම්චන්. මගෙත් තියන ලොකුම හීනයක් තමයි ඕක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හීනය හැබෑවේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. දිගටම බ්ලොග් එකට එන්න. ඉස්සරහට මේ ගැන තව ගොඩක් දේවල් කියන්න ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  5. බේතක් හේතක් කරගන්න බැරි සහෝදරයෙක් දිහා බලන් ඉන්න පවුලේ කෙනෙක් වගේ ඒ ෆොටෝ එක. මට කාර් පිස්සුවක් නැතිවුනත් පොඩි දුකක් වගේ ආවා ඒක දැකලා.

    ReplyDelete
    Replies
    1. නිර්මාණශීලී ප්‍රතිචාරයක්. ස්තුතියි!

      Delete
  6. අදයි මේ බ්ලොග් එක දැක්කේ තරිඳු... ගොඩක් සතුටුයි... දහසක් බාධක මැද්දේ මමත් බීටල් දෙකක් හදාගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. ඒ වගේම සියලුම බාධක අවසන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Project එක ගැන මොකක් හරි අදහසක් හුවමාරු කරගන්න අවශ්‍ය නම් ඕනම වෙලාවක කමෙන්ට් එකක් දාන්න.

      Delete
    2. ස්තූති තරිඳු... අනිවා... ඉස්සරහට ඔයාගේ වටිනා උපදෙස් ඕනේ වෙයි... ජය...

      Delete
  7. මරැ වැඩේ මචන් මටත් ඔය පිස්ස්ව තියනව මට Toyota corolla Ae81 car එක්ක තියනව එන්ජින් එක overhaul කලා ටිංකරින් ගොඩක් තිබුන එවත් හදල පේයින්ට් එකත් කලා දැන් ැවඅරැද්දක් විතර වෙනව දැන් මේදවස් වල කාර් එකට හයිඩ්‍රිජන් ඩ්‍රයිසෙල් එකක් සෙට් කරල ටෙස්ටින් එකියන්නෙ වතුරෙන් දුවන්න 30% විතර හයඩ්‍රිජන් වලින් දුවන්න

    ReplyDelete
  8. තව බීට්ල් එකක් තියෙනවා බුලත්සිංහල ඉඳන් හොරණට යද්දි දකුණු පැත්තෙ මිදුලක. රබර් වත්තක් ඉස්සරහ - ඒක කහ පාටයි . ඒකත් යකඩ කඳුලක් තමයි !

    ReplyDelete
    Replies
    1. විස්තර දන්නවද? ගොඩදාන්න පුළුවන් මට්ටමක තියනවද? පොටෝ කෑල්ලක් එහෙම නැද්ද?

      Delete
  9. ඇත්ත තමයි ඒ බීට්ල් එක අපරාදේ නේද? ෆොටෝ එක ලස්සණයි කෙනෙකුට කලාතුරකින් ගන්න ලාබෙන ෆොටෝ එකක්නේ.

    ReplyDelete
  10. In fact, I never wanted to own a Beetle. I liked to see them. But VW Golf Mk1 is a different story.

    ReplyDelete
    Replies
    1. Unfortunately majority of Sri Lankans failed to properly fall in love with the Golf. They shy away from it saying it is too Maruti-like. But the true petrolheads know the Golf MK2 GTI is the pinnacle of the innovativeness of VW. Thank you very much for commenting!

      Delete
  11. vw එකේ වංගු ගන්නේ පරිස්සමෙන්. වංගු ගන්න කොට පැත්තෙන් බලන විට ඉදිරිපස මොකුත් පෙනෙන්නෙ නැති එක පොයින්ට් එකක් තියෙනවා.ඒ කියන්නෙ ඉදිරිපස වීදුරුව හයි කරලා තියෙන දාරය නිසා ඒක මොහොතකට පාරේ දර්ශනය සම්පුර්ණයෙන්ම වැහෙනවා කියන එකයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි!

      Delete
  12. Please see below link. Is it true?

    https://www.youtube.com/watch?v=1qB0lb401ZU

    ReplyDelete
    Replies
    1. Theoretically yes, but I don't think anyone has dared to try it. The build quality of the early VWs were top notch, so they were almost completely air tight.

      Delete
  13. 9 sri Volkswagen ekak kiyakata withara ganna puluwanda machan

    ReplyDelete
    Replies
    1. Depends on the condition, model and the engine capacity, between 3 lakhs to 12 lakhs.

      Delete
  14. මාත් 1994දී මොන්ටිසෝරි ගියේ තාත්තගෙ රතු පාට 6 ග්‍රී 7472 වොක්ස්වැගන් එකෙන්. අපි එයාව 1995දි විකුණුවා. ආපහු එයාව හොයාගන්න ආසාවකුත් තියනවා දැන්........

    ReplyDelete
    Replies
    1. ආසාව ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයේ හොයාගත්තොත් අපිටත් කියන්න අමතක කරන්න එපා.

      Delete
  15. මම කාර් ලෝකයට අලුත්...පළවෙනි කාර් එක විදිහට 13ශ්‍රී ලාන්සර් වැගන් එක අවුරුදු කුමාරයෙක් වගේ කැන්දන් ආවෙ මේ අවුරුද්දෙ අප්‍රේල් 12...බ්ලොග් එක සෙට් උනේ අද තමයි...දිගටම කරගෙන යන්න කියලා පතනවා...කාර් පිස්සන් වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට බොහොම ස්තුතියි කොටියෝ...

      Delete
  16. Replies
    1. බොහොම ස්තූතියි නිසල්...

      Delete
  17. අඩෝ මේ පොස්ට් එක මග ඇරිලා..ඒත් අත ඇරියේ නැහැ අද කියෙව්වා

    ReplyDelete
    Replies
    1. මේක තමයි පෙරළියට මුලපුරපු පෝස්ට් එක. මෙතනින් තමයි කාර් පිස්සුව වෙනස් වුණේ, අවුරුදු 3 කට කලින්.

      Delete
  18. Niyamai aiye...obata jaya❤️❤️❤️.... maath podiyata patan aran karagena yanwa...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔයාගේ වැඩේට හදවතින්ම සුබපැතුම්!

      Delete