Thursday, April 7, 2016

ක්ලැසික් කාර් එක්ක ජීවත් වෙන එක සතුටක් වගේම දුකක්...

ක්ලැසික් කාර් එක්ක ජීවත් වෙන එක සතුටක් වගේම දුකක්. මේක අමාරුවෙන් හම්බ කරලා ආසාවෙන් කාර් එකක් අරන් දුකෙන් නඩත්තු කරන අයට වගේම අතමිට යහමින් තිබිලා කැමති විදිහට රටින් අමතර කොටස් ගෙන්නන අයටත් අදාළයි.
'දැන් නම් මේ වැඩේ තිත්ත වෙලා' කියලා අපි කීදෙනෙක් ක්ලැසික් කාර් ගැන කියලා ඇද්ද? ඒත් ආයෙත් අටෝගෙන එක පාරක් පාරට දැම්මට පස්සේ, ඒ තප්පර ගානට අපට ආයෙමත් ඒ තිත්ත පැණි රහක් වෙනවා නේද?


ඒ තිත්ත සහ පැණිරහ අතර බහුබූත සම්බන්ධේ තේරුම් ගන්න පුළුවන් කාර් පිස්සුව තියන අයට විතරයි. කාර් පිස්සන්ට පරිබාහිරව කාර් පිස්සුව තේරුම් ගන්න පුළුවන් ඒක සංස්කෘතියක් කියලා පිළිගන්න ලැස්ති අයට විතරයි.

14 comments:

  1. මේ පිස්සු මානවයෝ නැතුව මුළු ලෝකෙම ක්ලැසික් කාර් විතරක් වුනානම් ලෝකය හරිම ලස්සන වගේම හරිම ගාම්භීරත් වෙයි !!!!!!

    ReplyDelete
  2. තමන්ගේ ගමන් බිමන් යන්න සහ තමන්ගේ වැඩ පහසු කරගන්න කාර් ගත්ත උදවියට කාර් එක කියන්නේ එක්තරා යකඩ ගොඩක් පමණයි.
    නමුත් classic car වලට කැමති ඒවා පාවිච්චි කරන අයට කාර් එක තමන්ගේ ජිවිතයෙ කොටසක් වගෙයි. තමන්ගේ පවුලේ සාමාජිකයෙක් වගෙයි.
    මටත් තියෙනවා කතාවක්.....
    කැමතියි ඔයාලත් එක්ක බෙදා ගන්න.කොහොමද post කරන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔයාට පුළුවන් අවශ්‍ය නම් comment එකකම ලියන්න. නැතිනම් අපේ ෆේස්බුක් පේජ් එකේ (https://www.facebook.com/CarPissuwa/ - කාර් පිස්සුව කියලා සිංහලෙන් ලියලා සර්ච් කරන්න)ලියන්න. ෆේස්බුක් එකේ නම් ඔයාට පින්තූර පෝස්ට් කරන්නත් පුළුවන් නේ. කොහොම ලිවුවත් ඔයාගේ නමින් කතාව පවතීවි.

      Delete
  3. ස්තුතිය තරිඳු...
    මම fb ලියන්නම්.....

    ReplyDelete
  4. හොරණ වෑවල නේද මේ??

    ReplyDelete
    Replies
    1. ඔවු. ෂෙල්ටන් අංකල්ගේ/සම්පත්ගේ ප්ලේස් එක...

      Delete
    2. යේහ්...අපිත් හොරණ...මම ලාන්සර් වැගන් එකේ පාට්ස් හොයන්න යන තැනක් තමා මේ...

      Delete
    3. අහන්නත් සතුටුයි. නිධන් වගේ දේවල් තියන තැනක් තමා...

      Delete
  5. tharindu aiye, lancer gana kiuwama mathak wenne ape bappa. eyata kalin thibbe nissan largo 1994 ekak. eka vikunala eya business ekak patan gaththa. den thiyenne 85 hari 83 hari(mata hariyatama kiyanna ba) 13 sri lancer box ekak. daruwekuta wage salakanne, eke mada dawila thibba dawasak mathak karannawath ba.. echcharata adarei wahaneta.(tharind aiya wagemai) genapu gaman a/c hadala boku weel set ekak damma. den niyamatama thiyewa

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කාර් වලට ආදරේ කරනවා අහන දකින එක කවදත් හිතට සතුටක්... :)

      Delete