මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්...
මස්ටෑං එක ගැන ලියන ලිපියක් මාලදිවයින කියන වචනයෙන් පටන් ගැනීම හරියට භාවනාව ගැන ලිපියක් සනී ලියෝන් කියන එකෙන් පටන් ගන්නවා වගේ වැඩක්. ඒ වුණාට කමක් නැහැ. ඇත්තම සිද්ධියක් මේ කියන්නේ.
මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්...
මාලදිවයිනේ වැඩ කරන ලංකාවේ කොල්ලෙක් වෙන චාමර දික්මාදුගොඩ වැඩ ඉවර වෙලා පාර දිගේ ඇවිදගෙන එනවා. චාමර කියන්නෙත් හොඳ කාර් පිස්සෙක්. එයා මෙහෙම එනකොට දකිනවා පාරේ රෙද්දකින් වහලා තියන කාර් එකක්.
රෙදිවලින් වහලා දූවිලි වලින් බේරගත්තට කාර් පිස්සන්ගෙන් කාර් බේරගන්න ලැබෙන්නේ නැහැ. කාර් එකේ හැඩතල අර මොකෙන්ද බේරිලා පෙනුණා වගේ පේනකොට කාර් පිස්සන්ට ඉහිලුම් නැතුව යනවා (මම මේ භෝම පරිස්සමෙන් වචන තෝරාබේරාගෙන ලියන්නේ). ඉතිං අපේ චාමරටත් එහෙම ඉහිලුම් නැතුව ගියා.
දැන් ඉතිං හිත කියන්නේ රෙද්ද උස්සන්න කියලමයි...
ඒ වුණාට පිටරටකදී ගුටිකාලා නිවුස් එකක් වෙන්න බැරි නිසා චාමර හිත පාලනය කරගන්න උත්සාහ කරනවා. ඒ වුණාට හිත හීලෑ නෑ, හරිම මුරණ්ඩුයි...
කියන්නේ රෙද්ද උස්සන්න කියලමයි...
ඉතිං ඔන්න ඔහේ ඕන &$ක් කියලා චාමර රෙද්ද පැත්තකින් උස්සනවා. චාමර හිතුවා හරියටම හරි. ඉදිච්චි ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රුවයි රහයි බේරෙන මස්ටෑං එකක්...
ඉතිං ඕක එක මොහොතක් දෑහින් දැකලා ඊට පස්සේ රෙද්ද පහළ දාලා ස්ටාෆ් ක්වාටස් වලට ගිහිං ඕක මනසින් මවමවා ඉන්නවට වඩා ඕකේ ෆොටෝ එකක් ගන්න එක හොඳයි නේ. ඒ නිසා රෙද්ද කොනකින් උස්සගෙනම චාමර ෆොටෝ එකක් ගහනවා. මේ තියෙන්නේ ඒ ෆොටෝ එක.
කාර් එකේ අයිතිකාරයා නොදනී. ෆොටෝ එකේ හිමිකම්- චාමර දික්මාදුගොඩ |
ඉතිං ඕක තනියම රහ විඳලත් වැඩක් නැති නිසා චාමර ඒක කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකට එවුවා. ඒ පේජ් එකේ වැඩියෙන්ම ජනප්‍රිය ක්ලැසික් කාර්. ඒ නිසා ඕක මම ෂෙයා කළේ 'කාර් එක නම් අලුත්, මාලදිවයිනේ ඕක එලවන්න දිහාකුත් නැතුව ඇති, ඒත් මොකෝ, මස්ටෑං නේ!' කියලා.
මේ 'ඒත් මොකෝ, මස්ටෑං නේ!' කතාව පටන්ගත්තේ ඊට කලින් මම ෂෙයා කරපු ක්ලැසික් මස්ටෑං එකක ෆොටෝ එකකින්. ලංකාවේ කාර් ෂෝ වල නිතර මතුවෙන ක්ලැසික් මස්ටෑං GT එකක් තියනවා. ඕක එක්තරා මාධ්‍ය ආයතනයක අයිතිකාරයෙක්ගේ කියලා තමයි කට්ටිය කිව්වේ. එක දවසක් එක්කෙනෙක් ඒ කාර් එකේ අවුරුදු 3 කට විතර කලින් ගත්තු ෆොටෝ එකක් එවුවා. ඒක මම ෂෙයා කළේ 'අවුරුදු 3 කට කලින් ගත්තු එකක්, ඒත් මොකෝ මස්ටෑං නේ!' කියලා. එතනින් එහාට පේජ් එකේ මස්ටෑං එකක් මතක් කරද්දී ඒක 'ඒත් මොකෝ මස්ටෑං නේ!' වුණා.
මේ විදිහට කාලය දීපය දේශය කොලිටිය සහ එවපු එකා යන පස්මහ බැලුම් බලන්නේ නැතුව මස්ටෑං එකක් දැකපු ගමන් ඒත් මොකෝ මස්ටෑං නේ කියලා අපට කියවෙන්න ඇයි?
ඒක දැනගන්න නම් අපි බලන්න ඕනේ පළවෙනි ජෙනරේෂන් එකේ මස්ටෑං එක දිහා...
1960 දශකය වෙද්දී දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ ඉපදුණු පරම්පරාව හෙමින් හෙමින් කාර් මිලදීගන්න වයසට එමින් තිබුණා. මේ පරම්පරාවට තමයි Baby Boomers ලා කියලා කියන්නේ. ලෝක යුද්ධයෙන් පස්සේ ළමයි ඉපදීම එක්තරා කාලයක් තුළ වේගයෙන් ඉහළ ගිය නිසා (මේකට පසුබිම සමාජ ආර්ථික තත්ත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි. අනං මනං එහෙම හිතන්න එපා ඔන්න) තමයි මේ පරම්පරාව ඒ නමින් හඳුන්වන්නේ.
1930-1980 කාලයේ ඇමරිකාවේ උපත් අනුපාතය. මේක ගත්තේ mike guadini සයිට් එකෙන්. හයිලයිට් වෙලා තියෙන්නේ Baby Boomer පරම්පරාව. |
දෙවෙනි ලෝක යුද්ධය කියන්නේ ලෝකේ ගොඩක් දේවල් වෙනස් කරපු දෙයක්. ඒක බොහොම දිග කතාවක් නිසා සහ ඒ ගැන ඕන තරම් විස්තර ලියවිලා තියන නිසා ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ. කොහොම වුණත් මේ පරම්පරාව අලුත් ලෝකයක උපන්න නිසා මේ අය ටිකක් වෙනස් දේවල් බලාපොරොත්තු වුණා. ඒ නිසා මේ මාකට් එකට හරියන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න ෆෝඩ් සමාගම රීසර්ච් එකක් කළා.
මස්ටෑං එක කියන්නේ ෆෝඩ් සමාගමට අහසින් පහළ වුණු අදහසක් නෙමෙයි. Chevrolet Corvair Monza වගේ වගේ සැහැල්ලු ස්පෝට් කාර් ඒ වෙනකොටත් මාකට් එකේ තිබ්බා. 1959 දී තමයි Monza මාකට් එකට ආවේ. මේකට තරගයක් දෙන්න සහ මේවගේ කාර් බලාපොරොත්තු වෙන මාකට් එක කොයි වගේද කියලා හරියට තේරුම් ගන්න තමයි ෆෝඩ් එක සමීක්ෂණයක් කළේ.
ෆොටෝ එක ගත්තේ periodpaper වෙබ් සයිට් එකෙන් |
මේ අලුතින් එන car buyers ලා ගතානුගතික කාර් වලට වඩා sporty පෙනුමක් තියන කාර් ගැන වැඩි උනන්දුවක් තියන බව මේ සමීක්ෂණයෙන් ෆෝඩ් එකට පෙනුණා. අද වගේම එදත් සාමාන්‍ය අදායමක් තිබුණු මිනිස්සුන්ට ෆෙරාරි වගේ සුපර් කාර් ගන්න වත්කමක් තිබුණේ නැහැ. ඉතිං එයාලට අඩුවට ගන්න 'දුප්පතාගේ ෆෙරාරියක්' හඳුන්වලා දෙන්න තමයි ෆෝඩ් එක කල්පනා කළේ.
ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ අලුත් කස්ටමර්ස්ලා පරම්පරාව ඊට කලින් පරම්පරාවලට වඩා විධිමත් අධ්‍යාපනයක් ලබපු පරම්පරාවක් වීම. ඒ වෙනකොට ඇමරිකාවේ බොහෝ පිරිසක් උසස් අධ්‍යාපනය පැත්තට යොමුවෙලා හිටියා. ඒ නිසා ෆෝඩ් එකට කාර් විකුණන්න වෙලා තිබුණේ ලේසියෙන් අහුවෙන්නේ නැති පිරිසකට.
අනික් කාරණාව තමයි මේ වෙද්දී ඇමරිකාවේ ආදායම ඉහළ යමින් තිබීම නිසා පවුල්වලට කාර් එකකට වඩා තිබීම. මේ අතරින් දෙවෙනි කාර් එක පාවිච්චි කරපු සෑහෙන පිරිසක් කාන්තාවෝ. ඒ නිසා අලුත් කාර් එකක් හඳුන්වලා දෙද්දී එයාල ගැනත් විශේෂ අවධානයක් යොමුකරන්න ෆෝඩ් එක තීරණය කළා.
කොහොම වුණත් අති විශාල මාකට් එකක් පස්සේ එළවන්න ෆෝඩ් එකට අවශ්‍ය වුණේ නැහැ. ඒ දවස්වල මාකට් එක කියන්නේ හැමදේම නෙමෙයි. ඩිසයිනර්ස්ලට තමන්ට අවශ්‍ය දේ කරන්න සැලකිය යුතු නිදහසකුත් ඒ කාලේ තිබුණා. ෆෝඩ් එක කල්පනා කළේ ප්‍රමාණයෙන් පොඩි, ස්පෝර්ට්ස් ලුක් එකක් තියන, සාධාරණ ගානකට ගන්න පුළුවන් කාර් එකක් නිර්මාණය කරන එකයි. අවුරුද්දකට 100,000 ක් විකුණන එක තමයි එයාලගේ ටාගට් එක වුණේ. ඇමරිකාවේ හැටියට මේක ඉතාම පොඩි ගාණක්.
ඒ වෙනකොට ෆෝඩ් එකේ සාමාන්‍යාධිකාරී වෙලා හිටියේ සුප්‍රසිද්ධ Lee Iacocca. එයා ෆෝඩ් එකේ ඩිසයින් ස්ටුඩියෝස් තුනට - ඒ කියන්නේ Ford, Lincoln-Mercury සහ Advanced Design - කිව්වා මේ කාරණා හිතේ තියාගෙන ඩිසයින් එකක් හදන්න කියලා. මේ තරගයෙන් දිනුවේ Lincoln-Mercury ස්ටුඩියෝ එක. කාර් එක කාන්තාවන්ට ආකර්ෂණීය වෙන්න, හැබැයි පිරිමින්ටත් ආසා හිතෙන්න නිර්මාණය කරපු බවත්, ෆෙරාරි සහ මසරාටි කාර් වල පෙනුමෙන් ආභාෂය ලබපු බවත් මේ ටීම් එකේ ප්‍රධානියා වුණු Joe Oros 2004 අවුරුද්දේදී දීපු ඉන්ටවිව් එකකදී කිව්වා. ඒ වගේම Lee Iacocca 2014 දී දීපු ඉන්ටර්විව් එකකදී කියලා තියනවා, Chevrolet Corvair Monza එකට තරගයක් දෙන්න කාර් එකක් ෆෝඩ් එකට නොතිබුණු එක ගැටලුවක් වුණා, ඒකත් මස්ටෑං එක සැලසුම් කරන්න එක හේතුවක් වුණා කියලා.
1964 වෙනිදා පටන්ගත්තු New York World's Fair එකේදී තමයි මස්ටෑං එක මුලින්ම නිල වශයෙන් ප්‍රදර්ශනය කෙරුණේ. 1964 අප්‍රේල් 17වෙනිදා ඉඳන් සේල්ස් පටන්ගත්තා. මිල තීරණය කරලා තිබුණේ ඩොලර් 2,500 ටත් අඩුවෙන්.
Lee Iacocca 1964 දී මස්ටෑං එක හඳුන්වලා දීපු අවස්ථාව. ෆොටෝ එක්ක ගත්තේ ඔටෝනිවුස් සයිට් එකෙන්. |
කලිනුත් කිව්වා වගේ ෆෝඩ් එක හිතුවේ අවුරුද්දකට 100,000 ක් විතර විකුණන්න. හැබැයි මුල්ම දවසේ විතරක් ඕඩර්ස් 22,000 ක් විතර ආවලු. එතකොට තමයි ෆෝඩ් එකට තේරුණේ ඩබල් එකේ වැඩට නොබැස්සොත් අනාතයි කියලා...
1965/66 කාලේ ආපු මස්ටෑං එකේ විස්තර මෙහෙමයි. මේ විස්තර ගත්තේ auto.howstuffworks වෙබ් සයිට් එකෙන්.
1965/66 Ford Mustang එක:
මූලික විස්තර:
Wheelbase, inches: 108.0
Length, inches: 181.6
Curb-weight range, pounds: 2,445-2,800 (1965); 2,488-2,800 (1966)
Width, inches: 68.2
එන්ජින්::
I-6: 170 cubic inches; 101 horsepower
I-6: 200 cubic inches; 120 horsepower
V-8: 260 cubic inches; 164 horsepower
V-8: 289 cubic inches; 200-306 horsepower
ට්‍රාන්ස්මිෂන්:
Automatic: 3-speed
Manual: 3-speed, 4-speed
මිල:
Wheelbase, inches: 108.0
Length, inches: 181.6
Curb-weight range, pounds: 2,445-2,800 (1965); 2,488-2,800 (1966)
Width, inches: 68.2
එන්ජින්::
I-6: 170 cubic inches; 101 horsepower
I-6: 200 cubic inches; 120 horsepower
V-8: 260 cubic inches; 164 horsepower
V-8: 289 cubic inches; 200-306 horsepower
ට්‍රාන්ස්මිෂන්:
Automatic: 3-speed
Manual: 3-speed, 4-speed
මිල:
මොඩ්ල් එක
|
1965
|
1966
|
Coupe, I-6
|
$2,372
|
$2,416
|
Coupe, V-8
|
$2,480
|
--
|
Convertible,
I-6
|
$2,614
|
$2,653
|
Convertible,
V-8
|
$2,722
|
--
|
Fastback,
I-6
|
$2,589
|
$2,607
|
Fastback,
V-8
|
$2,697
|
--
|
GT-350
fastback
|
$4,547
|
$4,428
|
ඉස්සරලාම මස්ටෑං එකක් ගත්තා කියලා වාර්තා වෙලා තියෙන්නේ ගේල් බ්‍රවුන් කියලා ස්කූල් ටීචර් කෙනෙක්. වැඩේ කියන්නේ සේල්ස් නිල වශයෙන් පටන් ගන්න දවස් දෙකකට කලින්, dealership එකකට කාර් එක ඇවිල්ලා තියෙද්දී, කොහොමහරි අප්‍රේල් 15 වෙනිදා මේ කාර් එක අරගන්න එයාට පුළුවන් වෙලා තියනවා. ඊට අවුරුදු 50 කට විතර පස්සේ එයා එයාගේ සැමියා එක්ක එකතු වෙලා මේ කාර් එක මුල ඉඳන්ම අපහු හැදුවා. මේ ගැන ලස්සන වාර්තා වැඩසටහනකුත් මම බලලා තියනවා. මම හිතන්නේ Nat Geo එකේ. ගේල් සහ එයාගේ මස්ටෑං එක ගැන පොඩි පොඩි විස්තර ටිකක් නම් YouTube එකෙන් හොයාගන්න පුළුවන්.
ගේල් බ්‍රවුන් restore කරපු මස්ටෑං එකත් එක්ක. ෆොටෝ එක claasiccarlabs සයිට් එකෙන්. |
ෆොටෝ එක ගත්තේ timetoast සයිට් එකෙන්. |
1964 අවුරුද්දේ ආපු Goldfinger කියන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියෙත් මස්ටෑං එකක් තියනවා. එතනින් තමයි චිත්‍රපටිවලට මස්ටෑං එන්න ගත්තේ. ඒ වගේම අනික් අතට ඒක මස්ටෑං එක ජනප්‍රිය වෙන්නත් ප්‍රධාන හේතුවක් වුණා. හැබැයි මස්ටෑං චිත්‍රපටි අතරින් වැඩියෙන්ම ජනප්‍රිය චිත්‍රපටිය වුණේ සුප්‍රසිද්ධ Steve McQueen රඟපාපු Bullitt කියන ෆිල්ම් එක. Steve McQueen කියන්නේ සුපිරි තරු අතර සුපිරිම තරුවක් නිසා සහ කාර් එක්කම ජීවත් වුණු කෙනෙක් නිසා, එයාට ජැක් එක ගහපු එකෙන් මස්ටෑං එකටත් පාඩුවක් වුණේ නැහැ. අදටත් සීරියස් මස්ටෑං ලෝලීන්ට Steve McQueen වත්, සීරියස් Steve McQueen ලෝලීන්ට මස්ටෑං එකත් නිතර දෙවේලේ මතක් වෙනවා.
1965 අප්‍රේල් 7 වෙනිදා වෙද්දී මස්ටෑං කාර් 418,812 ක් විකිණිලා තිබුණා. ඒ වෙද්දී කිසිම අලුත් කාර් මොඩ්ල් එකක් අවුරුද්දක් ඇතුළත ඒ තරම් විකිණිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒක වාර්තාවක් වුණා. 1966 වෙද්දී විකිණිලා තිබුණු මස්ටෑං ගාන මිලියනයකටත් වැඩියි.
- මතු සම්බන්ධයි-
(දෙවෙනි කොටසින් අපි ෂෙල්බි මස්ටෑං එක ඇතුළුව මස්ටෑං පළවෙනි ජෙනරේෂන් එකේ විශේෂ මොඩ්ල්ස්, ඉන්ධන අර්බුදය වගේ ගැටලු නිසා පළවෙනි ජෙනරේෂන් එකේ මස්ටෑං එක පෙන්ෂන් යවන්න සිද්ධ වීම සහ මස්ටෑං එක නිසා ඇතිවුණු සමාජ සංස්කෘතික රැලි ගැන කතාකරමු).
මරේ මරු අයියේ. අනිත් කෑල්ල එනකන් බලගෙන ඉන්නව.
ReplyDeleteඅඩේ......... මම පලවෙනිය!
Deletelol. ස්තූතියි මල්ලි :)
DeleteThis comment has been removed by the author.
Deleteමමත් ඔය මැස්ටන් එක හැමදාම දකිනවා. දැන්නම් ටයර් වල හුලනුත් බැහැල ෆ්ලැට් වෙලා. සයිඩ් කන්නාඩියකුත් ගලවාගෙන ගිහිල්ලා. හෙට දිහාවට ෆොටෝස් ටිකක් අරන් ෆේස්බුක් දන්න බලන්නම්.
Deleteශැහ්.... මහවැලි කල්කිරි එකක් බිව්ව වගේ... රහ දැනිල විඳින්න හදනකොටම ඉවරවෙලා.. ඊලඟ එක ඉක්මනටම දාන්න.
ReplyDeleteමං ම්ස්ටෑං ගැන හොඳටම දැනගත්තෙ fast and furious film සෙට් එකෙන්..
ප්‍රතිචාරෙට වගේම උපමාවටත් ස්තූතියි :) දෙවෙනි කොටස ඉක්මනට ලියන්නං...
Deleteමනෝෂ්. මටත් ඔය සීන් එක තියෙනවනෙ බං. මම නිතර කෑම පාලනය ගැන හිතන එකා. ඒ වුනාට ඔය කිරි පැකට් එක විතරක් නෙවෙයි, අර ඩ්‍රිංකිං යෝගට් එක, නිකං යෝගට් එක හෙම මට එකක් කෑවාම ඔහොම වෙනවා. අර ඩ්‍රිංකිං යෝගට් මට එක පාර තුනක්විතර බොන්න පුලුවන්. නමුත් එහෙම බොන්නෙ නෑ. හරි නෑනෙ ලෝකෙ ආහාර අහේනියක් තියෙද්දි එහෙම කරන එක.
Delete++++++++++++++++
Deleteඅම්මප ඇත්ත.. ! මට ඔය ලෙඩේ දරුණුවටම තියෙන්නෙ මහවැලි කල්කිරි,ඩේලි චොකලට්,කොත්මලේ වගේ ඒව එක්ක.. හැබැයි මග්‍ර් වෙලාවට දැන් කොත්මලේ ලීටරේ චොකලට් එකක් එනව.. අම්මේ කලින් අර රස දැනීගෙන එනකොටම ඉවරවෙන 170ml හුන්ඩු පැකට් එක මතක් කරකර අර ලීටරේ එක කට තියල එක හුස්මට් බීගෙන යන්කොට දැනෙන ෆීලිං එක..... හැක්..හැක්..
යෝගට් පානයත් අයියො.... එව්ව මොකට ඔච්චර පොඩියට හැදුවද මංදා... :-)
ඔබට ස්තුතියි, මේ වැදගත් විස්තරයට,
ReplyDeleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි නන්දන...
Deleteහොඳටම රෙෂ්පට් මචෝ..ඊළඟ එනකං ආසාවෙන් බලං ඉන්නෙ.
ReplyDeleteබොහොම ස්තූතියි පත්තර මල්ලි. ඉක්මනට ලියන්නං...
Deleteඒ ඔට්ටු නෑ බං මෙහෙම කරන්න... රස කෑමක් කන්න වගේ ඩිංග ඩිංග පෙරේත කමෙන් කියවං ආවෙ... හෙණ ගහන්න වගේ ඉවර කරලනෙ...
ReplyDelete:) සමාවෙන්න. වැඩ අධික නිසා කොටස් දෙකකට කඩන්න වුණා. ඊළඟ කොටස ඉක්මනට දාන්නම්...
Deleteඇගේ මෛලුත් කෙලින් වෙනවා, ස්තුතියි මචෝ . දෙවෙනි කොටස දානකන් බලන් ඉන්නවා
ReplyDeleteබොහොම ස්තූතියි තනුජ. ඉක්මනට ලියන්නං...
Deletepiisu hadei , oya baby boomers la thama Harley 1k udata aran , passe kale buell 1k ta kelewweth
ReplyDeleteමම කවදාහරි ගර්භනී මවුවරු ගැන ලිව්වොත් උඹ එතෙන්ට ඇවිත් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය සහ Buell එකේ අභ්‍යන්තර දහන ක්‍රමවේදය අතර සමානකම් කියවයි... :D
Deleteනියමයි ....
ReplyDeleteස්තූතියි මිතිල :)
Deleteඅදනං බොහොම කොටයි , "ඒත් මොකෝ, මස්ටෑං නේ!"
ReplyDeleteහැක්... ඇත්ත. කරුණුත් වැඩියි වැඩත් වැඩියි. දඩිබිඩි ගාලා ලියනවට වැඩිය හෙමින් සීරුවේ කොටස් දෙකකට ලියන එක හොඳයි කියලා හිතුණා...
Deleteනියමයි බන් අනිත් කොටස එනකන් මග බලන් ඉන්නවා.පුලුවන්නම් අනිත් කාර් ගැනත් දාන්න
ReplyDeleteඅනිත් කාර් වර්ග කීපයක් ගැනම මේකේ පරණ ලිපිවල වගේම මගේ අනික් බ්ලොග් එකේ- ඒ කියන්නේ 'අලුත් කාර්' එකෙත් තියනවා. ගිහින් බලන්න. අලුත් කාර් එකේ ලින්ක් එක තියනවා මේ බ්ලොග් එකේ උඩම දකුණු පැත්තේ. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි...
Deleteනියමයි බන් අනිත් කොටස එනකන් මග බලන් ඉන්නවා.පුලුවන්නම් අනිත් කාර් ගැනත් දාන්න
ReplyDeleteනියමයි බන් අනිත් කොටස එනකන් මග බලන් ඉන්නවා.පුලුවන්නම් අනිත් කාර් ගැනත් දාන්න
ReplyDeleteෆෝර්ඩ් එකේ මොකෝ ෆ්‍රෙරාරි අස්සයව ගහලා...
ReplyDeleteMustang කියන්නේ ඇත්තටම අශ්වයෝ වර්ගයක් නේ සෙන්නා. ඒකයි ඒ...
DeletePrancing horses or stallions.
Deleteදැන් මම කියන දේ තරිඳු ලියන්න හිතා ඉන්න දෙයක් වෙන්න පුලුවන් නිසා ඉතාම කෙටියෙන් කියන්නම්, මස්ටෑං බැජ් එකට මොනවද දාන්නෙ කියලා හුඟක් කතා බහ සාකච්ඡා ඇතිවුනා. එක එක සත්තු ගැන හිතුවත් සමහරු දැනටමත් වෙනත් සමාගම් පාවිච්චි කරලා. පෝනියෙක් ඩිසයින් කලේ සියවෙනි දවසෙ විතරලු.
Deleteඑතකොට අස්සයා වමට දුවනවද දකුණට දුවනවද, එහෙම දුවන්නෙ ඇයි කියන එකත් විවාදයට ලක්වෙච්ච කාරණයක්. අන්තිමේදි අර පෝනියට වඩා මස්ල් මෑස් එක වැඩි අස්සයෙක් හොඳයි කියලා තීරණය වුනා.
Ferrari අස්සය ගැනත් තියෙනවා පළමු ලෝක යුද්දෙදි ප්‍රහාරක යානාවෙ බඳේ පින්තාරු කරලා තිබ්බ අස්සයෙක් සම්බන්ද කතාවක්. ඉතාලි කාරෙකට ජර්මන් නගරයක් සංකේතවත් වුනු අස්සයෙක් ආපු එකත් වෙනම කතාවක්
බොහොම පිං 🕉🙏
ReplyDeleteප්‍රතිචාරෙට ස්තූතියි...
Deleteඒත් මොකෝ, මස්ටෑං නේ! හිටං කියල ඊගාව කෑල්ල එනකං ඉන්නං.
ReplyDeleteජනතාවගේ ඉල්ලීමට බෑ කියන්න බෑ අපේ හාංදුරුනේ කියලා මාත් ලියන්නං... හැක්...
Deleteමගෙ මස්ටෑං එකෙත් බොඩිය කොහෙහරි සෙල්ලම් බඩු පෙට්ටියක තිබුනා කාලෙකට ඉස්සර.
ReplyDeleteඒකෙ හැඩේ මට කටපාඩං ඔය නිසාමයි. මමත් කොච්චර ඕක එලවලා ඇද්ද හිතෙන්.
ස්ටීව් මැක්වීන් මැරුණෙත් මම හිතන්නෙ අර ඇස්බැස්ටස් කෙඳි ආශ්‍රිත පෙනහලු පිලිකාවකින් මම හිතන විදියට. ක්ලච් ලයිනිං බ්‍රේක් ලයිනිං වලත් ඇස්බැස්ටස් අඩංගුයි නේද?
ඔය මැක්වින් සහ අර මැක්වින් කාර් එක (මේක ඇත්තටම තියන කාර් එකක්ද මංදා... හැබයි කාටුන් වල හරි එහෙම එකක් තියනවා) අතර සම්බන්ධයක් තියනවද ? මම ඉස්සෙල්ලම මැක්වින් කාර් එකක් ගැන අහුවේ අපේ පුත්‍රයගෙන්.. මිනිහත් කර් පිස්සා...මෑන්ට දැනටම පුලුවන් හුඟක් කාර් වල හැඩයෙන් නම කියන්න..
Deleteසෙන්නා, මැක්වින් නෙවෙයි මැක්ලැරන් කියලා නම් කාර් එකක් තියෙනවා. මම කිව්වේ ස්ටීව් මැක්වීන් නලුවා ගැන. එල කොල්ලෙක් තමා.
Deleteඅපි පොඩි කාලෙ කාර් එකේ හැඩෙන් සද්දෙන් හඳුනා ගන්න එක හුඟක් ලේසියි. නමුත් දැන් ඒක ලේසි වැඩක් නෙවෙයි හිතන තරම්. බැජ් එක දකිනකල් සමහර කාර් අඳුනගන්න බෑ එක වගේ. ඒ මොකද කාර් නිශ්පාදකය සමාන්තර මාදිලි නිකුත් කරන නිසා මම හිතන්නෙ.
අන්න වාහන...කතාව නම් පට්ට අය්යේ...අනිත් එකත් mustang එකකම ඉක්මනට එවන්න කියවන්න ...
ReplyDeleteසුපිරියටම කට් ඇන්ඩ් පොලිෂ් කර ගන්න නම් මට කතා කරන්න අවශ්‍ය නම් ගෙදරටම එනවා..ස්තුතියි.
ReplyDelete