Saturday, August 6, 2016
දයාබර සඳු... ලාන්සරේ දුන්නා...
2016.08.05
දයාබර සඳු...
ලාන්සරේ දෙන්න වුණා...
අද ඊයේ නෙවෙයි. දැන් ටිකක් කල්. ඒත් හැරිලා බලද්දී හිතාගන්න බැහැ මම ඒක දෙන්න හිත හදාගත්තේ කොහොමද කියලා.
අපේ සම්බන්ධෙ කැඩිලා ගිහින් මේ අවුරුද්දට අවුරුදු 8 ක්. අපි යාළුවෙලා හිටියා අවුරුදු 8 ක්. එතකොට අපේ කතාවට අවුරුදු 16 යි. ඒ කියන්නේ අපේ ජීවිතවලින් හරියටම භාගයයි.
අපි ඔය ලාන්සරේ ලංකාව වටේ ගියේ නැති එක ඇත්ත. ඒත් ඔයයි මමයි ඕකෙ කී තැනක යන්න ඇද්ද! දන්න කෙනෙක් ගේ මූණත්තහඩුව වගේ මූණත්තහඩුවක් තියන කෙනෙක් දැක්කත් ඔයා කී පාරක් දොර බෝඩ් අස්සේ ඔලුව හංගගන්න ඇද්ද! දන්න කෙනෙක්ගේ කාර් එකක් වගේ එකක් පිටිපස්සෙන් එනව කියල ඔයා කිව්වම මම ටොයෝටා කීයක් එක්ක රේස් යන්න ඇද්ද! අතුරු පාරවල් කීයක හැංගෙන්න ඇද්ද! පොල් ගස් කීයක් මගඇරලා සල් ගස් කීයක් යට පාක් කරන්න ඇද්ද!
අපි යාලු වෙනකොට දාසයයි නිසා මට ලයිසන් තිබුණේ නෑ. අඩුගානේ මට කාර් පිස්සුව තිබුණෙත් නෑ. එතකොට මම හිතුවේ කවදාහරි රස්සාවක් කරන කාලෙක පර්ජෝ එකක් ගන්න පුළුවන් වුණොත් කොච්චර දෙයක්ද කියලා. පරණ ඒවා නෙමෙයි. එතකොට 406. මට මතකයි මම හීන දැක්කා, කවදාහරි දවසක කාර් මාර්ට් එකේ ෂෝරූම් එකටම ගිහිල්ලා නිල් පාට 406 එකක් අතගාලා බලලා එක්සෙකටිව් මොඩ්ල් එකක්ම ඕඩර් කරන්න. ඒත් එතකොට මට ලෝකේ ගැන එච්චර අවබෝධයක් තිබ්බේ නෑ නේ සඳු. ඕ ලෙවල් පාස් වෙලා ගෙදරින් මැත්ස් කරන්න කියද්දී ගෙදරත් එක්ක වලි දාගෙන ආර්ට්ස් කරන්න ගියපු එකෙකුට කොහෙද ලෝකේ ගැන තේරෙන්නේ.
(ඒ කාලේ ඔයා මට කෙමිස්ට්‍රි පන්තිත් හෙවුවා වගේ මතකයි. එක්කෝ ෆිසික්ස් වෙන්න ඇති. ඔයාගේ පන්තියටම මාව ගෙන්නගන්නත් හැදුවා. මට අද ඒ ගැන තියෙන්නේ mixed feelings. නමුත් මාව හදන්න බෑ කියලා දැනගත්තම ඔයා ගේම අතඇරියා. ඒකට ස්තූතියි).
අන්තිමට මං අර කෝස් කළා, මේ කෝස් කළා, සංගීතේ කළා, ජිම් ගියා, අරවා කළා, මේවා කළා. මාව හොයාගන්න බැරුව මම හතර අතේ ගියා.
සමහර විට මට තාමත් මාව හම්බවෙලා නැතුව ඇති...
ලාන්සරේ ගත්තෙත් තාත්තගේ සල්ලි වලින්. ඒක 1980 හදපු ලාන්සර් එකක් නේ. ඔයා ඒක දැක්කේ සෑහෙන කාලෙකට පස්සේ. මොකද මට ඕක හරියට පුරුදුවෙන්න සෑහෙන කාලයක් ගියා. මයුර ලර්නර්ස් එකේ මරුටියෙන් අත හුරුකරගත්තු මට ලාන්සරේ ගත්තම දැනුණේ නිකං බොල්ගොඩ වැවේ හිච්චි ඔරු පැදලා බේරුවලින් බහුදින ධීවර යාත්‍රාවක් එළවන්න ගත්තා වගේ. මට මතකයි මම ඉස්සරලාම ඕක ටවුමට අරන් ගිය දවස. මම ගියේ ගැහි ගැහි. මට මතක හැටියට මම ගියේ බැංකුවෙන් සල්ලි වගයක් ගන්නද කොහෙද. බැංකුවට එහායින් අතුරු පාරක වාහනේ නවත්තලා මම මැෂින් එක ගාවට ගියා. වාහනේ නතර කරලා තිබුණේ කාණුවේ ඉඳන් බල්ලෝ තුන් දෙනෙකුට නිදහසේ පොරකන්න තරම් දුරකින්. ඇති මිනිස්සු බැන්නේ නැතුවා!
ඒ දවස්වල අපේ ගෙදර එහාපැත්තෙ තාප්පේ තිබුණේ නැහැ. ඒක සුනාමියට කැඩිලා ගියා නේ. මම ඉස්සරලාම වාහනේ තනියම ගෙනියන්න කියලා වාහනේට නැග්ග දවසේ එහා වත්තේ මොකක් හරි උත්සවයක් තිබුණා. නැත්තං නෑදෑයෝ ඇවිල්ලා ඉන්න ඇති. මම වාහනේට නගින්න එද්දී ඒ වත්තේ හිටපු ලස්සන කෙල්ලෙක් ලා හිනාවක් එක්ක මගේ දිහා බලං හිටියා. මම මගේ ලාන්සර් කට්ටට නැග්ගේ නිකන් රිචඩ් හැමන්ඩ් (ඔයා දන්නේ නෑ ඌව. ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන, කොට සුද්දෙක්) පගානි එකකට (ඒකත් දන්නේ නෑ ඔයා. ඉතාලි මනුස්සයෙක්ගේ ෆැක්ටරියක හදන කාර් එකක්) නගිනවා වගේ. සමහර විට මගේ හිතේ ඩ්‍රයිවින් සම්බන්ධයෙන් ඇතිවුණු පළවෙනි පොරත්ව හැඟීම ඒක වෙන්න ඇති.
ඔය කතාව මම ඔයාට කිව්වේ නැහැ. ඔයා එච්චර ඊරිසියා ටයිප් නොවුණු එක ඇත්ත. ඒ වුණාට ඒක මහා සිඟිති ආතල් එකක් කියලා ඕන කෙනෙකුට හිතෙන දෙයක්. දැන් ලියපු එකත් මට නිකං බොළඳයි බොළඳයි වගේ හිතෙනවා. ඒත් මොකක් හරි හේතුවක් නිසා ඒක ඩිලීට් කරන්න හිත දෙන්නේ නැහැ.
අන්තිමට කොහොම කොහම හරි වාහනේ නිකං තිබිලා දිරුම් ටිකක් එහෙම එන්න ගත්තා. එතකොට තමයි මම අර හේමචන්ද්‍ර කියන බූරුවා ගාවට වාහනේ අරං ගියේ. අන්තිමට වාහනේ ආපහු ගන්න මාස ගාණක් ගියා. එතකොට තමයි මම ගරාජ් රස්සාවේ ඉන්න හාදයෝ එක්ක බජනෙට වැටුණේ. එතනින් තමයි මම මලකඩ රහ වැටුණේ. ඔයා දැන් උන්ට සාප කරයි. ඒත් ඔයාට ඒ කරුමෙට කරගහන්න වුණේ නැහැ ඔයාගේ වාසනාවට. ඔයා රට ගියේ මගේ ලෝකෙට රජ ඉබ්බෝ එන්න කලින්.
වාහනේ හදලා ගත්තට පස්සේ භාණ්ඩේ මට හොඳට හුරු වුණා. ඒ දවස් වල ඔයා මම කරන බහුබූත වැඩ ගැන ටිකක් ලැජ්ජයි නේ ඉතිං. 'මමත් පොරක් තමා' කියන්න ගත්තු වාහනේට අන්තිමට මම ටික ටික ආදරේ කරන්න පටන් ගත්තා. එතකොට තමයි අපි දෙන්නා ඕකෙ රවුම් ගහන්න ගත්තේ. මතකද ඔයා කිව්වා ඔයාට ඒ.සී නැතුව යන්න බෑ ඕකෙ කියලා? අන්තිමට මම ඒ.සී හැදුවා. ඒ දවස්වල ඒකට දහදාහක් ගියා. ඒ කාලේ මාස තුනකටවත් මගේ අතට එච්චර ගාණක් ආවේ නැද්ද කොහෙද. අන්තිමට මූණ අයිස් පලම වගේ අතපය චිකන් පාට්ස් වගේ සීතල වෙන්න පුළුවන් වෙන්න මම ඒකෙ ඒ.සී එකත් හදාගත්තා නන්දන අයියට කියලා.
ඔයා දන්නේ නෑ. පස්සේ කාලෙක ඕකෙ පිටිපස්සේ දිරුමක් ආවා. (ඔයා කියයි ඔයාට මතක ඕකෙ හැමතැනම දිරුම් තිබුණා වගේ කියලා. ඔයා හිතුවේ මට ලාන්සරේ විකුණලා අලුත් ටොයෝටා කාර් එකකට යන්න ඕන කමක් නෑ කියලා. හරියට අර මම ගේ හදාගන්න උනන්දු නෑ කියලා කිව්වා වගේ. ටොයෝටා නෙමෙයි සඳු, මම පුළුවන් වුණා නම් පර්ජෝ එකක් ගන්නවා. ඒත් සල්ලි තිබ්බේ නෑ. ඒ දවස් වලත් අද වගේම වාහන හරි ගණන්). එතකොටත් ඔයා රට ගිහින්. ඕක හදන්න කියලා තමයි මම අර මගේ යාලු පිට් එකට හිටපු 'අයියව' අරන් ආවේ. ඌ උගේ ගෝලයව එක්කං ආවා එස්ටිමෙට් එකක් දෙන්නන් කියලා. අන්තිමට ඩිකියේ දිරුමක් හදන්න අපොල්ස්ට්‍රි ගලවන්නේ ඇයි කියලා අහද්දී නෑහුණා වගේ ඉඳන් ඌ මුළු වාහනේම ගැලෙව්වා. අන්තිමට ඌ වාහනේ හදන්න එක් ලක්ෂ විසිදාහක් ඉල්ලුවා. මට මතකයි ඉස්සර ඔයා කිව්වා වගේ, ඌට වාහන හදන්න දෙන්න එපා කියලා. මම ඇහුවේ නෑ සඳු. අනික් හැමදේම වගේ ඕකත් මම කනකට ගත්තේ නෑ.
ඔය පස්සේ වෙච්චි දේවල් වැඩක් නැහැ. මට මතකයි ඔයත් එක්ක ඕකේ ගිය අන්තිම රවුම. ඔයාගේ යාලුවෝ දෙන්නෙකුත් දාගෙන අපි මීගමුව පැත්තේ බීච් එකකට ගියේ. ඔයාට රට යන්න සෙට් වෙලා කියපු දවසේ ඉඳන් මම හෝන්දු මාන්දු වෙලා හිටියේ. ඔය ට්‍රිප් එක මට මතක නිකං හරියට කොළ ගැලවිච්චි රුසියන් කෙටිකතා ගොඩක් වගේ. සංකීර්ණ සිදුවීම් ගොඩක් පටන්ගන්නවා. අන්තිමට ඒ සිදුවීම් වලට කිසිම සම්බන්ධයක් නැති සිදුවීම් ගොඩක් සිද්ධ වෙනවා. තේරුම් ගන්න බැරි අවසානයක් එක්ක හැම සිද්ධියක්ම ලෙර්මන්තව් ගේ කවියක් වගේ අවසන් වෙනවා. ආපහු එනකොට මහා වැස්සක් වැටුණා වත්තල හරියෙදි. වීදුරුවෙන් මොකුත්ම පෙන්නේ නැතුව ගිය නිසා මම කාර් එක අයිනකට කරලා නැවැත්තුවා. ඔයාට මතකද? අපි හතර දෙනාගෙන් කවුරුවත් අනාගතය ගැන කතා කළේ නෑ. අතීතය ගැන කතා කළෙත් නෑ.
ගමන යද්දී එද්දී සචින්තයා මගෙන් දෙතුන් පාරක් ඇහුවා 'කාර් එක මම ඩ්‍රයිව් කරන්නද?' කියලා. මම නෑ මචං, ඕනේ නෑ කියලා නිකං හිටියා. එතකොට මම කාර් වලට ආදරේ කරනවා කියන එක ගැන මෙච්චර සීරියස් නැහැ. හැබැයි මගේ හිතේ ලාන්සරේ ගැන ආදරේ ටිකක් තදට ඇතිවෙලා තිබුණා. ඒ නිසා ඔයත් එක්ක ලංකාවේ රවුමක් යන අන්තිම වතාව වුණත්, ඌට වීල් එක දීලා ඔයත් එක්ක පිටිපස්සේ සීට් එකට යන්න මට හිත හදාගන්න බැරිවෙන්න ඇති. අනික් අතට 'අවසානයි' කියලා වැටෙන්න නියමිත කතාවල් වලට 'මතු සම්බන්ධයි' කියලා උඩින් ටයිප් කරන්න මට හැකියාවක් නැති බව මම දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ආයෙ ආයෙ අන්තිම පරිච්ඡේදේ කියවලා හිත රිද්දගන්නේ මොකටද කියලත් මට හිතෙන්න ඇති. මම දන්නේ නෑ...!
අන්තිමට අර දෙන්නව බස්සල ආපහු එද්දී කලර් ලයිට් සෙට් එකක් ගාව නවත්තගෙන ඉන්නකොට ඔයා එක පාරටම අත දිහා බැලුවා. ඔයාගේ මූණ වහගෙන ලා වැහි වලාකුලක් පොකුරු ගැහුණා මම ඇස් කොණින් දැක්කා.
"බ්‍රේස්ලට් එක වැටිලා..."
ඒක වටින බ්‍රේස්ලට් එකක් නෙමෙයි. නමුත් රට යන්න ලැස්ති වෙලා ගොඩක් දේවල් අනික් කට්ටියට දීලත් ඔයා ඔය බ්‍රේස්ලට් එක තියාගෙන හිටියා ආසාවට. මට කඳුළු ආවා ලාවට...
තාමත් ඉඳහිට මීගමුව පැත්තෙන් යද්දී මට වාහනේ නතර කරලා බීච් එකට දුවලා ගිහින් ඒ ලී පාට පුංචි වළල්ල හොයන්න හිතෙනවා.
අන්තිමට මම එපා කියද්දී ඔයා ගියා. මම ඔයාව හොයන්න එන්න හිතාගෙන එක එක දේවල් කරලා අන්තිමට වෙන රටකට විසිවෙලා ගිහින් නතර වුණා. 2008 වෙද්දී අපේ කතාවේ අතීත කාල වාක්‍ය එකින් එක බිහිවෙන්න පටන් ගත්තා.
ආපහු ලංකාවට ආවට පස්සේ ටික කාලෙකින් තමයි අරූ මගෙන් ලාන්සරේ හදන්න එක් ලක්ෂ විසිදාහක් ඉල්ලුවේ. ඌ වැඩිහරියක් කළේ කාර් එක හදන එක නෙමෙයි, කාර් එකේ බඩු නැතිකරන එක. අන්තිමට කාර් එකක් කෑල්ලෙන් කෑල්ල ගැලවිලා ආපහු හයිවෙන හැටි දැක්කම මගේ හිත ඇතුළේ හැංගිලා තිබ්බ කාර් පිස්සුව නම නොදන්න තාරකාවක් වගේ නිවි නිවී දැල්වෙන්න පටන් ගත්තා. ටික දවසකින් බීට්ල් එකක් සෙට් වුණා. අර දුර ඈත අතීතයේ දවසක අම්මලා එක්ක කුලී ගෙදරක හිටපු කාලේ එහා ගෙදර තිබුණු ෆොක්ස්වැගන් එකක් නිසාද කොහේදෝ හිතේ පැලවෙච්ච ආදර පැල පොඩිත්තේ කහපාටයි මලකඩ පාටයි මිශ්‍ර මලක් පිපුණා. මම 3 ශ්‍රී 5661 ගෙදර ගෙනාවා. ඒ නිසා අකමැත්තෙන් වුණත්13 ශ්‍රී 7133 ට යන්න දෙන්න වුණා.
වසන්ත කාලය ඉවර වෙලා පරමල්වල දූවිලි වැස්සකට දෙකකට හේදුණාටත් පස්සේ දවසක ඔයා මට කිලෝමීටර් දසදාස් ගාණක් ඈත ඉඳන් කිව්වා, ඒ කාලේ සැරින් සැරේ මම බීට්ල් එකක් ගන්න ඕනේ කියලා කිව්වා කියලා. සත්තයි මට මතක නෑ.
ලාන්සරේ දීලා ටික දවසකින් මට කල්පනා වුණා, ඒ යන්න ගියේ මගේ ජීවිතේ කොටසක් නේද කියලා. ඒක හුදෙක් ඔයයි මායි ගැන කතාවේ කොටසක් විතරක් නෙමෙයි. මම කසාද බැඳලා ආවෙත් ඒ කාර් එකේ. ඔයා ඒවා දන්නේ නෑ. ඔයාට ඒවා කියන එකේ තේරුමක් ඇත්තෙත් නෑ...
දැන් වෙලාව රෑ එකටත් කිට්ටුයි. මම දන්නේ නෑ හදිස්ස්යේම ඔයාට ලියන්න මට හිතුණේ ඇයි කියලා. හැබැයි ලාන්සරේ දුන්නට පස්සේ මම සැරින් සැරේ ඒක තියෙන්නේ කොහෙද කිය කියා හෙවුවා. ගන්නම නෙමෙයි. නමුත් අර කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් වගේ හැඟීමක් එතන තිබ්බා. ඔහොම ඉද්දී දවසක් ඕක විකුණන්න දාලා තිබුණා. ආපහු ගන්න කියලා සීරියස්ලි හිතුවත් මම ටිකකින් හිතට බැනලා ඒ සිතිවිල්ල රීසයිකල් කළා.
ඒ දුර ඈත කඳුලට හේදුණු වෙසක් මහේ ඉඳන් දැන් අවුරුදු අටකුත් ගිහින් ඉවරයි...
මම දන්නේ නෑ අපිට closure එක ලැබුණද කියලා. සමහර විට නැතුව ඇති. මම හැමතිස්සෙම ඒ ලාන්සරේ පස්සේ දුවන්නේ ඒ නිසා වෙන්න ඇති. මට දැන් තියෙන්නේ හැත්තෑ තුනේ බීට්ල් එකකුයි පනස් හතරේ මොරිස් මයිනරේකුයි. කොල්ලෝ ඕවා දැක්කම හුඩ් එකයි බී පිලර් එකයි එම්බ්ලම් එකයි සේරම අතගානවා. ඒ වුණාට තාමත් හිතවත් ගෑනු ළමයි එහෙම මේවා දැක්කම කියනවා 'තරිඳු දැන්වත් ඕක විකුණලා හොඳ කාර් එකක් ගන්නකො' කියලා.
මං ආසයි Porsche 911 එකකට. ඒක ගන්න මට සල්ලි නෑ. ඔයා හැමදාම වගේම අදත් කියාවි මම ප්‍රශ්නෙන් පැනලා යනවා කියලා.
මම ප්‍රශ්නෙන් පැනලා යනවා නෙමෙයි සඳු. ප්‍රශ්නේ මගෙන් පැනලා යනවා...
ආයේ මම ලියන එකක් නෑ ඔයාට. දැන් අපේ කතාවේ ඔක්කොම දේවල් අතීත කාල වාක්‍ය වෙලා ඉවරයි.
හැබැයි ලාන්සරේ කාගෙ හරි ජීවිතේක අනාගත කාල වාක්‍යයක් වෙලා කියලා මම දැක්කොත්, එදාට මට යම් තරමක closure එකක් ලැබෙයි.
බ්ලොග් එක කියවන අය හිතයි මට පිස්සු කියලා. ඒ නිසා මම නවතින්නම්.
ආයේ මම ලියන්නේ නෑ.... ප්‍රොමිස්...!
තරිඳු
Subscribe to:
Post Comments (Atom)
මට තේරෙනවා. මට තේරෙනවා. යකඩ ගොඩවල් වලට පෙම් බඳින්න හොඳ නෑ කියලා ඉරිසින්නාන්සෙලා කොච්චර කිව්වත් දන්නෙම නැතුව වැඩේ වෙලා.
ReplyDeleteඔයා දැන් ඉරිසින්නාන්සේලා කියන දේවල් එච්චර තකන්නේ නෑ කියල මට ලාවට මතකයක් තියනවා. මට ෂුවර් නැහැ කොතනදීද මට ඒක අහුවුණේ කියලා...
Deleteහෙඩ් එක ෆේස් කාරනං ඕව හරියනවා :D
Deleteවාහන පිස්සුවයි ආදරයයි අතරෙ දැවටුන ජීවිතයක් තියෙන තවත් එකෙක්.
ReplyDeleteහදවතටම වැදුන කතාවක් අයියේ.
බොහොම ස්තූතියි ඩෙවින්...
Delete"දැන්වත් ඕක විකුණලා හොඳ කාර් එකක් ගන්නකො" මේ කතාව මමත් කන් දෙක පිරෙන්නම අහගෙන තියෙනවා...ඒකත් මේ වගේ කාලයක් පැවතිලා ඉවර වුන ආදර කතාවක කොටසක් තමයි...පස්සේ මම තේරුම් ගත්තා යකඩ ගොඩ වුනත් ඉබ්බා මට අර ළමයට වඩා ආදරෙයි කියල.. :P
ReplyDeleteසල්ලිවලටවත් අලුත් කාර් එකකටවත් ආදරේ යටයි නම් ඉතිං ඒ කතාවට වැඩි ආයුෂ නෑ...
කාර් අපේ ජීවිතවල කොච්චර දුරකට විහිදෙනවද බලන්න!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteMxxa
ReplyDeleteස්තූතියි චමිල...
Deleteසිටිනා කොදෙව්වක සතුටින් හිඳී නම්
ReplyDeleteමවෙතින් ලැබූ ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්
තව කුමකටද දුක් ගී කල්පනාවන් …
මට දාහක් සින්දු මතක් වුණා මේක ලියද්දි. ඒ වුණාට එක්පෙති මල මතක් වුණේ නෑ...
Deleteස්තූතියි පත්තර මල්ලි...
පලවෙනි කාර් එක මතක්වෙද්දි ආපහු දකිද්දි දැනෙන ෆේලින්ග් එක වචනෙන් කියන්න බෑ මචන්.
ReplyDeleteසහතික ඇත්ත. ඒක අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි...
Deleteඅපේ ගෙදර අයින් කරල තියෙන ප්‍රෙස් කබ් ෆිෆ්ටිය දකිද්දිත් මට ඔය හැඟීමම එනවා.
ReplyDeleteඑතනත් හොඳ ස්ටෝරියක් තියනවා වගේ...
Deleteඅනුවේදනීය කතා දෙකක්...
ReplyDeleteහැඟීම දැනීම් නැති යකඩ ගොඩවල් වලට ආදරය කරණ එකේ එක වාසියක් තියනවා, ඒ තමයි ඒවා අපිට රිද්දන්නේ නැති එක....
ඒවා රිද්දුවත් ඒක ටික දවසකට විතරයි... ස්තූතියි සෙන්නා...
DeleteKatawanam godak lassanai e wagema dukai, car ekka witarak namai me wage kata van ekkath ape jeewiteta lanwela tiyanawa me wage dewal hinda awurudu 25k ape lagama tiyana lite ace van ekak apitath tiyanawa kotchara wikunanda haduwath kattiya awilla elluwath tawamath wikunan na, matakayan bohomai - akila-
ReplyDeleteස්තූතියි අකිල...
Deleteඇඩුනා....
ReplyDeleteමතක තමයි ඉතිං ජීවිතේ අර තද කහටක් වගේ ඉතුරු වෙන්නේ...
Deleteඇත්තටම හිතට වැදුනා...බොහොම අනුවේදනීය කතාවක්...
ReplyDeleteස්තූතියි කොටියෝ...
Deletewoooow meeka lassanma lassana kathawak. i like it soooo much.
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteමලකඩ රස දන්නේ මලකඩ කාපු එකෙක්ම විතරයි..බෝකටම වදින්න ලියලා සුපිරි
ReplyDeleteබොහොම ස්තූතියි ආචාර්ය තුමා...
Deleteනියමයි. මළකඩ වලට ආදරේ කරන එකෙකුට ඔහොම නොහිතුනොත් තමයි පිස්සු කියල හිතෙන්නෙ.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රසන්න...!
Delete+++++++++++++
ReplyDeleteස්තූතියි ලලිත්.
Deleteඋඹට කියන්න මාත් A/C සෙට් කලා කෙල්ල කියපු හින්දා. අද එකිත් නෑ මචෝ...............
ReplyDeleteඅපි හැමෝම ඉන්නේ එකම තැන බලාගෙන යනකොට...
Deleteලාන්සර් බොක්ස් එක මම ඒ කාලේ ආසම කරපු වාහනයක්. ටික කාලයක් පාවිච්චි කරන්න ලැබුණා. ඒක නෙමෙයි වැදගත්. කාර් එකක් සම්බන්ධ කරගෙන ලියපු මෙච්චර සංවේදී කථාවක් මම කියෙව්වමයි. ලැබෙන දේ ලැබෙයි. නැති වෙන්න තියෙන දේවල් නැති වෙයි. ඉඳල හිටල පිටිපස්ස බලන කන්නාඩියෙන් බැළුවත් ජීවිතේ ඉස්සරහ බලාගෙන පදවන්න.
ReplyDeleteස්තූතියි ඉයන්...
Deleteyalu mata ubage hageema hodatama terenawa. Mokada mamath oya exp tyena ekek. But not car exp. Boot exp. Bus eka thama jeewithe une. Mama kamathi naha mage parana dewal mathak karanna but as a BROTHER mam kamathi ubata kyanna, "BALAPOROTHTHU APIWA JEEWATH KARAWANAWA. MATHAKAYAN APIWA MARAWA MARAWA JEEWATH KARANAWA". So uba lancer eka amathaka karapan porsche 911 ekakata heena dakapan. Kawada hari bari wena ekak naha. Adu gane uba marenne porsche 911 ekak gana heena dakala misak , lancer ekak gana hithala widawala nemei. Ubage first love eke incidents walata wada ada ubage wife ubata dadiya mahansiyen hadala dena lunch packet eka watinawa bro. Good luck machan.
ReplyDeleteBTW machan uba maths nokara ART karapu eka hari. eka waradi decision ekak neme. But uba thawama ubage skills walin prayojanayak aragena naha wage machan. Try karapan sinduwak ehema lyanna. Aniwa ubata puluwan. Jaya.
මම හිතන්නේ ඔයාව මට බ්ලොග් ලෝකේ හම්බවුණු පළවෙනි වතාව මේ... ස්තූතියි දසුන්...
Deleteowe machan. mam edala hitala article read karala yanawa. okkoma article hugak wadagath. Eth me article eta wada deyak tyenawa. Ekai ubata comment ekak dala yanna hituwe. Ela ela bro.KIT
Deleteමගේ පලවෙනි කාර් එක විකුනද්දී ලොකු දුවට අවුරුදු පහයි.. මොන්ටිසෝරි යනවා.. මම ගනුදෙනුව කරන අතරේ මූනෙ දුක හංගගෙන ටිකක් වෙලා බලන් හිටියා.. පස්සේ යන්න ගියා.. බැලින්නම් ගිහින් කාර් එකට ලියුමක් ලියලා.. "මගේ කාර් එක.. දුකෙන් උනත් ඔයාව අද දෙන්න වෙනවා.. ඔයා හොඳින් ඉන්න.. ඔයාට බුදු සරණයි කියල' ඒ ලියුම අදටත් මගේ ගාව තියෙනවා..
ReplyDeleteඒවා මහා පුදුම බැඳීම්..
හැම තිස්සෙම කාර් සහ මිනිස්සු අතර බැඳීම් කතාකරලා හුරු මටත් ඒ කතාව අහලා දුකක් ආවා. ප්‍රතිචාරයට ස්තූතියි...
DeleteOka Mara pissuwak saho meka pissuwak kiuwata Mara hegeemak Kochchara duka hithunath hini satutak ethule thiyanawa Kochchara satutu unath hini pukak ethule thiyanawa eka Mara bedeemak amuthu hegeemak mewa hemotama kiyanna be ban eth kiyanna ekek innakota hari Maru umbata pin mewage ekak heduwata
ReplyDeleteප්‍රතිචාරෙට බොහොම ස්තූතියි චන්දන...
Deleteයකඩ දිරුම් මළකඩ අස්සෙන් කිරි කිරි ගාගෙන අඬන හදවතක සංවේගී සිතුවිලි සමුදායක් එකවර කඩාගෙන වැටුනා... ඉතාම හැඟුම්බර ලියවිල්ලක්.. එක හුස්මට කියෙව්වා.... අවුරුදු අටක ආදරයක් මං තාමත් පරිස්සම්කරගෙන ඉන්නවා... ආදරේට අවුරුදු දහයක් පිරෙන දවසෙවත් එක වහලක් යටට එකතුවෙලා b210ක අපේ සිහින චාරිකාව රට වටේ යන්න...
ReplyDeleteබලාපොරොත්තුව ඉෂ්ට වේවා කියලා ප්‍රර්ථනා කරනවා!
Deleteගෙදර තියෙන ඩොක්ටර් සනිය විකුනන්න ලෑස්ති කරලා තියෙන්නේ. නමුත් මන් ඒ අදහස කිහිප පාරක්ම නැති කරගත්ත ඔයාගේ මේවා කියවල. කට්ට කවුරුවත් නැති ඈත තැනකදී එන්ජිම බොයිල් වෙලා වතුර ටිකක් විතර දැම්ම පමණින්ම කාටත් ඇත නොපා අපහු මාව ගෙදරටම ගේනවා නේද කියල දැනෙනකොටත් කොච්චර දුක හිතෙනවද.. ඉස්සර තිබුණු ෆෝක්ස්වැගන් බීටල් එක තාත්ත තව දුරටත් කරන්න බැහැ කියල විකුණන කොටත් මට හෙනටම දුක හිතුන. ඒකත් දුන්න දුන්නමයි, අවුරුදු 10ක් ගිහිල්ලත් තවම අහටවත් දැක්කේ නෑ.
ReplyDeleteකවදාහරි ආපහු බීට්ල් එක හොයාගන්න. එතකොට එතනත් හොඳ කතාවක් බිහිවෙයි...
DeleteKathawa dakkama sirawata anduna..sinhala font liwwe nathi ekata samawenna oone...eth uba liyapan..oya wagema love storyak thiyennemathath. Eth waahane nam denne na man
ReplyDeleteප්‍රතිචාරයට ස්තූතියි ප්‍රබුද්ධික...
Deleteකාර් එකත් එක්ක හිතේ තිබ්බ ලොකු දුකකුත් එලියට අවා නේද සහෝ ?? :) ලස්සනයි ...
ReplyDeleteස්තූතියි...
Deleteකණගාටුදායක අත්දැකීමක්! ඇත්තටම දුක හිතුණ. ජයෙන් ජය!
ReplyDeleteස්තූතියි හසිත...
Deleteකතාව ලස්සනයි බං :) පරණ කාර් වලට කොල්ලන්ගේ තියන පිස්සුව කවදාවත් නැති වෙන්නේ නෑ
ReplyDeleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි. පිළිතුරු දෙන්න ප්‍රමාද වුණාට සමාවෙන්න...
Deleteකියන්න තෙරෙන්නෙ නැති දෙයක් හිතට ආවෙ මේක කියවල.. වාහන එක්ක ඇතිවෙන බැඳීම් වෙන කෙනෙක්ට කියල තේරුම් කරන්න අමාරුයි. මටත් ඒක ලොකුවටම තියෙනව. පරන lancer එකක් මගෙ ලොකු හීනයක්. ලඟදිම ඒක හැබෑකර ගන්න ඉන්නෙ.කාලෙකින් හොඳ බ්ලොග් එකක් සෙට් උනේ.. බොහොම ස්තූතියි කතාවට.
ReplyDeleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි හරිඳු...
DeletePatta kathawak aiye...filme ekak baluwa wage e witharak nm madai comments kiyawannath wenawa barima thana wegen pahalata awith me liyanne...api hamogema hangila inna car pissuwa wadi karala beheth denna bari ganata genna oya dn daksha wela thiyanawa...Godak sthuthi me wage rasayak denawata e wagema "sadu" gana kiyanakota mama oya wela kiyawenne eka patta dukai aiye.....love story kiyanne mewatane...jeewithaya puduma widiyata wenas wela athitha kalayata yanne kiyala hithuna...nawatha wathawak oyata sthuthi me wage liyanawata.....TS
ReplyDeleteස්තූතියි මල්ලි... ලාංසරේ විනාස කරලා දාලා තියන හැටි ඊයේ ඔයත් දකින්න ඇති කියලා හිතනවා. මට දැනෙන වේදනාව ඔයාටත් දැනෙනවා කියලා මම දන්නවා. ඒක යම් තරමක සැහැල්ලුවක්...
Deleteදිග කමෙන්ට් එකක් ලියන්න වෙලාව ගත්තට ස්තූතියි...!
නෙස්ටොලොජික මතක! යකඩ වලට ආදරේ කරන්න, කවදාවත් අපිව රිද්දන්නේ නෑ...
ReplyDelete