Monday, June 27, 2016

ඉබ්බෙක් ලෝකය තනි යායක් කරපු කතාව පින්තූරත් එක්ක



එක්දාස් නමසිය තිස් ගණන් වලදී ජර්මන් ඒකාධිපතියෙකුගේ ශෘංගාර සිහිනයක් වෙච්චි කාර් එකක් දශක කීපයක් ඇතුළත අර 'පොළොව බෙදූ තාප්ප හා කටුකම්බි අතුරුදන් කරන' හඳ එළිය කදම්බයක් වගේ ලෝකය තනි යායක් කරයි කියලා කවුද හිතුවේ! 

ඒත් එහෙම වුණා බ්‍රෝ!

මීට අවුරුදු හයකට කලින් මම ෆොක්ස්වැගන් එකක් ගත්තේ බීට්ල් සංස්කෘතියක් ගැන මෙලෝ සංසාරෙක අවබෝධයක් නැතුව. ඒත් මේ පුංචි ඉබ්බාට හරිම ආනන්දනීය ඉතිහාසයකුයි සාඩම්බර සංස්කෘතියකුයි තියන විත්තිය මට බොහොම ඉක්මනට තේරුණා. ඒත් ලංකාව වගේ හිච්චි රටක් ඇතුළේ උප සංස්කෘතියක් (අනේ වඳින්නං! මම උප සංස්කෘතිය කියන වචනේ භාවිතා කරන්නේ අන්තරේ ඒක භාවිතා කරන අර්ථයෙන් නම් නෙමෙයි) විධිමත්ව පවත්වාගෙන යන එක සෑහෙන අමාරු කටයුත්තක්. 

සාමාන්‍යයෙන් සමිති සමාගම් සංවිධාන ගැන එච්චර තැකීමක් නොකරන මම ශ්‍රී ලංකා බීට්ල් හිමිකරුවන්ගේ සංගමයට ගරු කරන්නේ සහ ඒකෙ සාමාජිකත්වය ලබාගෙන ඉන්නේ ඒ නිසයි. 

එගොඩඋයනේ පරණ කාර් හදන මහේන්ද්‍ර නිතර කියන දෙයක් තමයි රටේ පරණ කාර් ටික මෙහෙම තියෙන්නේ කාර් ක්ලබ් ටික නිසා කියලා. අනික් කාර් ක්ලබ් ගැන කියන්න මම දන්නේ නැහැ. නමුත් රටේ ෆොක්ස්වැගන් සංස්කෘතියට බීට්ල් ක්ලබ් එකෙන් ඉටුවෙන මෙහෙවර ගොඩක් වටිනවා. 

ෆොක්ස්වැගන් බීට්ල් සංස්කෘතිය ලෝකයේ බොහෝ රටවල්වලට පොදු දෙයක්. බීට්ල් එක කියන්නේ තනි මොඩ්ල් එකක් විදිහට ලෝකේ වැඩියෙන්ම අලෙවි වුණු කාර් එක. ටොයෝටා කොරොල්ලා වගේ models ගණන් හිලවු අතින් මේ වාර්තාව පහුකරලා තිබුණත් 1st Generation එකේ කොරොල්ලා එකකුයි අද කොරොල්ලා එකයි ගත්තොත් ඒ දෙක අහසට පොළොව වගේ (මේක මෙහෙම කියන්නේ කොරොල්ලා එක හොඳ නෑ කියන්න නෙමෙයි. මේ කාරණාව පැහැදිලි කරද්දී ලෝකයේ ගොඩක් දෙනෙක් මේ උදාහරණය පාවිච්චි කරනවා. ඒ නිසා කේන්ති ගියා නම් හිතෙන් දහයට ගණන් කරන්න). නමුත් බීට්ල් එක ගත්තොත් 1938 දී ඉස්සරලාම ආපු එකයි 2003 අන්තිමට ආපු එකයි එකම පවුලේ කියලා හරියටම අඳුනගන්න පුළුවන්. බීට්ල් මිලියන 21 ක් විතර රටවල් සෑහෙන්න ගාණක අලෙවි වුණු නිසා ලෝකේ පුරා බීට්ල් ගොඩක් ඉතුරු වෙලා තියනවා. නියම enthusiasts ලා මේක සංස්කෘතියක් විදිහට පවත්වාගෙන යනවා. ඒ නිසා අමතර කොටස් ලේසියෙන් හොයාගන්නත් පුළුවන්. 

ලෝකේ පුරා බොහොමයක් රටවල හැම අවුරුද්දකම ජූනි 22 වෙනිදට ආසන්නයේම යෙදෙන ඉරිදා දවසේ ලෝක ෆොක්ස්වැගන් දිනය සමරනවා. එදාට අපි ජාති ආගම් දේශසීමා භේදයකින් තොරව ෆොක්ස්වැගන් විශ්වයේ පුරවැසියන් බවට පත්වෙනවා. සමහර රටවල Drive your VW to work day කියලා එකකුත් තියනවා. එදාට කට්ටියට වැඩට යන්නේ තමන්ගේ ෆොක්ස්වැගන් එකේ...

මේ දවස සමරන එක ලංකාවේ බීට්ල් ක්ලබ් එකත් කාලෙක ඉඳලා කරගෙන එන දෙයක්. මම ඉස්සරලාම මේ වැඩසටහනට සහභාගී වුණේ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දෙත් අපි ඒකට සහභාගී වුණා. 

වාහන ටික (මේක බීට්ල් වලට විතරක් නෙමෙයි, ඕනම VW model එකකට විවෘත event එකක්) එක්රැස් වුණේ ගෝල්ෆේස් හෝටලයට. එතන ඉඳන් අපි ගල්කිස්ස හෝටලයට වාහන ටික එළවගෙන ගියා. සංවාදය සහ සහතික බෙදාදීම වගේ දේවල් සිද්ධ වුණේ ගල්කිස්ස හෝටලයේදී. ඒ වගේම තමන්ගේ අවුරුදු 79 ක ජීවිතය පුරා බීට්ල් පාවිච්චි කරපු, 1990 දී ගත්තු තමන්ගේ තුන්වෙනි බීට්ල් එක තාමත් පාවිච්චි කරන ලාල් හේවාපතිරණ මහත්මයා බීට්ල් මේනියාව ගැන බොහොම අපූරු කතාවක් කළා. ඒ කතාවෙන් වැඩියෙන්ම මගේ හිත ගත්තේ ලෝකාන්තෙට ෆොක්ස්වැගන් එකේ ගිය කතාවයි. සමහර අලුත් වාහනත් බොයිල් කරද්දී වතුර නැතුව දුවන ෆොක්ස්වැගන් බීට්ල් එක කඳු නගින හැටි අපේ පරම්පරාවටත් තාමත් මැජික් තමයි. 

ඉවෙන්ට් එකේ ෆොටෝස් ටිකක් මම මෙතන දානවා ඔයාලට බලන්න. ආසා හිතුණොත් ඉබ්බෙක් අරං ඊළඟ පාර ඔයත් එන්න...

























ශ්‍රී ලංකා බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ ගැන විස්තර දැනගන්න මෙන්න මේ links වලට යන්න. 

https://www.facebook.com/VWBOC/

http://www.vwbeetles.lk/ 

ඒ වගේම අපේ පේජ් එකටත් ගොඩවෙන්න අමතක කරන්න එපා. 

https://www.facebook.com/CarPissuwa/

පසු සටහන්: 
  • සංගමේ සභාපති පීටර් ජාසිංහ මහත්මයාගේ පින්තූරයක් ගන්න හිටියත් එතුමා ස්පීකරෙත් අරන් රට වටේ දුවන නිසා ගන්න බැරි වුණා. 
  • මට හැම තිස්සෙම තොරතුරු ලබාදෙමින් උදවු කරන ඩේවිඩ් ජැන්සේ වත් බොහොම ළෙන්ගතුව මතක් කරනවා. 
  • වැඩසටහනට Würth, Senok, Wow.lk, Galle Face Hotel සහ Mount Lavinia Hotel වගේ අනුග්‍රාහකයෝ ලොකු දායකත්වයක් ලබාදීලා තිබුණා. ඒකත් මතක් කළ යුතුයි. 
  • ගෝල්ෆේස් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ටනි පේටන් මහත්මයා බොහොම උනන්දුවෙන් වැඩේ ගැන හොයා බලමින් ඉන්නවා මම දැක්කා. කාර් පාක් එකේ පැය දෙකක් විතර තිබුණු වැඩක් වෙනුවෙන් එහෙම උනන්දුවක් පෙන්වීම වටිනවා කියලා මට හිතුණා.

50 comments:

  1. Maath kawadahari dawasaka anawa.wbbek aragena.

    ReplyDelete
  2. Maath kawadahari dawasaka anawa.wbbek aragena.

    ReplyDelete
    Replies
    1. Nikam ma beetle ekak nemei... rare version ekak hoyala ganna.... enakota oyatath oyagema kathawak thiywi...

      Delete
    2. Nikam ma beetle ekak nemei... rare version ekak hoyala ganna.... enakota oyatath oyagema kathawak thiywi...

      Delete
  3. VW බීට්ල් එකේ මූණ ගැන විහිළු කතාව තරිඳු දන්නවා නේද

    ReplyDelete
    Replies
    1. හපොයි ඔවු. මම බීට්ල් එකක් ගත්තු දවසේ ඉඳන් මාසෙකට පාරක් වත් යාළුවෙක් ඕක මතක් කරනවා. :D

      Delete
    2. රෙද්ද උස්සපු එකද

      Delete
    3. අන්න හරි. මගේ යාලුවෙක් හිටියා ඔයා කතාව ඇත්තක් කියලා හිතාගෙන හිටපු.

      Delete
    4. apitath danaganna damma nan hodai ne?

      Delete
    5. ඒක සදාචාරසම්පන්න බ්ලොග් එකක ලියන්න බෑ නිසල් ;)

      Delete
  4. From 1995 I too have a VW car , but not yet a member of vw club.
    next time I too joint

    ReplyDelete
  5. ibbek innawa hondata hadagena ilaga para aniwa enawa ayya

    ReplyDelete
  6. මං හිතං හිටියේ උඹ අහිංසක ඩයල් එකක් කියල , මුණ හෙන පංඩිත පාටයි

    ReplyDelete
    Replies
    1. lol. කාලෙන් කාලෙට ස්ටයිල් වෙනස් වෙනවා අටම්. ඔය පේන දේවල් විශ්වාස කරන්න එපා. මගේ fb ප්‍රොෆයිල් එකේ තමයි මගේ නියම විදිහ පේන පොටෝ එකක් තියෙන්නේ. මම ජීවිතේට ඉස්කෝල කාලෙදීවත් එකෙකුටවත් හොම්බට ඇනලා නැහැ. :D

      Delete
    2. උඹ කිව්වට පස්සෙ අටං මම ප්‍රොෆයිල් පික් එකට කොටලා බැලුවෙ ඇත්තටම මූ මරුමුස් ඩයල් එකක්ද කියලා. ඇයි බං උඹ එහෙම කියන්නෙ. අහිංසක මූණක්නෙ තියෙන්නෙ. දැං පාරකදි දැක්කත් නවත්තලා කතා කරන්න මූණ නෝට් කරගත්තා.

      Delete
    3. The bumper of the VW is unmistakable like that of a motor grader or earth mover. :D

      Delete
    4. අටම් මාව බරපතළ ලෙස වරදවා වටහාගත්තු නිසා මම ප්‍රොෆයිල් පික්චර් එක මාරු කළා. මම ෆියට් 500 එකක් වගේ අහිංසක එකෙක්.

      And yes, I wanted to try something unique with the bumper this time. I'm usually a stock guy but I like to try new things. Nothing outrageous, but a little out-of-the-box.

      Delete
  7. I missed this time also. had a issue with car charging. SO i was at garage on that day. I think, my bug still suffering from that lack of charging ill.

    ReplyDelete
  8. නියමයි.
    ඔය කඳු නගින වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් ඇත්තෙ පස්සට හොඳට බර තියෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔවු, එක හේතුවක් ඒක rear engined rear wheel drive වෙන එක. අනික තමයි එන්ජිම air cooled වීම. වතුර නැති නිසා බොයිල් වෙන්න දෙයක් නෑනෙ...

      Delete
  9. මටත් දැන් හිතෙනවා ඉබ්බෙක් එක්කත් ගමනක් ගියා නම් හොඳයි කියලා.
    ඊ ලඟ සැරේ මාත් එන්නම්....

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි. එනවා නම් අපිට ඇත්තටම සතුටුයි!

      Delete
  10. ahu una ... eka horekwa ..... engine eka dicky asse hangena yanne oya kattiya neda

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වමයි මතක් වුණේ. රැලියේ ඉස්සරහින් ගිය පොලිස් රාලහාමිව අල්ලලා ෆොටෝ එකක් ගත්තනම් මාරු meme එකක් හදන්න තිබ්බා මට...

      Delete
  11. බීට්ල් වල කාබ් එකෙන් පෙට්‍රල් overflow වුනොත් රත්වෙලා තියෙන එන්ජිම උඩට වැටිලා ගිණිගන්න සීන් එකක් ඉස්සර තිබ්බා. දැන් ඒක නැද්ද?

    ReplyDelete
    Replies
    1. හපොයි තියනවා. මගේ 'අතීතය සිහිනයක් පමණයි' ලිපිය කියවලා බලන්නකෝ! මට වුණේ පෙට්‍රල් ලයින් එක rupture වෙච්චි එක...

      Delete
  12. Dude, I just found out that I have written more than 18 vehicle related stories in my blog. When you scroll to the bottom press older posts to see the rest. This is not an ad. Just because you are interested. මගේ වාහන කතා

    ReplyDelete
    Replies
    1. No, the link goes to the wrong place. Just go to my blog and check වාහන කතා under the Labels on right hand side column.

      Delete
  13. Dude, the link says no posts to show. Anyway, once we unearth these, is it okay if I post them on my කාර් පිස්සුව fb page? The posts will remain under your name and your blog's domain. I will merely post the link with maybe a small introduction.

    ReplyDelete
  14. Replies
    1. බොහොම ස්තුතියි දමිත්!

      Delete
  15. මේ පාර එන්න හිතන් හිටියත් මට මගෙ ඉබ්බාගේ වැඩ ටික ඉවර කර ගන්න බැරි උනා තරිඳු. ලබන පාර අනිවා එනවා.

    ReplyDelete
    Replies
    1. නියමයි. ඊළඟ පාර ඉබ්බෝ රංචුවට එකතු වෙන්න!

      Delete
    2. හරී, ලංකාවේ සාමාන්‍යයෙන් ඉබ්බා සහ ගෙම්බා කියන නම් දෙක පාවිච්චි වෙනවා බීට්ල් එකට. ඉංග්‍රීසියෙන් බීට්ල් කිව්වට සිංහල ලෝකය ඇතුලෙ අපේ අයට මේක පේන්නේ ඉබ්බෙක් විදිහට.

      Delete
  16. ජීවිතේ පළමුවරට ෆොක්ස්වැගන් ඉබ්බා ගැන ආසාවක් ආවා...

    ReplyDelete
  17. සාමාන්‍යෙයන් ඉබ්බෙක් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් කීයක් විතර කරනවාද?

    ReplyDelete
    Replies
    1. මේ මගේ අත්දැකීම්-
      1200 එක 12 ත් 15 ත් අතර වැඩකළා.
      1300 එක 10 ත් 12 ත් අතර වැඩකරනවලු (යාලුවෝ කියන්නේ).
      1600 එක වැඩකරන්නේ 8 යි වගේ.
      එන්ජිමේ තත්ත්වේ අනුව මේවා වෙනස් වෙනවා.

      Delete
    2. ඒසී එක්කද මේ ගනන් වැඩ කරන්න‍ෙ

      Delete
    3. නැහැ, ඔරිජිනල්. ෆොක්ස්වැගන් වලට dealer option එකක් හැටියට මිසක් ඔරිජිනල් ෆැක්ටරි ඒසී ආවේ නැහැ. දැන් තියන ඒවත් එහෙම ඔරිජිනල් ඒසී යුනිට් නෙවෙයි, ඒ නිසා ඒසී එක්ක ගණන් කියන්න නම් මම දන්නේ නැහැ.

      Delete
  18. Brother i was really interesting read your Blog,that's so Cool, i also need to joint with as a member of vw club.!

    ReplyDelete