Friday, April 8, 2016

කාර් එකක් හදලා ඉවර වෙලා ගරාජ් එකෙන් එළියට ගත්තට පස්සේ ටිකක් වෙලා (හරි ටික දවසක් හරි) යනකල් ඔළුව යකාගේ කම්මල වගේ. වාහනේ සමහර දේවල් ටින්කරින් වැඩවලදී මිකැනිකල් වැඩවලදී වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් වාහනේ ගැන අලුතින් ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා.

ඒ වෙලාවට අපිට වැඩියෙන්ම ඕනේ කරන්න මොකක්ද?

හිස් පාරක්... අපිටම වෙන්වෙච්චි පාරක්...වල ගොඩැලි නැති කිලෝමීටර දෙක තුනක් වත් විහිදෙන පාරක්...

ජීවිතේ සතුට දක්වා විහිදෙන පාරක්...!


3 comments:

  1. මගේ බීට්ල් 1302 එක්ක නිදහසේ සවාරියක් යන්න මම ආසම පාර මහවැලි රජ මාවත.. කඳු පල්ලම් වංගු එක්ක ගස් හෙවන වික්ටෝරියා ජලාසෙත් එක්ක ජීවිතේ සතුට හොයන් යන්න පුලුවන් පාරක්.. පුලුවන් නම් ගිහින් බලන්න..

    ReplyDelete
  2. මගේ බීට්ල් 1302 එක්ක නිදහසේ සවාරියක් යන්න මම ආසම පාර මහවැලි රජ මාවත.. කඳු පල්ලම් වංගු එක්ක ගස් හෙවන වික්ටෝරියා ජලාසෙත් එක්ක ජීවිතේ සතුට හොයන් යන්න පුලුවන් පාරක්.. පුලුවන් නම් ගිහින් බලන්න..

    ReplyDelete
    Replies
    1. ආරංචියට ස්තුතියි මචං... හොඳ අදහසක්!

      Delete