Saturday, July 23, 2016

දෙකේ ආතල්


ගෙදර කාර් දෙකක් තියාගන්නේ මොන මගුලටද කියලා දවසක් එකෙක් මගෙන් ඇහුවා. මම ඌට දුන්නේ මම හැමෝටම දෙන උත්තරේමයි.

"ගමනක් යන්න ලෑස්ති වෙලා,  අද ෆොක්ස්වැගන් එකේ යමුද, නැත්තං මොරිස් එකේ යමුද කියලා වයිෆ්ගෙන් අහන එකේ ආතල් එක උඹ දන්නවද?"

පොරගේ කට ඉමැජිනරි ලයිට් කණුවක හැපිලා නැවතුණා. ඌට මේක තේරුම් ගන්නත් බෑ. හැබැයි මේවා සාමාන්‍ය ක්ලැසික් කාර් මිසක් පළාතේ නම අංක තහඩුවේ තියන පශ්චාත් නූතනවාදී දෙම්හුම් පපඩම් හෝ ඒ කොනේ ඉඳන් මේ කොනට යන්න බස් එකේ යන්න ඕන සයිස් හෙන රෙයා ක්ලැසික් කාර් නොවන නිසා මේකට සෝබනේ කියලා කියන්නත් බෑ.

දෙකේ ආතල් දන්නේ දෙකක් තියන එවුන් විතරයි...

සීයක් හමාරක් ක්ලැසික් කාර් අක්කර සීයක හමාරක වතු යායවල් වල දාගෙන අපිට නොදී දිරන්න ඇරලා තියාගෙන ඉන්න පෙර භවයේ පින් කළ අංකල්වරු ඕනෑතරම් ඉන්නවා. එයාලගේ වාසනාවට අපි ඊස්සියා කොරාන්න නාකයි.

අපිට පුළුවන් දෙකයි...

අපේ දෙක අපට හොඳයි...

මගේ දෙකේ ආතල් එකේ පීක් එක

මම ලාන්සර් බොක්ස් එක පාවිච්චි කරන කාලේ ඒකට ඔය අද තියන ක්ලැසික් ස්ටේටස් තිබ්බේ නැහැ මම හිතන්නේ. ඒක ඉතිං සැලකුණේ අර සීකේ වන්, සීකේ ටූ, සී එස් වන් අනන් මනන් ගන්න බැරි එවුන් පාවිච්චි කරපු එකක් විදිහට. හැබැයි මම මගේ ජීවිතේ බොක්කෙන්ම ආදරේ කරපු භෞතික දේවල් කියන්න කියලා කවුරුහරි කිව්වොත්, ඒ ටොප් ටෙන් ලිස්ට් එකේ උඩ හරියේ තැනක 13 ශ්‍රී 7133 ඉන්නවා.

කොහොම වුණත් ඒ දවස්වල පංචිකාවත්ත කියන භයානක දූපත ගැන පෝර නොදාපු සීනි කෙහෙල් ගෙඩියක තරම්වත් දැනුමක් මට තිබ්බේ නැහැ. ඒ නිසා 3 ශ්‍රී 5661 බීට්ල් එක ගත්තට පස්සේ පාට්ස් හොයන්න දහ අතේ දඟලන්න වුණොත් ලාංසරේ නිකන් දිරාවී කියලා මට බය හිතුණා. ඒ නිසා මට ලාංසරේ දෙන්න වුණා.

දෙකේ ආතල් එක මිස් උණා...

ඊට පස්සේ 3 ශ්‍රී 5661 එක්ක ඔට්ටු වෙලා වෙට්ටු වෙලා මට්ටු වෙලා කඹ දාලා අලි මන්තර කියලා යන්තං පොරව හීලෑ කරගත්තට පස්සේ පංචිකාවත්ත කියන දූපතේ තියන එක එක ප්‍රාන්ත ආණ්ඩු ගැන මට අවබෝධයක් ආවා. එතකොට තමයි මට දෙකේ ආතල් එකක් ගැන ලාවට වගේ අදහසක් ආවේ.

ඉතිං මම කෝටිනා හෙවුවා. එස්කෝට් හෙවුවා. කොරෝනා හෙවුවා. ස්කෝඩා හෙවුවා. ලාඩා හෙවුවා, ෆියට් හෙවුවා. උපාලි ෆියට් හෙවුවා. අත්තනායක වැගන් හෙවුවා. ඕපල් හෙවුවා. හිල්මන් හෙවුවා. මිනි හෙවුවා. පද්මිණි හෙවුවා.

අන්තිමට ඔය ඔක්කොම සඳමිනී ලා හොයලා තවත් බීට්ල් එකක් ගෙදර ගෙනාවා.


3 ශ්‍රී 5661 සහ 9 ශ්‍රී 5333

එදා ඉඳන් මම සැලකිය යුතු කාලයක් 'හෝ දහය විස්ස' කරලා දෙකෙන් එකක් තෝරගෙන තමයි වැඩට හරි වෙන ගමනක් හරි ගියේ. හැබැයි ඒත් මට දෙකේ ආතල් එක හරියට දැනුණේ නැහැ.

මට ඕන වුණේ එකකට එකක් වෙනස් දෙකක්. දෙකේ ආතල් එක විඳින්න නම් එකකට එකක් වෙනස් දෙකක් තියෙන්න ඕනා...

මෙන්න මේ කාලේ තමයි මගේ හිතේ මොරිස් මයිනර් ගැන පෙම් කැකුළක් මෝදු වුණේ. සමහර රටවල්වල මයිනර් පිස්සෝ බීට්ල් එකත් එක්ක මාර තරහයි. උන් අහන්නේ බීට්ල් එකට වඩා ඇස්පෙක්ට්ස් ගොඩකින් යහපත් කාර් එකක් වන මොරිස් මයිනර් එක මිලියන දෙකක් විතර විකිණෙද්දී කොහොමද බීට්ල් එක මිලියන 22 ක් විතර විකුණුනේ කියන එක. ඉතින් මම මේ ගැන උනන්දු වෙන්න ගත්තා. කොහොමත් පුංචි කාලේ ඉඳන් මගේ ජීවිතේ මොකක්දෝ වේදනාවක් කැටිවෙච්ච මතකයක් අස්සේ හිරවෙච්ච මොරිස් මයිනරයක් තිබුණා. ඒ මයිනරේ කතාව තමයි 'දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ' ලිපියේ තියෙන්නේ.


නෙට් එකෙන් උස්සපුවා නෙමෙයි. මගේ මයිනර් එකේ බැජ් එක.
මයිනරේ ගැන මගේ හිතේ ශෘංගාර ආසාවක් මතුවෙන්න තවත් එක හේතුවක් තමයි ඉස්සර බස් එකේ යන්න ඉන්නකොට නිතර දැකපු මයිනර් එකක් ආපහු මතක් වීම. ඒක පානදුර පැත්තේ ඉඳලා මොරටුව පැත්තට යනවා මම නිතර දැක්කා. මම හිතන්නේ 9 හෝ 10 ශ්‍රී. වයසක අංකල් කෙනෙක් තමයි එළවන් ගියේ. හැමදාම ඕක ටිකක් ළඟට බලාගන්න ආසාවෙන් හිටියත් අංකල් යන්නේ නිකං මාළුවා දැක්ක පිළිහුඩුවා වගේ. මොරිස් කියන්න මොයන්නට කට හදනකොට අංකල් මිසිං. ඉතිං මම කරපු වැඩේ දවසක් අංකල් යන වෙලාවටම ආපු තංගල්ල බස් එකක නැග්ගා. ප්‍රතිපත්තියක් හැටියට මට දුර බස්වලට වෛර කරනවා. උන් හිතාගෙන ඉන්නේ පාරේ යන වාහන වලට ඉඩ ලැබෙන්න ඕනේ වාහනේ දිග පළල, ඩ්‍රයිවර්ගේ නැහැදිච්චි කම සහ යන දුර අනුව කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් මම තංගල්ලේ යන්නේ නැහැ. ඒත් මේ මිස්ටරිය සොල්ව් කරගන්න ඕන නිසා මම තංගල්ලේ නැගලා කොන්දගේ කරච්චලේ දකුණු කනෙන් අහලා වම් කණෙන් මූද පැත්තට දාලා වීදුරුවෙන් ඉස්සරහ බලාගෙන හිටියා.

ඩ්‍රයිවර් නිකං රාමාට ගේම දීලා රා කලයක් ගහපු රාවණා කඩුව වනවනා හනුමා පස්සේ එළවන් යනවා වගේ ගියර් පොල්ල වනවනා පාර පුරා යනවා. අංකල් දුර ඈත ලේන් ඩිසිප්ලීන් සහිතව, සංයමයෙන් යුතුව, පාරේ කෙළින් යනවා.

එගොඩඋයන හන්දිය පහුකරද්දී අංකල් පේන තෙක් මානෙක නැතිවෙන්න යන්න ගිහිං. අන්තිමට මම බූරුවා වගේ තංගල්ලක එල්ලුණා විතරයි.

දැන් කල්පනා කරද්දී තමයි මට හිතෙන්නේ ඒක 1000 එකක් නෙමෙයි 1100 එකක් වෙන්නැති කියලා. හැබැයි මලපැන්න ෂොයිබ් අක්තාර් වගේ විදගෙන යන තවුසන්ඩ් ඒවා මම දැකලා තියනවා. ඒ නිසා හරියටම කියන්න බැහැ.

පස්සේ කාලෙක මොරිස් මයිනර් එක ගැන සීරියස් වුණාට පස්සේ 9 ශ්‍රී 10 ශ්‍රී හොයා හොයා ලුහුඬු දැන්වීම්වල ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමං වුණු මං අන්තිමට හොරණින් EN 3457 ගෙනාවා.

අන්න ඊට පස්සේ තමයි මට දෙකේ ආතල් එකේ රහ දැනුණේ.

මයිනරේ ඉස්සරලාම ගෙදරට ආපු දවසට පහුවෙනිදා

EN එකේ ප්‍රොජෙක්ට් එක ගැන මම එහෙන් මෙහෙන් ටිකක් ලියලා තියනවා. නමුත් ඒ ගැන සම්පූර්ණ ලිපියක් ලියන්න ඕනේ. දැන් දැන් කට්ටිය මයිනර් ගැන ගොඩක් උනන්දුයි. ඒ නිසා මං කාපු කටු මොනවාද සහ ගත්තු ආතල් මොනවාද කියන එක මම උන්ට කියන්නම ඕනේ.

ඉස්සරලම ඕක ගෙදරට ගෙනාපු දවසේ මම අඩුගානේ ඕක ස්ටාට් කරන්නේ යතුරෙන් විතරක් නෙවෙයි යතුර කරකෝලා නොබ් එකක් ඇදලා කියලවත් දැනගෙන හිටියේ නෑ. ඉතිං ෆ්ලැට් බෙඩ් එකේ ආපු කොල්ලෝ දෙන්නා මට කාර් එක වත්ත ඇතුළට තල්ලු කරලා දුන්නා. මහා රෑ වුණත් මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න වටින් පිටින් දන්නා කියන එවුන් හොම්බ දානකොට සිඟිති ආතල් එකක් හිතට නොනැග්ගාම නෙවෙයි. ඒත් පඩත්තර ආඩම්බරේ නිහතමානී හිනාවක හංගගෙන මම මගේ වෙන්ඩ ආතල් එක ටිකෙන් ටික වත්තට රිංගන හැටි නෙත් සිත් පුරා විඳගත්තා.

ඒ මොහොතේ දැනුණු සතුට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. වයසට යනකල් ජීවත් වුණොත්, කවදාහරි කෙනෙක් මගේ ජීවිත කතාව ඇහුවොත් මම මේ විනාඩි පහළවක විතර අත්දැකීම මෝනෝසෝඩියම් ග්ලුටමේට් දාලා පිරිසිදු පොත් තෙල් වලින් තෙම්පරාදු කරලා සලාද කොළ වලින් සරසලා ගම්මිරිස් කුඩු ටිකකුත් උඩින් ඉහලා කියාවි.

මගේ දෙකේ ආතල් එකේ සැබෑ ඇරඹුම

එන්ජින් සම්බන්ධයෙන් ගත්තොත් ෆොක්ස්වැගන් වලට වඩා ලේසියෙන් මොරිස් ගොඩදාන්න පුළුවන්. පාට්ස් සම්බන්ධයෙන් ගත්තොත් මොරිස් වලට වඩා ෆොක්ස්වැගන් වලට බඩු හොයාගන්න ලේසියි (මේක මගේ අත්දැකීම සහ මම දන්නා අයගේ අත්දැකීම. ඔයාට එන්ජින් හදන්න පුළුවන් නම්, පාට්ස් සප්ලයි එකක් තියනවා නම්, මේ කතාව දැක්කම 'එහෙම කියන්නේ කොහොමද?' කියලා සල් මලක්/වද මලක්/තල මලක් පනිනවා නම් ෂෝයි. ඒක අපටත් කියන්න. අපිත් එන්නම් වාහන හදාගන්න). ෆොක්ස්වැගන් එකේ එන්ජිමේ විසිල් සද්දේ ඇහුණාම මට මතක් වෙන්නේ ජෝතිපාලගේ සින්දුවක් (ගැඹුරක්, විනෝදයක් එක්ක පොඩි ඩෝප් බවක් මුසුවෙච්චි සිරියමේසාරා හඬක්). මොරිස් එකේ එන්ජිමේ හඬ ඇහුණාම මට මිල්ටන් පෙරේරා මතක් වෙනවා ('දෙව්දුව පලාගියාදෝ' කියලා හිත නොස්ටැල්ජික් කරන, හැබැයි ඊළඟ තප්පරේදී 'මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ' කියල අපිව ප්ලාස්ටික් පුටු මේස සහ කඩල ඇට දෙක තුන ඉතුරු වෙච්චි බයිට් දීසි පෙරළෙන්න නටවන්න වුණත් පුළුවන් හඬක්). දවසේ මූඩ් එක අනුව මේ දෙකෙන් මොකක්ද අහඅහා යන්නේ කියන එක මම තීරණය කරනවා.

ආනන්ද ලොක්කගේ ගරාජ් එකේදී

ෆොක්ස්වැගන් එක මාළු කඩයක් ගාව නැවැත්තුවත් පොරවල් මාළු විකුණන එක නවත්තලා ළඟට ඇවිත් විස්තර අහනවා. මොරිස් එකට එච්චර ප්‍රතිචාර එන්නේ නැහැ. හැබැයි මොරිස් එක ගැන කතාකරන්න ළඟට එන්නේ ගොඩක් වෙලාවට ජීවිතේ හැතැම්ම ගාණක් ගෙවාගෙන, දුක සතුට සම සේ දරාගෙන, කතා කන්දක් ළයේ හොවාගෙන, සැඳෑ සමයට පියනගාපු ආදරණීය, පැසුණු කෙසැති මිනිස්සු. බීට්ල් එක ගැන අහන අයගෙන් සියයට පනහකට විතර තියන ප්‍රශ්නේ බීට්ල් එකක්/සුපර් බීට්ල් එකක් කීයක් වෙයිද කියන එක විතරයි. මේ දේවල් අහන්න දකින්න විඳින්න වැඩි දුරක යන්න ඕනේ නැහැ. මම කෑම එකක් ගන්න දවල් දොළහමාරට කිලෝමීටරයක් විතර පැද්දත් ආපහු ගෙදර එන්නේ කෑම දෙකක් හෝ තුනක් එක්ක කතා තුනක් හෝ හතරක් අරගෙන...

ඒ විතරක් නෙමෙයි... දැන් මට ගමනක් යන්න තීරණය කළාට පස්සේ අහන්න පුළුවන්, අද ෆොක්ස්වැගන් එකේ යමුද, නැත්තං මොරිස් එකේ යමුද කියලා...

අන්න ඒකට තමයි දෙකේ ආතල් කියන්නේ...

අපිට පුළුවන් දෙකයි...

අපේ දෙක අපට හොඳයි...


www.facebook.com/CarPissuwa



58 comments:

  1. මගෙත් ලොකු ආසවක් තියෙනව උදේට දෙකෙන් එකක් තොරන්න.එකක් b211 අනික පලාත් සබා ජීප් එකක් කරගන්න තමා ලොකුම ආසාව.ඔබ තොරන දෙකෙත් මටනම් හෙන කලාත්මක ගතියක් තියෙනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ජනිත. ආසාව හැබෑ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

      Delete
  2. බීට්ල් පිස්සුව මටත් හැදීගෙන එනවා දැන් මේක බලලාම ලාවට.. අතේ සල්ලිත් ටිකක් ගැවසෙන දවස් ටිකේ අරන් දාන්නත් හිතෙනවා. ඩ්‍රයිව් කරලා බලලා වාහනේ හිතට දැනෙනවා නම් ගන්න ටයිප් එකේ එකෙක් වෙච්ච මට ටෙස්ට් රන් එකක් යන්න අවස්ථාවක් සලසා දෙන්න පුලුවන් පිංවතෙක් ඉන්නවා නම් කියන්න හොඳේ..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි. මෙන්න අනික් කට්ටියට චාන්ස් එකක් :D

      Delete
    2. Mage eka dennam enna welawaka 0776232374 katha karanna mata

      Delete
  3. අපිට පුලුවන් එකයි, අපේ එක අපිට හොඳා...

    පිස්සුවේ තරම ගෙදර දොර දිහා බැලුවම හිතා ගත්තෑකි.... :D

    මම ඉස්සර ඔය ඉබ්බෝ, මොරිස් අංකල්ලව සත පහකට ගනන් ගත්තේ නෑ පාරෙදි දැක්කත්...බොගෙ බ්ලොග් එක කියවන්න ගත්තට පස්සේ දැන් උන් දිහාත් ටිකක් ඇහැ ලොකු කරලා බලන්න පටන් අරන් කියලා මට තේරෙනවා...

    ReplyDelete
    Replies
    1. අහන්ඩත් සන්තෝසයි. එකෙක් හරි අපේ ලෝකෙට ඇදලා ගන්න පුළුවන් වුණා නම් මට එච්චරයි! :D

      Delete
    2. මයිනර් වලට ස්පෙයාපට්ස් හදන ගාල්ලෙ අංකල් කෙනෙක් ඉන්නව නේ බං..

      Delete
    3. අංකල් කෙනෙක් නම් මන්දා, කොම්පැනියක් නම් තියනවා. ගරාජ් එකකුත් තියනවා මම හිතන්නේ. එකක නම ඩියුරබල්. අනික් එකත් එක්ක මම ඊමේල් ගනුදෙනුවක් කළා කාලෙකට උඩදී. ඒක පිටරට එක්කෙනක් කරන්නේ. ඩෙන්මාක් ද මන්දා. මට මතකයි සෙට් එකක් පොරව හම්බෙන්න ගිහින් ෆොටෝ දාලා තිබුණා ළඟඳී බුකියේ.

      Delete
    4. http://www.telegraph.co.uk/motoring/classiccars/10372863/Morris-Minor-still-big-in-Sri-Lanka.html

      Delete
    5. Thanks. Yes, this article has been circulating in social media for a long time. Don't think it paints the picture very accurately though.

      Delete
  4. ගෙදර කාර් දෙකක් තියාගන්නේ මොන මගුලටද කියලා දවසක් එකෙක් මගෙන් ඇහුවා. මම ඌට දුන්නේ මම හැමෝටම දෙන උත්තරේමයි.

    "ගොං ප්‍රශ්ණ අහන්නෙපා බං. කාර් දෙකක් තියෙනකොට ඉස්සෙල්ලම ස්ටාට් කරගන්න පුලුවන් වෙච්ච එකේ ගියෑකිනෙ. ඕක තේරෙන්නෙ නැද්ද උඹට?"

    ReplyDelete
    Replies
    1. තීරක සාධකේ ඒක නං හැමදාම යන්න වෙන්නේ මයිනරේ. මයිනරේ තමයි යතුර දකිනකොට එයාම නොබ් එක ඇදගෙන ස්ටාට් වෙන්නේ :D

      Delete
    2. එයාම නොබ් එක ඇදගෙන ස්ටාට් වෙන්නේ :D ඕක මොකක්ද බං තමන්වම ගස් බැඳගන්න මිනිස්සු, තමන්ටම ගහගන්න මිනිස්සුයි ඉන්න රටක? :D

      Delete
    3. හිහ් හී... ගස් බැඳගනිල්ල ජනශ්රුතියට එකතු වෙච්ච තරමක්...!

      Delete
    4. මං මේ නොදන්න කමට අහන්නෙ. අර ගාල්ලෙ තියෙනව නේද මොරිස් මයිනර් වලට පාට්ස් හදලා එංගලන්තෙටත් යවන කම්මලක්? ඒකෙන් පාට්ස් ගන්න බැරිද?

      Delete
    5. එතන කරන්නේ වැඩි හරියක් බොඩි පැනල්ස් හදන එක. මම කාලෙකට උඩදී එයාලත් එක්ක ඊමේල් සංවාදයක් දැම්මා. අයිතිකාරයා විදේශිකයෙක්. මම දන්නා තරමින් බොඩි පැනල්ස් මෙහෙ හදනවා, එන්ජින් පාට්ස් ඩෙන්මාක් වලද කොහෙද හදනවා, ඊට පස්සේ දෙකම රැජිනට යවනවා. එයා කිව්වා එයාට පිටරටින් අවශ්‍ය නම් පාට්ස් එවන්න පුළුවන්, හැබැයි කස්ටම් වැඩටික ඔයා බලාගන්න, ඔයාලගේ කස්ටම් එක මහා වාතයක් කියලා. මට පංචිකාවත්තේ යන්න මාසෙකට පාරක් වෙලාව හොයාගන්න පුළුවන් වුණාට ඔය වගේ වැඩවලට ඔට්ටු වෙන්න විවේකයක් නැහැ. ඒ නිසා මම ඒ ගනුදෙනුව අල්ලලා දැම්මා.

      Delete
  5. තියන එකටත් තාම ෆිනෑන්ස්ස් ගෙවනවා.. උඹ මෙතන &$#ක් කතා කරනවා :D

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නැහැ ඔයාට තියෙන්නේ මොකක්ද කියලා. මොක තිබ්බත් ඔයාට ඕක දීලා මේවයින් දෙකක් ගන්න පුළුවන්. බොරුද මං කියන්නේ? ;)

      Delete
    2. නැතුව නැතුව.. අපේ තාත්ත කිං ෆයිසාල් නෙවැ :D මං සුල්තාන් ..හැක්

      Delete
    3. යකෝ මං ක්ලැසික් අරං තියනවා දෙකක් එකහමාර වෙන්න. මේක එංගලන්තේ නෙමෙයි. තාම අඩු ගණන්වලට කාර් හම්බෙනවා. ඒකයි මේ තරම් බිස්නස් කරන එවුන් මේ හිච්චි රටේ ඉන්නේ... මොකද කියන්නේ? ගම්මුද මොරිස් එකක්?

      Delete
    4. හප්පට සිරි මගේ එකත් දීල එහෙනං දෙකක් ගත්තැකි. හැක්..

      Delete
    5. හැක්...:D මාත් කවදහරි ගන්නව විලිස් කොටයක්..

      Delete
    6. අප්පට සිරි, පත්තර මල්ලි කිව්වමයි මම මාස කීපයක් විලිස් පස්සේ ගියා කියලා මට මතක් වුණේ... තෑන්ක්යූ වේවා!

      Delete
    7. අන්න පුතා හදනවනං පහර !!

      Delete
    8. පාට්ස් ප්‍රශ්නේ තමා ඉතිං. ඕකට 4DR5 එබුවාම ඉතිං ඕක මිට්සුබිෂි මිසක් විලිස් නෙමෙයි නේ. ඔරිජිනල් එන්ජිමට බඩු එංගලන්තේ වත් හොයන්න අමාරුයි කියලා මයික් බ්රූවර් ගේ ප්‍රෝග්‍රෑම් එකක කිව්වා මතකයි. ඕක තමා මම අධෛර්යය වෙන්න ප්‍රධාන හේතුව.

      Delete
    9. උඹ දන්නව ඇති DS ගුණසේකර බස්..අර පිඹල යන්නෙ..ආං උගේ පුතා අපේ ob.ඌ ගාව තිබ්බා ෆුට්බෝඩ් එක වෙනුවට මෝටාර් කොපු දෙකක් පොලිෂ් කරලා ගහලා කැන්වස් එක ගලවලා රතු කොයිල් ස්ප්‍රීන් දාලා ෆොග් ලයිට් ගහලා හදපු පට්ට පාරක් !!! මොඩිෆයි කරන්නම ඩිසයින් කරපු මොඩ්ල් එකක්ද මන්දා බං.හිතේ හැටියට ඇන්දුවහැකි..

      Delete
    10. ඕවා දාන්න එපා දෙයියනේ අපේ එවුන්ගේ ඔළුවට. මෙහෙම අයිඩියා එකක් එනකල් කට්ටිය කෙළ පෙරාගෙන ඉන්නේ. අන්තිමට බොලෙරෝ එකක් අරන් ඕක කොරලා පොටෝ කෑලිත් දායි. ඔයාට එල්ලෙන්න තමා වෙන්නේ!

      Delete
    11. අඩේ බොලෙරෝ මූණ මට පේන්නෙම විලිස් මූණ වගේ.. :D

      Delete
    12. බඩුම තමා! එකෙක් හරි ඕක කළොත් ඒ පාපෙට කරගහන්න වෙන්නේ පත්තර මල්ලිට තමා! ඔන්න මේක බලන අනිත් හැමෝම සාක්කි. මෝටාර් බොලෙරෝ හොට් SUV. ©-පත්තර මල්ලි.

      Delete
    13. මෝටාර් කොපු දෙකක් හයි කරපු වෙලේ මෝටාර් දෙකක්ම හයිකලානං තමයි නියම ෆන් එක ගන්න පුලුවන්. :D

      Delete
    14. හරිනං බොනට් එක උඩට කාලතුවක්කුවකුත් එන්ඩෝනැ ..කාපු බීපු වෙලාවට වනල දාන්න :D

      Delete
    15. ශාලාවට ගියානම් හොයාගන්න පුලුවන් මෝටාර් කෑලි

      Delete
    16. හැක්.. නියම කතාව බොස් !!

      Delete
  6. Mama nam oya car hutapata gana echchara danne nathi unath lipiya harima asawen kiyewwa!Hari lassanata liyala thiyenawa!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහෝම ස්තුතියි!

      Delete
  7. සුපිරි බ්ලොග් එක මචන්. ඔයා මාව මගේ අතීතයට අරන් ගියා. මට තිබ්බේ වොල්ක්ස් වැගොන් පිස්සුවක්.
    "මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න වටින් පිටින් දන්නා කියන එවුන් හොම්බ දානකොට සිඟිති ආතල් එකක් හිතට නොනැග්ගාම නෙවෙයි. ඒත් පඩත්තර ආඩම්බරේ නිහතමානී හිනාවක හංගගෙන මම මගේ වෙන්ඩ ආතල් එක ටිකෙන් ටික වත්තට රිංගන හැටි නෙත් සිත් පුරා විඳගත්තා."
    මමත් මේ සිඟිති ආතල් එක ගත්ත.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි! ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි ඉන්දික...

      Delete
  8. //පොරගේ කට ඉමැජිනරි ලයිට් කණුවක හැපිලා නැවතුණා.// හැක්.. හැක්.. නියම උපහැරණෙ.
    මෙක කියෝගෙන එනකොට මටත් හිතුනෙ අර හෙන්රිට වගේ කලින් ස්ටාට් වෙච්ච එක අරන් යන කතාව තමයි.

    අපිටනං ඉතිං එකේ ආතල් තමයි.

    ReplyDelete
    Replies
    1. වෙලාව ආපු ගමන් එකේ ආතල් ඩබල් වෙනවා. ක්ලැසික් උණ හැදෙන්නේ කලින් කියලා නෙමෙයි. එසේ වේවා කියල ප්‍රාර්ථනා කරනවා! :D

      Delete
  9. ගෙදර දොරෙත් වැක්ස්වැගන් බැජ් එක තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු. රවුටර් කාරයා නාහෙන් අඬලා අඬලා ගහලා දුන්නා :D

      Delete
  10. Machan I'd still read your writings even if they were 500 pages long!

    ReplyDelete
    Replies
    1. Thank you so much Chathiranga. It is comments like yours that keep me going :)

      Delete
  11. මටත් දෙකේ ආතල් එකක් තියනව හැබැයි එකක් ටොයෝටා කොරේල්ලා ඒ ඊ 81 අනික ඔෂිස් වාහනේ ඇල්ටො 800 මමත් තොලකට මැදගෙන ඉන්නෙ විසිල් පාරක් ගහගෙන යන්න තාම සල්ලි ගහට පෝර දානව ගහ හොල්ලන්න පැලුවන් වෙච්ච ගමන්ම විසිල් එකක් ගේනව ගමටම විසිල් ගහන්න

    ReplyDelete
    Replies
    1. අපටත් ඇහෙන්නම විසිල් එක ගහන්න ලැබේව කියලා ප්‍රාර්ථනා කරනවා!

      Delete
  12. කාටවත් නොකියන මගෙත් දෙකේ ආසාවක් තියෙනවා ... එකක් Toyota Corolla KE20 ,අනික Mitsubishi jeep 4DR5...
    කවදාහරි අයියා වගේම කතාවක් මාත් කියනවා...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අපෙ කලින් ගෙදර පර්චස් 10යි.ඒකෙනුත් අම්ම මල් වවලා, බල්ලට කුඩු හදල රෙදි වැල් ගැට ගහන්නත් ඉඩ දුන්නට පස්සෙ තමා කාර් එකට ඉඩක් අම්ම දුන්නෙ..එ් නිසා දෙකේ ආතල් එකක් නම් තිබිල නැ..ඉඩ අඩු හින්දම dt125,sr125,cd50,vt 250 ඉන්දියන් ප්‍රිඩම් බයික් පහක් මිදුලෙ පාර්ක් කලා.ගමනක්යනකොට මොකේද යන්නෙ කියල හිතන්න ගොඩක් වෙලා හිතල අන්තිමට බස් එකේම යනව..

    ReplyDelete
    Replies
    1. දිගටම මෙහෙම යනකොට බලන්නකෝ, දෙකේ ආතල් දැනිලා තමයි නවතින්නේ :)

      Delete
  15. I'm also having deke athal with Toyota corona at150 full option automatic and et176 carina wagon AC ps

    ReplyDelete
    Replies
    1. Happy to hear that... And thank you so much for commenting...!

      Delete