මම දැන් රේඩියෝ අහන්නෙම නැහැ. ඉස්සර උදේ හවා කොළඹ ආපු ගිය කාලේ නම් උදේට බස් එකේ රේඩියෝ එක ඇහුණා. හවසට මම හෑන්ඩ්ස්-ෆ්‍රී සෙට් එක කනේ ගහගෙන එනවා.
දවසක දවාලක කොළඹ යන්න සෙට් වෙච්චි වෙලාවක බස් එකේ මොකක් හරි එෆ්. එම්. චැනල් එකක් දාලා තිබ්බා. සුපුරුදු විදිහට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොන් පාට් දදා කෝල් කර එවුන්ගෙන් අරවා මේවා අහනවා.
එක මනුස්සයෙක් කතා කරපු වෙලාවක මුන් දෙන්නා ඇහුවා රස්සාව මොකක්ද කියලා. අර මනුස්සයා ඩ්‍රයිවර් කෙනෙක් ලු. කෙල්ල එක පාරටම ඇහුවා වැඩිය එළවන්න කැමති කාර්ද වෑන්ද කියලා. අර මනුස්සයා ගත් කටටම වෑන් කියලා කිවුවා.
ඔය සංවාදේ මට හොඳට මතක හිටියා. මොකද කාර් එළවනවට වඩා මිනිස්සු වෑන් එළවන්න කැමති ඇයි කියන එක මට කවදාවත් තේරුණේ නැහැ. මේක වෑන් එළවන අයට හරි, වෑන් වලට කැමති අයට හරි කරන අපහාසයක් නෙමෙයි. සමහර විට මට මෙහෙම හිතෙන්නේ මම කවදාවත් වෑන් පාවිච්චි කරලා නැති නිසා වෙන්න ඇති.
හැබැයි ටිකක් තාර්කිකව බැලුවොත් කාර් වලින් ගන්න පුළුවන් තෘප්තිය වෑන් වලින් ගන්න බැහැ කියන එක තමයි මගේ අදහස. වෑන් වල වේගෙන් යන එක භයානකයි. ලෝඩ් එකක් දාගෙන වේගෙන් යන එක තව ගොඩක් අයගේ ජීවිත අනතුරේ දැමීමක්. වෑන් වල වංගු ගන්න එක කාර් වල වගේ කරන්න බැහැ. වෑන් වල crumple zone මට සත පහකට ෂුවර් නැහැ. මම දන්න තරමින් 90 ගණන් වගේ කාලයක් එනකල් ආපු වෑන් සේෆ්ටි එක පැත්තෙත් හිතුවොත් බිංදුවයි.
මම අවදානම් ගන්න කැමති නැති ඩ්‍රයිවර් කෙනෙක්. තමන්ගෙයි අනුන්ගෙයි ආරක්ෂාව තහවුරු වෙන සීමාව ඇතුළේ කාර් වලින් ෆන් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි මම හිතන විදිහට කාර් වල ෆන් එකේ සීමාව අපට ටිකක් දුරට ඇදගෙන යන්න පුළුවන්. වෑන් එහෙම බැහැ. අනික අපි වෑන් එකක් අරගෙන තනියම එළියට බහින්නේත් ගොඩක් කලාතුරකින්. මිනිස්සු කීපදෙනෙක්ගෙම ඉරණම තමන්ගේ අතේ තියෙනවා කියලා දැනගෙනත් මිනිස්සු ඉරි කපාගෙන ඉස්සර කරන්නේ කොහොමද කියන එක මට තේරුම් ගන්න බැහැ.
මම ආයෙත් කියනවා. මම මේ උත්සාහ කරන්නේ වෑන් නරකයි කියන්න නෙමෙයි. මම මේ ට්‍රයි එක දෙන්නේ වෑන් වලින් මෙච්චර driving pleasure එකක් විඳින්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න.
මගේ උද්දච්ච කම කොච්චරද කියනවා නම් මම ෆොක්ස්වැගන් එකේ T2 එකටවත් එච්චර ආසා නැහැ (ස්ප්ලිට් එකක් ලැබෙනවා නම් ගෙදර මිනිස්සුයි පූසෝ දෙන්නයි ඇර අනික් සේරම විකුණන්න ඉඩ තියන එක වෙනම කතාවක්). ෆොක්ස්වැගන් කොම්පැනිය Type 2 එක හැදුවේ බඩු ගෙනියන්න හොඳ ක්‍රමයක් හදන්න ඕනේ නිසයි.
මේක නම් එවුවේ රුචිර අරවින්ද වෙන්න ඕනේ. මේ මාලදිවයිනේ. |
ඔය අදහස ඉස්සරලාම පහළ වුණා කියන්නේ නෙදර්ලන්තයට ෆොක්ස්වැගන් ආනයනය කරපු බෙන් පොන් (Ben Pon) කියන මනුස්සයට. එයා 1946 දී ෆොක්ස්වැගන් ෆැක්ටරියට ආපු වෙලාවේ ඒක ඇතුළේ බඩු එහාමෙහා ගෙනියන්න හදපු වාහන දැකලා, මේ වගේ එකක් හදලා විකුණන්න පුළුවන් නම් ඒක මිනිස්සු අතර ජනප්‍රිය වෙයි කියලා හිතුවාලු. මනුස්සයා 1947 අප්‍රේල් 23 වෙනිදා ඒ අදහස කටු සටහනක් බවට හැරෙව්වා කියලා කියනවා.
බෙන් පොන් ඇඳපු කටු සටහන |
ෆොක්ස්වැගන් පිස්සුව ගහපු අලුත මම ෆොක්ස්වැගන් වෑන් එකක් බලන්න ගියා. ලංකාදීපේ දාලා තිබුණා 'දිරුම් ස්වල්පයක් ඇත' කියලා. වැඩි දුරක නොවුණු නිසා මමයි කෞශියි තාත්තයි තුන් දෙනාම ඒක බලන්න ගියා.
එදා තමයි මම දැනගත්තේ ස්වල්පය කියන්නේ අම්බානක/නැති නන්නත්තාර වෙන්න/ සොරි වෙන්න/ කෑලි හැලෙන්න වගේ යෙදුම් වලට සමාන පදයක් කියලා.
වාහනේ නැචුරල් සන්රූෆ්. ඒ කියන්නේ දිරුම් අස්සෙන් අහස බලාගෙන කවි ලියන්නත් පුළුවන්. පෙට්‍රල් ටැංකිය තිබ්බේ නැහැ. බෝතලෙකින් පෙට්‍රල් එන්න සෙට් කරලා තිබ්බේ. වැඩි පරිස්සමට පෙට්‍රල් ටැංකිය ගලවලා තිබ්බා කියලා ඩීලර් කිව්වා. ඒක කෝ කියලා ඇහුවම වෙන ගෙදරක කිව්වා. ස්ටාට් කරන්න පුළුවන්ද ඇහුවම පුළුවන් කිව්වා. එහෙනම් ස්ටාට් කරමු කිව්වම මස්සිනා ස්ටාටර් මොටරේ ගලවන් ගියා කිව්වා. ඒ ඇයි කියලා ඇහුවම 'පොඩ්ඩක් ටියුන් කරන්න' කිවුවා. පොත්පත් නිරවුල් කිව්වා. බලන්න පුළුවන්ද ඇහුවම පොත්පත් ටික වෙන ගෙදරක කිව්වා.
ඔය විදිහට වටිනා දේවල් ගොඩාක් අපි තුන්දෙනා එදා ඉගෙනගත්තා.
මේ ඒ වෑන් එක නෙමෙයි |
හැබැයි මොනවා වුණත් මම ඉස්සරලාම ඩ්‍රයිවින් පුරුදු වුණේ හයිඒස් වෑන් එකකින්. වර්ගේ, අවුරුද්ද මේ කිසිදෙයක් මට මතක නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඩ්‍රයිවින් සීට් එකට නැග්ග පළවෙනි වතාවෙම මට හිතුණා මේක හරියන කෙළියක් නෙමෙයි කියලා. අපේ අයියලා දෙන්නෙක් 'මල්ලි පාරට ගන්ඩෝ' කියා කියා මට ඩ්‍රයිවින් පුරුදු කරපු හැටි මම හැදිච්ච බීට්ල් එකක් නැහැදිච්ච ගෙදරක් ළඟ පාක් කළෙමි! කියන ලිපියේ කතා කරලා තියනවා. ඒ නිසා මම ඒක මෙතන ලියන්නේ නැහැ.
දෙවෙනි පාර මම වෑන් එකක් එලෙව්වේ මගේ පළවෙනි බීට්ල් එක ගන්න ගිය දවසේ. එදා මම පෙරුම් පුරාගෙන අපේ ටින්කරින් බුවාවයි ගෙදර අයවයි ඇදගෙන කාර් එක ගන්න ගියා. ටින්කරින් බුවාට වෑන් එකක් තියන නිසා කට්ටියව එක්ක යන්න තමයි මිනිහාව ඇදගෙන ගියේ. අනික මිනිහා එක්ක ගිහින් තමයි මම ඉස්සරලාම වාහනේ බලලා ආවේ. ලියකියවිලි කටයුතු ටික ඉවර වෙනකල් මට ඉවසිල්ලක් නැහැ කාර් එක පදින්න. ඔක්කොම ඉවර වෙලා වාහනේ එළියට ගත්තට පස්සේ ටින්කරින් බුවා හෙන සීරියස් මූණක් දාගෙන මට මෙහෙම කිව්වා.
"මල්ලි, ඔයාට මේක එළවන්න බැහැ. අඩු ගානේ සයිඩ් කන්නාඩි දෙක වත් නැහැ නේ. මම මේක අරගෙන එන්නම්. ඔයා වෑන් එක අරගෙන කට්ටියත් එක්ක යන්න."
මට දැන් ඌරු ජුවල්. අහන්න එක එක දේවල් කටට එනවා. එහෙන් වෑන් එකක් එළවන්නේ කොහොමද කියන එකත් මගේ ඔළුවට ආවා. 'තෝම නේද මේ කාර් එක හොඳයි, ගන්න' කියල මට කිව්වේ කියලත් අහන්න හිතුණා. ඒ වුණාට ඒ අවස්ථාව කොච්චර සංකීර්ණද කියනවා නම් මට ඒ කිසි දෙයක් අහන්න ගටක් ආවේ නැහැ. ඒ වෙනුවට මම බොහොම අහිංසක විදිහට මෙහෙම ඇහුවා.
"මට කොහොමටවත්ම බැරි වෙයිද?"
ටින්කරින් අයියා හිනාවෙලා පොරගේ වෑන් එකේ යතුර මගේ අතට දීලා බීට්ල් එක පැත්තට ගියා. මම මූණත් එල්ලගෙන, ගෙදර කට්ටියවත් ඇදගෙන වෑන් එකට ගියා.
මගේ පරණ බීට්ල් එක ගන්නකොට තිබුණු විදිහ. මේ ෆොටෝ එක මහේෂ් වීරසිංහ ගත්තු එකක්. |
ඒ කාලේ පොරට තිබ්බේ මැස්ඩා බොන්ගෝ එකක්. පොර ඕක අරන් අමු කට්ටක් කෑවා මට මතකයි. ඉස්සරලාම මොකද්දෝ මගුලක් කරන්න යද්දී එන්ජින් නොම්මරේ පොතට වඩා වෙනස් කියලා මාට්ටු වුණා. ඊට පස්සේ බොඩියේ දිරුම් මතුවුණා. දෙතුන් පාරක් එහෙ මෙහෙ ගෑවුණා. ඊට පස්සේ එන්ජිමට කෙළවුණා. අන්තිමට කෙළියා තාප්පෙට කියලා මිනිහා දුර හයර් එකක් යද්දී නින්ද ගිහින් වාහනේ ගහක වැදුණා. පොර මාස තුන හතරක් බේත් ගත්තා. වාහනේට මූණක් තියන්න වුණා. ඊටත් පස්සේ පොර ස්කූල් සර්විස් එකක් පටන් අරන් නන්නත්තාර වුණා. අන්තිමට ළමයි ටික පිටින්ම වාහනේ විකුණලයි නැවතුණේ.
ආපහු අර බීට්ල් එක ගත්තු දවස ගැන කතාකරමු. වෑන් එකට නැග්ග වෙලාවෙම මට දැනුණේ අර ඉස්සරලාම ඩ්‍රයිවින් පුරුදු වෙන්න වෑන් එකකට නැග්ග වෙලේ දැනුණු හැඟීමමයි. එදා නම් අයියලා දෙන්නා වත් ළඟින් හිටියා. මෙදා පාර හිටියේ කෞශියි තාත්තායි. ඒ කියන්නේ වාහනේ එළවන්න ඉන්නේ මම විතරයි. ගැළවෙන්න පොටක් නැහැ. මම හෙමින් හෙමින් වාහනේ පාරට අරගත්තා.
අවුරුදු ගාණක් ලාන්සර් බොක්ස් එකක් එලවලා පුරුද්ද තිබුණු මට දැනුනේ නිකං බැරල් එකක් උඩ ඉඳගෙන ඉන්නකොට මොකෙක් හරි බැරල් එක වීල්බැරෝ එකක තියලා තල්ලු කරගෙන යනවා වගේ හැඟීමක්.
සිග්නල් ආම් එකක් තිබ්බේ නැහැ. ස්විච් එක හොයාගන්න බැරිවුණා. අන්තිමට වමට සිග්නල් දාගෙන ගෙදරට එනකල්ම ආවේ. ගියර් පැටලෙනවා. පැඩ්ල් පොසිෂන් එක අපහසුයි. මූණ හේත්තු කරන්න පුළුවන් කියලා අමතක වෙන නිසා ඉස්සරහ වාහනෙයි වෑන් එකයි අතර හැම තිස්සෙම හෙන ගැප් එකක් හිටිනවා. ස්ටියරින් එක ලාන්සර් එකේ වගේ responsive නැහැ. හරියට පොඩි එකෙක් නෙට් එකක රෝදයක් උකුලේ තියාගෙන බ්රූම් බ්රූම් ගගා කරකවනවා වගේ මට හිතුණේ. වංගු ගන්නකොට කාර් එකේදී දැනෙන ජොලිය වෙනුවට මට දැනුණේ පාන් ගෙඩියක් පෝරණුවක් ඇතුළට විසික් කරනවා වගේ ෆීලින් එකක්. ඩීසල් එන්ජිමේ සද්දේ හරියට උගුර බැරැන්ඩි වෙච්චි ඕපදූප කාරයෙක්ගේ වගේ...
ජීවිතේට අහලා නොතිබ්බ පරුෂ වචන මගේ හිතට නැගුණා...
එළවන්න පුරුදු කෙනාට වෑන් එක එහෙම දැනෙන්නේ නැතුව ඇති. මගේ බීට්ල් එක මම වෙන කාටහරි එළවන්න දුන්නොත් (වරෙල්ලකෝ බලන්න ඉල්ලගෙන!) ඒ එළවන කෙනාත් මේ වගේ දේවල් කියාවි. ඒ නිසා වෑන් එක එක්ක මට ගැටලුවක් නැහැ.
ඒත් වෑන් නම් එපාමයි කියලා හිතුණා.
ටින්කරයාගේ ගෙදර ගාවට ගෙනත් වාහනේ අයීනටම කරලා පාක් කරලා මම වාහනෙන් බැස්සා. බීට්ල් එක එළවගෙන අර මනුස්සයා එනකල් ආයේ වෑන් එක දිහා බැලුවේවත් නැහැ.
ඉස්සරලාම බීට්ල් එක අතට ගත්තු වෙලාවේ මට හිතුණා අර මනුස්සයා කියපු දේ ඇත්ත තමයි කියලා. ඒක 1959 අන්තිම හදපු බීට්ල් එකක්. හොඳට දිරලා තිබ්බේ. 1980 ලාන්සර් බොක්ස් එකක් එළවලා ඊට පස්සේ 1959 restore නොකරපු බීට්ල් එකක් අතට ගන්නවා කියන්නේ පෞද්ගලික ආයතනයක ඉඳලා රජයේ ආයතනයකට ගියා වගේ වැඩක්. අපිට ඕන විදිහට නටන්න තියා හැරෙන්න වත් බැහැ. කාර් එක අපිව තඹේකට මායිම් කරන්නේ නැහැ. අඩු ගානේ පුරුදු වෙනකල් කාර් එකට ඕන විදිහට ඕනේ අපි නටන්න.
හැබැයි එහෙම වෙලත් මට හිතුණේ නැහැ මීට හොඳයි වෑන් එකක් එලෙව්වා නම් කියලා. වාහනේ පේන්ට් එක කරලා ඉලෙක්ට්‍රිකල් ටික චෙක් කරගන්න කියලා ඉස්සරලාම පාරට ගත්තු පළවෙනි දවසෙත් මට හිතුණා වෑන් එකක් නොගත්තු එක කොච්චර හොඳද කියලා.
ඊට පස්සේ දවසක් ඔය ටින්කරයා අසනීප වෙලා මම මිනිහගේ වෑන් එක එලෝගෙන මිනිහව දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගියා. එතකොට තිබුණේ අර වෑන් එක නෙමෙයි, මට මතක විදිහට නිසාන් එකක්. ඒකෙත් නම, වර්ගේ, පැටිකිරිය මොකුත් මට මතක නැහැ. වෑන් එක වෙනස් නිසා මේක වෙනස් අත්දැකීමක් වේවි කියල මට වාහනේට නගිනකොට හිතුණා.
Nope...!
එදා මම හිතාගත්තා ජීවිතේ කවදාවත් කිසිම හේතුවක් උඩ වෑන් එකක් ගන්නේ නැහැ කියලා. තාත්තා අසනීප වෙලා හිටපු දවස් වල නම් මට එයාව ඉස්පිරිතාලේ එක්ක යන්න වෑන් එකක් ගන්න හිතිලා තිබ්බා. නමුත් ඒක හරියන වැඩක් නෙමෙයි කියලා පස්සේ තේරුණා.
ඒ නිසා කවදාවත් මම වෑන් එකක් ගන්න එකක් නැහැ. ඒ වෑන් එක්ක තියන තරහකට නම් නෙමෙයි. දැන් වෑන් හරි දියුණුයි කියලා මම දන්නවා. ඉඳලා හිටලා තායිලන්තේ බැංකොක්වල ඇවිදින්න යනකොට මම දකිනවා ඒ මිනිස්සු වෑන් ලස්සනට මොඩිෆයි කරලා තියන හැටි. ෆයිබර් පොල්කටු බොඩිකිට් නෙමෙයි, ගානට මිම්මට කරපු මොඩිෆිකේෂන්. එතකොට මම ඒ වෑන් දිහා හැරිලා බලන අවස්ථාවලුත් තියනවා. ඒත් ඕවා අර ඇසිල්ලකින් නැගී අතුරුදන් වී යන චූන් තමයි.
ජපානේ වෑන් අයිතිකරයෙකුට පිස්සු තදවුණු අවස්ථාවක් |
මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ වෑන්. මට බ්ලොග් ලෝකෙට පාර පෙන්නපු අමිල ලියනාරච්චි පදින්නේ වෑන් එකක්. මගේ හොඳ යාලුවෙක් වෙන රුචිර අරවින්ද ලංකාවේ ඉන්නකොට ගමන් බිමන් යන්නේ වෑන් එකක. මම හිතන්නේ සජිත් සමරවීරත් වෑන් එකක් ගන්න හිතන් ඉන්නවා. කාර් පිස්සුවට නිතර සපෝට් එක දෙන අපේ පොඩි මල්ලියා කලිඳු ඩිලංක නිදාගන්නෙත් වෑන් එක තුරුල් කරගෙන. මිනිහා හැම තිස්සෙම මගේ වෑන් විරෝධයට නක්කලේ දාන නිසා තමයි මම මේ ලිපිය ලියන්න හිතුවේ...
මම වෑන් වලට ආසා නැහැ. නමුත් වෑන් කියන්නේ හරි අපූරු නිර්මාණයක්. වෑන් වලින් ලැබෙන ප්‍රයෝජන වලින් සීයෙන් පංගුවක් කාර් වලින් ලැබෙන්නේ නැහැ කියලා මම පිළිගන්නවා.
හැබැයි වාහන පිස්සුව කියන්නේ වාහන වලින් ප්‍රයෝජන ගන්න එකට නෙමෙයි....
www.facebook.com/CarPissuwa
පසු සටහන:
1. ලිපියේ කීප තැනකදීම කිව්වා වගේ මේක වෑන් වලට හරි වෑන් වලට ආසා කරන අයට හරි අපහාස කරන්න ලියපු එකක් නෙමෙයි. නමුත් දවස් දෙකතුනකට පාරක් කවුරුහරි මගෙන් අහනවා, මම වෑන් වලට කැමති නැද්ද කියලා. අදින් පස්සේ අන්තර්ජාලය හරහා මගෙන් ඔය ප්‍රශ්නේ අහන ඕනෑම කෙනෙකුට මම කරන්නේ මේ ලින්ක් එකක් යවන එකයි.
2. මේ ෆොටෝ එක්කෝ කාර් පිස්සුවට ලැබුණු ඒවා. නැත්නම් මම ගත්තුවා. කට්ටිය එවපු ෆොටෝ සැලකිය යුතු කාලෙකට කලින් එවපු ඒවා නිසා ෆොටෝ එවපු අයගේ නම් මතක නැහැ. ඒ ගැන සමාවෙන්න. පුළුවන් නම් ෆොටෝ එවපු අය තමන් එවපු ෆොටෝ එක ගැන කියලා පොඩි කමෙන්ට් එකක් දාලා යන්න.
මම මේ බ්ලොග් එකේ ගොඩක් පෝස්ට් කියවනවා, නමුත් අද තමයි කොමෙන්ට් කරන්නේ.
ReplyDeleteමම දන්නා තරමින් අපේ ඩුඩ් ටත් වෑන් එකක් තියනව. දැන් ඇවිත් බැන්නොත් අපි නම් නෑ ඔන්න :P
මේ ලඟදි අපි කට්ටියක් කන්න එලියට ගිහිපු වෙලාවක මෙහේ (ජපානේ) බීට්ල් එකක් පැදගෙන ගියා ලස්සන කොල්ලෙක්. ඇත්තටම බීට්ල් කියන්නේ මෙහේ ඒ තරම් ම සුලභ දර්ශනයක් නොවේ. ඒ නිසාමද නැත්නම් බීට්ල් එකක් නිසාමද මන්ද, මා එක්ක හිටපු හැමෝම සහ වටේ පිටේ හිටපු හැමෝම හැරි හැරී බැලුව ඒ දිහා.. පැදගෙන ගිහිපු කෙනත් හරිම ආඩම්බරකමට ගියේ, සමහරවිට බීට්ල් නිසා වෙන්න ඇති :)
ඔයාගේ කමෙන්ට් එකක් පළවෙනි වතාවට මෙතන දැකීම වගේම වෑන් ගැන ලියපු පෝස්ට් එකක කමෙන්ට්ස් බීට්ල් එකක් ගැන කමෙන්ට් එකකින් පටන් ගැනීම ලොකු සතුටක්. ස්තූතියි. :)
Deleteනියම කතාව සුපිරී.........
ReplyDeleteකාර් එකකින් වෑන් එකකට නැග්ගහම මට මුලින්ම දැනුනේ පොල් ගහකට නැග්ග වගේ...ඊටත් එහා අර BEETLE එකේ තිබ්බ අක්කර ගානක හොම්බ නැතුව තවත් අමාරු උනා..
දැන්නම් ඒ ඔක්කොම හරි....
කවුරු මොනව කිව්වත් කාර් වලින් ගන්න ෆන් වෑන් එක්ක හිතන්නවත් බෑ තමා.....
හැබැයි ඒකේ අනිත් පැත්තත් එහෙමයි වෑන් එකෙන් ගන්න ෆන් කාර් වලට හිතන්නවත් බෑ ..
කාර් සහ වෑන් ......මේ දෙක අහසයි පොලවයි වගේ දෙයක් තමා මෙච්චරකල් එක් උනෙත් නෑ..ඉස්සරහට වෙන එකකුත් නෑ .
අනේ මන්දා ....
ෂා... කලිඳු මේ ඉන්නේ ගූගල් ලෝකෙත්...!
Deleteහොඳ අදහසක්. බොහොම ස්තූතියි.
ඒ උනාට නිතරම වෑන් එක පැදලා කාර් එකක් අතට ගත්තම අපිටත් ඔය තොන්තුමාන්තු ගතිය තියනවා.. එත් වෑන් එකක් කියන්නේ අමුතු ආතල් එකක් තියන් වහනයක්..(මේක මගේ අදහසක් විතරයි) මට නම් වෑන් එකෙන් ගිහින් බහිනකොට කාර් එකෙන් ගිහින් බහිනවට වඩා පොඩි ගැම්මක් තියනවා..
ReplyDeleteඅපේ ගෙදරත් ඩොල්පින් එකකුයි KDH එකකුයි තියනවා. මට නම් ඉතින් කාර් වලට වඩා වෑන් වලට තමයි ආසාව..
කාලෙක ඉදල බ්ලොග් එක කියවන්නේ.. මුලින්ම කමෙන්ට් එකක් දැම්මේ නම් අද
Deleteසංවාදයට එකතු වුණාට බොහොම ස්තූතියි රවිඳු..
Deleteape gedarth thiyenne 1997 mitsubishi po5 ekakui 2002 kr42 ekakui... eka hindama van pissuwathvadi bro
Deleteපලවෙනි කොමෙන්ට් එක දාන්න හිටියට බත් කන්න ගිය හිංදා වැඩේ මිස් වුනා. අනික මගෙ පතරංග ජාතක ලියන කොට වෙලා යනව වැඩිනෙ. හුඟක් දෙනෙක් මුලිංම පුරුදු වෙන්නෙ වෑන් එකකිංනෙ. ඒ අතින් ලයිට් එස්, වැනට් එහෙම තමයි අපේ හෝඩියෙ ගුරුවරු. මම නං මුලින්ම පුරුදු වුනේ ටොයෝටා ඩයනා ඩබල්වීල් කොට මොඩල් ලොරියකිං. ඒ හංදද කොහෙද මට අදටත් ලොරියක් කියන්නෙ පුදුම ෂුවර් වාහනයක්. මං ලයිසන් ගන්න ලර්නර්ස් එකේදි පුරුදු වුනේ මයික්‍රො එම්පීවී වෑන් එකකිං. මං උදෙන්ම ගුරුන්නාංසෙගෙ ගේ ගාවට ගිහිං එයා එක්කම වෑන් එක අරං එනව ටවුමට. ටවුමෙ ඉන්න අයට පුරුදු කරල ආපහු ලර්නර්ස් එකට අරං යන්නෙත් මං. වෑන් එකේ අපි ඉන්නෙ ඉස්සරහම නිසා ඒකත් ලොරිය වගේ තමා ෂුවර් පිට දාන්න පුළුවං. පස්සට හොම්බ ගෑවෙන්නම තියල නවත්තන්න පුලුවං. මං කලිං ගන්හැන ගියෙත්බැ එයිංම වෑන් එකක්. එතරං ලොකු එකක් අරං වැඩක් නෑ කියල නිකං හිටියා. හැබැයි කාර් ඊට වෙනස්.
ReplyDeleteමං තව වාහනයක් පිටිපස්සෙං ගිහිං කාර් එක නැවැත්තුවම ඒ අතරිං තව ත්‍රීවිල් එකකට යන්න ඉඩ තියෙනව. පාරෙ අයිනට කරල නැවැත්තුවොත් වාහනේ ඉඳං පාර අයිනට තියෙන ඉඩේ කෙහෙල් පඳුරු හත අටක් හිටවන්න ඉඩ තියෙනව. ඒ ඔක්කොටම හපං ඉස්සර කරන්න ගියහම. වයිඩ් පේස් කැන්ටරයකට විතර ඉඩ ඕනි. අන්තිමටම කියතොත් මට කාර් එළවන්න වෑණ් එකකට වඩා ඉඩ ඕනි. අර මං කලිනුත් කිව්ව ලෝකෙ වටේ බයිසිකලෙන් ගිය ලංකාවෙ කොල්ලා ඩිලන් සමරවික්‍රම (https://www.facebook.com/dylan.samarawickrama/about) දැං සවාරි යන්නෙ ෆෝක්ස්වැගන් වෑන් එකක. තනියම නෙවෙයි. ඇඹේනියත් එක්ක. වෑන් එකක් කෑම්ප් එකක් කරන්න පුලුවං බොහොම ලේසියෙන්. මගෙත් අදහසත් තියෙනවා L300 වෑන් එකක් ඒ විදිහට හදාගෙන ලංකාව වටේ ගමනක් යන්න. හැබැයි සෑහෙන කාලයක් යයි. අදටත් කඳුකරයේ බර අදින්නේ Mitsubishi delica T120 එකයි Elf route Van එකයි. ඉඳ හිට හොම්බට ස්පෙයාවීල් එක හයිකරපු වොක්ස්වැගන් කෝම්බි එව්වත් තියෙනවා. නමුත් කාර් කවදාවත් බර අදින්නෙ නෑ.
ඔයාගේ මොකක් හරි පිනක් පලදීලා තමයි ඔයාට මයික්‍රෝ MPV එක ගන්න නොහිතුණේ, හැබැයි l300 එක ගැන කතාවට නම් මම එක පයින් එකඟයි.
Deleteමේ විදිහට එක එක වාහන අපට එක එක විදිහට පත්තියන් වෙන එක මට හරිම interesting මාතෘකාවක්!
මගෙ සතපහ හැමදාම වෑන් වලටයි... පාරෙ තාර ගද බලන්න ඕන නෑ කියලමයි හිතෙන්නෙ.. පිස්සා ලස්සනට ලියනවා.. චියර්ස්
ReplyDeleteබොහොම ස්තූතියි දේශකයාණෙනි... :)
Deleteඑතකොට ජීප්
ReplyDeleteජීප් වෙනම ලෝකයක්. මම ඒ ගැන මගේ 'අලුත් කාර්' බ්ලොග් එකේ ලෑන්ඩ් රෝවර් ගැන ලිපියේදී ටිකක් දුරට කතා කරලා තියනවා. මේ බ්ලොග් එකේ උඩම ඇති ඒ බ්ලොග් එකේ ලින්ක් එක. කමෙන්ට් කරුවට බොහොම ස්තූතියි.
DeleteVan walin ganna fun car walin ganda ba mahathayoo!!!!!
ReplyDeleteOwata van ekakma elawala tiyanda ona
Mama 51 - light ace van ekakin english no petrol PO5 ekak ekka race gehin tiyanawa wadipurama athal aran tiyanne van eken
දැන් අන්තිමට මට බ්ලොග් එකේ නම වෙනස් කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ :D
Deleteප්‍රතිචාරෙට බොහොම ස්තූතියි අකිල...
po5 ekath maara pickup bro.. api hybrid ekka race yanne g number diesel po5 eke @ akila kurera
Deleteමම පුරුදු උනෙත් තාත්තගේ බීටල් එකෙන් තමයි, මේ නිසා ඔනම් වාහනයක් බය නැතිව අතට ගන්න පුළුවන්. පසුගිය දිනක පසුගිය දවසක නෑදෑයකුගේ මහේන්ද්‍ර බෝලේරෝ රථය ideal motors සිට ගෙන්න පුලුවන්ද කියල ඇහුවහම බයනතිව බාර ගත්තේ එනිසයි
ReplyDeletehttp://www.automotiveml.com/blog/new-sub-4metre-mahindra-bolero-u108-launches-h2-2016
බීට්ල් එකකින් පුරුදු වුණා කියන එක අහන්නත් සතුටුයි...
Deleteඋඹ දන්නවද , මගේ සාමාන්‍ය බාසාවෙං ලියවෙන්නෙම ( උඹ මකයි මේක ඒ හින්දා එඩිට් කරල ලියනවා ).. මං දන්න පොරකට ම්ට අවුරුදු පහකට විතර කලිං මං බ්ලොග් පෙන්නුවා , ඒ කාලේ මං ලියන්නෙත් නැ , වැඩක් නැති රෙද්දවල් ..වගේ නිකං කින්ඩි ලයින් එකක් තමයි දැම්මේ , පස්සේ මං ලියනකොට පෙන්නුවා ... , ඕකේ ලියුවහම මොනවද ලැබෙන්නේ ....සල්ලි උපයන්ඩ ක්‍රමයක් නැද්ද අන්න එහෙම ඇහුව ...එකා ....මේ ලගදි ...මට පෙන්වනවා .....මේ දැක්කද ...කාර් පිස්සුව කියල වෙබ් සයිට් එකක් තියනවා ....පට්ට ආතල්ලු ...මට ඉතිං හිනා .....පස්සේ මට පොර බුකි පිටුවත් පෙන්නුවා ....මට ඉතිං හෙන ආඩම්බරයි බං ...මං කියුවා උඹව දන්නවා කියල ...ඒකයැ වැඩේ .....ප්‍රරාඩෝ එකක් හයිලක්ස් එකක් , මාච් එකක් සහ හයිබීඩ් එකක් ගෙදර තියන ඌ මේ දවස්වල kdh එකක් ගන්ඩ අදහස්කරගන ඉන්නවා
ReplyDeleteඊයේ ෂට්-ඩවුන් කළාට පස්සේ දැක්කේ. ස්තූතියි අටමෝ. එයා මේක දකිනවා නම් මම කැමතියි. උඹ ඒ දවස්වල මගේ කම්මැලිකමට බැන්නේ නැත්නම් මේ වෙනකොට කාර් පිස්සුව නතරවෙලා තියෙන්නත් ඉඩ තිබ්බා. එහෙම නැත්නම් එක්කෝ පෝස්ට් එකක උපරිම වාක්‍ය 10 යි පින්තූර 10 යි. ඔන්න ඔහේ කම්මැලිකම පැත්තක දාලා කට්ටියව උනන්දු කරවන්නත් එක්ක සංචාරක සටහනක් වගේ පොඩ්ඩක් දිගට ලියනවා කියලා හිතාගෙන තමයි පාහියංගල ලිපිය ලිවුවේ. එතනින් තමයි මේ සේරම පටන්ගත්තේ.
Deleteමම හිතන්නෙ දෙකම හොදයි. ඒ ඒ අයගෙ කැමැත්තයි වෙනස්.
ReplyDeleteගිය සතියෙ කතරගම (දේවාල අස්සෙ නෙමෙයි office එකේ වැඩකට) ගියා වෑන් එකක් එලවපු එකත් ඉතින් රතගාය ලෙසටම තියන පොරක් 4X4 පදිනව මම හිතන්නෙ. හම්බන් තොට ඉදන් කතරගමට තිනෙ පාරෙ 120 කට්ට හේත්තු වෙන්න පෑගුව.
හම්බන්තොට ඉඳන් කතරගමට තියන පාර මමත් ආසම පාරක්. හැබැයි තාමත් මට බීට්ල් එක ඒ පාරේ එළවන්න ලැබිලා නැහැ.
Deleteහම්බන්තොට ඉඳල කතරගම යන පාරේ බීට්ල් එකෙන් යන්නම ඕනි පාරක්..හයිවේ එකේදී ඇරුනම මගේ ඊළඟ ස්පීඩ් රෙකොර්ඩ් එක තියෙන්නෙත් මේ පාරෙම තමයි.හැබැයි යන්න හොඳම වෙලාව උදේ වෙලාවක් තමයි.මොකද කිව්වොතින් දවල් වෙද්දී හුළඟ තියෙනවා ටිකක්.එතකොට බීට්ල් එකේ ෂටර්ස් ඇරගෙන යද්දී ටිකක් ලොකු ප්‍රතිරෝධයක් එනවා.
Deleteමේ පාරේ යද්දී මම බීට්ල් එකේ ස්පීඩෝ එක කිලෝමීටර වලට කන්වර්ට් කරල තිබ්බේ නෑ..ඉතිං 90 ට තිබ්බ ස්පිඩෝ එකේ 80 ට හේත්තු වෙන්නම විතරමයිලු ගියේ...80 ත් පටන් ගන්න කොනට නෙමෙයි..ඉවර වෙන කොනට. :D
උදේ යද්දී එහෙම ගියාට දවල් එද්දී එහෙම ආවේ නෑ..හුළඟ සැර හන්දා අනිත් යන පොඩි වාහන පාර පුරාම යනවා..හැබැයි ඉඩ තිබ්බ තැනක 70 ට වගේ ඇවිත් කාර් එකේ එන්ජිමේ සද්දෙත් එක්කම පොඩි වීඩියෝ එකක් ගන්නත් අමතක කලේ නෑ..(නෑ නෑ මම තනියම නෙමෙයි ඔක්කොම කලේ :D )
ඒ පාරේ මම එළවලා තියනවා, හැබැයි බීට්ල් එකක් නෙමෙයි. දැන් නම් මේවා අහලා ඉක්මනටම බීට්ල් එකත් අරන් ඒ පැත්තේ යන්න හිතෙනවා... :)
Delete2.30-3.30 වගේ ටයිම් එකට ගියේ පාරෙ බල්ලෙක්වත් නෑ(හරක් නම් හිටිය)
Deleteඒක නෙමෙයි හොදම සීන් එක අන්න එ් වෑන් එක හදන්න දාලලු.
Deleteහැක්.. හැක්.. මට තියෙන්නෙ තරිඳුට තියෙන එකේ අනික් පැත්ත. මට කාර් කියල ජාතිය එච්චර නෙමෙයි කොහෙත්ම අල්ලන එකක් නෙමෙයි. අර ඩූඩට තියෙන ජාතියෙ වෑන් එකක්ම තමයි මටත් තියෙන්නෙ. ඔය කාර් එකක වාඩි උනාම බිම වාඩිඋනා වගේ හැඟීම මටනං අල්ලන්නෙ නෑ. ග්‍රැවිටි සෙන්ටර් එක පහල තියෙන නිසා කාර් එකකින් වෙට්ටු දාන්න පුලුවන් තමයි. ඒත් දැං එන ටකරන් වලට වැඩිය කාලෙකට කලින් ආපු වෑන් බර වැඩි නිසා ඒවත් එච්චර හැඬල් කරන්න අමාරු නෑ.
ReplyDeleteමම ඩ්‍රැයිවින් පුරුදු උනේ නිසාන් ලාගෝ එකකින්. අපේ එකෙක් අතින් ඒක කඩයක් ඇතුලට ගියාට පස්සෙ ලර්නස් කාරය ඒක විකුණුව. ඊට අමතරව ඇන්ටික් ලෑන්ඩ් රෝවර් ජීප් එකක් තිබුණ. ඒකෙ ගියර් ටික හරියට දාගන්න පුලුවන් කම තිබුණෙ අපේ බැච් එකෙන් මට විතරයි. ඒ මදිවට ලී බොඩි ගහපු බස් එකක් තිබුනෙ පුරුදු වෙන්න.
Delete(සීට් එක මාරු කරන්න උන හින්ද කොමෙන් දෙක දැම්මෙ මැෂින් දෙකකින්)
මට මේක ලියද්දී ඔයාව මතක් වුණා. අර ටයර් එකට කකුල තියාගෙන ඉන්න iconic ෆොටෝ එක. :D
Deleteඅනික උඩ තියෙනව වගේ ඩෙලික වෑන් මෙහේ පාවිච්චි කරන්නෙ අපේ මල් ශාලාවෙ පොර. ඔය රක්වාන පැනල පොතුපිටය පැත්තෙ උඩහ පාරවල් වල යන්න හරියන වාහනේ ඒක තමයි.
ReplyDeleteඩෙලිකා වලට තියන ඩිමාන්ඩ් එක හින්දා මටත් දැන් ඩෙලිකා එකක් පැදලා බලන්න හිතිලා තියෙන්නේ...
Deleteඔය ඩෙලිකා වෑන් වලින් නිතරම කිරි කිරි සද්දයක් එන නිසා ඒවාට කිව්වේ කිචි කිචි ඩෙලිකා කියලා.
ReplyDeleteමොකක් හරි හේතුවක් නිසා ඔය කිචි කිචි නමට මම හරිම ආසයි :D
Deleteමමනං කාර්වලට වඩා කැමති වෑන් වලට. මාත් ඩ්‍රයිවින් පුරුදු වුණේවෑන් එකකින් (ටවුන් ඒස් ලොටෝ එකක්)
ReplyDeleteමං හිතන්නෙ වෑන්වලින් එලවන්න ලේසිම ලොටෝ එක. හැබැයි හිතට වැදුනම එක හයිඒස් ෂෙල් එක ඕන වංගුවක් බය නැතුව නමන්න පුළුවන්.
ස්තූතියි හසිත...
DeleteSo is the H20-30 Hiace. They are very heavy and incredibly stable for a van
Deleteකතාව නම් මරු...
ReplyDeleteබොහොම ස්තූතියි රොෂේන්...
Deleteමහින්ද්‍රා කැබ් එකකට,හයිලක්ස් එකකට නැංගමත් ඔය හා සමාන ෆීලිං එකක් දැනෙනවා.. :-)
ReplyDeleteමහින්ද්‍රා කැබ් සහ හයිලක්ස්... එකම වාක්‍යයක? ;)
Delete???
Deleteඔව්.. මොකද්ද ඒකෙ අවුල.. මහින්ද්‍රා එකේ ඉඳලා හයිලක්ස් එකට ය්නකල් තොයෙන් කිසිම කැබ් එකකින් මටනම් කාර් එකක් ඩ්‍රයිව් කරනකොට තියෙන සැපපහසුව එන්නෙ නෑ.වෑන් වගේමයි..
Deleteකතාව නියමයි. ඒත් මම නම් වෑන් වලට ගොඩක් ආසයි.
ReplyDeleteMata car ekai van ekai dekak thiyenawa. Van eka Mazda Bongo ekak Car eka Nissan Sunny oya deken car eka suwapahasu unath van eka vage nulata trafic eke yanna baa car eke.van oya kiyana tharam dushkara naa. Van unat Car unat wenasak naa neda?
ReplyDeletemata thiyenne car pissuwak nemei vahana pissuwak. mama car walin ganna " FUN " eka trailer ekak padawalath ganna puluwan. behei kiyana amarui kiyana vahana thamai padawanna asa. gear 5 car ekakata wada gear 8 ka ( 8 x 2 = low + high = 16 ) trailer ho car carrier ekak paduina kota maram " FUN " denuth mama padinne mulu parama pirenna thiyena Toyota " NOAH " ekak
ReplyDeleteමටනම් වෑන් වලින් ගන්න ආතල් එක කාර් වලින් ගන්න හිතන්නවත් බෑ.
ReplyDeleteGood job.
ReplyDelete