vectorville.blogspot.com |
SAAB කියන්නේ අරක්කු හදන අතරේ මුරුක්කු හදලා අරක්කු ගැන කතා කියලා අරක්කු එක්ක මුරුක්කු විකුණපු කොම්පැනියක්...
සැර වැඩිද?
එහෙනං මෙහෙම කියන්නං. SAAB කියන්නේ ප්ලේන් හදන අතරේ කාර් හදපු, ප්ලේන් වගේ කියලා කාර් විකුණපු කොම්පැනියක්...
මේකෙන් අදහස් වෙන්නේ නැහැ SAAB නරකයි කියලා. ඒ නිසා සාබිස්ට් ලා (SAAB කියන එකට ist ප්‍රත්‍යය දාලා මම මේ දැන් අටෝපු වචනයක්. ක්ලාක්සන් මීට කලින් මේ වචනේ හදලා තියෙන්න බැරිකමක් නැහැ) තරහ වෙන්න එපා මාත් එක්ක. ඇත්තටම මම ඕවට පුදුම ආසයි. අවාසනාවකට ලංකාවේ මේවා හොයන්න හරිම අමාරුයි. ඔය සැරින් සැරේ ෆේස්බුක් එකේ මතුවෙන, කොහේදෝ අතඇරලා දාපු අසූව හෝ අනූව දශකයේ Saab එකක ෆොටෝ එකක් තියනවා. ඒක දැක්කම මට දැනෙන්නේ කවියටවත් නගන්න බැරි විදිහේ අමුතු දුකක්.
SAAB කියන්නේ Svenska Aeroplan Aktie Bolag (Swedish Airplane Corporation - ස්වීඩන් ගුවන් යානා සමාගම) කියන එක. ඒ අතින් බැලුවම, නමේම ප්ලේන් කෑල්ල තියනවා නං, ප්ලේන් ගැන කියලා කාර් විකුණන්න අයිතියක් තියනවා.
SAAB ෆැක්ටරිය පටන් ගත්තේ ස්වීඩනයේ Trollhattan වල, 1938 අවුරුද්දේ. 1939 දී දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්ත නිසා එයාලට කරන්න වුණේ ස්වීඩනයේ ගුවන් හමුදාව වෙනුවෙන් ප්ලේන් හදන එක. මුලින් ජර්මන් සහ ඇමරිකන් ප්ලේන් වල ඩිසයින් කොපිකරපු එයාලා 1941 වෙද්දී තමන්ගේම ඩිසයින් එකකින් ප්ලේන් එකක් එළිදැක්වූවා කියලා කියනවා.
ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ එයාලා යුද්ධ ගුවන් යානා නොවන, SAAB 91 සහ 92 මාදිලි හඳුන්වලා දුන්නා. මේ අතරේ යුද්ධයෙන් පස්සේ සාමාන්‍ය සමාජයෙන් මතුවෙමින් තිබුණු අවශ්‍යතා වෙනුවෙන් මෝටර් සයිකල්, කාර් වගේ දේවල් හදන අදහස ආවා. වොල්වෝ සමාගම ඒ වෙනකොටත් ස්වීඩනයේ කාර් හදමින් හිටියේ. කොහොමහරි SAAB තීරණය කළා කාර් හදන්න.
SAAB 91C- Wikipedia |
ඔන්න ඔහොමයි Saab Ursaab එක බිහිවෙන්න පාර කැපුණේ. UR කියන්නේ ස්වීඩන් භාෂාවෙන් ඔරිජිනල් කියන එකට සමාන දෙයක් ලු. ඒ අනුව Ursaab කියන්නේ ඔරිජිනල් SAAB එක කියනවා වගේ දෙයක් (අනික් අතට Saab Ursaab කිව්වම බංග්ලාදේශය වගේ රටක ක්‍රිකට් ක්‍රීඩකයෙක් මතක් වෙන්නත් පුළුවන්). ඇත්තම Saab Ursaab කියන නම පාවිච්චි වුණේ Prototype එකකට. ඒ කියන්නේ නිෂ්පාදනයට කලින් හදන ආදර්ශ කාර් එකක් වගේ එකකට.
Saab Ursaab එක දැක්කම මට අර වෙලාවක් කලාවක් නැතුව ගෙවල් වලට රිංගලා කරුකුරු ගාන, ඇඟේ එල්ලුනොත් වඳුරු නෙමෙයි ගෝරිල්ලා කුනුහර්පත් කියවෙන, අහුවුණාම පූසෝ ෆුට්බෝල් ගහන්න පාවිච්චි කරන, පොල් කුරුමිණියන්ට වඩා ජූනියර් සාමාන්‍ය කුරුමිණියෙක් මතක් වෙනවා.
ඒ වගේම Split Beetle එකකුත් මතක් වෙනවා.
ericdymock.blogspot.com |
Flickr |
කොහොම වුණත් මේ ලිපියේ අරමුණ ඕක ගැන කතා කරන එක නෙමෙයි. මේකේ අරමුණ යකාගේ කතාව ලියන එක.
ලෝක යුද්ධ ඉවර වෙලා, මිනිස්සුන්ට ආයේ සෙල්ලම් දාන්න පුළුවන් කාලේ ආවේ 50 දශකයේදී. ඉතින් ඔය කාලේ නිෂ්පාදන ආර්ථිකයක් තියන ගොඩක් රටවල් උඩු පිනුම් යටි පිනුම් බඩ පිනුම් දෙපරංස පිනුම් ගහන්න පටන් ගත්තා.
SAAB ඩිසයිනර් ලත් ඉතින් මේ පිනුම් නොගහා හිටියේ නැහැ. Catherina සහ Saab Sonett Super Sport (Sonett I) කියන්නේ මේ පිනුම් වල ප්‍රතිඵල තමයි. Saab Monstret (The Monster) ත් එහෙම ජල්ලියක ප්‍රතිඵලයක්.
Sonett Super Sport (Roadster) 1956- Pinterest |
මේක කට්ටියට තේරුම් ගන්න ලේසි වෙන්න, මම ඉවුම් පිහුම් වැඩසටහනක රෙසිපි එකක් විදිහට ලියන්නම්.
සාබ් යකෙකු සාදාගන්න ආකාරය
හොඳට තියන SAAB 93 කාර් එකක් ගන්න.
දිවීමට අවශ්‍ය නොවන සෑම කැබැල්ලක්ම ගලවන්න. ඒවා යකඩ වලට විකිණීමට සිතීමෙන් වළකින්න.
බොනට්ටුව ඉවත් කර ඒ වෙනුවට ප්ලාස්ටික් පියනක් යොදන්න. හොල්මන් නොවී මදක් ඉවසන්න.
748cc three cylinder two stroke එන්ජින් දෙකක් ගෙන එන්ජින් බේ එකේ සවිකරන්න.
දැන් කාත් කවුරුවත් නැති වෙලාවක පාලු ගුවන් තොටුපළක ධාවන පථයක් වෙත රැගෙන යන්න.
වටපිටාවේ කවුරුත්ම ස්වාධීන වගකිව යුත්තෙක් නැතිදැයි හොඳින් තහවුරු කරගන්න.
ගෙදර ගෑනි සහ දරුවන් මතක් වෙන මට්ටමට ලෑල්ලට පාගන්නැයි රියදුරාට කියන්න.
එක පැත්තකට පමණක් ධාවනය කරවා වෙලාව සටහන් කරගන්න.
ආපසු ෆැක්ටරියට ඇවිත්, තමන් කරපු වැඩෙන් මෙලෝ යකෙකුට මෙලෝ වැඩක් නොවුණු බව දැනගන්න.
පැත්තකට ගොස් ගංගාවක් සේ වැළපෙන්න!
මෙන්න මේකයි වුණේ. SAAB ඉංජිනේරුවෝ මේ යකාව ඉපැද්දුවේ SAAB 93 කාර් එකක් අරන්, අනවශ්‍ය බර සේරම ඉවත් කරලා, බොනට් එක පවා ප්ලාස්ටික් කරලා, 748cc three cylinder two stroke එන්ජින් දෙකක් හයිකරලා අරගෙන. එතකොට මේ එන්ජින් දෙකෙන් එන බලය 100bhp පැන්නුවා ලු. ඒක ඒ කාලේ හැටියට සහ කාර් එකේ හැටියට සෑහෙන ලොකු දෙයක්. අනික මේක පාන් බාගයක් විතර බර කාර් එකක් නිසා මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 196 විතර වුණා කියලා කියනවා.
Flickr |
Såtenäs airfield එකේදී තමයි මෙහෙම පැයට කිලෝමීටර් 196 වාර්තා වෙලා තියෙන්නේ. නමුත් අවාසනාවට SAAB ඉංජිනේරුවන්ට අමතක වෙලා තියනවා 'අපි 196 ට ගියා' කිව්ව පලියට ලෝකය විශ්වාස නොකරන බව. ඒකට තමයි ස්වාධීන නිරීක්ෂකයෝ කියල ජාතියක් ඉන්නේ. අනික් අතට මේක එක පැත්තකට විතරක් දුවවලා හරියන්නෙත් නැහැ. ඉතින් මේ නිසා මේ වාර්තාව ගණන් ගැනුණේ නැහැ.
ඊට පස්සේ Gelleråsen circuit එකේදිත් යකාව ටෙස්ට් කරලා තියනවා. එතකොට තේරුණාලු මේකේ ගිහින් වංගු ගන්නවා කියන එක ජීර්ණ පද්ධතියේ පවතින සියලුම ද්‍රව්‍ය අකාලිකව පිටතට එන වැඩක් කියලා. අනික් එක කාර් එකේ පවර් එක, ට්‍රාන්ස්මිෂන් වල පිනියන් වලට දරන්න බැරි මට්ටමට ආවලු.
ඉතින් යකා බැඳගන්න බැරි වුණාම වෙන්නේ යකාව කුප්පියකට දාගන්න තමයි.
ඊට පස්සේ කවදාවත් මේ යකාගෙන් වැඩ අරගෙනත් නැහැ. ඒ යකා වගේ වෙන යකෙක් හදන්න කවුරුවත් උත්සාහ කරලත් නැහැ.
Flickr |
ඉතින් යකා දැන් Trollhättan වල තියන SAAB කෞතුකාගාරයට වෙලා, කම්මුලේ අතක් තියාගෙන, ඉස්සරහ බලාගෙන ඉන්නවා...
ඕක තමයි කියන්නේ ඕනාවට වඩා වැඩ පෙන්නන්න කියාම යකා වුණත් තනි වෙනවා කියලා.
මීට වැඩිය හොඳ මොරාල් එකක් ඔළුවට ආවොත් කොමෙන්ටු දාන කොටුවක කොටාගෙන යන්ඩ ආයිබොවන්ඩ! '
තරිඳු ශ්‍රී ලොකුගමගේ
27.03.2019
www.facebook.com/CarPissuwa
www.facebook.com/Soi11byTharinduSri
පසු සටහන්: SAAB ඉතිහාසය මීට වඩා ලස්සන බව මම දන්නවා. මගේ අරමුණ වුණේ යකා ගැන කතා කරන එක විතරයි. දවසක SAAB ඉතිහාසය ගැන වෙනම ලියන්නම්.
කලින් කරපු පොත් ටික |
අලුත්ම පොත
(රු. 500/-)
|
නියමයි. අළුත්ම දෙයක්. ආසවෙන් කියෙවුව.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට!
DeleteMaru story eka...mam ada tama danagatte SAAB kiyala model ekak tiyenawa kiyala... 😊
ReplyDeleteඅලුත් දෙයක් ගැන දැනුම යන්තමින් හෝ දෙන්න ලැබීම සතුටක්! බොහොම ස්තූතියි ප්‍රතිචාරයට!
Deleteඑක හුස්මට කියෙව්වා. මෙහෙම නිර්මාණශීලී විදිහට ලිවිවම කියවන්න ආසයි.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට! ගොඩක් වටිනවා!
DeleteSaabURSaab එක දැක්කහම මට මතක් වෙන්නෙ ම සරම උස්සගෙන කුඹුරක දුවන වයසක ඩෑල් එකක්��. ආසා හිතෙන්න ලියලත් තියේ ආටිකල් එක. නියමයි. ��
ReplyDelete//සරම උස්සගෙන කුඹුරක දුවන වයසක ඩෑල් එකක්// ඒක නියම කතාව! ප්‍රතිචාරයට බොහොම ස්තූතියි!
DeleteSaabURSaab එක දැක්කහම මට මතක් වෙන්නෙ ම සරම උස්සගෙන කුඹුරක දුවන වයසක ඩෑල් එකක්��. ආසා හිතෙන්න ලියලත් තියේ ආටිකල් එක. නියමයි. ��
ReplyDeleteරිපීට් වූ ආදරය! බොහොම ස්තූතියි!
Deleteගොඩක් කාලෙකින් ටිකක් කියාව්වා thanks mr තරිදු
ReplyDeleteබොහෝම ස්තූතියි!
Deleteනියමයි!
ReplyDeleteබොහෝම ස්තූතියි!
Delete+++++++
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteඒ ඌරුසාබ් එක දැක්කං මට හිතෙන්නෙ “පයියග්ගියෝ අපේ“ තෙසක් රියටත් ඔය රෝද පිහිටීම එන්න ඇති කියල. හැබැයි ඔහොම තිබ්බම මඩ වලවල්වල දැම්මට බොඩියට මඩ ඉහෙන්නෙ නෑ.
ReplyDeleteදැං කාලෙත් ඔය සාබු කොම්පැනිය තියේ නං එවුන්ට තියෙන්නෙ ඔය ඇංජිං දෙකම ගලෝලා දාලා රෝද හතරටම හබ් මෝටර් හතරක් දාලා ලිතියම් අයන් බැටරි සෙට් එකක් හයිකරලා විදුලියෙන් දුවවන්න. සමහර විට නිකම්ම උඩ යන්නත් පුළුවං. අනික ඔය දුං පිටකරන පොසිල ඉන්දන බරකරත්ත වගේ නෙවෙයි පරිසරයටත් හිතකාමීනෙ.
ඔක්කොටම කලින් වර අර කුරුණෑගල පැත්තේ ඉන්න වෙද මහත්තයා හම්බෙන්න යන්න. උන්දැ නුහුගුණේට බේත් කොරනවලු. උන්දැ පෙන්නයි උඹට ලිතියම් අයන්.
Delete########
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteඔයිට වැඩිය හොඳට වැඩේ කරගන්න තිබ්බ ඕකට ඒරොප්ලේන් එන්ජින් දෙකක් හයි කරගත්තනං.
ReplyDeleteඅගේ ඇති විස්තරයක්.
එහෙනං මෙලහට ඩ්‍රයිවර්ගේ ඇටසැකිල්ලත් මියුසියම් එකේ. හැක්!
Deleteබොහොම ස්තූතියි ප්‍රසන්න අයියා!
යකාගේ කෙරුවාව එහෙනම් එහෙමයි ඈ...
ReplyDeleteඅර උරුසාබ් එකනම් කුරුමිණියෙක්ම තාමා.. හොඳ උපමාව ඒක.. දැන් ස්සබ්ට මොකද වෙලා තියෙන්නේ? කඩේ වහලද, නැත්නම් තාම කාර් හදනවද?
සාබ් ඉවරයි. බොහොම ළඟදී බ්‍රෑන්ඩ් එක නම් චීනෙන් මතුවෙයි
Deleteහොද විස්තරයක්. ඔය MODEL එක දැක්කෙත් අදමයි. ( අලුත් පොත් සරසවියට දැම්ම නේද අයියේ?)
ReplyDeleteබොහොම ස්තූතියි. ඔවු මල්ලි දැන් සති තුනකට විතර කලින් සරසවියට දැම්මා
Deleteචැ..එකක් ගන්න හිතාගෙන හිටියේ
ReplyDeleteලෝකේ කූරයි මෙන්ඩයියේ
Delete++++++++++
ReplyDeleteස්තූතියි
Deletenikana awith giyaa
ReplyDeleteකෝ බන් උබ
ReplyDeleteලියපන් බන්
ReplyDeleteවෙන වෙන වැඩ වලට අවධානය දෙන්න උනා නේ මෙන්ඩයියේ
Deleteපාහියංගල යන පාරේ හැලුණු යකඩ කඳුළු බිංදුව...
ReplyDeleteමේ පොස්ට් එක මග ඇරිලා..ඒත් අත ඇරියේ නැහැ අද කියෙව්වා
ස්තූතියි!
Deleteකාර් එක මළකඩ කයි මල්ලි එක තැන තිබිල. හැක්..
ReplyDeleteආපහු සුද්ද බුද්ද කරලා ගන්න ආසයි. වැඩ අධිකයි නෙව :(
Delete