Monday, April 6, 2020

අමීර්, මහීමා, ඓශ්වර්යා, හැරී, මේගන් හරහා එංගලන්තයේ සිට ජිනීවා බලා ලෑල්ලට පෑගීම

www.jaguar.gi

Jaguar E Type එකේ කතාව ගැන කල්පනා කරන හැම වෙලාවකම මට 1994 වගේ කාලේ ආපු පෙප්සි දැන්වීමක් මතක් වෙනවා. ඒකේ හිටියේ අමීර් ඛාන්, මහීමා චෞද්රි සමග ඓශ්වර්යා රායි. මහීමා ඇවිත් අමීර් ඛාන් ගෙන් පෙප්සි එකක් ඉල්ලනවා. බලනකොට පෙප්සි නෑ. ඒත් මේ ස්වර්ණමය අවස්ථාව කානුවට හලාගන්න ඕනේ නැති නිසා කොල්ලා ජනේලෙන් පැනලා, බොම්බයි ලූනු තරම් බරට වහින වැස්සක් අස්සේ, කාර් වල හැප්පි හැප්පි සහ කාර් උඩින් දුව දුවා ගිහින්, කඩයක් වහන්න හදනකොට රෝලර් ඩෝ එකක් යටිනුත් රිංගලා ගිහින්, කොරෝනා කාලේ කරන්න වැඩක් නැති නිසා තුන්වෙනි පාරටත් නාවපු බල්ලෙක් වගේ තෙමීගෙන ආපහු ඇවිත් මහීමා අතට පෙප්සි එක දෙනවා. එතකොටම තමයි ඓශ්වර්යා මතුවෙලා තව පෙප්සි එකක් ඉල්ලන්නේ. ඓශ්වර්යා ඒක ඉල්ලන හැටි දැක්කම අමීර් ඛාන්ට විතරක් නෙමෙයි, ලංකාවේ හිටපු අපිටත් හන්දියට දුවල ගිහින් සයිමාගේ කඩේ කඩලා හරි පෙප්සි ගේන්න හිතුණා.   


                                           
ඔන්න ඔය වගේ වැඩක් තමයි 1961 අවුරුද්දේ 
Jaguar E Type එක ලෝන්ච් කරද්දීත් වුණේ. Jaguar සමාගම මේ කාර් එක ඩිසයින් කරලා ලෝන්ච් කරන්න කිට්ටු වෙද්දී, පත්තර වල රථවාහන පැත්ත ගැන ලියන සෙට් එකට හොර රහසේම මේක දුන්නා, පැදලා බලලා ලියලා තියාගනිල්ලා කියලා. මෙහෙම එකක් මුන්ට දෙනවා කියන එක මාළු කිලෝ එකක් හෝදලා තියන්න කියල පූසා අතට දෙනවා වගේ වැඩක් නිසා, අන්තිමට Geneva වල ලෝන්ච් කරන දවසට කාර් එක ගෙනියන්න බැරි වෙන තත්ත්වයක් තමයි ආවේ. අන්තිමට Jaguar සමාගමේ විධායක නිලධාරියෙක් වුණු Bob Berry ට සිද්ධ වුණා කෙල්ලගේ අයියා පස්සෙන් එලෝනවා වගේ ලෑල්ලට පාගලා වාහනේ එංගලන්තේ Coventry වල ඉඳන් Geneva වල Parc des Eaux-Vives ගේන්න. යාන්තම් ඉවෙන්ට් එකට විනාඩි 20 ක් තියෙද්දී එතනට එන්න Bob Berry ට පුළුවන් වුණා. වාහනේ වෙලාවට එන එකක් නැහැ කියලා හිතලා ජිනීවා වල හිටපු Jaguar ටීම් එකේ කට්ටියගේ ඇඟේ ලේ ලෙමනේඩ් වෙලා තිබ්බේ. වාහනේ දැක්කම ආපහු ලෙමනේඩ් ලේ වුණා.

www.jaguar.gi


වාහනේ ලෝන්ච් කළා විතරයි මුළු කාර් ලෝකෙම මේකට පිස්සු වැටුණා. අද පවා කාර් ෂෝ වලදී 
E type එකක් දැක්කම අපි ඒක වටේට හිටි පිනුම් බඩ පිනුම් අර පිනුම් මේ පිනුම් විතරක් නෙමෙයි ගොඩ ඉඳන් දියබුං ගහන මට්ටමකට වැටෙනවා නං, ඕක ඉස්සරලාම දැක්ක දවසේ සමස්ත ලෝකයාට කොච්චර හර්දේ සෝකයා වෙන්න ඇතිද කියල අපට හිතාගන්න පුළුවන්.

කොහොමෙන් කොහොම හරි ලෝන්ච් එකට පස්සේ ලෝකේ වටෙන්ම ආපු ජනමාධ්‍යවේදියෝ ටික ඇඳිරිනීතිය අයින් කරන දවසට සතොස ඉස්සරහ පෝලිම හැදෙනවා වගේ කිලෝමීටර් ගාණක් දුරට පෝලිම හැදිලා බලාගෙන ඉන්නවලු මේක ටෙස්ට් කරන්න.  
Jaguar එකේ කට්ටියට තේරුණා එක කාර් එකෙන් මේ ඔක්කොම සන්තර්පණය කරනවා කියන එක වෙරළු ගෙඩිය හරි අටකට කපලා දෙගුරුන්ටත් කෑල්ලක් තියනවා වගේ සීන් එකක් කියලා. ඒ නිසා එයාලා එංගලන්තෙට පණිවිඩයක් යැව්වා, අනේ කොහොම හරි තව එකක් අරං වරෝ කියලා.

මේ කරුමෙට කරගහන්න වුණේ එංගලන්තේ 
Jaguar එකේ ටෙස්ට් ඩ්‍රයිවර් කෙනෙක් වුණු Norman Dewis ට. ඒ වෙනකොටත් ට්‍රැක් එකට වෙලා කාර් එක ටෙස්ට් කරමින් හිටපු මේ මනුස්සයා කිව්වා ‘අඩු ගානේ මට ටිකක් නිදාගෙන නැගිටලා යන්න දියව්’ කියලා. උත්තරේ වුණේ ‘පිස්සුද බං වගේ එකක්. ‘හෙනං මට ඇඳුම් බෑග් එකක් ගන්න දියව් කිව්වම ‘අපි ඒකත් ලැස්ති කරලා තියෙන්නේ බං වගේ උත්තරයක් ලැබුණා.

අන්තිමට එදා රෑ 7.45 ට ජිනීවා බලා පිටත් වෙන්න Norman Dewis සිද්ධ වුණා. බෝට්ටුව අල්ලගන්න Dover වලට කොච්චර වේගෙන් ගියත් ඒ වෙද්දී බෝට්ටුව පිටත් වෙලා ඉවරයි. ආයේ බෝට්ටු තියෙන්නේ හෙට උදේ. වාසනාවට එතන වැඩේ මෙහෙයවමින් හිටපු හාදයා කට්ට කරුවල කැපෙන්න වාහනේට ටෝච් එක ගහලා බැලුවා. කන්න හිතෙන කොළ පාටක් ටෝච් එළියට දිලිහෙද්දී මිනිහට තේරුණා මේ තියෙන්නේ එසේ මෙසේ වන්ඩියක් නොවන බව.

“බෝට්ටුව හරවාගෙන වරෙව්. මෙතන ජැග් එකක් තියනෝ.” මිනිහා වෝකිටෝකි එක අරගෙන කිව්වා. 
Norman Dewis යාන්තම් හුස්මක් අරං සැන්ඩ්විච් දෙපෙත්තකට දත ගැහුවා විතරයි බෝට්ටුව ආපහු ආවා.

අන්තිමට පහුවදා, සැතපුම් 600 ක ගමනක් පැය 11 කින් නිමා කරමින්, Norman Dewis සහ අලුත් Jag එක ජිනීවා වලට ආවා. ධාවන කාලය අනුව බැලුවම කාර් එකේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 68 ක්! කිලෝමීටර් නෙවෙයි ඈ. සැතපුම්! 1961 දී, තාම මාකට් එකට වත් නොආපු කිරි ටොයියා කාර් එකක්, එක දිගට හැතැම්ම 600 ක් පැයට කිලෝමීටර් 100 කට වැඩි වේගයකින් දුවනවා කියන්නේ, හිතාගන්න පුළුවන් නේද කාර් එකට තියලා තිබ්බ 3.8 එන්ජිමේ බල පරාක්‍රමය? ඒ වගේම ඒ කාලේ බ්‍රිතාන්‍යයේ වාහන තාක්ෂණයේ විශිෂ්ටත්වය?

www.jaguar.gi


Jaguar E Type
 එක කියන්නේ ලෝකේ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු අලංකාරම සහ විශිෂ්ටම කාර් එකක්. වෙන එකක් තියා, Ferrari සමාගමේ නිර්මාතෘ Enzo Ferrari පවා වතාවක් කිව්වා, මේක ලෝකේ තියන ලස්සනම කාර් එක කියලා. 250 Testa Rossa Spider වගේ කාර් එකක් හදපු සමාගමක නිර්මාතෘ කෙනෙක් මෙහෙම කතාවක් කිව්වා නං, ආයේ තව ඔප්පු කිරිලි මොකටද!

Jaguar E Type එක අදටත් බ්‍රිතාන්‍යයට කොච්චර වැදගත්ද කියනවා නම්, Harry සහ Meghan ඩබල පවා මගුල් දා ඩ්‍රයිව් කළේ Jaguar E Type Concept Zero එකක්. මේක Jaguar සමාගමෙන්ම නිර්මාණය කරපු ඉලෙක්ට්‍රික් කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ ක්ලැසික් E type කාර් විදුලියෙන් ධාවනය කරන්න පරිවර්තනය කිරීමක්. මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ 1968 Series 1.5 Jaguar E-type මාදිලියට. මේ වනවිට අලුත්වැඩියා කරන්න බැරි මට්ටමේ තියන කාර් වලට මේකෙන් අලුත් ජීවිතයක් ලැබෙන්න ඉඩ තියන බවයි Jaguar සමාගම මේක හඳුන්වලා දෙන ගමන් කිව්වේ.


media.jlrms.com


මේ පහළ ෆොටෝ එකේ තියන පොත ලැබුණේ ගියපාර 
BLICH පොත් ප්‍රදර්ශනයේදී පැරණි පොත් අලෙවි කරන තැනක තිබිලා. අවසන් දවසේ වැහි පොදක් අස්සේ මේක දැක්කම, ටෙනිස් බෝලයක් අහුවෙච්චි බලු කුක්කෙක් වගේ මම මේක බදාගත්තා. Jaguar E Type එක මගෙත් හීනයක්. නමුත් ඒක කවදාවත් ලංකාවේදී හැබෑ කරගන්න වෙන්නේ නැහැ. ලංකාවේ මේවා තියෙන්නේ එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන්. ඉතිං අත්‍යවශ්‍ය භාණ්ඩ ලොරිය එනකල් හීන දකිනවා වගේ ඕකට හීන දැකලා වැඩක් නැහැ. ඒ නිසා විදේශ රටකදී හෝ එකක් එළවලා බලන්න තමයි ආසාවෙන් ඉන්නේ.



මේ වෙනකොට නවසීලන්තයේ ජීවත් වෙන, මගේ කාර් පිස්සු මිත්‍ර ඉසුරු පතිරගේ 
E Type එකක් මිලදී අරගෙන තියනවා. එයා ඒක restore කරමිනුයි යන්නේ. 2019 මාර්තු 11 වෙනිදා ඉසුරුගේ කතාව ඉසුරුගේම වචන වලින් කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එකේ පළවුණා. මේ ඒකෙන් උපුටාගත්තු කොටසක්:

Jaguar E Type යනු පරණ වාහන වලට තදින් ම ආදරය කරන මම එකල සිට ඉතාමත් ආදරය කරපු වාහනයකි. මහා බ්‍රිතාන්‍යයේ ජගුවර් සමගම විසින් 1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කරපු මෙම රථය 1975 වන තෙක් මාදිලි තුනකින් (Series 1, Series 2 & Series 3) නිෂ්පාදනය වුණා.

එහි අලංකාරය, high performance සහ තරඟකාරි මිල කරණය නිසා එකල මෝටර වාහන ලෝකයේ සුපිරි රියක් බවට පත්වුණා. 3800CC එන්ජිම E-Type රථය තත්පර 7කට අඩු කාලයකදී පැයට සැතපුම් 0-60 දක්වා වේගයක් අත්කර ගන්න පුළුවන් වුනා වගේම උපරිම වේගය ලෙස පැයට සැතපුම් 150 ක් වුණා. මෙම නිසා මෙය හැටේ දශකයේ තිබුණ වාහන වලින් high performance වාහනයක් ලෙස සැලකෙනවා. එකල සිටි වාහන නිෂ්පාදන ලෝකයේ දැවැන්තයෙක් වන එන්සෝ ෆෙරාරි එය හැඳින්වූවේ "වඩාත් ම ලස්සන මෝටර රථය" විදිහටයි.

මේ වර්ගයේ රථයක් ගැනීමට මම වසර ගණනාවක් බලා සිටි අතර හදිසියේ අඩු මිලට නමුත් වැඩ ගොඩක් කිරීමට අවශ්‍ය රථයක් ඕක්ලන්ඩ් නගරයෙන් හමුවුණා. මම මිලදී ගත් රථය 1969 වර්ෂයේ නිපදවූ 
Series 2 (2+2) මාදිලියේ රථයක්. වසර 50 ක් වයස මෙම රථය 4200cc එන්ජිමක් සහ ගියර් 3 automatic රථයක් වන මෙය මම ගන්නා විට ඇතුළ මුළුමනින් වාගේ දිරා ගොස් තිබුණ. එන්ජිමවිද්‍යුත් පද්ධතිය (electrical system) සහ පිට යකඩ ටිකක් හොද තත්වයෙන් පැවතුණ අතර ටිකක් මහන්සි වුනොත් හොදට හදා ගැනිමට හැකියාවක් ඇති නිසා මම එය මිල දී ගත්තා.

වාහනයේ විස්තර:
Make and Model Jaguar E-Type Series 
2 (2+2)
Manufacturer Jaguar Cars Limited, Coventry, United Kingdom
Body Type Fastback Coupé
Production 
5326 units (2+2 Fastback Coupé)
Engine & Transmission 
4235cc six Cylinder coupled with 3 speed Automatic transmission
Double overhead camshaft (DOHC) 
2 valves per cylinder
12 valves in total
3 SU carbs
Engine Power 
265 Brake Horse Power (198 Kw) @ 5400 rpm
Top Speed 
150 mph (241km/h) Acceleration 0 – 60 mph (7.0 Seconds)
Fuel System 
95 Octane Petrol
Fuel Consumption 
17.0 Miles per Imperial Galloon (6.01 km/l)
Year of Production / Year of First Registration in New Zealand 
1969/1970
Production Years 
1968-1971 Length 184.0 inches (4673.6 mm) Wheelbase 105.0 inches (2667mm)"






ඉසුරුගේ ජැග් එකේ ෆොටෝ දැකපු වෙලාවේ තරම්, ශ්‍රී ලාංකිකයෙක් ගැන ආඩම්බරයක් හිතුණු වෙන වෙලාවක් නැද්ද කොහෙද. නවසීලන්තයේ ලස්සන පාරවල් හරහා එයාලා යනවා දැක්කම හරියට නුවර එළියේ ස්ට්‍රෝබෙරි යායක් දැක්කා වගේ මොකක්දෝ ප්‍රසන්න හැඟීමක් එනවා. ඉසුරු මේක restore කරද්දී සෑහෙන කට්ටක් කාපු බව ඇත්ත. මේ වසංගත භීතිය ඉක්මනට ඉවර වෙලා, ජැග් එකක් වෙනුවෙන් කන කට්ට අනික් හැම කට්ටටම වඩා රහ බව ඉසුරුට දැනේවා.   

කවදාහරි මේ ඔරෝනා කොරෝනා ඉවර වුණු දවසක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් අහවල් අංකය දරන යානයකින් පියාඹලා ගිහින්, කාර් එක පොඩ්ඩක් ඉල්ලලා ඉසුරුට වාතයක් වෙන්න ඕනා.

මේ වගේ බලාපොරොත්තු තමයි මේ දවස් වල අපිව ජීවත් කරවන්නේ.

 
තරිඳු ශ්‍රී ලොකුගමගේ

06.04.2020 
 

 


25 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි මල්ලි!

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි මිතිල!

      Delete
  3. හරිම රසවත් සටහනක්...සැමදා මෙන්ම.

    ReplyDelete
  4. කාර් වලට ඉඩ කඩක් නැති මගේ හිත තුල පුංචි ඉඩක් වෙන්කරගත් රථයක්! රසාලිප්ත ලිවීමක් හැමදාවගේම!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැමදාමත් ප්‍රතිචාර දෙමින් දිරිගන්වනවට!

      Delete
  5. සැතපුම් 600ක් පැය 11 න්. ඒකේන්නම හිතාගන්න පුලුවන් වාහනේ. හැටී. මොකද ඒ කාලේ පාරවල් උනත් දැන් වගේ තියෙන්න නැතුව ඇතිනේ. හැමදාමත් වගේ රහට ලියලා තියෙනවා. ක්ලැසික් කාර් එකකට මමත් පිස්සු වැටෙන ලයින් එකක් දැන් නම් තියෙන්නෙ. බලමුකො දනපාල කොහොමද හැසිරෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. ක්ලැසික් කාර් ගැන උනන්දුවක් ඇතිකරවන්න ලැබීම ලොකු සතුටක්.

      Delete
  6. එක නමි නියමෙිට ඇති..කාර් පිස්සා සිරි ලන්කන් මෙිවා එකෙන් ඒ රට ගොස් සතුටට තවත් ලියනකම් ම අපි බලා සිට්මු...

    ReplyDelete
    Replies
    1. මේ කරදර ලටපට ඉවර වූ ගමන් ඉක්මනින් යමි :)

      Delete
  7. හරිම අපූරුයි
    වෙනදා වගේම රහයි

    ReplyDelete
  8. උබට කාර් පිස්සුව වගේ තමයි අපිට උබ ලියන ඒවා කියවන එක..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩෝ!

      Delete
  9. අයියේ මං ඔයාගෙ කාර්පිස්සුව බ්ලොග් එක කියව්වා..අම්මෝ ඔයා නම් මරු...අයියේ..මට මිනි කුපර් එකක් හම්බුනා..තාත්‍තාගෙ එක..එක ගොඩාක් කාලෙකින් පාවිච්චි කරලත් නෑ..එක ඔටො ගියර්ලු..අනික එකෙ හදන්න ගොඩක් තියනවා..මට එක ගොඩාක් වටිනවා..මට ඕන එක සුපිරියටම හදාගන්න...මං ආස එත් බීටල් එකකට..මං මිනි කුපර් ගැන උනන්දු උනෙ නෑ...දැන් එත් තාත්තා පාවිච්චි කරපු එක මට දුන්නාම ආස හිතුනා...මට ගොඩාක් දෙවල් ගැන දැනගන්න තියනවා..මේ ප්‍රශ්න ටිකට මට කියනවද...ප්ලීස්...

    1).1998/99 කාලේ ආව ඔටො ගියර් එකයි දැන් තියන ඔටො ගියර් එකයි එක වගෙද..බ්‍රේක් ඩවුන් එකක් උනාම තල්ලු කරන්නවත් බැරිද...මට ඒ පරන මිනි කුපර් ඔටො ගියර් එකෙ ක්‍රියාකාරිත්වය කියනවද....?

    2).දිරුම් එන්නෙ නැති බොඩි කිට් එකක් හදාගන්න බැරිද...ඇලුමිනියම් වලින් වගෙ...

    3).කාබන් ෆයිබර් වලට මිටියකින් හයියෙන් ගැහුවොත් කැඩෙනවා කියන්නෙ ඇත්තද..?..

    4).කාබන් ෆයිබර් නැතුව දිරුම් නැති බොඩි කිට් එකක් හදාගන්න තැන් තියනවාද..මොනවායින්ද එහෙම බොඩි කිට් එකක් හදාගන්න පුලුවන්..කියක් යයිද...?

    5).මිනි එකෙ තෙල් කෙරුවාව කොහොමද...ඇතුලෙ කෑලි වල වෙනසක් කරලා එක තවත් වැඩි කරගන්න බැරිද...?

    අයියේ මේ ප්‍රශ්න ටිකට මට කියනවද...මේල් එකක් හරි දාලා...
    ලොකු උදව්වක්..
    thilinanjana@gmail.com

    ReplyDelete
  10. මේ වැඩෙ දිගටම කරගෙන යන්න අයියෙ..එලම ඔයා නම්....මං පරන වාහන වලින් බීටල් එකට විතරයි ආස උනෙ..එත් මේකට ඇවිත් බැලුවාම හැම පරන කාර් එකක්ම මරු...අයියේ ලංකාවෙ මසල්ස් කාර් ගන්න තියනවද...අපිට බැරිද නොර්මල් කාර් එකක් අරන් මසල්ස් එකක් කරන්න..

    අයියේ..ඔනම වාහනෙකට ඔනම එන්ජින් එකක් හයි කරලා එකෙ සිලින්ඩර් කැපැසිටි එක වැඩි කරගන්න පුලුවන්ද

    තව මැනුවල් ගියර් බොක්ස් අයින් කරලා ඔටො ගියර් බොක්ස් දාන්න පුලුවන්ද..


    mewa genath post ekak dannako aiye

    ReplyDelete
  11. ඒ කාලෙත් ඔටෝ ජියර් තිබුන ද

    ReplyDelete
  12. ඒ කාලෙත් ඔටෝ ජියර් තිබුන ද

    ReplyDelete