Saturday, June 17, 2017

9 ශ්‍රී 5333 කතරගම ගමන - පළවෙනි කොටස (උස්සන්ගොඩ)


උස්සන්ගොඩ ජාතික උද්‍යානය කියලා ගහල තියන බෝඩ් එක තියන පාරේ දිගට ගියාම හම්බෙන්නේ හෝටලයක් මිසක් උස්සන්ගොඩ ජාතික උද්‍යානය නෙමෙයි. උද්‍යානයට යන්න නම් හෝටලය පේන මානෙන් දකුණට හරවන්න ඕනේ.

එහෙම දකුණට හැරෙව්වට පස්සේ යන්න තියන පාර දැක්කම මට මතක් වුණේ කුරුලෑ ප්‍රහාරයකට අහුවෙලා කන්නාඩිය ඉස්සරහා ජීවිතේ ඇඹුලට විඳින නාඹර ගෑනු ළමයෙකුගේ මූණක්...

ඒ තරමට වළවල්...

9 ශ්‍රී 5333 එක්ක කතරගම යන්න තීරණය කරගත්තු ගමන් අපේ පළවෙනි ඉලක්කය වුණේ උස්සන්ගොඩ. මම උස්සන්ගොඩ ගැන ඉස්සරලාම ටිකක් ගැඹුරට විස්තර දැනගත්තේ 2008 අවුරුද්දේදී. ඒ කාලේ කතරගම පෙරහැරේ සංවිධාන කටයුතු කරපු එක්තරා පෞද්ගලික සමාගම බොහොම කනිෂ්ට තනතුරක් මට ලැබිලා තිබුණා. ඒ කාලේ හැටියට ඒක මට dream job එකක් වෙලා තිබ්බේ.

ඒ දවස් වල ඉඳන්ම උස්සන්ගොඩ දැකබලාගන්න යන්න ඕනෑකම තිබ්බත් කාර් පිස්සුව හැදෙනකල්ම මට ට්‍රිප් යනවා කියන එක කම්මැලි අත්දැකීමක් වෙලයි තිබුණේ. වෑන් එකක දණිස් හිරකරගෙන ගිහින් හැමෝම යන පන්සල් ටිකයි බීච් ටිකයි කෑම කඩ ටිකයි බලාගෙන එන එකේ ආතල් එක මොකක්ද කියන එක මට තේරුණේම නෑ. ඒ නිසා එහෙම ට්‍රිප් මතක් වෙනකොට මට දැනුණේ පැනඩෝල් පෙත්තක් ඔබපු කරවිල ගෙඩියක් චාර්වක දත්වලින් හපලා චොලචොල ගගා තලු ගගහා කනවා වගේ හැඟීමක්. 



9 ශ්‍රී 5333 ඉස්සරලම හයිවේ දැම්ම දවසට පස්සේ මේ ඔක්කොම දේවල් වෙනස් වුණේ ගෙම්බෙක් මැස්සෙක් ගිලින වේගෙන්. ටොල් බූත් එකෙන් නික්මිලා අර කුඩමිට වගේ විහිදෙන බෙන්ඩ් එක දිගේ ගිහින් හයිවේ එකේ පිඹගෙන දුවන අනූව දශකේ සහ සහශ්‍රකේ වාහන කන්දරාව අතරට එකතු වෙනකොට බීට්ල් එක එන්ජිමෙන් හිනාවෙන්න ගන්නවා. විසිල් එකට පෙමින් බැඳුණු එයා-කූල්ඩ් පිස්සන්ට ජීවිතේ අමධාරා වෙන්න ගන්නේ මෙතන ඉඳන් තමයි. මේ අමධාරා උල්පතේ රස උතුරා කන සාක්කුවේ වැටෙන්න ඩෝප් වුණාට පස්සේ මම පාන් ගන්නත් හයිවේ දාන තත්ත්වයක් උදා වුණා. අදටත් මම කොහෙහරි යන්න වුවමනා වුණාම ගූගල් මැප් එකට බල්ටියක් ගහලා 'පිස්සෙක් වගේ පිස්සෙක් වගේ' බලන්නේ හයිවේ එකට දාලා එහෙට යන්න පුළුවන්ද කියන එකයි.


සුපුරුදු විදිහටම ගමන පිටත් වෙන්න කලින් මම 9 ශ්‍රී 5333 ලෝකේ හොඳම මිනිස්සුන්ගෙන් කෙනෙක් වන මගේ හිතමිත්‍ර මිකැනික් දයානන්ද අයියා ගාවට සෞඛ්‍ය පරීක්ෂණයකට එක්කන් ගියා. පොඩි පොඩි තෙල් සාත්තු සහ නස්න දෙක තුනකට පස්සේ මට ගමනට ඕකේ එක ලැබුණා. ඊට පස්සේ ටයර් ටික චෙක් කරවලා, රවුමක් දෙකක් දුවලා බලලා, ෆුල් වොෂ් එකක් එහෙම දීලා අපි පහුවදා උදේ ගමන පිටත් වුණා. පානදුර ඉඳන් මහරගම ගිහින් අපේ ගමන් සගයා වුණු ඉන්දික සිරිමාන්නවත් දාගෙන තමයි අපි කොට්ටාවෙන් හයිවේ එකට දැම්මේ.

මීට කලින් මට 9 ශ්‍රී 5333 එක්ක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ ඉඳන් මාතරටම යන්න ලැබිලා තිබ්බේ නැහැ. ගැලනිගමින් දාලා පිටත වටරවුම් මාර්ගයේ කඩවතින් එළියට එන එක සහ ඒ ගමනේ අනෙක් පැත්ත වගේම කටුනායක අධිවේගී මාර්ගයේ මුළු දුරම වගේ ගොඩක් ක්‍රම වලට අධිවේගී මාර්ග ආවරණය කරලා තිබ්බට මට කොට්ටාවේ ඉඳන් මාතරට යන්න ලොකු වුවමනාවක් තිබ්බා. ඔය දුර එක දිගට නොනැවතී දුවන්න ඕනෑකම තිබ්බත් ඉතින් බඩපණුවෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ බඩ ගැන හිතහිතා දඟලන්න ගත්තු නිසා වැලිපැන්නේ නවත්තලා ඒකෙ තියන මෙලෝ රහක් නැති කෑම කාලා තමයි යන්න වුණේ. 




මාතර නිල්වලා පිවිසුමෙන් එළියට ඇවිත් මාතර ටවුමට ආවට පස්සේ එතන ඉඳන් අම්බලන්තොට පහුකරලා වරාය පිවිසුම පේන මානෙන් මිරිජ්ජවිල පැත්තට යන්න වමට හරවනකල් පාර සෑහෙන්න පටුයි. ඒක බස් රේස් යන, ටිපර් කොටන, ඩීසල් ත්‍රීවීලර් නැළවෙන පාරක්. ඒ නිසා ඒ ටික පහුවෙන්නේ කොයි වෙලේද කියලා හිතහිතා තමයි මම කොයි වෙලේ ගියත් යන්නේ.

මිරිජ්ජවිල උද්‍යානෙ පැත්තට හරවන්න කලින්, හුංගම හරිය පහු කරගෙන ලුනම පැත්තට කිට්ටු කරනකොට තමයි උස්සන්ගොඩ හම්බවෙන්නේ. ගූගල් මැප් එකේ හරවන්න කියලා දෙන තැනින් හරවන්න බැහැ. ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඔය නෝනාගම වැව කියලා මාක් වෙන හරියේ උස්සන්ගොඩ ජාතික උද්‍යානය කියලා බෝඩ් එක ගහලා තියනවා. එතනින් හරෝලා ටික දුරක් ගිහින් දකුණට හැරෙව්වම තමයි අර නාඹර ගෑනු ළමයාගේ මූණ වගේ පාර හම්බවෙන්නේ.

කුණාටුවකට අහුවුණු බිල්බෝඩ් වගේ අනාථමාරුත පෙනුමක් තියන පුංචි කඩපේළියක් ඉස්සරහ තියන ගස් නොවැවුණු පුංචි ඉඩකට තමයි උස්සන්ගොඩ කාර් පාක් එක කියලා කියන්නේ. එතනින් එහාට වාහන දාන්න බැරිවෙන්නේ තඩි ගලක් දාලා තියනවා. ඒ තඩි ගල උඩින් පැනලා ඉස්සරහට ගියාම පේන්නේ රතුපාට සහ කොළපාට පිරුණු ස්වභාවධර්මයේ මාස්ටර්පීස් එකක්...


උස්සන්ගොඩ කියන්නේ රාවණාගේ දඬු මොණරේ බාපු තැන කියලා හිතන්න තරමට මොළේ අමාරුවක් මට නැති නිසා ගොඩක් අය වගේ මමත් සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ මෙතනට උල්කාෂ්මයක් වැටිලා කියලයි. නමුත් මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මෙත්තිකා විතානගේ සහ අනුෂ්කා උපමාලි රාජපක්ෂ ලියපු 'උස්සන්ගොඩ වටා ගෙතුණු මතවාද සහ එහි ඓතිහාසික පසුබිම' කියන ලිපියේ බොහොම පැහැදිලිව කියලා තියනවා මේක වෙනත් ස්වාභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව. ඒ ලිපියට අනුව මෙතන ඉස්සර භූ තල මායිමක් තිබිලා තියනවා. ඒ භූතල මායිමේ මැග්මා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවුණු 'සර්පන්ටිනයිට්' කියන පාෂාණයක් තමයි මෙතන තියෙන්නේ. මේ ගැන විස්තර මෙන්න මේ ලින්ක් එක ක්ලික් කළොත් බලාගන්න පුළුවන්.




උස්සන්ගොඩ පිහිටීම අමුතුයි. ශාක වැවීම අමුතුයි. හාත්පස දර්ශනය අමුතුයි. මේ නිසා හුළග පවා දැනෙන්නේ අමුතුවට. ඒක හරියට අලුත් ආදරේක කුළුඳුල් නෝක්කාඩුවයි ආයේ හාද වීමයි අතර තියන අමුතු සිතිවිලි මල්මාලාව වගේ හැඟීමක්. හැමදාමත් ට්‍රිප් කියලා බීච් අස්සෙයි දියඇලි අස්සෙයි බිස්නස් සෙන්ටර් බවට පත්වුණු පන්සල් අස්සෙයි රිංගන අපට ඒක එදා උස්සන්ගොඩ කාර් පාක් එක ඉස්සරහ කඩේකින් බීපු ගම්මිරිස් මිශ්‍ර දොඩම් වීදුරුව වගේම refreshing අත්දැකීමක්  වුණා.

උස්සන්ගොඩ භූමියේ කැලේ වගේ වැවිලා තියෙන්නේ තැන් කීපයක විතරයි. අනික් හැම තැනම තියන තුනී කොළපාට පාපිස්සක් වගේ වැවුණු පැළෑටි ආවරණයක් විතරයි. මේ ආවරණය මැද්දෙන් දෙතුන් පැත්තකට අඩි පාරවල් පෑදිලා තියනවා. මේ දර්ශනය හරියට පුංචි දරුවෙකුගේ උපන්දිනේකට හදාපු කොළපාට අයිසින් ගාපු රතුපාට කේක් එකක් වගේ. පොඩි එකා කේක් එක එහෙන් මෙහෙන් උලාකාලා වගේ තමයි කොළ පාටයි රතු පාටයි මාරුවෙන් මාරුවට දර්ශනය වෙන්නේ.



කැලෑව වැවිලා තියන තැන් මැද්දෙන් පෑදිලා තියන පුංචි පාරවල් දිගේ පතොක් කටුයි ගස්වල අතුයි බේරගෙන මූදු වෙරළ පැත්තට ඇවිදන් යනකොට දැනෙන්නේ අපි නොදන්නා දේශයක ඝන වනාන්තරයක් මැද්දෙන් ඇවිදන් යනවා වගේ. කවදාවත් ගිහිල්ලා නැතිවුණාට මට ඇමරිකාවේ නිව් ජර්සි වල කැලෑවල් සහ ජර්සි යකා මතක් වුණා. ජර්සි යකා වෙනුවට උස්සන්ගොඩදී පරිස්සන් වෙන්න ඕන පතොක් කටු සහ බෝතල් කටු වලින්. පතොක් කටු නම් ඉවසන්න පුළුවනි, ඒත් බෝතල් කටු දැක්කම උස්සන්ගොඩ රක්ෂිතය තරම් විශාල මලක් පනිනවා. මේ පඳුරු යායවල් අස්සේ මීට වඩා දේවල් තියන/කෙරෙන/වෙන බව ඉන්දික අපට කිව්වා. කොටින්ම ඉරිච්ච ඇඳුම් කෑලි පවා කටු අතු අස්සේ එල්ලි එල්ලි තියනවා.  


මේ හැම දේකින්ම අපට පේන්නේ හරිහමන් විනෝද සංස්කෘතියක් හෝ ලිංගික සංස්කෘතියක් නැති, සදාචාරේ කියන ට්‍රාන්ස්පේරන්ට් ජංගිය ඇඳගෙන පොරටෝක් දිදී පරිසරයත් විනාස කරගෙන තමනුත් විනාස වෙන අසංස්කෘතික ජාතියක බලි රූප තමා... රිදුණා නම් සිද්ධාලේප මිලිග්‍රෑම් පහක් ඇඟිල්ලට අරන් එන්ජින් ඔයිල් පොඩ්ඩක් කලවං කරලා කැමති ඕනෑම තැනක ගාගන්ඩ...

කැලෑව පහුකරගෙන ගිහින් බීච් එකට ගියාම පේන්නේ රළ පාරේ නිරන්තර වූෂු පාරවල් වලින් යටිබඩ නිල්වෙන්න බැට කමින් ඉන්න බොහොම vulnerable උස් භූමියක්. බීච් එකට බහින තැනක් හොයාගන්න එක කම්මැලි නැති ගරාජ් බාස් කෙනෙක් හොයාගන්නවා වගේ අමාරුයි. වෙරළට බැස්සම තේරෙනවා වැල්ල සෑහෙන්න එරෙනවා කියලා. ඒ වගේම සමහර තැන්වලින් හිතන්න බැරි තරම් දුරකට රැල්ල ඇතුළට ගහනවා. ඒ නිසා රැල්ල පාගන්න වගේ දේවල් වලට නොයා ඉන්න තරමට හොඳයි. මොකද අපි ගිය දවසේ රැල්ල ඒ තරම් සැරට තිබුණා. මූදු රැල්ලක් දැක්ක ගමන් කුරුම්බැට්ටිය පොල් ගස් පල්ලට වැටෙන වේගෙන් ඒ පැත්තට දුවන කෞශිව නවත්ත ගන්න මට සෑහෙන ගේමක් දෙන්න වුණා.





අනික් අතට බීච් එකත් බෝතල් කටු, ප්ලාස්ටික්, පොලිතින් වලින් පිරිලා. ඊට වඩා අප්පිරියා හිතෙන දේවල් වුණත් බොහොම ලේසියෙන් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ජනාකීර්ණ තැනක් නොවෙන උස්සන්ගොඩට මෙහෙම වෙනවා නම් අනික් තැන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බිඳිච්ච අරක්කු බෝතල් සහ පාවිච්චි කරපු ආරක්ෂක උපාංගවලට බයේ අඩිය තියන්න වෙනකොට හිතෙන්නේ මීට හොඳයි 4DR5 එකක් අරගෙන ආවා නම් කියලයි.





කොහොම වුණත් පොඩි උත්සහයක් ගත්තම මේ තුප්පහි වැඩ පොඩ්ඩක් අමතක කරලා උස්සන්ගොඩ පරිසරය ඇහැ පුරා, නහය පුරා, ඇඟ පුරා, හිත පුරා විඳගන්න පුළුවනි. මට තැනකට ආයේ ආයේ යන්න හිතෙන්නේ බොහොම කලාතුරකින්. බැංකොක් ඇරෙන්න වෙන කිසිම තැනකට මට නැවත නැවත රිංගන්න හිතෙන්නේ නැහැ. නමුත් ආයේ දවසක චාන්ස් එකක් ආවොත් උස්සන්ගොඩට එන්න ඕනේ කියලා මම හිතාගත්තා.

පැයක් දෙකක් උස්සන්ගොඩ භූමියෙයි මූදු වෙරළෙයි ගැවසිලා අපි ආපහු කාර් පාක් එක පැත්තට ආවා. සාමාන්‍යයෙන් පුංචි කඩ කෑලිවලින් දොඩම් හෝ බෙලිමල් වගේ දේවල් බොන එක ට්‍රිප් එකක අනිවාර්ය අංගයක් නිසා අපි කඩේකටත් ගොඩවුණා. එතනින් ලැබුණු ගම්මිරිස් මිශ්‍ර කරපු දොඩම් වීදුරුවේ රස නම් කියලා වැඩක් නැහැ. මීට කලින් ඒ සුසංයෝගයේ රහ දිවට දැනිලා නොතිබුණු අපි පළවෙනි උගුරෙන් පස්සේ ඒ දොඩම් වීදුරුව තලු මැරුවේ හරියට දවස් දෙකක් රවුම් ගහල ආපු පූසෙක් කිරි පීරිසියක් බීගෙන බීගෙන යන තරමේ පෙරේතකමකින්. එතන තව පොල් රොටි වගේ දේවල් තිබුණත් දවල්ට කන වෙලාව ඇවිත් තිබුණු නිසාත්, ඉක්මනට ගල්කණුමණ්ඩිය පැත්තට යන්න ඕන වෙලා තිබුණු නිසාත් අපි එතනින් පිටත් වෙලා ආපහු අර නාඹර ගෑනු ළමයාගේ මූණ දිගේ ගිහින්, කෙසෙල් වගාවල් සහ මීහරක් රංචු යායක් මැද්දෙන් ඇවිත් තංගල්ල පාරෙන් දකුණු පැත්තට දාලා ඇක්සලරේටරේ නිසි පමණට පාගලා බීට්ල් එකේ විසිල් එකෙන් පාර දෙවනත් කළා.

කන්න තැනක් හොයහොය යන ගමනුත් අපි කතා කළේ මීට වඩා ප්‍රයෝජනවත් විදිහට උස්සන්ගොඩ සම්පත පාවිච්චි කරන්න ලංකාව අසමත් වුණේ ඇයි කියන එකයි. මේක සංචාරකයෝ අදින්න පුළුවන් කාන්දමක්. හැබැයි ලංකාවේ එවුන්ගේ ගෝත්‍රික මානසිකත්වේ නිසා ඔය වගේ යෝජනාවක් ආපු ගමන් එක සෙට් එකක් පාර හරස් කරලා යටිගිරියෙන් කෑගහන්න ගන්නවා. තව කට්ටියක් සුද්දෝ ආවම සල්ලි කඩාගන්නයි සුද්දියෝ ආවම ලිංගික යෝජනා කරන්නයි ප්ලෑන් ගහනවා. ශිෂ්ට සම්පන්න  රටක මෙහෙම තැනක් තිබ්බා නම් මේක මීට වඩා කොච්චර විධිමත් විදිහට පාලනය වේවිද කියලා හිතෙනකොට දුකයි.



මොනවා වුණත් අපට ඉල්ලන්න පුළුවන් දේ මෙච්චරයි. උස්සන්ගොඩ බලන්න යන්න. ඔය හැමදාම දකින සීමාසහිත පන්සල පුද්ගලික සමාගම් වලට වඩා සහ බේබද්දෝ දවස් හතරේ නිවාඩුවට බොන්න රිංගන දියඇලි වලට වඩා මේ වගේ තැනක් බලන එක වටිනවා. හැබැයි බොන්න ඕන නම් බාර් එකකට යන්න. ලිංගිකව හැසිරෙන්න ඕන නම් හෝටලේකට යන්න. මූදේ නාන්න ඕන නම් උණවටුනේ යන්න. කෑගහන්න ඕනේ නම් මැච් එකක් බලන්න යන්න.

ලංකාවේ ස්වභාව සෞන්දර්යයේ පිස්සු බම්ප් වෙන නිර්මාණයක් සංවරව බලන්න කැමති නම් උස්සන්ගොඩ එන්න...

(ඊළඟ කොටසින් 9 ශ්‍රී 5333 ගල්කණුමණ්ඩිය සහ යටාල බලන්න ගිය හැටි ගැන කතාකරමු)

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
17.06.2017 
www.facebook.com/CarPissuwa

(බීට්ල් එක හයිවේ එකේ දුවන ෆොටෝ තුන ගත්තේ ඉන්දික සිරිමාන්න. ඉතුරු ෆොටෝ ගත්තේ මම).



65 comments:

  1. නියමයි නියමයි ලොක්කාහ් :) :) (Y)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහන් මලයෝ :)

      Delete
  2. අපිත් ඔතනට ගියා. මග දුටි කෙසෙල් වතු මනරම්. මුනින්ම ගියෙ පාර වැරදිල දකුණු පැත්තෙ තිබ්බ ගරා වැටුන ඉස්කෝලෙක්ට. ඒක අහවල් විමානයක් වගේ , යනකොටත් කට්ටියක් එතන. පස්සෙ හරවගෙන ආයි හරි තැනට ගියා. ඒත් කිසිම ආරක්ෂාවක් නැති, මොබ් එකකට ගොදුරු වෙන්න පුලුවන් තැනක් වගේ පෙනුන නිසා ඉක්මනටම ආව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නමුත් අපි යද්දී එතන පොලීසියේ life guards ලා සෙට් එකක් හිටියා. ඒ නිසා අපට ඒක වැඩිය දැනුණේ නැහැ. එතන isolated නිසා එහෙම පේන්නේ. Incidents මොනවා හරි තියනවද කියලා හොයලා බලන්න ඕනේ. දැනට නම් එහෙම වාර්තා මොකුත් දැක්කේ නැහැ...

      Delete
  3. Replies
    1. ස්තූතියි මිතිල... :)

      Delete
  4. අර මැප් එකේ අවුල විසඳමු. දැන් පාරවල් අඳින්න බෑ ඉස්සර වගෙ. ඒත් වරදින එක හදන්න බලමු

    ReplyDelete
    Replies
    1. මං අන්න විස්තරේ ෆේස්බුක් එකෙන් දැම්මා මචං. ඒක එහෙමට අවුලක් නෙවි.

      Delete
  5. කාර් පිස්සුව කියන්නේ කාර් වලට ආදරේ මිනිස්සුන්ට තියන තැනක්. අපි ශිෂ්ට සම්පන්න විවාද වලට ඉඩ දෙන බව අපිත් එක්ක බ්ලොග් එකේ සහ ෆේස්බුක් පේජ් එකේ ඉන්න අය දන්නවා. ඒ නිසා බීට්ල් එකක රේඩියේටර් එකක් නෑ කියලා වත් නොදන්න, තමන්ගේ නමින් කමෙන්ට් කරන්න තරම් වත් ආත්ම විශ්වාසයක් නැතුව හැංගිලා ඉඳන් අනං මනං කියන සියලුම දෙනාගේ කොමෙන්ටු ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  6. / නිසා හුළග පවා දැනෙන්නේ අමුතුවට. ඒක හරියට අලුත් ආදරේක කුළුඳුල් නෝක්කාඩුවයි ආයේ හාද වීමයි අතර තියන අමුතු සිතිවිලි මල්මාලාව වගේ හැඟීමක්./

    මහ වරුසාවට පසුව නැගෙන හඳ වෙනදාටත් වැඩියෙන් එලියයි...!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
  7. මමත් උදේ 6ට විතර ඔතනට ගිහිල්ලා තියේනවා. හරිම ලස්සනයි. කටු පදුරු අස්සෙන් මුහුදට යන්න ගිහිල්ලා මග අතරමං වෙලා ආපහු ආවා.

    ReplyDelete
    Replies
    1. අපි තුන්දෙනත් ආපහු එන පාර ගැන අවධානයෙන් ගියේ... තැන විවෘතයි වගේ පෙනුණට ඇත්තටම පාර වරදින්න ඉඩ තියනවා...

      උදේ හයට විතර නම් ඒ හරිය මීටත් වඩා ලස්සන ඇති!

      Delete
  8. Bosa.. Giye nadda OCHCHAMATA? Othana uda idan baluwama Penne Nanna puluwan safe thanak.. Kanda uda idan muhuda diha baluwama wam paththen. Niyama place eka.


    Api yaddi nam othana swaminwahansela set ekak cricket match ekak gana practical dharma sakachchawak!


    H.D.S.S jayathilaka kiyala yaluwek innawada?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය කියන්නේ අර හෝටලය ඉස්සරහ බීච් එක වෙන්න ඕනේ... අපි වැරදිලා එතනට ගිහිල්ලා තමයි පස්සේ පාක් එකට ගියේ... හෝටලේ අය බොහොම කාරුණිකව අපට පාර කිව්වා...

      යාළුවාගේ නම නම් එච්චරම මීටර් නැහැ...

      Delete
    2. Postal epartment HQ inne.

      Man hithana widiyata nam eka nemey. Pradana paren ussangoda yanna harenawata ehayin harenna ona dakunatama. Mail eka thiuna nam ewanna thibba lassana pic ekak. (apinnam giye trajet ekaka. Hahahaha)

      Delete
  9. කියන විදිහට එතනත් මේ වෙනකොට විනාශ කරලා ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඔවු අප්පා... කටු අතුවල ඉරිච්ච කලිසන් එල්ලෙන තත්වෙට ඇවිත්...

      Delete
  10. සංස්කෘතිය සුදු රෙද්දෙන් වහං පස්සට ඇගිල්ලෙන් අනින සුද්දවන්තයන්ට කනෙ පාරක්...

    තව ඩිංගක් ඉවසුවනං අර කියන කාර් ගැන නොදන්න උන්ටත් දිගටම එන්න තිබුනා... කාර් පිස්සන්ට විතරක් නෙමි.. කාර් පිස්සුව හදන්නත් පුලුවං උඹට... ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයාණනි... ටවුන් වල හැංගිලා ඉඳන් ගල් ගහන පිස්සන්ට ටවුන් එකේ ඉන්න දීම අපරාධයක් නිසා මං එයින් එකෙක්ව දොට්ට දැම්මේ. ඔය වගේ උන්ගෙන් වෙන්නේ සරුසාර සංවාද බිම්කඩවල් වෙනුවට අලිබෙටි පිරුණු වලවල් හැදෙන එක විතරයි :)

      Delete
  11. //ශිෂ්ට සම්පන්න රටක මෙහෙම තැනක් තිබ්බා නම් මේක මීට වඩා කොච්චර විධිමත් විදිහට පාලනය වේවිද කියලා හිතෙනකොට දුකයි.//
    ජාතියක් හැටියට අපි ෆේල්..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ළිඳ වෙනුවෙන් මරාගන්නවා මිසක් ළිඳෙන් ගොඩ එන්න බහුතරයකට වුවමනාවක් නැහැ...

      Delete
  12. //මොනවා වුණත් අපට ඉල්ලන්න පුළුවන් දේ මෙච්චරයි. උස්සන්ගොඩ බලන්න යන්න. ඔය හැමදාම දකින සීමාසහිත පන්සල පුද්ගලික සමාගම් වලට වඩා සහ බේබද්දෝ දවස් හතරේ නිවාඩුවට බොන්න රිංගන දියඇලි වලට වඩා මේ වගේ තැනක් බලන එක වටිනවා. හැබැයි බොන්න ඕන නම් බාර් එකකට යන්න. ලිංගිකව හැසිරෙන්න ඕන නම් හෝටලේකට යන්න. මූදේ නාන්න ඕන නම් උණවටුනේ යන්න. කෑගහන්න ඕනේ නම් මැච් එකක් බලන්න යන්න.//

    +++++


    බොහොම ස්තුතියි විස්තරේට. දකුණු පළාතේම ඉඳලත් මේක බලන්න ගිහින් නෑ කියල හිතුනම නම් ලජ්ජා හිතුණ.

    ජපානේ ඇවිදින්න ගියාම හිතෙන දෙයක් තමයි, මෙලෝ රහක් නැති මෙලෝ ලස්සනක් නැති තැන් වලට value addition කරන්නට ඔවුන්ට තියන හැකියාව. එක්කෝ කේබල් කාර් එකක් දමාවි, නැත්නම් කෑවොත් තරුණ වෙන බිත්තරයක් විකුණාවි, කිසිම ලස්සනක් නැති තැන් වලත් සංචාරකයෝ පිරිල ඉතිරිල ඉන්නව.

    ඒ එක්ක බැලුවොත් ඇත්තටම ලංකාවේ ගොඩක් ස්වාභාවිකවම ලස්සන තැන් තියනව. අපට කරන්න තියෙන්නේ ඒ ලස්සන ආරක්ෂා කරගන්නයි, සංචාරකයන්ට හිතකර හා ආරක්ෂාකාරී සිස්ටම් එකක් හදන්නයි, ටිකක් මාකට් කරන්නයි විතරයි, value addition වලට අමුතුවෙන් ලොකුවට මහන්සි වෙන්න දේකුත් නෑ, මොකද ස්වාභාවික ලස්සන තියන නිසා. ඒ උනත් ඉතින් අපි ගිහින් ඒ තැන් වල බෝතල්, හිස් බාජන, තව නොයෙකුත් දේවල් දාල, අපිරිසිදු කරල, තියන ලස්සනත් විනාස කරල තමයි එන්නෙ.

    ReplyDelete
    Replies
    1. //ජපානේ ඇවිදින්න ගියාම හිතෙන දෙයක් තමයි, මෙලෝ රහක් නැති මෙලෝ ලස්සනක් නැති තැන් වලට value addition කරන්නට ඔවුන්ට තියන හැකියාව// අන්න නියම පොයින්ට් එක. අපේ එවුන්ට දීර්ඝකාලීන සැලසුම් නැහැ. එහෙම එකක් හැදුවත් වැඩේ implement කරන්න දෙන්නෙත් නෑ. අපේ එවුන් බලන්නේ වංගු ආර්ථිකයක් හදාගෙන ගසාකන්න විතරයි.

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට...

      Delete
  13. තාමත් යන්න බැරි වුනු තැනක්

    ReplyDelete
    Replies
    1. පැය දෙකතුනක් ගතකරන්න බලාගෙන යන්න...

      Delete
  14. ඔතනට මෙච්චර ළඟ ඉඳලත් මාත් යන්න අවුරුදු ගානක් පෙරුම් පිරුව. පළවෙනි දවසෙ මාත් ගියේ ඔය හෝටලේටම තමයි. එදා රෑ වෙලා තිබුණ නිසත්, මුහුදෙ තත්වෙ අති භයානකව තිබුණ නිසත් එදා බීච් එකට යන්න උනේ නෑ. නමුත් ආයෙ පාරක් කතරගම ගිහින් එන ගමන් හරි තැනට යන්න පුලුවන් උනා.
    ඇත්තටම ඔය වගේ තැන් සංචාරකයො අතරෙ මීට වැඩිය සෑහෙන්න ජනප්‍රිය කරන්න අවස්ථා තියෙනව. ඒත් ඉතිං ලංකාවෙ මිනිස්සුත් එක්ක ඒව කරන්න පුලුවන් වෙයි කියල හිතන්නෙ නෑ.

    ඔය කඩ පේළියට ‍යන පැත්තෙන්ම පහලට බැස්සම ධීවර වරායක් තියෙනව. එතනිනුත් මුහුදට බැස්සැකි.

    ReplyDelete
    Replies
    1. Muhudata bahinna eta wada supiri place eka thmay eta poddak ehayin thiyena ochchama. Gal parayak thiyenwa. Hawasata lassanay.


      Gihin thiyenwada andarege sohona balanna??? Godak kattiya yanne na.

      Delete
    2. වරාය දැක්කා උඩ ඉන්නකොට. යන්න හිතුවත් කන්ද උඩ හිතුවට වැඩිය වෙලාවක් ගතවුණා. යටාලේ සෑහෙන වෙලාවක් ගතවෙන බව දන්නා නිසා අපි වරායට බැස්සේ නැහැ. ඊළඟ පාර එහෙයි ගොඩවාය පැත්තෙයි යන්න ඕනේ...

      Delete
    3. අන්දරේගෙ සොහොන බලන්න මම ගිහිල්ල තියෙනව. හැබැයි දැන් ගොඩක් කල්.

      Delete
  15. සුපිරියට ලියල තියෙනව..... යන්න ආසාව තිබුනත් කාලය වේලාව හොයා ගන්න මට බෑ.... දුකයි....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. ඉක්මනට යන්න ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා!

      Delete
  16. ගස්ලබ්බත් ඔතෙන්ට ගිහින් තියනවා මීට වසර ගණනාවකට පෙර.ඒ දවස් වල නම් පිරිසිදුවට තිබුනා.කිරල්ලු බිත්තර දාලා බිම.ඇවිදලා යන්න බයයි මුං එනවා කොටන්න... හෙහ් හෙහ්
    හවස් කොරේ ගියේ.වශී වෙන ගුප්ත ලස්සනක් තියෙන්නෙ...
    ඔය කිට්ටුව 'වලවේ ඉන්' කියල පොඩි හෝටලයක් තිබිලා අපි අට දෙනෙක් බඩ පැලෙනකන් රසට කාලා බොහොම පොඩි බිලක් දුන්නෙ.
    බීටල් වල ගානත් බලාගෙන ඉද්දි වැඩි වෙන්නෙ.දැම්ම අරන් දාන්නත් හිතෙනවා.බාතෲම් එකක් සෙට් වෙයිද කියන බය නෙ හිතේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවේ අන්තිම කොටස දකිද්දී අනේ වාසනාවන් කියලා හිතුණා. හෙමින් සීරුවේ බලලා, මිකැනික් කෙනෙක් එක්කගෙන ගිහින් පෙන්නලා ගත්තොත් නම් නාගැනීමේ අවස්ථාව ලැබෙන්නේ නැතිවෙයි. හරියට තියනවා නම් රට වටේ යන්න මීට වඩා කියාපු වාහනයක් තවත් නෑ... ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි!

      Delete
  17. උස්සන්ගොඩ ගිහින් තියෙන හන්දා මේ කිව්ව හැම දෙයක්ම දෑහින් දැක්ක හන්දා මේ ඔක්කොම අකුරක් නෑර ඇත්ත කියල සහතික වෙන්න පුළුවන්.මම ගිය දවසේ නම් අර කුරුලෑ පාරේ කාඩ්බෝඩ් කෑල්ලක ගහල තිබ්බ උස්සන්ගොඩට කියල..අර කිව්ව පොල් අතු කඩ පෙලේ තියෙන බෙලිමල් එකක් එහෙම බිව්වේ නැත්ද හකුරු කෑල්ලකුත් එක්ක?අපි එදා දෙවතාවක්ම ඉල්ලන් බිව්වා.ඒ මිනිස්සුන්ගේ මනුස්සකම කියන්නේ අපෙන් සල්ලි ගත්තේ එක වීදුරුවකට ගාන හදල.අපේ මනුස්සකමට අපි වැඩියෙන් සල්ලි දීල ආවේ.
    අපි ගිය දවසෙත් බයික් එකක ඇවිත් හිටිය කපල් එකක්.අපි එනවා දැකල ඉක්මනට මාරු වෙලා යන්න ගියා.අයිය ෆොටෝ එකක් දමල තියෙන ඛාදනය වෙලා තියෙන තැනින් අපි වෙරළට බැස්සේ.එදත් රැල්ල සැරයි.අපි කට්ටියම එකට රැල්ල පාගන්න ගියෙත්.එක එක්කෙනා ගානේ ගියානම් එකෙක් හරි ගහගෙන යනවා.අර වරාය පෙනෙන තැන ගාවට එද්දී පඳුරු වලින් වැල් වලින් වටවුණු ගුහාවකුත් දකින්න ඇතිනේ..ඒක ඇතුලේ අර කිව්ව ආරක්ෂක උපාංග තිබ්බ තරමට අපිට දැනුනේ පුදුම කළකිරීමක්...
    අදයි මම මේ නිදහසේ බ්ලොග් එක බලන්න ආවේ.ඊලග කොටසත් ඉක්මනට වැටෙනකල් බලන් ඉන්නවා..මම බීට්ල් එකේ කතරගම ගියේ එකම වතාවයි.පේන්ට් එකෙන් පස්සේ ආයෙම ගිහින් එන්න අදහසක් තියෙනවා.මම හිතනවා අයියත් හම්බන්තොටින් එහාට තියෙන ඊ ගහක් වගේ පාරෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඇති කියල.මගේ ගාන නම් 130Kmh.ඒ එන්ජින් එක අලුත්වැඩියා කරන්න කලින්.(ඒ කාලේ ස්පීඩ් ලිමිට් තිබ්බෙත් නැහැනේ.)

    ReplyDelete
    Replies
    1. බෙලිමල් බිව්වා අපේ ගමන් සගයා ඉන්දික. ඊට පස්සේ මිනිහා දොඩම් ඉල්ලගෙන බිව්වා. හැම දේම හරිම රසයි. දැන් දුකයි රොටියක් කන්න බැරි වුණු එක ගැන. වේගේ ගැන කියනවා නම් මම හැම තිස්සෙම සීමාව ඇතුලෙ යන කෙනෙක් නිසා මම 100 න් එහාට වේගේ උස්සන්නේ නැහැ. ලංකාවේ කිසිම පාරක් ක්ලැසික් එකක 130 ට යන්න සුදුසු නැහැ කියලයි මගේ අදහස. නමුත් මොනවා වුණත් ඔයා ඉස්සර ඉඳන් අපේ කට්ටියට බීට්ල් ගැන විස්වාසේ ඇතිකරන්න දාපු කතා මට මතකයි. ආයෙත් ඉක්මනට කතරගම යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

      Delete
    2. කාර් එකේ ඇනයක් මුරිච්චියක් ගානෙම දන්න හන්දා ඒ විශ්වාසෙ තමයි තියෙන්නේ.අපි ගිය දවසේ රොටි තිබ්බේ නෑ..දොඩම් තිබ්බෙත් නෑ..බෙලිමල් දුන්නෙත් අර ලොකු වීදුරුවකට පුරවල.අපි 5ක් ගියා..කට්ටියම අර විදුරැ දෙක ගානේ බිව්වා.
      වේගෙන් යනවා කියලා කඩි කුලප්පුව හැදුනා වගේ යන එක මම අනුමත කරන්නෙත් නෑ අයියේ..මට ඩ්‍රයිවින් උගන්නපු කෙනා කිව්වේ ඒක භාවනාවක් කියල හිතන්න කියලා.මම ඒක නම් හොදටම හිතට ගත්තා.ක්ලැසික් එකක් වෙලත් බොහොම සැහැල්ලුවෙන් ඒ වගේ ස්පීඩ් එකක යන එක,ඒ වගේම බොහොම පරිස්සමට යන එක පුරුදු වුනේ එහෙමයි.කොහොමත් මම ගමනක් යන්න කලින් බ්රේක් බැලන්ස් එක,ටයර් වල හුලන් මට්ටම වගේ හැමදෙයක්ම බලල යන්නයි පුරුදු වෙලා ඉන්නේ..මොකද ඒ වගේ පුංචි දේවල් නොබල විනාඩි 5ක් ඉතිරි කරන් පාරේ යන මිනිස්සුන්ගේත් අපෙත් ජිවිත අනතුරේ හෙලන්න ඕනේ නැහැනේ..

      Delete
    3. අහන්න බැරිවුණා. ප්‍රොජෙක්ට් එකේ ප්‍රගතිය?

      Delete
    4. පේන්ට් එකට අල්ල ගත්තු එකා දවසක් වැඩ කරලා 5,000 කුත් ඉල්ලන් ගියා ගියාමයි.අන්තිමේ යන්තම් මිනිහව අල්ලගත්තේ පෙරේදා..දැන් යන්තම් ආයෙම වැඩ පටන් ගත්තා..පහුගිය දවස් ටිකේම වැස්ස හන්දා ප්‍රොජෙක්ට් එකට විරාමයක් දෙන්න සිද්ද වුනා.ඩිස්ක් බ්රේක් කරද්දී ඔරිජිනල් එන හෝස් දෙක දාන්න බෑ..ඒකට වඩා අඟල් 6ක් දිග වෙන්න ඕනේ හෝස් එක.හරියටම කිව්වොතින් අඟල් 22.5ක් හෝ 23ක් ඕනේ.ඒක කඩෙන් ගන්න නෑ..හදවන්න ඕනේ.එකකට 1,300ක් ගානේ ඔරිජිනල් වගේම දෙකක් හැදෙව්වා..

      Delete
    5. නියමයි. වැඩේ මංසන්ධියකට ආවම ෆොටෝ ටිකක් එක්ක එවන්න ෆේස්බුක් පේජ් එකට...

      Delete
    6. අනිවාර්යෙන්ම එවන්නම්. :)

      Delete
  18. ගිහිං නෑනේ හිහි
    සටහන නං පංකාදු පහයි ඈ
    ඔයිට කලිං අමිලයත් ලියල තිබ්බ උස්සංගොඩ මතකවිදියට

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි මහේෂ්... අමිලගේ සටහන මට මතක නැහැ, හොයාගන්න ඕනේ...

      Delete
  19. හැම අතින්ම මං කියවල තියන හොඳම ලියවිල්ලක් මේක.

    පල්ලෙමලල & ගොඩවාය එහෙම ගියාද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. පල්ලෙමලල නම් ප්ලෑන් එකේ තිබ්බේ නැහැ. ගොඩවායේ යන්න හිටියත් උස්සන්ගොඩ වැඩි වෙලාවක් ගතවුණු නිසා සහ යටාලට වැඩි අවධානයක් දෙන්න අවශ්‍ය වුණු නිසා නොයා හිටියා. ඊළඟ පාර අනිවාර්යයෙන් ගොඩවායේ යන්න ඕනේ. ඒක මට සෑහෙන්න වැදගත්...

      Delete
  20. මචං මම එදා ඔයාව දැක්කේ මේ ගමන ගිහින් එනකොට නේද? මගේ විශ්වාසයක් තිබුනා උඹව මට මහ පාරෙදි කවදා හෝ හමුවෙයි කියලා. මම දකින හැම ෆෝක්ස් එකේම නොම්මර තහඩුව කියවන එක පුරුද්දක් උනා මේ "කාර් පිස්සුව" නිසා. එදා මම වයිෆ් එක්ක එයාලගෙ අම්මලගෙ ගෙදර යනකොට තමයි මම ඔයාගෙ ආදරනීය ඉබ්බාව දැක්කේ. ඌ හරි අපූරු ඉබ්බෙක්. මම උඹව දැක්ක ගමන් අර ඒකාලේ ඇම් ජී ආර් ව දැක්ක තමිල්නාඩුවේ රසිකයෙක් වගේ හඹලා ආවා මගේ වන්ඩිය නවත්තලා උඹ ගාවට. උඹේ කථන්දර කියෝලා මගේ හිතේ උඹගැන තිබුනු චිත්‍රය ඒ විදියටම ඉතුරු වුනා ඒ කෙටි හමුවෙන් පසුවත්. බොහොමත්ම ස්තූතියි මගේ චිත්ත රූපයට හානියක් නොකලාට! සමහර පොත් කියවලා ඒකෙන් හදපු ෆිල්ම් , ටෙලි බැලුවාම අනේ අපරාදෙ මේ කෙහෙල් මල බලලා හිතේ ගොඩනගාගෙන තිබුනු සොඳුරු සිතුවාම කියලා දුක හිතෙනවා නේ.( උඹටයි මේක කියෝන එවුන්ටයි ආදරේට කියන්නේ. ජීවිතයේ කවදාහෝ "මඩොල් දූව" රස බලා ඇත්නම් ; මඩොල් දූව ලයිව් බැලීමට යෑමෙන් වලකින්න!) ඉතින් ඒ හින්දයි මම ඒ විදියට උඹට "ස්තූතියි!" කිව්වේ. කතාව නවත්වන්නම් එදා උඹ කිව්ව උඹේම වචන වලින්ම. "හරිම සුන්දරයි මචං !" - තට්ට්යා.
    thattayagekolama.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔයාව හමුවීම මට ඒ චාරිකාවේ සුන්දරම අත්දැකීම් වලින් එකක් මචං. අපේ ගමන් සගයව ආපහු ගෙදරට ඇරලවන්න කිලෝමීටර පහ හයක් තියෙද්දී තමයි ඔයාව හමුවුණේ. ඒ වෙලාවේ තිබුණු ට්‍රැෆික් එකේ හැටියට සහ වේගයෙන් අඳුර වැටෙමින් තිබීම නිසා බැහැල ටිකක් වෙලා කතා කරකර ඉන්න නොලැබීම ගැන කනගාටුයි. නමුත් කාර් පිස්සුව නිසා නොදැන නොදැක හිතවතුන් වෙච්චි ආදරණීය මිනිස්සු මගතොටේදී හමුවෙන එක තරම් සුන්දර, හර්දයාංගම අත්දැකීමක් තවත් නැහැ. බොහොම ස්තූතියි වාහනේ නතර කරලා කතා කළාට. ඒක මට ගොඩක් වටිනවා...!

      Delete
  21. උඹ උස්සන්ගොඩත් බලලා උඹට කියන්න තියෙන දේත් හතර අතට නෙලලා තියෙනවා.

    මම නම් ගිහින් නෑ ඔතනට

    හරිම වටින සංචාරක ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් අයියා. ලංකාවට ආපු දවසක ඉඩක් ලැබුණොත් යන්න. ඔයාගේ වගේ ඇහැක් ඒක දකින්නම ඕනේ...

      Delete
  22. මම ගියා පොඩි එවුන් එක්කම අවුරුදු තුනකට විතර කලින්.. අර උඩින් ඉංදික කියපු අනාරක්ෂිත බව වගේ එකක් මටත් දැනුනු නිසා වැඩි වෙලාවක් රැදුනේ නම් නෑ.. ඒත් බීච් එක පේන මානයට එනකම් ඇවිදගෙන ගියා.. මට හිතුන දේ තමයි හවසක ඉර බහින්න ආසන්න වෙලාවක නිදහසේ ගියානම් ඒ සුන්දරත්වය විඳින්න හැකිවෙයි කියන එක.. තරිඳු දන්නවද ඔතන ඉඳල රට මැද හරහා අනිත් පැත්ත බැලුවොත් පේන මන්නාරම හරියේ ඔය හා සමානම ඒත් ඔච්චර පැතිරුනේ නැති පරිසර පද්දතියක් තියෙනවා ගල් හා පස් ඔය විදියමයි. ඔබ දීලා තියෙන ලින්ක් එක නිදහසේ කියවලා මේ ගැන තව හොයන්න ඕනි.
    අර දයානන්ද අයියව සෙට් කරලා දෙන්න බැරිද මගේ පෙට්‍රල් කාර් එකක් තියෙනවා හදවගන්න විශ්වාසෙට.. මට ලඟ ඉඳල කරන්න වෙලාවක් නැති නිසා.. :)

    ReplyDelete
    Replies
    1. ගිහින් ඇවිල්ලා පොඩ්ඩක් හොයලා බලද්දී තමයි මම දැනගත්තේ මේ පාෂාණ පිහිටීම් තව තැන් කීපයක තියනවා කියලා. ඒ තැන් ටිකත් බලන්න යන්න ඕනේ පුළුපුළුවන් විදිහට...
      දයානන්ද අයියට කියලා වැඩේ කරවගන්න බලාගෙන හිටියට පාඩු නැහැ. ඇත්තටම පුදුම සාධාරණ මනුස්සයෙක්. මම කීයක් හරි බලෙන් වැඩිපුර දීලා ආවොත් මිසක් එක සතයක් කවදාවත් අසාධාරණ විදිහට අරගෙන නැහැ. ඒ නිසාම මනුස්සයට වැඩ අධිකයි.

      Delete
  23. ම්ම්ම්...4dr5 එකක් නේද.....මරු කතාව..වෙනදා වගේම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොෂේන්...

      Delete
  24. දැං කවද්ද ඊගාව කොටහ ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ ලියලා ඉවර කළා. එඩිට් කරලා ෆොටෝ දාලා පෝස්ට් කරන්න දවස් දෙකක් විතර යාවි. :)

      Delete
  25. ඉක්මනට දැම්මොත් එක හුස්මට කියවතැකි. ස්තුතියි විස්තරයට ඊළග පාර යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට. හෙට දිහාට පෝස්ට් කරන්න උත්සහ කරන්නම්...

      Delete
  26. හැමදාම වගේ පට්ට ලිපියක්, අපරාදෙ මට මේ ගමන අතහැරුනනේ කියල මතක් වෙනකොට හිතට දරාගන්න බැරි මෙව්ව එකක් එනව.. මට ඉන්දිකය ගැන ඊරිසියයි ඔන්න දැන්නම්. ජය වේවා ලොකූ.
    මීට
    චාරිකාවේ දින පිළිබඳ ගැටලුවක් නිසා උස්සන්ගොඩ ගමන මගහැරුනු කවියා.

    ReplyDelete
    Replies
    1. මට ඔයා ආවා නම් කොච්චර හොඳද කියලා හිතුණා රන්මිණිතැන්නේදී...

      Delete
  27. හැම වසරකම පවුලේ කට්ටිය කතරගම ගියත් ඔය තැන අහලා තිබුණත් කවදාවත් ගිහින් නැහැ. හේතුව,සුනාමි ව්‍යසනයෙන් පසුව මුහුදු මාර්ගයෙන් කතරගම යාම නැවැත්වූ නිසා (මානසික බය) නිතරම එහි යන්නේ රත්නපුර මාර්ගයෙන් නිසා.දැන් යන්නේ එක්ස්ප්‍රස් වේ එකෙන්.ලිපිය විශිෂ්ඨයි.බඩ පැලෙන්න හිනා යන භාෂා ශෛලියකින් ලියා ඇත් නිසා එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි!

      Delete