Sunday, May 15, 2016

9 ශ්‍රී බීට්ල් එකේ එන්ජිම හදපු හැටි



මගේ 9 ශ්‍රී බීට්ල් ප්‍රොජෙක්ට් එකේ බොඩි වර්ක් පින්තූර ටිකක් මම කලින් පෝස්ට් එකේ දැම්මා. එන්ජිම ගැනත් කට්ටිය ටිකක් උනන්දු වෙන බවක් පෙනුණු නිසා දැන් එන්ජිමේ ෆොටෝ ටිකකුත් දාන්න හිතුවා.

ආයෙත් කියනවා. මේක standard single manifold single carb 1600 එන්ජිමක්. අනික තමයි මේකේ තියෙන්නේ ජපන් ඕල්ටනේටරයක්. ඒක ළඟදීම ඔරිජිනල් එකකට මාරු වේවි. ඒ වගේම මම දැනට මෂ්රූම් එයා ෆිල්ටර් එකක් තියලා තියෙන්නේ. ළඟදීම ක්‍රෝම් එකක් ගෙනත් තියන්න හිතන් ඉන්නවා.එන්ජින් එක හැදුවේ බොඩි වර්ක්වලට කලින්. ඒ නිසා පාට තියෙන්නේ කලින් තිබුණු, තනි කහපාට. පස්සේ තමයිමම Two Tone එකකට ගියේ.

එන්ජිම හදන්න හිතුවේ ඔයිල් ලීක් එකක් ආපු හින්දා. පරණ වාහනවල ඔයිල් ලීක් එන එක බොහොම සාමාන්‍ය දෙයක් වුණත් මේක VW Beetle Owners' Club එකේ වැඩසටහන්වලට ගෙනියන්න බලාපොරොත්තු වුණ නිසා හොඳට හදන්න මට වුවමනා වුණා. ගැලෙව්වට පස්සේ සිලින්ඩර් ටිකක් ගෙවිලා වගේ දැනුණා. නමුත් බෝර් කරනවා වෙනුවට සම්පූර්ණයෙන්ම අලුත් පිස්ටන් සිලින්ඩර් සෙට් එකක් තියන්න මම තීරණය කළා.






මම පිස්ටන් සිලින්ඩර් සෙට් එක ගත්තේ පංචිකාවත්තේ ගොල්ෆ් මෝටර්ස් එකෙන්. මට හොඳම ඩීල් එක දුන්නේ ඒ ගොල්ලෝ. ඒ වගේම බෙයාරින් ඇතුළු තවත් බඩු ගොඩකුත් මම එයාලගෙන් ගත්තා.









වැඩේ කරගෙන යද්දී අලුත් කාබ් එකක් තියන්නත් මට හිතුණා. මුලින් මගේ අතට ආවේ රීකන්ඩිෂන් කරපු Bocar 34 PICT එකක්. නමුත් ඒක මට එච්චරම ඇල්ලුවේ නැති නිසා මම Brand New Chinese කාබ් එකක් ගත්තා. (හැබැයි පස්සේ මට හිතුණා තිබිච්ච් Solex එකට ගහන්න වෙන එකක් නැහැ කියලා. එක 28 PICT II. ඇත්තටම ඒක එන්ජිමට මදි. ඒත් දැන් එන 34 එකටයි 31 එකටයි වඩා එදා ආපු 28 එක හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම ආපහු Solex එකම තිබ්බා).









මේ පල්ලෙහා තියෙන්නේ මම ගත්තු චයිනීස් කාබ් එක. ඒක 31 PICT.






බෙයාරින් ටිකත් සේරම අලුතින් ගැහුවා. ඒ ටික ඔක්කොම කළේ මගේ විශ්වාසවන්ත මිකැනික් දයානන්ද අයියා. ඉන්නේ පානදුරේ කිට්ටුව එගොඩඋයනේ...











අලුත් කොයිල් එකකුත් තිබ්බා.ඒක ගත්තේ තායිලන්තයෙන්. CM Performance කියන බ්‍රෑන්ඩ් එකේ. නමුත් ඒකට වඩා දැනට ලංකාවේ තියන ජැපනීස් කොයිල් එක හොඳයි කියලා පස්සේ හිතුණා. ඒ නිසා මම ජැපනීස් කොයිල් එකක් තිබ්බා.මේ තියෙන්නේ ඒ අලුත් කොයිල් එක.





මේ ටිකට අමතරව මම ප්ලග් වයර් සෙට් එකකුයි, අලුත් එයා ෆිල්ටර් එකකුයි, අලුත් කන්ඩෙන්සර් එකකුයි, ප්ලැටිනම් සෙට් එකකුයි තිබ්බා. පෙට්‍රල් ලයින් එක අලුතින් දැම්මා. මෂ්රූම් ෆිල්ටර් එකක් තිබ්බේ අත්හදා බැලීමක් විදිහට. ඒක ලස්සන වුණාට සාර්ථක නැහැ. ඒ නිසා ළඟදීම ක්‍රෝම් එකක් තියනවා.






මේ සේරම කරලා අපි එන්ජිම හයි කළා. එන්ජිම හයි කරපු එකේ වීඩියෝ එකේ ඔයාලට පේන්නේ පරණ කොයිල් එකයි ෆිල්ටරෙයි. ඒවා මම මාරු කළේ ස්ටාර්ට් කළාට පස්සේ.






මේ තියෙන්නේ ස්ටාට් කරපු දවසේ පොඩි වීඩියෝ එකක්.


පාට්ස් ගත්තේ ගොල්ෆ් මෝටර්ස්, සුබසිංහ මෝටර්ස්, දර්ශන මෝටර්ස් සහ ගම්ලත් මෝටර්ස් කියන තැන්වලින්. ජේසන් මෝටර්ස් එකෙත් හොඳ පාට්ස් තියන බව නිකමට වගේ මතක් කරනවා. වැඩේ අවසන් අදියර වලදී සුබසිංහ මෝටර්ස් එක ගොඩක් උදවු කරපු බව කියන්නම ඕනේ.ඒ වගේම මොරටුව සින්දු මෝටර්ස් එකෙන් මට සුපිරි Bosh rotor එකක් දුන්නා.

මේ ඔක්කොම දැම්මේ ඔයාලට ෆොක්ස්වැගන් එන්ජින් එකක් හදනවා නම්, බඩු තියනවා, බයවෙන්න එපා කියන්නයි. වියදම් නම් ටිකක් යනවා තමයි. හැබැයි කරනවා නම් බඩු තියනවා. හරියට හැදුවොත් ජීවිතේ එන්ජෝයි කරන්න මේ වගේ දෙයක් තවත් නැහැ!




19 comments:

  1. මට වාහන ගැන දැණුමක් නැතිවුනාට...මෙහෙම පෝස්ට් බ්ලොග්ස්වලට ලියලා ඉතිරිකරන එකට ඔබට ගරුකරනවා. කවදා හරි, කවුරු හෝ ප්‍රයෝජනයක් ගනියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ප්‍රතිචාරය ගොඩක් අගය කරනවා. මමත් මේවා පටන්ගත්තේ අබමල් රේණුවක දැනුමක් නැතුව. ඒ නිසා කාටහරි මගේ අත්දැකීමෙන් මගපෙන්නන්න පුළුවන් නම් එච්චරයි!

      Delete
  2. අනිත් බ්ලොග් එකට ලින්ක් එකක් මේ බ්ලොග් එකේ දාන්න

    ReplyDelete
    Replies
    1. එක්කෝ එපා මං කැමතියි දෙකම එකක ලියනවානං

      Delete
    2. මම ලින්ක් එක දාන්නම්. ස්තුතියි. මේකේ මම වැඩි බර දෙන්නේ ක්ලැසික් වලට. අරක අලුත් කාර්වලටම වෙන්වෙන්න ඩිවෙලොප් කරනවා. මේ දෙකේ මෙන්ටැලිටි දෙක වෙනස් නිසා එකක දැම්මොත් ඕන ටෝන් එක එන්නේ නෑ. මට මෙතැනදී හරි ටෝන් එක ගොඩක් වැදගත්. ප්‍රතිචාරය ගොඩක් අගය කරනවා. බොහෝම ස්තුතියි!

      Delete
  3. අපේ ගෙදර තිබුන පලවෙනි රෝද හතර උනේ 4 ශ්‍රී බිටල් එකක්. හොද තත්වයෙන් 80 කට වගේ ගත්තේ.

    ReplyDelete
    Replies
    1. දැන් කොහෙද තියෙන්නේ කියලා දන්නවද?

      Delete
    2. දන්නේ නෑ.

      ගන්න ආපු මෑන් පැනලා අරගෙන ගියේ. ඊට පස්සේ මම පාරේදී වත් තාම දැක්කේ නෑ.

      Delete
  4. thanx ayya . mage laga 7 sri ekaka thiyenne . dan baya nathuwa hadanna ganna puluwan than tika danna nisa .

    ReplyDelete
    Replies
    1. udavu karanna labeema loku deyak. Avashya deyak thiyanava nam ona welavaka comment ekak daalaa ahanna.

      Delete
  5. mama danna v wagon car ekaka thiyana auto gear.. apae lagath thibuna 9 sri supiri wvagon ekaka aea wikka .. apareda kiyala hithena dan

    ReplyDelete
    Replies
    1. v wagon car ekaka thiyana auto gear enawada

      Delete
    2. ඉස්සර ඔටෝස්ටික් සිස්ටම් එකක් ආවා. ඒක දැන් හොයන්න ගොඩක් අමාරුයි. පාට්ස් අඩු හින්දා ඒ කාලේ ගොඩක් අය මැනුවල් ගියර් බොක්ස් තිබ්බා කියලා මට අන්කල් කෙනෙක් කිව්වා. ලංකාවේ දෙකතුනක් තාම තියනවා.

      Delete
  6. අවුලක් නැත්නම් විතරක් කියන්න.මේ ටික ඔක්කොටම කීයක් විතර ගියාද? සිහිනයක් ඉටුකරගන්න අහන්නෙ..

    ReplyDelete
  7. අවුලක් නැත්නම් විතරක් කියන්න.මේ ටික ඔක්කොටම කීයක් විතර ගියාද? සිහිනයක් ඉටුකරගන්න අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. එන්ජිමට පිස්ටන් සිලින්ඩර් ටිකයි වැඩ කුලියයි සේරම එක්ක එකහමාරක් විතර ගියා...

      Delete
    2. අහා.... අහන්නත් සතුටුයි... කොහොමහරි ගොඩදාගන්න පුලුවන් මට්ටමේ ගානක් නිසා.. බොහොම සතූතියි...

      Delete
  8. බයික් පිස්සෙක් වෙලා හිටපු මට blog එක කියෙව්වට පස්සෙ car පිසුවත් හැදෙන්ඩ යනවා වගේ

    ReplyDelete