Thursday, May 19, 2016

EN මයිනර් එක චීස් ග්‍රේටර් කරපු විදිහ



මොරිස් මයිනර් එකේ ග්‍රිල් වර්ග දෙකක් ආපු බව සමහරවිට ඔයාලා දන්නවා ඇති. මේ අතරින් පළවෙනි එක තමයි Series 1 සහ 2 වල ආපු කොටු තියන ග්‍රිල් එක. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ Cheese Grater Grill එක කියලා. මේක මුලින් ක්‍රෝම් කරපු ග්‍රිල් එකක් විදිහටත්, පස්සේ පේන්ට් කරපු ග්‍රිල් එකක් විදිහටත් ආවා. 


                                               ක්‍රෝම් ග්‍රිල් එක 



                                      පේන්ට් කරපු ග්‍රිල් එක 

1954 දී මේක වෙනුවට Slatted ග්‍රිල් එක හඳුන්වලා දුන්නා. අද අපි බොහෝ දෙනෙක් දකින්නේ මේ ග්‍රිල් එක තමයි. 


                                           Slatted ග්‍රිල් එක 

මම මගේ මොරිස් මයිනර් එක ගනිද්දී ඒකෙ තිබුණේ මේ අන්තිමට කියපු විදිහේ Slatted ග්‍රිල් එකක්. ඒක 1955 කාර් එකක් නිසා ග්‍රිල් එක නිවැරදියි. ඒත් මගේ වැඩි ආසාව තිබුණේ චීස් ග්‍රේටර් එකකට. ඒ නිසා මම තීරණය කළා චීස් ග්‍රේටර් එකක් තියන්න. මේකට මගේ වාහනේ restore කරපු කට්ටියත් එකඟ වුණා. 

මම ඉස්සරලාම කළේ ගිහිල්ලා හොරණ ෂෙල්ටන් අන්කල්ගේ ගෙදරින් චීස් ග්‍රේටර් ග්‍රිල් එකක් එක්ක ෂෙල් එකක් සල්ලිවලට ගන්න එකයි. කාර් පිස්සන්ට මේ තැන කොහෙද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 


                                 ෂෙල්ටන් අන්කල්ගේ සුරපුරේ 



                     මෙන්න මෙයා තමයි මට ෂෙල් එක දන් දුන්නේ. 

ෂෙල් එක අරන් ආවට පස්සේ අපේ කට්ටිය කන කහකහ කල්පනා කළා. ඊට පස්සේ තීරණය කළා මගේ තිබුණු ෂෙල් එකේ හොඳ කොටසක් කපලා අරන් අලුත් ග්‍රිල් එකේ දිරාපු කොටස වෙනුවට පාස්සලා වැඩේ කරන්න. 







වැඩේ නියමෙට ආවා. ඊට පස්සේ, කාර් එකට අවශ්‍ය කලර් එක අපි හදාගත්තට පස්සේ අලුත් ෂෙල් එක පේන්ට් කළා. 





වැඩේ හොඳටම සැටිස් කියලා තේරුණාට පස්සේ අපි ෂේප් එකේ හයි කරලා බැලුවා. 







අන්තිමට ඔක්කොම හයි කරලා ඉවර වුණාම කාර් එක තිබුණා මෙන්න මෙහෙම අපූරුවට.





මගේ චීස් ග්‍රේටර් හීනේ කොහොම හරි හැබෑ වුණා. කාටද ආඩම්බර!



31 comments:

  1. http://mmoc.org.uk/viewtopic.php?f=1&t=41998&start=0

    ReplyDelete
  2. කාටහරි ඕනනං ඔය වාහනවලට ඔටෝගියර් එන්ජින් තියන්න බැරිද , ලෝකේ එහෙම කරනවද

    ReplyDelete
    Replies
    1. අටම් ඔටෝ ගියර් එන්ජින් නෙමෙයි ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් තියන්න පුලුවන්.නමුත් සමහර වාහන වලට ටිකක් අමාරුයි.ගොඩක් දේවල් වෙනස් කරන්න වෙනවා.අලුත් ඒවගේ නම් මුලු ඉලෙක්ට්‍රොනික් පද්ධතියම වගේ.

      Delete
    2. තියන්න පුළුවන්. පිටරටවල ගොඩක් අය නිසාන් A සීරීස් එකේ එන්ජින් තියනවා. අපේ රටේ නෝවා එන්ජින් එකක් තියපු ඔටෝ EN එකක් ikman එකේ දැක්කා මම ඊයේ පෙරේදාත්.

      Delete
    3. https://www.youtube.com/watch?v=cN83sEo-Y3I

      Delete
  3. අදයි ආවෙ මේ පැත්තට. හැබෑම පිස්සුවක් තමයි මේකත්. වැඩේ නියමයි!

    ReplyDelete
  4. ඔටෝ තියන්න පුළුවන් මම දන්න ke72 එකකට තියලා තියනවා.අවුලකට තියෙන්නේ
    බ්රේක් එක අතැරියට හෙල්ලෙන්නේවත් නෑ. ඇක්සලරේට් කරන්නම ඕනි.මයිනර් එක ලස්සනට හදලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි...

      Delete
  5. හංවැල්ලෙ පහත්ගම හයිලෙවල් පාර අයිනෙත් මයිනර් ගෙනත් කඩන තැනක් තියෙනවා. හැබැයි ඒවා රත්තරං මයිනර් ද කොහේද? ඒ තරම් ගණං - ඒ අතින් ෂෙල්ටන් මමා හොඳ මිනිහා

    ReplyDelete
  6. ඒක නං ඇත්ත. අවංක enthusiast කෙනෙක් දැක්කාම උන්ගේ අහවල් ඒවත් රත්තරන් වෙනවා එකපාරට...

    ReplyDelete
  7. අද තමයි මේ බ්ලොග් එකට ආවෙ. ඇන්ටික් වාහන කියන්නෙ මගෙත් ලොකු හීනයක්. ඔබතුමාව අඳුරාගැනිමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. ඕන දෙයක් අහන්න කමෙන්ට්ස් වලින්. දන්න දෙයක් නම් උදවු කරන්න ඕන වෙලාවක ලෑස්තියි...

      Delete
  8. නියමයි.අපි වගේ කාර් පිස්සොන්ට කියාපු තැන.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. man dan dawas dekak thisse meka kiyawanawa mula idamma okkoma kiyawanawa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදුක්. අලුත් කාර් බ්ලොග් එකත් කියවන්න :)

      Delete
  13. Land Rover series III ho LR 110, county gena mokada hithanne?

    ReplyDelete
    Replies
    1. ලෑන්ඩ් රෝවර් ගැන දිග ලිපියක් තියනවා මගේ අලුත් කාර් බ්ලොග් එකේ. මේ බ්ලොග් එකේ උඩ දකුණු පැත්තේ ලින්ක් එක ඇති. ඒකටත් ගිහින් බලන්න. ප්‍රතිචාරයට ස්තූතියි...

      Delete
  14. අයියා මම මේ බ්ලොග් එකට අලුත් කෙනෙක්. මම ඔයගෙ පොස්ට් ගොඩාක් කියවෙවුවා...ගොඩාක් වටිනව අපි වගේ අලුතින් ප්‍රොජෙක්ට් පටන් ගන්න අයට... මගේ ලගත් තියෙනව මොරිස් මයිනර් එකක්. ප්‍රොජෙක්ට් එකකට පටන් ගත්ත එකක්. මගේ එකේ දිරුම් ගොඩාක් තියෙනවා මට ඒකෙ කෑලි ගන්න ඔනෙ.. "ෂෙල්ටන්" කියන කෙනාව හම්බවෙනන් පුලුවන් විදිය පොඩ්ඩක් දෑනගන්න පුලුවන් ද...?

    ReplyDelete
    Replies
    1. ෂෙල්ටන් අංකල් ළඟදී නැතිවුණා... සමාවෙන්න කමෙන්ට් එක දැක්කේ පස්සේ

      Delete
  15. අද තමයි පළමු වතාව දැක්කෙ. නියමයි.මටත් ආසාවක් තියෙනවා මයිනර් එකක් හදාගන්න.

    ReplyDelete
    Replies
    1. හොඳ මට්ටමේ තියන එකක් ගත්තොත් අමාරු නැහැ

      Delete