Monday, May 9, 2016

මගේ දෙවෙනි ෆොක්ස්වැගන් බීට්ල් ප්‍රොජෙක්ට් එක


ප්‍රොජෙක්ට් ෆොටෝස්වලටකවදත් කාර් පිස්සෝ අතර ලොකු ඉල්ලුමක් තියනවා. වාහනයක් අලුත් පණක් ලබනවා දකින එක අපි කාටත් ලොකු සතුටක්. අද මම පෝස්ට් කරන්නේ මගේ 9 ශ්‍රී 5333 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර. මේ කාර් එක තමයි දැනට මම මගේ එදිනෙදා වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. ළඟට, දුරට වගේම බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ වැඩසටහන්වලටත් මමත් මගේ බිරිඳත් යන්නේ මේකේ.

මම මේ කාර් එකේ ලියාපදිංචි අයිතිකාරයා. මම මේක ගත්තේ මීට කලින් මේක අවුරුදු 6 ක් තමන්ගේ ප්‍රධාන වාහනය හැටියට පාවිච්චි කරපු කෙනෙක්ගෙන්. වාහනේ තියෙන්නේ ඔරිජිනල් එන්ජිම සහ චැසිය. ගන්නකොට ගැටලුවකට තිබුණේ පේන්ට් එක සැලකිය යුතු දුරකට අප්සට් වෙලා තිබීම විතරයි. නමුත් ටිකක් කල් දුවනකොට වාහනේ තෙල් ලීක් එකක් ආවා. එතකොටත් අපි වාහනේට ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණු නිසා අපි එන්ජිම overhaul කරන්න තීරණය කළා. එන්ජිමට අවශ්‍ය සියලුම කොටස් ගත්තේ ලංකාවෙන්. හොයාගන්න කිසිම ගැටලුවක් වුණේ නැහැ. අලුත්ම අලුත් 1600 පිස්ටන් සහ සිලින්ඩර් සෙට් එකක් එක්ක සියලුම දේවල් අලුතින් දාලා අපි එන්ජිම හැදුවා. ඊට පස්සේ වෙනස් විදිහේ two tone පේන්ට් එකකට ගියා.

පල්ලෙහා තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර කීපයක්. එන්ජිම හදන ඒවා ගැන කවුරුවත් එච්චරම උනන්දුවක් නැති නිසා පේන්ට් එකේ පින්තූර විතරයි දාන්නේ.















































20 comments:

  1. ඇ ජිංජි මයන්නෙත් පොටෝ දාන්න

    ReplyDelete
    Replies
    1. හඃ හා... හොඳමයි. overhaul එකේ පින්තූර ටිකක් දාන්නම්. උනන්දුවට ස්තුතියි.

      Delete
  2. මේ තැන තියෙන්නේ කොහොමද සහ මේ අයගේ වැඩ කොහොමද ?
    මගේ පියාටත් තියනවා vw 1300 එකක් හොද කාර්මිකයන් හදුනා ගැනීම වටිනවා

    ReplyDelete
    Replies
    1. මේක තියෙන්නේ මොරටුව එගොඩඋයනේ. පේන්ට් වැඩවලට ඉතා හොඳයි. මම එන්ජින් වැඩ කරගන්නෙත් ඊට එහා පාරේ තැනකින්. උනන්දු නම් කියන්න, විස්තර කියන්නම්.

      Delete
  3. මේක 1300 නේද? 1600 එන්ජින් එක පස්සේ තියලද?ඔල්ටනේටරයක් ද පරන ඩයිනමෝ එකක්ද තියෙන්නේ? මට පේන හැටියට එයාර් ක්ලීනරය ඔඉල් බාත් නෙමෙයි.ඒකයි අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේක standard single port 1600 එකක්. පොතේ තියන ඔරිජනල් එන්ජිම. VW ෆැක්ටරියේම recondition කරපු AD Code එන්ජිමක්. දැනට ජපන් ඔල්ටනේටරයක් තියෙන්නේ. මේ අවුරුද්දේ ඒක ඔරිජිනල් එකකට upgrade වේවි. මේකේ original ආවේ පේපර් ෆිල්ටර් තියන එයා ක්ලීනර් එක. මම දැනට මෂ්රූම් එකක් තිබ්බා. ටික දවසකින් ක්‍රෝම් එකකට යන්න හිතන් ඉන්නවා.

      Delete
  4. වොක්ස් වැගන් ගැන උනන්දු අයට බොහොම වටිනවා මේ ලිපිය.මේ බ්ලොග් එක දැක්කේ අද කොත්තු එකේ තිබිලා.දිගටම කියවන්නම්. මමත් ඉස්සෙල්ලා වැඩ කලේ සර්විස් එකක වොක්ස්වැගන් එකේ ඔටෝස්ටික් එකත් මම එලවලා තියනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට නම් තාමත් ඔටෝ ස්ටික් එකක් එලවන්න වාසනාව ලැබිලා නැහැ. :)

      Delete
  5. ඔටෝ ස්ටික් හොයාගන්න අමාරුයි. මොකද ඒ කාලේ ලංකාවේ ඔටෝ ගියර් භීතියක් තිබිලා තියනවනේ. මම කියන වාහනේ අයිති කෙනා ආබාධිතයි ඒ නිසා ඔහු වොල්ක්ස්වැගන් ඔටෝ ස්ටික් ගිය(ර්) බොක්ස් එකක් ගෙන්නලා කන්ව(ර්)ට් කරවලා.
    ගියර් චේන්ජ් කරනකොට ලේලන්ඩ් ටයිමින් වගේ දෙදරලා වැටෙන්නේ.

    ReplyDelete
  6. මරු පේන්ට් එක...

    ReplyDelete
  7. වටිනා බ්ලොග් එකක් මිත්‍රයා.. බ්ලොග් සයිට් ගානක් දිගේ ගිහින් අවේ . මමත් පරණ මිනි කුපර් කාර් ප්‍රොජෙට් දෙකක්ම කල. එච්චර ලොකු ගණන් වල ඒවානම් නෙමෙයි. බීට්ල් එකක් ගන්න ආසයි. හැබැයි ගොඩක් දෙනා කියනවා පෙට්‍රල් කරන්නේ නෑ කියල පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මගේ පළවෙනි බීට්ල් එක 3 ශ්‍රී 1200 එකක්. කිසි අමාරුවක් නැතුව පෙට්‍රල් 12-15 වැඩකළා. මගේ දැන් තියන එක 1600 නිසා (සහ මම මී හරකෙක් වගේ එළවන නිසා) ඒක නම් වැඩකරන්නේ 8 ක් වගේ. ඒත් සාමාන්‍යයෙන් 1300 එකක් හරියට ටියුන් කළොත් 12 ක් විතර වැඩකරනවා...

      Delete
  8. මගෙත් තියෙනවා ඉබ්බෙක්.. 7 ශ්‍රී .. ගිය අවුරුද්දේ සැහෙන ගානක් වියදම් කරලා.. හැදුව. ඒ සී එහෙමත් තියෙනවා. 1300 එන්ජිමක් තියෙන්නේ.
    1600 එකක් තියන්නත් ආසාවක් තියෙනවා. ඔයාගේ 1600 එන්ජිමත් එක්ක බ්රේක් සිස්ටම් එක කොහොමද..? ඩිස්ක් බ්රේක් ද .?

    ReplyDelete
    Replies
    1. නැහැ. මේක එන්ජිම standard 1600. ඒ කියන්න මේක 1300 මොඩ්ල් රේන්ජ් එකේ ආපු 1600 එක. ඒ නිසා මේකේ තියන්නේ ඩ්‍රම්ස්.

      Delete
  9. කීයක් වගේ ගියාද මේ ප්‍රොෙජක්ට් එකට?

    ReplyDelete
  10. එන්ජිම් හදනව බලන්න ආස නැ??? දෙයියනෙ අපි ආසයි

    ReplyDelete