Monday, July 11, 2016

මීයො කාපු සිවික් සහ ඩබල් ට්‍රාන්සර් ලාන්සර්



වීල් එකේ ආපහු එනගමන් මම කල්පනා කළේ මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...

වීල් එක එලෝන එකා තොරතෝංචියක් නැතුව කියවනවා. කාර් ගැන කියනවා, ත්‍රීවීල් ගැන කියනවා, ටෙලිෆෝන් ගැන කියනවා, නාගස් හන්දිය ගැන කියනවා, ආණ්ඩුව ගැන කියනවා, ලෝකේ නරක කියනවා. උගේ හොඳ කියනවා.

මම ගොනා සේ අහං ඉන්නවා. ඊට පස්සේ බස්සා සේ හූම් හූම් ගානවා.

කළුතර පැත්තේ හොන්ඩා සිවික් එකක් විකුණන්න තියනවා කියලා පත්තරේ දාලා තිබුණා ඊට කලින් ඉරිදා. මතක හැටියට අසූ තුනේ හෝ හතරේ කාර් එකක්. ඒ කාලේ යන්තන් ලක්ෂ දෙකක දෙකහමාරක විතර කාර් එකක් ගන්න තරම් තාත්තාගේ අතේ සල්ලි එකතුවෙලා තිබුණා. මම එතකොට ඉගෙනගන්න ගමන් පොත් කන්තෝරුවක වැඩකරපු පාට් ටයිම් ඇසිස්ටන්ට් කෙනෙක්. මගේ අතේ ඒ දවස්වල මොණරෙක් වහන්නේ මාසෙකට එකපාරයි. ඒත් උපරිම මොණරු දෙන්නයි. උන් දෙන්නත් සති දෙකක් යද්දී අතට කොටලා පියාඹලා යනවා. 

මට සිවික් ගන්න ඕනකමක් තිබුණේ නෑ. මට ඕන වුණේ ෆොක්ස්වැගන් එකක් ගන්න. ඒක අද මම ෆොක්ස්වැගන් එක්ක තියෙන බැඳීම වගේ එකක් නෙමෙයි. ඒ කාලේ ඒක කොහෙන්දෝ මම නොදන්නා උල්පතකින් මතුවෙච්ච ආසාවක්. මම පොඩිකාලේ හිටපු ගෙදරක ෆොක්ස්වැගන් එකක් තිබිලා තියෙනවා. ඒක හරි ලස්සන, හොඳ කන්ඩිෂන් එකේ තිබුණ එකක් කියලා තාත්තයි අම්මයි කිව්වා. මගේ ආසාව එන්න ඇත්තේ එතනින් වෙන්න ඇති.

ඒ වුණාට මනුස්සයෙක් මොකක් හරි කරන්න හදනකොට උපදෙස් දෙන එවුන් වටෙන් පිටෙන් ගස් ගල් අස්සෙන් මතුවෙනවා හරියට වැව් පොජ්ජෙන් ගැටමන්දා මතුවෙනවා වගේ. එහෙම එවුන් දෙතුන් දෙනෙක් තාත්තට කිව්වා ෆොක්ස්වැගන් ගන්න එපා පාට්ස් නෑ, යට වදිනවා, වටිනාකමක් නෑ, ගතියක් නෑ වගේ දේවල්. ඉතිං මම ලංකාදීපෙන් ෆොක්ස්වැගන් පෙන්නනකොට තාත්තා ෂට් ඩවුන් වෙනවා. කොහොම හරි එක පාරක් එයාව ෆොක්ස්වැගන් වගයක් බලන්න එක්කගෙන යන්න මට පුළුවන් වුණා. ඉස්සර මොරටුවේ බස් ස්ටෑන්ඩ් එකට කිට්ටුව ගොඩ පැත්තේ ෆොක්ස්වැගන්ම විකුණන තැනක් තිබ්බා. අපි ඔතනට යද්දී එතන ෆොක්ස්වැගන් තුනක් තිබුණා. එකක් දිරලා. එකක් ස්ටාට් වෙන්නේ නැහැ. අනික නම් ස්ටාට් කරලා පෙන්නන්නම් කිව්වා. මට හෙන හැපී. ඔන්න මමයි තාත්තයි එන්ජිම පැත්තට ගියා ස්ටාර්ට් වෙනවා බලන්න. සේල් පොලේ බුවා ඔලුව ඇතුළට රිංගවලා පස්ස එළියේ තියාගෙන මාර ගහක් කපලා පොළොවට අදිනවා වගේ ගියර් එක ඇදලා නියුට්‍රල් කරලා වාහනේ ස්ටාට් කළා.

ව්රෑං ගාගෙන එන්ජිම ස්ටාට් වුණා...

පොළොව පුරා තෙල් ගංගාවක් විසිරී පැතිරී මගේ සිහින කන්ද ගිල්වාගෙන අනන්තය තෙක් විහිදී ගියා...

මගේ ඇස්දෙකට කඳුළු ආවා... ෆොක්ස්වැගන් හීනේ ෆොක්ස්වැගන් සෙන්ටර් එකේම හලලා මට තාත්තත් එක්ක හිස් අතින් ගෙදර එන්න වුණා.

සිවික් එක සෙට් වුණේ ඊට සති ගාණකට පස්සේ. මම එතකොට desperate වෙලා හිටියේ. අපිට ඇමරිකාවේ කොල්ලන්ට කෙල්ලන්ට වගේ කාර් එක කියන්නේ නිදහස කරා ඉගිලෙන්න ලැබෙන ටිකට් එකක් නොවෙන බව ඇත්ත. නමුත් අපිට කාර් එකක් කියන්නේ, කොයි ජාතියේ එකක් වුණත්, status symbol එකක්. ටික කාලෙකට ඉස්සර මට ජීප් එකක් ගන්න වුවමනාවක් ඇවිත් තිබ්බා. එතකොට මම ගිය එක්තරා පන්තියක හිටපු ගෑනු ළමයෙක් ගැන මගේ හිතේ වසන්ත මල් යායක් ඇහැරිලා තිබුණේ (මේ කතාව මම වෙන දවසක මී පැණි ගාලා ලියනවා!). ඉතිං පන්ති යන්න ජීප් එකක් ගන්න ලොකු වුවමනාවක් මට තිබ්බට ඩූඩ් අයියගේ බාසාවෙන් කියනවා නම් එතකොට සල්ලි ගහ පීදිලා තිබ්බේ නෑ.

ගහ යන්තං සන්තං පීදිච්ච ගමන් ඉතින් කාර් එකක් ගන්නකල් මට නින්ද ගියේ නෑ. සිවික් එක ප්‍රාදූර්භූත වෙනකොට මගේ නින්ද නොයාම මට මළ හිසරදයක් වෙලා තිබුණා. මගේ හිසරදේ තාත්තාටත් හිසරදයක් වෙලා තිබුණ නිසා සහ තාත්තාගේ ඔළුව කාපු ගැටමන්දෝ ටික ජපන් වාහනයක් ගන්න කියලා කියලා තිබුණු නිසා තාත්තා මට ඔන්න ඔහේ ගිහින් බලන්න කිව්වා.

ඉතිං මම දැන්වීමේ තිබුණු අංකෙට කෝල් කළා.

සුපිරි තත්ත්වේ තියනවා කිව්වා. ඉතිං කෝඩුකාර මං පැනලා බලන්න එන්නං කිව්වා.

මට මතක හැටියට යන්න තිබුණේ නාගස් හන්දියෙන් බැහැලා ඇතුළට. යන්න ඕන තැන කියලා කඩේකින් ඇහුවම කඩේ මනුස්සයා හිනා වුණා වගේ මට මතකයි. අන්තිමට ත්‍රීවීල් එකක යනවා ඇරෙන්න වෙන සරණක් මට තිබුණේ නැහැ. ඉතිං මම ත්‍රීවීල් එකක් ගත්තා. මගක් දුර යද්දී ත්‍රීවීල් බුවා මගෙන් ඇහුවා යාලුවෙක් හම්බෙන්නද යන්නේ කියලා. මම කිව්වා සිවික් එකක් විකුණන්න දාලා තිබ්බා කියලා.

ත්‍රීවීල් බුවා සීට් එකේ අංශක එකසිය අසූවක් කැරකිලා මගේ පැත්ත බැලුවා. ත්‍රීවීල් එක රිලයන්ට් රොබින් එකක් වගේ ඇලවුණා.

යන්න ඕන තැනට ගිහිං බැහැලා බලපුවාම ඒ ගෙදර පූසෙක් වත් නෑ. කෝල් කළාම ෆෝන් ඕෆ්. මට දෙලෝ රත්වුණා.

"මම දන්නවා මෙතන. කාර් එක තියෙන්නේ පිටිපස්සේ. අපි යමු. ගිහින් බලමු." ත්‍රීවීල් බුවා කිව්වා. මමත් හා කිව්වා.

ගරුතර සංඝරත්නයෙන් අවසරයි! කාර් පිස්සනි, කාර් පිස්සුව නැති වුවත් මට සප් එක දෙන්න මේක කියවන නෝනාවරුනි මහත්වරුනි, ආදරණීය දරුවනි. කාර් එකක් මීයෝ කාලා තිබෙනවා ඔබ දැක තිබේද?

බොනට් එක උඩ තිබුණා හරියට උල්කාපාතයක් වැදිලා වගේ ආවාට මාක් එකක්. පේන්ට් එක හැමතැනම මීයෝ කාලා වගේ පතුරු ගිහින්. ඉන්ටීරියර් වැරහැලි වෙලා. ටයර් එකක හුළං ගිහින්. සයිලන්සරේ දිරලා. සයිඩ් කන්නාඩියක් මිසිං. තව ඕන්නං තව කියඤ්ඤං... මේකට තමා ඌ සුපිරි තත්ත්වේ කිව්වේ. මේකට තමා ඌ මගෙන් ලක්ෂ දෙකහමාරක් ඉල්ලුවේ.

බුකි බාසාවෙන් කියනවා නං ..ටහිකෙයි තමා...

ආපහු නාගස් හන්දියට එනකල්ම වීල් බුවා මට උපදෙස් දිදී ආවා, කාර් ගන්න කලින් මොනවගේ විධිවිධානද අනුගමනය කරන්න ඕනේ කියලා. වීල් එකෙන් බැහැපු ගමන් මම ගෙදරට කෝල් එකක් දුන්නා. ලංකාදීපේ තිබිලා මම නෝට් කරන් හිටපු වෙන කාර් එකක නොම්මරයක් අම්මගෙන් ඉල්ල ගත්තා.

බස් එකක නැග්ගා. බම්බලපිටියෙන් බැස්සා. කාර් එක බලන්න ගියා. ක්‍රීම් පාට ලාන්සර් බොක්ස් එකක්.

වාහනේ ගරාජ් එකක්වත් නැතුව එළියේ දාලා තිබුණේ. මම ගණන් ගත්තේ නෑ.

පේන්ට් එක ලෝකල්. මම ඒක දැනන් හිටියේ නැහැ.

ඩබල් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න තියෙන්නේ කිව්වා. මට ඒක තේරුණේ නෑ.

ඒසී තියනවා කිව්වා. මම ඒක චෙක් කළේ නෑ.

දෙකහමාරට දෙන්නං කිව්වා. මම හෙට්ටු කළේ නෑ.

අන්තිමට දවස් දෙකකට පස්සේ ඩ්‍රයිවින් පුළුවන් අයියා කෙනෙකුත් ඇදගෙන මම කාර් එක ගන්න ගියා. අයියා කාර් එක පැදලා බලලා ඒසී නෑ කියලා යන්තං මට පන්දාහක් අඩුකරලා දුන්නා. කාර් එක ගේනකල් මගදිගටම ඌ මට බැන්නා, කාර් ගන්නකොට වචනේ දෙන්න කලින් දන්න එකෙක් එක්ක පලයන් කියලා. කාර් එක දකුණේ ලේන් එකට ගන්න ගිහින් ඌ බස් එකක බඳේ ගෑව්වා. සයිඩ් කන්නාඩිය කඩලා ගියා.

බස් එක අපි ගැන නොහිතා යන්න ගියා. අපි පාඩුව ගැන හිතහිතා ගෙදර ගියා...

මොරටුවෙන් පස්සේ අලුත් පාරේදී අයියා මට වාහනේ පදින්න දුන්නා. එතකොට මට ලයිසන් නැහැ. ඩ්‍රයිවිනුත් හරියට බැහැ. මම අලුත් පාර දිගේ අවුලක් නැතුව ගෙනල්ලා, ගෙවල් ළඟ පාරෙත් හරියට ගෙනල්ලා, ගෙදරට හැරෙන වංගුවෙනුත් හරියට හරවලා අල්ලපු ගෙදර තාප්පේ ඇනලා වාහනේ නතර කළා...

එදා ඉඳන් අවුරුදු 6 ක් යනකල් මගේ දුකට සැපට කරගැහුවේ ඒ ලාන්සරේ. මම බැඳලා ආවෙත් ඒ ලාන්සරේම තමයි. අදටත් මිට්සුබිෂි බ්‍රෑන්ඩ් එකත් එක්ක මගේ තියන අභූත සම්බන්ධෙට මුල ඒකයි. ඒක තමයි මගේ පළවෙනි කාර් එක. ඒක තමයි මාව වෙනස් ලෝකෙකට අරං ගියේ. අද මං මෙහෙම බ්ලොග් ලියන්නේ 3 ශ්‍රී 5661 හින්දා නෙමෙයි. 13 ශ්‍රී 7133 හින්දා. මං ඒ කෙල්ලට තාම ආදරෙයි...

ෆුට්බෝල් කාලෙට හැදෙන මානසික රෝග (කාර් එක කොලපාට කළාට පස්සේ. මං ඒසී එකත් හැදුවා)

ෆුල් ප්‍රොජෙක්ට් එකේ වෙල්ඩර් බුවා.

කහපාට වේගෙන ඒම

අපේ ඇනිවර්සරි එකක් දවසක

අපේ ගෙදර

දවසක මගේ සල්ලි ගහේ තඩි අස්වැන්නක් පීදුනොත් දෙයියම්පා උඹව හොයලා ආපහු උස්සන් එනවා. ගෙනල්ලා අල්ලපු ගෙදර තාප්පේ ගහලා මතක අවුස්ස ගන්නවා. ඊට පස්සේ ජපානෙන් ආපු දවස වගේ වෙන්න උඹව මුල ඉඳන් අගට සරසනවා.

අන්තිමට මට මීයෝ කාපු සිවික් එකක් නිසා ඩබල් ට්‍රාන්සර් ලාන්සර්  එකක් හම්බවුණා...



පසු සටහන්:

1. මේ පාර එකෙක් හරි කිව්වොත් ඕක ෆොක්ස්වැගන් නෙවෙයි වොක්ස්වැගන් කියලා, ඌට වයන්නක් ගෙනල්ලා කවනවා!

2. මේ පෝස්ට් එකේ තියෙන පින්තූර බොහොමයක් තව පොඩ්ඩෙන් මට නැතිවෙනවා, කැමරාවට රිංගපු වයිරස් එකක් නිසා. ඒ ටික ගොඩදාලා දුන්නේ මගේ මිත්‍ර ජනක ලසන්ත. ඒක මතක් කරන්නම ඕනේ.




90 comments:

  1. එළය..... හොඳට ගොඩ දාලා තියනවා වගේ...

    උඹ බලනවද History TV එකේ යන Leepu & Pitbull programme එක.. උන් ඔය වගේ කසි කබල් කාර් ගිහින් දුන්නම මවනවා යකෝ.. බලන් ඉන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. මම අර Bangla Bangers එකේ ඉඳන් ලීපූ ගේ වැඩ ගැන උනන්දුයි. ඒවා දැකලා තමා අපිටත් කෙළවුණේ. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි!

      Delete
  2. පෝස්ට් එක කියවන කොට මතක් උනේ මගේ පලවෙනි කාර් එක ගැන එක Austin A30 එකක් EL 5164.
    ඒ උනාට මම වැඩියෙන්ම ආදරේ කරපු කාර් එක තමයි 12 ශ්‍රී 9175 Nissan Sunny B 310 එක.
    මීට අවුරුදු 12 ට විතර කලින් ඒ කියන්නේ 2004 කොළඹ පුත්තලම් පාරේ (ඒ කාලේ highway තිබුනේ නැහැ high speed ටෙස්ට් කරන්න.) 152 Kmph වේගෙකින් drive කරපු පලවෙනි car එක. (ඒ කාර් එකේ උපරිම වේගේ 160 Kmph, 105 Kmph clock වෙන කොට warning alarm එක වදිනව) අදටත් ඒ අත්දැකීම මතක් වෙන කොට ඇඟේ මයිල් කෙලින් වෙනවා.
    තව දෙයක් කියන්න තියෙනවා මිත්‍රයාගේ ෆොක්ස්වැගන් කතාව ගැන. මිත්‍රය කියනවා වගේ German pronunciation එක නම් ෆොක්ස්වේගන් ෆොක්ස්වැගන් තමයි, ඒ උනාට British/North American English pronunciation එක නම් මචෝ "වොක්ස්වැගන්"..................

    ReplyDelete
    Replies
    1. කතාව බෙදාගත්තට ස්තුතියි. 80 ගණන්වල ආපු ජපන් කාර්වල හොඳට ස්පීඩ් කිරීමේ හැකියාව තියෙනවා දැන් තියන ලඩිවලට වඩා. ෆොක්ස්වැගන් කතාව ගත්තොත්, මම කරන්නේ පොපියුලර් කල්චර් එකට තල්ලුවක් දීමක්. ෆොක්ස්වැගන් කියන්නේ රටේ බහුතරයක් පාවිච්චි කරන, පිටරටකදී වුණත් ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් උච්ඡාරණයක්. අනික අපේ රටේ වැඩියෙන් තියෙන්නේ German spec කාර් නිසා ඒක සුදුසුයි කියලා මම කියන්නේ. සුද්දෝ නාගත්තු තැන් අපි නාගන්නේ මොකටද? :D අනික මට ප්‍රශ්නේ තියෙන්නේ බැනලා දාන එවුන් එක්ක. සමහර උන් ඉන්නවා උන්ට ගෙදර කරන්න දෙයක් නැතිකමට අපි වැඩක් කළාම එල්ලී එල්ලී එන. උන්ට මම ඒක දැම්මේ :D

      Delete
    2. එක ඇවිල්ල ලෝක ස්වභාවය මිත්‍රය. කවුරු හරි වැඩක් පටන් ගට්ටම එකට උදවු කරන එක කොහොම වෙතත් එකට උදැල්ල දාන්න තමයි ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ............. :D

      Delete
    3. අපේ තාත්තාගේ ඒ 30 යට යටවෙලා මාසයක් නාගොඩ ඉස්පිරිතාලෙ හිටියා 3 වසරෙදි. ඒක ඒ 30 වැගන් එකක්

      Delete
    4. අමිල උඹ තාත්තගේම ඒ 30 එකට යටවුණා. යකෝ ඔය තියෙන්නේ කතා...! මොකද වුනේ??

      Delete
  3. කාලෙකට පස්සේ රියල් ටෝක් එකක් අහන්න ලැබුනා මගේ යාළුවා..... උඹගේ ඔය හැකියාව පාවිච්චි කරලා රටට දැනෙන දෙයක් කරන්න පුළුවන් කම තියාගන නොකර ඉන්න නැතුව මොනවා හරි කරපන් මම බොක්කෙන්ම ඉන්නවා ..... ගූඩ් ලක් මචෝ ....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං (අනිත් එවුන් බලපල්ලා. දැන් මම රාවණාටත් මචං කියලා කතාකරන්නේ). ප්‍රතිචාරේ ගොඩක් වටිනවා!

      Delete
  4. මගේ පළවෙනි කාර් එක... තාමත් මං පදිනවා.. 13ශ්‍රී ලාන්සර් වැගන් එකක්. මීට අවුරුදු හතරකට කලින් ගෙනෙද්දී මං වැගන් වලට එච්චර ආස නෑ. අතේ තිබ්බ ගාණට සෙට් වෙච්චි එකම වාහනේ නිසා ගෙනාවෙ... ඒත් දැං මේකත් එක්ක ආත්මීය බැඳීමක් මට සෙට් වෙලා... ගිය සඳුදත් මගේ වනචාරී (වනයේ හැසිරීමට ප්‍රිය) මිත්‍රයන් සෙට් එකක් එක්ක සිංහරා‍ජෙ ගියා බඩු කන්දකුත් ඩිකියෙ පටෝගෙන... හෙට අනිද්දට ෆුලි රිනොවේට් කරනවා

    ReplyDelete
    Replies
    1. නියමයි. ඒ කාලේ මිට්සුබිෂි එන්ජිම කියලා වැඩක් නැති ඉස්තරම් භාණ්ඩයක්. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි!

      Delete
    2. කියල වැඩක් නෑ ලංකාවට ආපු සුපිරිම වාහනයක් තමා ඔය ලාන්සර් වැගන් එක.

      Delete
  5. අපේ තාත්තත් මුලින්ම ආසාවට කියල උස්සන් ආවෙ 3 ශ්‍රී බීට්ල් එකක් තමයි. අපෝ ඒක අපිට දීපු වද කන්දරාව. මම නම් ආයි ඔය බීට්ල් කියන වාහනේ දිහා හැරිලවත් බලන්නෙ නෑ. එපාම උන ඒ මගුලෙන්. උඅන්තම් ඒ උලව්ව ලක්සෙකට තල්ලු කරල දාල ගෙනාවා 13 ලාන්සර් වැගන් එකක්. අන්න වාහන. කිසිම කිසිමම කරදරයක් දුන්නෙ නැති වාහනයක්. ඒක තිබ්බ අවුරුදු 5ටම ඔන්නම් 5 පාරක් යන්න ඇති ගරාජ් එකට. මාරම රිලයබල් වාහනේ. මගෙත් සල්ලි ගහ පීදුනොත් ඒක හොයල උස්සන් එනවා කොහොම හරි <3

    ReplyDelete
    Replies
    1. වැරදි කෙනා නඩත්තු කළොත් ඕනෑම වාහනයක් ලෙඩ දෙනවා සිතිර. මගේ ප්‍රොෆයිල් එකේ ඉන්නවා සජිත් සමරවීර කියලා යාළුවෙක්. බලන්න එයා බීට්ල් එකේ යාපනේ ගියා, දැන් අනික් පැත්තට මීමුරේ ගිහිං. ඒ වගේම ලාන්සර් වැගන් එකක් තියාගෙන වැරදි කසාදයක් බැන්දා වගේ දුක් විඳින එවුනුත් දෙන්නෙක්ව මම දන්නවා. මම ඔය දෙකම පාවිච්චි කරලා තියන නිසයි මේ කියන්නේ. ලෙඩාගේ පැවැත්ම තීරණය වෙන්නේ වෙදා සහ හෙදා මත :D

      Delete
    2. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි. ඒක කියන්න අමතක වුණා. :D

      Delete
    3. අපේ තාත්තා හරි ආසයි බීට්ල් එකට. ඉතින් එක හදන්න සෑහෙන්න වියදම් කලා. වයරිං එක අලුතින්ම කලා, එන්ජින් එක ගලවලා හැදුවා. කොහොම කලත් ලෙඩ හොඳ වුනේ නෑනේ. ඒකයි එපා වුනේ ඒක.

      අපේ පැත්තෙ හිටිය දක්ෂම බාසුන්නැහෙ තමා බීට්ල් එකේ ඔක්කොම වැඩ කලේ. අපි ලාන්සර් එක අරන් ටික දවසකින් මිනිහ මැරුණා. ජපන්ද ජර්මන්ද නෑ ඕනම පෙට්‍රල් වාහනේකට මිනිහ තමා වැඩ්ඩා

      කොහොම වුණත් ලාන්සර් වත් බීට්ල් වත් අද වාහන වලට කිට්ටු කරන්න වත් බැරි බඩු. ආයි ඒ වගේ සුපිරි වාහන එන්නෙ නෑ.

      Delete
    4. එකෙන්ම අපේ තාත්ත ගාව තිබ්බා මිට්සුබිෂි PO5 කොටයක්.. ඕකෙ තමා මං පුරුදු වෙන කාලෙ තිබ්බෙ. ඒකෙ ඇන්ජිම පලාත්සභා පැජරෝ ඇන්ජිමමයි..යකා වගේ බං.. ඕකෙන් කරපු දේවල් උලුවහු කඳං හිටං ඇද්දා සිමෙන්ති ඇද්දා :D

      Delete
    5. ඔව් ඕකෙ එන්නෙ 4D56 එන්ජිමනෙ. අපේ දැන් තියෙන්නෙ Toyota KE72 එකක්. සුපිරියටම වැඩ ගන්නවා. ලී සිමෙන්ති යකඩ ඕන එකක් අදිනවා. දැන් වාහන වලින් එහෙම වැඩ ගන්න බෑ

      Delete
  6. niyami niyamai...saho...oyage article aniwa man kiyawanawa.....nodann unta kiyawapalla kiyala kiyalath tiyanawa.....sahenna watina rahak tiyana...unanduwen karana wedak meka.....oyage me wede...jaya jaya jaya

    ReplyDelete
  7. කියෙව්වා. කියන්න තියෙන දේ බොහොමයි. දැන් තියෙනවා මීටිං එකක්. ඒක ඉවරවෙලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. සල්ලි ගහේ තව අස්වනු පූදින මීටිං එකක් වේවා! ඇවිල්ලා විස්තර දාන්න. ඔයාගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා!

      Delete
    2. හිටිං.පොඩ්ඩක් බිසි

      Delete
    3. >>සල්ලි ගහේ තව අස්වනු පූදින මීටිං එකක් වේවා! <<
      අනේ රාජකාරි වෙලාවෙ තියෙන මීටිං වලට OT නෑ බං. මේකෙ වුනේ අනිත් පැත්ත. මීටිං දෙකක් එක උඩ එක ගිය නිසා සමහරු ආවෙ පස්සෙ. උන්ට වෙනම කරන්න වුනා. ඒක අතින් කයිට්.
      >>මේ පාර එකෙක් හරි කිව්වොත් ඕක ෆොක්ස්වැගන් නෙවෙයි වොක්ස්වැගන් කියලා, ඌට වයන්නක් ගෙනල්ලා කවනවා!<<
      ඕක ජර්මන් උච්චාරණයෙන් කිව්වොත් ඇත්තෙන්ම ෆොල්ක්ස්වාගොන් වලට ආසන්නයි. උන් L උච්ඡාරණය කරනවා. එහෙම කිව්වොත් අනිත් උන් හිනාවෙනවා ෂුවර්. උඹ දන්නවද BMW උච්ඡාරණය කරන්නෙ බේ එම් වේ කියලා. ඒකට හේතුව ඇල්ෆබට් එක ආ බේ සේ ඩේ ඒ එෆ් ගේ හා ඊ යොට්.... යනාදී වශයෙන් වීමයි. ආයෙ එන්නම්.

      Delete
    4. අඩේ පත්තරයා, කොහොමද කියහං ඉතාලියානෝ වලින් a b c d කියන්නෙ.

      Delete
    5. ගියපාර පත්තර මල්ලි ටොපොලිනෝ එකට හික්මීයා කියලා ඔළුවට දාලා දැන් මට හික්මීයෙක් දැක්කම ෆියට් මතක් වෙනවා. මේ තවත් කෙළවෙන පොටක්!

      Delete
    6. මම හෙන්රි අයියගේ ජීවනෝපාය කර්මාන්ත ගැන විස්තර දන්නේ නෑ නේ. බුකියෙන් ඇවිල්ලා අහන්නම්!

      Delete
    7. එකෙන්ම ඩූඩයියා..ඉතාලි සීන් එක යන්නේ
      A ආ-B බී-C චී-D දී- Eඒ -Fඑෆ්ෆෙ
      ඕං ඔහොම.. mercedes කියවන්නේ මෙර්චේදෙස් කියල..BMW කියවන්නෙ බී එම්මෙ වූ කියල.chevorlet කියවන්නෙ ෂෙවොර්ලේ කියල..fiat කියවන්නෙ ෆීයත් කියල..

      ඊයෙ මං ගියා බං වාහනේකට කෑලි වගයක් ගන්න බොක්කෙක් එක්ක කාර් කනත්තට..පට්ට ජගුආර් එකක් හැප්පිල තිබ්බ තලන්න දාල.මං රිංගල ඩිකිය අරිද්දි ස්පෙයා වීල් එකේ පැකින්වත් කඩල නෑ.ජගුආර් ජැක් එකත් එක්ක.. දුන්න පාර :D

      Delete
    8. හලේ බං පත්තරයා ඔය වාහන කනතුවල පින්තූර දැක්කාමත් මගෙ නම් බඩ පපුව දාල යනවා. නමුත් හැම එකාටම එහෙම නොවෙන එකත් හොඳයි එක අතකට නැතිනම් මේ මහපොලොව පරණ යකඩ වලින් වැහිලා මෙලහට.
      ඉතාලි සීන් එක එහෙමයි එතකොට නේද? ඒකනෙ cello චෙලෝ වුනේ සහ Francisco ෆ්‍රන්චිස්කෝ වුනේ නේද? ඔය ඉතාලියෙන් Z = ත්ස් පීත්සා මොත්සරෙල්ලා වගේ ඒවා අපිට දැනටම තේරෙනවා නිකම්ම.
      පත්තර මල්ලි, උඹට තිබුනේ ඇල්ෆබට් එකම කියන්න. අපි අකුරක් හරි ඉගෙනගන්නවනෙ.

      මගෙ රස්සාව එහෙම පෞද්ගලික රහසිගත් එකක් නෙවෙයි තරිඳු. මම මෝල්ඩිව්ස් වල ඉංග්‍රීසි ගුරෙක්. ඒක හැමෝම දන්නවා.

      දැන් තරිඳුට හිතෙනවද දන්නේ නෑ මේ පත්තරයයි මායි ඇවිත් පෝස්ට් එකට අදාල නැති වල් පල් කියෝනවා කියලා. ඇත්තෙන්ම අපි දෙන්න බයික් ගැන කියෝලත් මාර ආතල් එකක් ගන්නවා මෙතන අනුගෙ ගෙදරකදි හරි.

      Delete
    9. ඉංග්‍රීසි ගුරා කතාව මම හිතුවා, ඒත් මෝල් දිවයින ගැන හිතුවේ නැහැ. මම රෝද ගාන කෝක වුණත් වාහන ටෝක්වලට ආසයි. අපිට හැම දේම අපේ අත්දැකීමෙන් ඉගෙනගන්න බෑ නේ. ඉතින් අනිත් අය කියන දේවල්වලින් ඉගෙනගන්න මම කැමතියි. ඒකයි මම මොකක් හරි පොස්ට් එකක් හරි කමෙන්ට් එකක් හරි මගේ පේජ් එකට ඉස්සුවත් ලියපු එකාගේ වගවාසගම් එක්ක දාන්නේ. ඔයාලා වගේ අය කියන දේවල් හින්දා තමයි මේ වගේ බ්ලොග් පවතින්නේ. නැතුව මට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ මේක. ඒ හින්දා මි කාසා එස් සු කාසා!:D

      Delete
    10. ලංකාවෙ සාමාන්‍යයෙන් අනිත් රටවල මර්සීඩස් කියන වාහනේට කියන්නෙම බෙන්ස් කියලනෙ. බෙන්ස් කිව්වම ඒකෙන් ධනවත්කම, බලය, කුලවත්කම, වගේ හුඟක් දේවල් නියෝජනය වෙනවා. ජර්මනියෙ ටැක්සිවලටත් මර්සීඩස් ගන්න එක වෙනම කතාවක්. (මේ අපි ඉන්න මාල දිවයින් දූපතෙත් නිසාන් ලීෆ් ටැක්සි තියෙනවා)

      ආපහු කතාවට ආවොත්, ලංකාවෙ මර්සීඩං ඉතිහාසය හුඟක් දිගයි. ජපන් වාහන වලට වඩා හුඟක්ම දිගයි.

      කාලෙකට පස්සෙ ඔන්න මිට්සුබිෂි ලාන්සර් එකත් අන්න ඒ තත්වෙට පත්වුනා. ලාන්සර් බොක්ස් එක කිව්වාම අලුත් මර්සීඩස් බෙන්ස් එකක් තරම්ම ජනප්‍රිය වුනා. "පොර ආවේ ලාන්සර් එකේ" කියන්නේ පොර සල්ලිකාරයෙක් කියන එකයි. රත්නපුරේ මැණික් කාරයන්ගෙ නිලරථය ලාන්සර් එක වෙලා තිබ්බ කාලයක් තිබුනා.

      ඔය status එකම ලැබුන තව වාහන තමයි පැජෙරෝ සහ මොන්ටෙරෝ. මිනිස්සු ඒවට ඉන්ටකූලර් කියලත් කිව්වා. 'කකුල පෑගුන්නෙ නැතුව යන්න ඕනෙ නම් යනවකො ඉන්ටකූලරේ" වගේ කතා බස් ඇතුලෙ නිතර ඇහුනා. ඔය ඉන්ටර්කූලරේ වෙනුවට අර කිව්ව සියලුම වාහන කලින් කලට ආදේශ වුනා.

      දැන් වුනත් අලුත් මිට්සුබිෂි ලාන්සර් ගැලන්ට් වගේ වාහන වල බොඩි ස්ටයිල් වලත් සමකාලීන වාහන වලට වඩා කැපිලා පේන ගතියක් තියෙනවා.

      Delete
    11. එකෙම්ම් ඩූඩයියා..බඩ පපුව පත්තුවෙනව කනත්තට ගියාම..මාත් ගත්ත සීඩීඅයි යුනිට් එකක්.මොන අපරාදයක්ද ඒ අප්පා...අවුරුදු ගානක් දුවන්න පුලුවන් නියම වාහන..ලංකාවෙ තිබ්බනං දනී..තරිඳු අන්න මිනියක බොඩියකුත් තිබ්බා. :D මං දාන්නං ඩූඩයියෙ ඇල්පබට් එකම.මෙහේ එකට අකුරු 21 නෙ තියෙන්නෙ..

      මෙතන්ට එන්නෙ පෙට්‍රල් සුවඳට ආස එවුන් නෙවැ. අර සජ්ජා බිජ්ජා තමා නැත්තෙ තාම.ඌත් එහෙම එකා.මචං ලට සූවො කියන් නෑ..සූවො/ලෙයි කියන්නෙ ගෞරවාර්ථයෙන්..මීයො කාසා එ තූවො කාසා කියපිය අපිට මොන ගරු ද .හැක්

      Delete
    12. //රත්නපුරේ මැණික් කාරයන්ගෙ නිලරථය ලාන්සර් එක වෙලා තිබ්බ කාලයක් තිබුනා.// තාමත් ඒ කාලෙ බයර්ගගෙ නිල රථය ඕක තමයි බොහෝ විට. ගොඩකවෙල කීපයක්ම තියෙනව ඒ වගේ බයර්ල ගාව.

      Delete
    13. මටත් කාලයක් ආසාවක් තිබ්බා රත්නපුරේ ගිහිල්ලා ලාන්සර් බොක්ස් එකක් ගන්න. ඒක අර බැංකොක් ගිහින් තායි කෑම කනවා වගේ වැඩක්. රත්නපුරේ කියන්නේ ජපානේ නොවුණට ලංකාවේ ජනශ්රුතිය ඇතුළේ ඒක ලාන්සර් වලට පුංචි ජපානේ වගේ!

      Delete
    14. සුදු සරමයි ෂර්ට් එකයි ඇඳලා ගෝල්ඩ් කලර් වොච් එක බැඳලා දාහෙ කොල මිටිය උඩ සාක්කුවෙ දාගෙන මට මැවිල පේනව ප්‍රසන්න අයිය ලාන්සර් බොක්ස් එකකින් බැහැල
      ආ පත්තර මල්ලී .. කියනවා :D

      Delete
    15. ඌ බහින්නෙ CR27 එකකින්. එච්චරයි වෙනස.

      Delete
    16. This comment has been removed by the author.

      Delete
    17. ඒ මදිවට සාක්කුවෙ තියෙන්නෙ පන්දාහෙ කොල. කාලය මැවු වෙනසක අරුමේ. හැක්..

      Delete
  8. මීයෝ කාපු කාර් එක කෙසේ වෙතත් බල්ලෝ කාපු කාර් එකක් මටත් තිබුනා. මෙන්න ලින්ක් එක
    බල්ලා කාපු මගෙ කාරෙක

    ReplyDelete
    Replies
    1. මගෑරිච්ච එකක්.බැලුවා ලොක්කා

      Delete
    2. මම උඹේ කමෙන්ට් එක දැක්කා පත්තර මල්ලි. උඹත් එක්ක කතා කරන්න ගත්තට පස්සෙ මට හිතුනා හැමදාම ලියන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්න නමුත් කල්දාන බයික් කතා වාහන කතා ලියලා දාන්න.

      Delete
    3. https://yanhella.blogspot.com/2016/07/blog-post.html?showComment=1468314600383#c590706915627422322
      මං මෙතන උඹේ කොපි රයිට් එකට ‍රැෂ්පට් කරලා තියෙනවා දැක්කද. ඒ පෝස්ට් එකත් කියවපං හිනාකාලා මැරෙනවා.

      Delete
    4. එකෙන්ම ඩූඩයියා..:D

      Delete
    5. ඔන්න මාත් බල්ලට එකක් දීල ආව.

      Delete
    6. අන්න ඌ ඒක හව් හව් ගාලා කෑවා.

      Delete
  9. පොඩ්ඩක් ෆ්‍රී වුණු ගමන් කියවන්න ඕනේ. යකෝ GTi එකක් නේ දාලා තියෙන්නේ!

    ReplyDelete
  10. මට මැවිල පේනව අර ෆොක්ස්වැගන් එකෙන් තෙල් විද්දම තරිදුගෙ මූන.
    අර ත්‍රීවීල් බුවා අයිතිකාරයට වැඩිය වාහනේ ගැන දැනගෙන ඉන්න ඇති ඒක බලන්න කට්ටිය එක්ක ගිහිල්ලම.
    ආයෙත් අල්ලපු ගෙදර තාප්පෙ අනින්න ඒ කාර් එක ගන්න ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න. මගේ මූණ දැක්කනම් ඔයා අඬනවා! :D

      Delete
  11. මම කල්පනා කළේ මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...

    වාහනේ ගරාජ් එකක්වත් නැතුව එළියේ දාලා තිබුණේ. මම ගණන් ගත්තේ නෑ.

    පේන්ට් එක ලෝකල්. මම ඒක දැනන් හිටියේ නැහැ.

    ඩබල් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න තියෙන්නේ කිව්වා. මට ඒක තේරුණේ නෑ.

    ඒසී තියනවා කිව්වා. මම ඒක චෙක් කළේ නෑ.

    දෙකහමාරට දෙන්නං කිව්වා. මම හෙට්ටු කළේ නෑ.

    මේවා දකිනකොට මට එක දෙයක් හිතෙනවා.

    තරිඳුගෙ ලියවිල්ල දැන් මුහුකුරා ගිහින් කියලා. ඇත්තෙන්ම ඒක එහෙමයි. මාව විස්වාස නැතිනම් ගිහින් පළවෙනි දෙවෙනි පෝස්ට් කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩූඩ්. ඒකෙ ගෞරවයෙන් සෑහෙන කොටසක් අටම්ට යන්න ඕනේ. පොර මට කියලා එවුවා බ්ලොග් එකේ ගතයුත්තක් නැහැ, ලියනවා නම් හරියට ලියපන් කියලා. ඊට පස්සේ ඔයාලා කමෙන්ට් කරනකොට තමයි මට හිතුණේ මේක මට සිරා ප්ලැට්ෆෝම් එකක් කරන්න පුළුවන් නේද කියලා. ඒ නිසා ගෞරවය හැම අතටම බෙදිලා යන්න ඕනේ, ඔයාටත් එක්කම...

      Delete
    2. මටත් හිතෙනව උඹ දැන් ලස්සනට ලියනව කියල බං..උඹට තියන උණ වගෙම හරියකට වාහන ගැන කතා කරන්න ඒකටම වෙන් උන බ්ලොග් එකක් නෑනෙ.තිබ්බත් සංවාදයක් ගොඩනැගෙන්නෙ නෑ..උඹට තේරෙනවනෙ වැඩේ ගෙනියන්න..ඔහොම්මම යමං මචෝ..අපි එකෙන්ම ෂපෝට් හූ කියාගෙන !!

      Delete
    3. මේ ෂපෝට් එක මට රටක් රාජ්ජයක් ලෝකයක් විශ්වයක් වටිනවා. තෑන්ක් යූ සෝ මච්!

      Delete
    4. මටත් ඔය ටික හිතුන. දිගටම ලියාගෙන යනකොට (මේ අපි වගේ) තමයි තේරෙන්නෙ පාඨකයාට ඕන මොන විදියටද කියල. ඉපදිච්ච එකාට එකපාරම ඇවිදින්න බෑනෙ.

      Delete
    5. එකෙන්ම ප්‍රසන්න අයියෙ .. අපි අපේ බ්ලොග් අද මෙතනට ගෙනල්ල තියෙන්නෙ සුලුපටු මහන්සියක් දරලද ආයිබෝං..:D මේව ලේසිපාසු වැඩ නෙමෙයි … හැක හැක

      Delete
    6. උඹට බ්ලොග් දෙකක් මේන්ටේන් කරන එක අමාරු නැද්ද බං ?? දෙකම එකකට අරගෙන කැටගරයිස් කරොත් නරකද..ඇයි දන්නවද බං එහ්ව්ම කීවෙ. අලුත්ම වාහන ගැන නෙට් එකේ ඕනතරං කියවන්න තියනවා.ඒත් අපේ ලාන්සර් බොක්ස් බීටූ ඉලෙවන් ඩොක්ට සනී ඇලියොන් එක්ක හැදිච්ව්ච අපේ වාහන කල්චර් එක ටච් කරේ නෑ නේද හරියකට තාම කවුරුත් ??? උඹට ඒක පුලුවන් ..

      Delete
    7. ඈ! සනි ලියොන් කියලත් මොඩල් එකක් තියෙනවද? :D

      Delete
    8. සිරාවටම තියනවනං හිඟාකාල හරි ගේනවා එකක්.. නිකං ලස්සනට තියාගන්න කාමරේ :D

      Delete
    9. lol. ලංකාවේ අලුත් වාහන ගැන තියන සංස්කෘතික දැනුමත් ටිකක් අප්සට්. වාහන ගන්නකොට අපේ බහුතරයක් කල්පනා කරන්නේ තෙල් කීයක් වැඩ කරනවද, හන්දියේ ලලිත් අයියගේ කඩෙන් පාට්ස් ගන්න පුළුවන්ද, ජම්පින් ෂීට් එක හයියද, ඉස්සරහ ලයිට් එකක් කීයක් වෙනවද වගේ දේවල් විතරයි. අනික් අතට අලුත් කාර් ගැන සහ කාර් නිවුස් ගැන PR language එකත් හෙන ගොන්. ඒ අතින් බැලුවම අලුත් කාර් ගැන මෙහෙයුමක් කරන එක කාලීන අවශ්‍යතාවක් වගේ පෙනුණා. ඒකට දැන් ටිකටික එළියෙන් ප්‍රතිචාර වැඩිවීගෙන එන්නේ. ඒකයි මේ විකාගෙන දෙකම කරගෙන යන්නේ...

      Delete
    10. එහෙමයි සෑර් … :D හැක්

      Delete
    11. කාර් කනත්තක මිනියක් දැකපු කතාවක් කිව්වා පත්තර මල්ලි. මේ කතා අස්සේ ඒකත් අමතක වුණා... කියමුකෝ බලන්න පොඩ්ඩක් හීල්ලෙන්නත් එක්ක...

      Delete
    12. කාර් තුනක් උඩ තිබ්බෙ බං.ඒක තලල නෑ මොකෝ අලුතෙන් හදනව කියලෑ.නිල්.පාටට ටොපටම තිබ්බා.පොටෝ කෑල්ලක් අල්ලගන්න මීටර් උන් නෑ බං අපරාදෙ.ආය ගියාම පොටෝ කෑල්ලක් අල්ලගන්නංකො.උඹට හූල්ලන්න :D

      Delete
    13. යකෝ මිනියක් කිව්වම මම හිතුවේ ඇත්තම මළ මිනියක් ගැන.. හෙහ් හෙහ්... කවදා කාපු ටකරන්ද ? :D

      Delete
    14. සෙන්නා බලන්න ඇති කාර් තුනක් උඩ තලාපු නැති මළමිනියක් තිබ්බා කියන එකේ තේරුම මොකක්ද කියලා නේද? ඔලුව බ්ලෑන්ක් කරලා ආපහු කියෝනකොට මාත් හොල්මං වෙනවා! :D

      Delete
    15. ආයෙත් අහලා... තුන් පාරක් කියවලා, ඔලුව ගසලා හතරවෙනි පාර කියවපුවම තමා යාන්තම් මීටර් වුනේ.. හෙහ් හෙහ්....

      Delete
    16. //තුන් පාරක් කියවලා, ඔලුව ගසලා හතරවෙනි පාර කියවපුවම තමා //

      බඩත් කොර උනා බොල..

      Delete
  12. Supiri post ekak... Man lagath issellama thibbe lancer wagon ekak.. 14 Sri 0467... Ita passé 11sri 5239 sunny b211 ekak... Dan hb 11 ekak ... Eda mage pissuwa hoda kare wagon eka... Man adatath adarei...

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහෝම ස්තුතියි කවීන්ද්‍ර!

      Delete
  13. මටත් තියනවා ඔය වගේ කතා ගොඩක්. අපේ ගෙදර නම් මං පොඩි කාලෙ ඉඳන්ම වාහන තිබ්බා. මොන්ටිසෝරි යන කාලෙ තිබ්බ කාර් එක Hilman Huter එකක් (ෆොටෝ වලින් තමයි මොඩ්ල් එක දැනගත්තෙ මං). පස්සෙ B310 එකක්. ඊට පස්සෙ අවුරුදු 12ක් විතර ටවුන්ඒස් වෑන් එකක්.. පස්සෙ intercooler එකක් 64-. අන්තිමට දැන් මගේම කියලා SB13 සනී එකක්..

    හැබැයි පොඩි කාලෙම මට වාහන පිස්සුව හැදුනෙ අර B310 එකෙන් තමා. තාත්තා ඒක හදනකොට ක්ලච් එක පාගන්න වගේ දේවල් වලට යන්නෙ මං :D

    ReplyDelete
    Replies
    1. කතා තියනවා නම් අපේ ෆේස්බුක් පේජ් එකේ ලියන්නකෝ. ඒක කරගෙන යන්නේ ඒ වෙනුවෙන්මයි. පෝස්ට් එකේ අග ලින්ක් එක තියනවා. කතා ටික අපිත් එක්ක බෙදාගන්න. හන්ටර් එක ගැන මම දවසක ලියන්නත් හිතන් ඉන්නේ. මම මාරම ආසා කාර් එකක්.

      Delete
  14. අළුත් කාර් ගැනත් මේකෙම ලියනවානං තමයි මං මනාප , කවදාහරි උඹට තේරෙයි

    ReplyDelete
    Replies
    1. ඒක දැන් අතාරින්න දුකයි අටම්. ඒක වටේ වෙනම සෙට් එකක් හැදිලා ඉන්නවා. 'ලඩි විකුනලා අලුත් ඒවා ගනිං' කියන එවුනුයි 'තොපේ පපඩම් අපට එපා' කියන එවුනුයි එක වේදිකාවට නග්ගන්න මට බයයි!

      Delete
  15. Aiyye danaganna asai car ekak aran colour change karanne kohomada kiyala lankave? ( Legal Stuff)

    Honda Civic EG8 ekak mage first car eka wei :)

    ReplyDelete
    Replies
    1. අපි ෆේස්බුක් එකෙන් මේ ගැන කතාකළාට පස්සේ තමයි මම මේක දැක්කේ. :)

      Delete
  16. interesting writing.can read again and again.also my first car also Lancer (Flat light)12-1632

    ReplyDelete
    Replies
    1. Thank you so much for the feedback. Comments like yours keep me going. And so glad to hear that you first car was also a Mitsu.

      Delete
  17. අද තමා බ්‍රෝ මට බ්ලොග් එක සෙට් උනේ...සිරාවටම මේක නං පට්ට බ්ලොග් එක බං...දිගටම ලියන්න බ්‍රෝ...

    කාර් ගැන කියනවා නං....මාත් පරණ වාහන පිස්සෙක් තමයි...ඒ කිවුවේ 1975-1985 වගේ කාලෙ ආපු බඩු...mini miner,woxwagon වලට නං එච්චර කැමැත්තක් නෑ...lancer wagon,lancer box,lancer L light, dx wagon,nissan b211,310,corona mk2 තමා favourite ම...මේවාට හොද පේන්ට් එකක් ගහලා බොකු ඇලෝවීල් එකක් ගැහුවාම එන ගැම්ම මට නං සල්ලි වලට ගන්න බෑ බ්‍රෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොටි මල්ලි...

      Delete
  18. බ්ලොග් එකට දිගටම ලියන්න ශක්තිය ලැබේවා සහ සල්ලි ගහේ අත්තක් පීදෙවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනව.
    පරන වාහන ගැන කියනවන්ම් ඉතින් ආත්මීය මෙව්ව එකක් තමා තියෙන්නෙ.මොකද මගෙ තාත්ත motor mechanic කෙනෙක්.ගෙදර තිබ්බ වාහන දෙකක් ගැන කියන්නම් cortina mk3,upali mazda හැබැයි දැන් කො අහන්න එපා මොකද දුක හිතෙනව :(.

    ReplyDelete
    Replies
    1. අපි දැන් උපාලි මැස්ඩා ගැන ගොඩක් උනන්දුයි :)

      Delete
    2. එක තමා වැඩිපුරම දුක හිතෙන කතාව.2005 විතර මතක හැටියට මන් පොඩි එකා 7 වසරෙ.තාත්ත දවසක් හවස ගිහින් ගෙනාව.සුදු පාට කාර් එක.ඒ දවස්වල මන් දන්නෙ නැ මේක උපාලි මැස්ඩ කියල.කොහෙවත් ගහල නැනෙ.60,000 ගෙනවෙ කියලනම් මතකයි.අපි ගෙද්දි ගැස් කරල කාර් එක.ටික දවසකින් තාත්ත එක ගලවල දැම්ම.මුකුත් නැ කාර් එක පියාබනව ඉතින්.1500 සිසි නෙ.මට ලොකුවට කාර් එක පදින්න ලැබුනෙ නැ.මොකද මන් ලයිසන් ගන්නකම් මට තාත්ත වාහන පදින්න දුන්නෙ නැ.එ නිස වත්තෙ එහා මෙහා ගියා විතරයි.එහෙම දුන්නනම් අදටත් කාර් එක අපි ලග.අවුරුදු 5ක් විතර කාර් එක අපි ලග තිබ්බ.කිසිමම දෙයක් හැදුවෙ නැ.දවසක් දෙකක් පෙට්‍රල් බ්ලොක් එකකින් නතර උනා.මොකද එකෙ පෙට්‍රල් ටැන්කිය පාවිච්චි නොකර ගැලුමකට තෙල් ගහන විදියට තම කලින් අය හදල තිබ්බෙ.අන්තිමට තාත්ත රට ගියා.කාර් එක පදින්න කෙනෙක් නැති උනා.අපේ අම්ම එතකොට ලයිසන් අරන් තිබ්බෙත් නැ.කාර් එක දිරන්න ගත්ත.දවසක් මන් ගෙදර එද්දි කාර් එක නැ.අම්ම විකුනල.ගානනම් අහන්නම එපා.
      මන් අදටත් අපෙ අම්ම එක්ක රන්ඩු වෙන කාරන දෙකයි තියෙන්නෙ.එකක් කැම.අනික "ඇයි අම්මෙ මැස්ඩ එක විකිනුවෙ?"
      කාර් එක 2ස්‍රි2720.තියෙන තැනක් දන්නවනම් කියන්න.කොහොම තිබ්බත් අම්මප හෙටම ගේනව ලොකේටම නය වෙලා හරි

      Delete
    3. ඒකට නම් පපුව හෝස් ගාල ගියා තමා. අද කට්ටිය උපාලි මැස්ඩා හොයා හොයා යන්නේ!

      Delete
    4. 25000 වික්කෙ මට මතක විදියට මැස්ඩ එක.අද 250000 කටවත් නැ හොයගන්න

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. https://www.youtube.com/watch?v=ksafvKINq5U

    යන්තන් හොයා ගත්තා!

    ReplyDelete
  21. ඔබේ සටහන මගේ හදවතට දැනුනා සැහෙන්න. ඒකට හේතුව මම මගේ පලවෙනි කාර් එක ගන්න ඔය වගේම කට්ටක් කාපු නිසා. සැහෙන කටු ගොඩක් කාල අන්තිමට ගත්ත කාර් එකේ පොත ඩුප්ලිකේට් , ඒ වගේ කාර් එකක් ආයේ විකුනන්න තියෙන අමාරුව දන්නවනේ ඉතින්. ඒත් මට දුකක් නෑ. මම ගත්තේ 98 Honda Civic Ek3 එකක් ( ඔව් මන් දන්නවා , internet එකේ සෑහෙන්න නොන්ඩි වෙන RICE ලෝලියන්ගෙන් දූෂණය වෙන කාර් එකක් ;) ). නමුත් අද වෙද්දී මට ඒක පැදලා ගන්න ආතල් එක මට නොමිලේ බුගාට් වෙයිරෝන් එකක් ලැබුනත් ඒ තරම් වටින්නේ නෑ :).

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැක්කේ සෑහෙන්න පහුවෙලා. සමාවෙන්ඩ...

      Delete
  22. මේක කියවන 4 වෙනි පාර..Mitsubishi වාහන ගන්න අය වෙන එකකට යනවා හරිම අඩුයි. මොකද එකේ අමුතුම බැදිමක් ඇතිවෙනවා වගේ... ටිකෙන් ටික දියුනු වෙන ඔනේ කෙනෙක් නවතින්නේ Mitsubishi Pejaro / Montero එකක් ලග.. :p

    මොකද්ද ඩබල් ට්‍රාන්සර් ලාන්සර් කියන්නේ???

    ReplyDelete
    Replies
    1. ඩබල් ට්‍රාන්සර් කියන්නේ මේකයි. ලියාපදිංචි අයිතිකාරයගෙන් අරගෙන මට විකුණපු කෙනා ඒක එයාගේ නමට පවරාගෙන තිබුණේ නෑ. ඒ නිසා මගේ නමට පවරගන්න නම් ඉස්සරලා අර 'අරං විකුණන්නා' ගේ නමට පවරාගෙන ඊට පස්සේ මට පවරගන්න වෙන තත්ත්වයක් ආවා. පස්සේ අපි කෙළින්ම ගිහිං ලියාපදිංචි අයිතිකරු මුණගැහුණාම ඒ මහත්මයා බොහොම කාරුණිකව අපට අලුත් ෆෝම් සෙට් එකක් පුරවලා දුන්නා.

      Delete
  23. මාත් ආසම වාහනයක් තමයි ලාන්සර් බොක්ස් කියන්නේ ...අනිවා මාත් එකක් ගේනවා..:D :D

    ReplyDelete
  24. මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...
    ඔය වචන ටිකනම් මටත් හිතුනා. මාත් මුලින්ම ගෙනාවේ 1980 හොන්ඩා සිවික් එකක්. අැත්තම කිව්වෙවාත් මම ඒ්ක ගන්න යනෙකාට කාවවත් ඒක්කෙගන ගිෙයත් නෑ. පස්ෙස් යාළුෙවක් මට ෙහාදටම බැන්න මම අහුෙවලා කියලා. ඒ් කාර් ඒකට මම ෙලාකු ගානක් වියදම් කරලා හදන්න හැදුවත් තව ලක්ෂ ෙදකක විතර වැඩ ඒ්ෙක් කරන්න තිබුනා. පස්ෙස් මම ඒ්ක ෙගාඩක් අඩුවට විකුණලා ගත්තා සනි B310 එකක්.
    ඒ කාර් එකේනම් ලොකු කේස් එකක් නැති වුනත් ලෙඩ එන්න ගත්තා. පස්සේ ගරාජ් එකට දැම්මාම සති ගණන් තියාගන්නවා. හරියට හදන්නෙත් නෑ. මට ගරාජ් බාස්ලව එපාම වුනා. පස්සේ මමම ටූල් සෙට් පවා අරගෙන ඉන්ටනෙට් එකේ උදව් එක්ක කාර් එකේ හැමදෙයක්ම හදාගන්නවා.
    තමන්ම හදාගෙන කාර් එක ඩ්‍රයිව් කරද්දි එන ෆීලින් එක වෙනම ආතල් එකක්.

    මම හිතුවේ කාර් එකක් තනියම තිහින් අරගෙන අහුවෙච්ච පළවෙනි කෙනා මම කියලා. බලද්දි තව කට්ටිය ඉන්නවනේ.

    ReplyDelete