Saturday, December 23, 2017

Mighty Mini Grand Prix 2017



අන්තිමට මාත් මිනියකට දපනේ වැටුණා...!

ඒක දිග කතාවක්... ඒක පස්සේ ලියන්නම්...

මිනි එකක් අරන් සති දෙක තුනක් යන්නත් කලින් Mighty Mini Club එකෙන් පොඩි ආරාධනාවක් ආවා, Mighty Mini Grand Prix එක ගැන නෝටිස් එකක් කාර් පිස්සුවේ ෆේස්බුක් පේජ් එකේ දාන්න කියලා සහ ඉවෙන්ට් එක බලන්න එන්න කියලා. කලින් දාගත්තු වැඩ කීපයක් තිබ්බත් මේ චාන්ස් එක මගඅරින්න හිතුණේ නැහැ.

බොහොමයක් මාරාන්තික කාර් පිස්සෝ වගේ මමත් වාහන ගන්නේ සහ පාවිච්චි කරන්නේ වාහන වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන නිසා නෙමෙයි, ඒවා පාවිච්චි කරලා ඒවායේ භෞතික සහ සංස්කෘතික අත්දැකීම් ලබන්න. කොච්චර සුපිරි කොලිටියේ වාහන වුණත් අපට වැඩක් නැහැ. මොකක් හරි කාර් එකක් සම්බන්ධයෙන් සම්ප්‍රදායක්, සංස්කෘතියක් ගොඩනැගිලා තියනවා නං අපි බලන්නේ එයින් එකක් පාවිච්චි කරලා ඒ සම්ප්‍රදායේ, සංස්කෘතියේ අත්දැකීම් ලබන්නයි. 

මේක හැමෝටම තේරෙන්නේ නෑ. ඒ නිසා මිනි එක ගත්තට පස්සේ ගොඩක් දෙනෙක් ඇහුවේ ඕකේ එකසිය තිහේ පොල් ගෙනියන්න බෑ නේද, ඕකේ අමානෝ ෂීට් ගෙනියන්න බෑ නේද සහ ඕකේ හොර හරක් ගෙනියන්න බෑ නේද වගේ ප්‍රශ්න. කූඩැල්ලන්ව ලයන්කෝ එකට එක්කන් ගිහින් වැඩක් නැති නිසා මමත් මොකුත් කියන්න ගියේ නැහැ. 






බීට්ල් එක කියන්නේ සුපිරි සංස්කෘතියක් කේන්ද්‍ර කරගත්තු වාහනයක් කියන එක කාර් පිස්සුව කියවන ගොඩක් දෙනෙක් දන්නවා. දැන් අවුරුදු හය හතක ඉඳන් මම ඒ සංස්කෘතියේ ලීග විසිදහසක් විතර ගිලිලා ඉන්නේ. එහෙම ගිලිලා ඉද්දී තමයි මම අහම්බෙන් දියවැලක ගහගෙන ගිහින් මිනි සාගරේට වැටුණේ. ඉතින් නිතර Beetle Owners' Club එකේ වැඩසටහන් වලට යන මට Mighty Mini Club එකේ වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණු මේ අවස්ථාව අත්විඳින්න වුවමනා වුණා.

උදේම යන්න හිටියත් වෙන වෙන වැඩ කීපයකට අවධානය යොමු කරන්න වීම නිසා පිටත් වෙන්න ප්‍රමාද වීම නම් දුකක්. ඒ නිසා තරග ඉසව් ගොඩක් අපට මගහැරුණා. 

කටුකුරුන්දේ යන්න සැලසුම් කරද්දී, හැමදාම කොහෙහරි යනකොට මතුවෙන උභතෝකෝටිකය ආවා; දුර වුණාට හයිවේ එකේම යමුද කියන එක. හැබැයි තාමත් මගේ හිතවත් මිකැනික් මහත්මයාට මිනි එක පෙන්නගන්න අවස්ථාවක් ආවේ නැති නිසා අපි ගාලු පාර දිගේම යන්න තීරණය කළා.




මම රේසිං ෆෑන් කෙනෙක් නෙමෙයි. 80 ගණන් වල අගභාගයේ තහනම් වුණු Group B Rallying ඇරෙන්න මගේ හිත කවදාවත් වෙන කිසිම ධාවන තරගයකට සීරියස් විදිහට ඇදිලා නැහැ. ඒ නිසා මම කටුකුරුන්දට ආවේ පළවෙනි වතාවට. හැබැයි ගේට්ටුවෙන් ඇතුළු වෙලා ට්‍රැක් එකට කාර් එක දාලා කාර් පාක් එකට යන්න ස්පීඩ් කළා විතරයි හයිවේ එකකදී නොලබන විදිහේ අමුතු චූන් එක තුන්සිත වසාගෙන පැතිරුණා. වාසනාවකට කෞශි ඒ අවස්ථාව වාහනේ ඇතුළේ ඉඳන් වීඩියෝ කරපු නිසා මට සැරින් සැරේ ඒ අත්දැකීම අලුත් කරගන්න පුළුවන්. (මෙතනදී මම මිනි එකක් එළවීමේ අත්දැකීම ගැන කතා කරන්න ඕනේ කියලා මම දන්නවා. නමුත් ඉවෙන්ට් එකක් ගැන කරන පුංචි විස්තරයක් අස්සේ ඒක කතාකරන්න යන එක අපරාධයක් කියලයි මට හිතෙන්නේ. කම්මැලි කම සහ එපාවීම පොඩ්ඩක් අමතක කරලා ලියන්න පුළුවන් වෙන පළවෙනි වතාවෙම ඒ වෙනුවෙන් පෝස්ට් එකක් කැපකරන්නම්. Promise!).




මිනි කියන්නේ (ටියුන් කළාම) කොච්චර වේගෙන් යන්න පුළුවන් වාහනයක්ද කියන එක අන්තර්ජාලයට පින්සිද්ධ වෙන්න දැනගෙන හිටියට එහෙම යන මිනි පියවි ඇසින් දැකගන්න පුළුවන් වුණේ එදා කටුකුරුන්දේදී තමයි. බරපතළ රේස් පිස්සෝ පිරිසක් ඇරෙන්න මහා ලොකු සෙනගක් ඉවෙන්ට් එකට ඇවිත් හිටියේ නැහැ. හැබැයි අවුවෙන් බේරෙන්න ප්‍රමාණවත් තරම් ටෙන්ට්, රසවත් කෑම බීම තිබුණු ෆුඩ් ට්‍රක් එකක්, රෙඩ් බුල් එකෙන් නොමිලේ එනර්ජි ඩ්‍රින්ක්ස් බෙදීම වගේ ගොඩක් දේවල් තිබුණු නිසා අපට හිතුණේ සංවිධායක මණ්ඩලය වැඩේ සාර්ථක විදිහට කරලා තියනවා කියලයි.







අපි යනකොට ඉවෙන්ට් එක අවසාන හරියට ඇවිත් තිබුණේ. 'තාම පැදපු නැති අය ඉන්නවා නං එන්න. ආයේ කියන්නේ නෑ. පස්සේ කනුකුනු ගාන්න එපා. නොකිව්වයි කියන්න එපා' වගේ ප්‍රසිද්ධ නිවේදන යකඩ කටින් ඇහෙද්දී නම් අපට හිනා ගියා. ඒත් ඉතින් අපි නොදන්නා කොච්චර දේවල් මේවයේ ඇතිද කියන සැකය මත අපි හිනාව ලෝකෙට පෙන්නන්න ගියේ නැහැ. අනික් අතට අපට පුරුදු බීට්ල් ක්ලබ් එකේ සන්සුන් හුදෙකලාව මිසක් මේ වගේ තැන් වල විසේකාර වලිසුන්දරත්වය නොවෙන නිසා ඒක අපේ වරදක් වෙන්නත් පුළුවන්. 

(එදා තමයි අර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි එක්දින තරගය තිබුණේ. ඉන්දියාව ලකුණු 29 කටද කොහෙද විකට් 7 ක් ගිහින් තිබුණා. Announce කරමින් හිටපු කෙනා අන්තිමට මිනි රේස් එක පැත්තක දාලා මැච් එක ගැන විස්තර විචාරයක් දෙන්න පටන් ගත්තා). 




අපි දෙන්නම රේස් ෆෑන්ස් ලා නොවන නිසා අපේ කාලය වැඩියෙන් ගතවුණේ රේස් දුවලා විවේක ගනිමින් හිටපු, රේස් දුවන්න දත නියවාගෙන හිටපු සහ කාර් පාක් එකේ තමන්ගේ පාඩුවේ හිටපු මිනි සහ අනික් වාහන බලන්නයි. කොහොම වුණත් අපට බීට්ල් රැලි වලට ගිහින් බීට්ල් බලනවා තරම් ලෙංගතු හැඟීමක් මිනි රේසිං වලට ඇවිත් මිනි බලනකොට දැනුණේ නැහැ. සමහර විට තාමත් අපි මිනි එකත් එක්ක ඒ තරම් තදට කනෙක්ට් වෙලා නැති හින්දා වෙන්න ඇති. නැත්නම් අපි modify කලාවට වඩා original සම්ප්‍රදාය හොයන අසූව දශකයේ පරම්පරාවට අයිති නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔය හේතු දෙකම වෙන්න ඇති. මේක හරියටම දැනගන්න ලැබෙන්නේ මිනි එකේ කිලෝමීටර් පන් හයසීයක දුර ගමනක් ගියාට පස්සේ තමයි. 









අවසාන තරග ඉසව්ව ඉවර වුණාට පස්සේ සුපුරුදු සිංහල සම්ප්‍රදාය අනුව වලියක් ගියා. අපට තේරුණු විදිහට pole position ලැබෙන්නේ ඕනේ කෙනෙකුට ඒක දුන්නේ නෑ වගේ මොකක් හරි සිද්ධියක්. අන්තිමට බොහෝ දෙනෙක් රේස් බලනවට වඩා උනන්දුවෙන් ඒක බැලුවා. අපිත් සම්මාන ප්‍රදානෝත්සවය බලන්න හිටියත් හිත පුරා වලිය බලලා ඊට පස්සේ එන්න ආවා.

මම දන්න තරමින් මිනි ක්ලබ් එක මෙහෙම Grand Prix ඉවෙන්ට් එකක් සංවිධානය කළේ පළවෙනි වතාවට. වලි, කෙළි සහ ගුලි මොනවා තිබ්බත් මේ වගේ වැඩක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් කාර් පිස්සෝ Mighty Mini Club එකට ස්තූතිවන්ත වෙන්න ඕනා. විශේෂයෙන්ම රේස් පැදිල්ල පුරුදු නැති, ක්ලබ් එකේ සාමාජිකත්වය අරං තියන අයට නවකයන්ගේ තරග ඉසව්වට සහභාගී වෙන්න වගේම එහෙම පදින අයට එතනදීම පුහුණුවක් දෙන්නත් ක්ලබ් එක කටයුතු යොදලා තිබුණා කියලයි විස්තර පත්‍රිකාවේ තිබුණේ. ඒක ඇත්තටම අගය කළ යුතුයි. 





කටුකුරුන්ද ට්‍රැක් එකෙන් පිටත් වෙලා ආපහු එන්න එද්දී තමයි අපි දෙන්නාගේ හිත් ඇතුළේ තියන හයිවේ පිස්සුව කැලතුණේ. අන්තිමට වමට දාලා ගාලු පාරට එනවා වෙනුවට අපි දකුණට දාලා දොඩංගොඩ පිවිසුම සොයා ගියා.

බීට්ල් එකට ලැබෙන සිනාව වගේම සිනාවක් පිවිසුමේ ඉන්න නිලධාරීන්ගෙන් අපට ලැබුණා. ඊට පස්සේ හෙමින් හෙමින් මගේ මිනි පොඩ්ඩා එයාගේ පළවෙනි හයිවේ අත්දැකීම විඳින්න ලෑස්ති වුණා.

කලින් අයිතිකරු කියපු විදිහට එයා කවදාවත් මේ වාහනේ පැයට කිලෝමීටර් 60 පන්නලා තිබුණේ නැහැ. වාහනේ ඉතිහාසය බැලුවම දශක දෙකකට වත් 100 පැන්නුවා කියලා හිතන්න බැහැ. අනික් අතට මම තාමත් වාහනේ මගේ මිකැනික්ට පෙන්නලා තිබුණෙත් නැති නිසා මම ස්පීඩ් එක වැඩි කළේ බයෙන්.


දකුණට හරවන්න මොහොතකට කලින් නෑදෑයෙක් මුණගැහුණා 

නමුත් වේගමානය හිතනවාට වඩා වේගෙන් උඩට යද්දී, හයිවේ එක දෙපැත්තේ කුඹුරු යායවල් හිතනවාට වඩා ඉක්මනට පහුවෙන්න ගනිද්දී, ඉස්සරහින් ගිය වාහනයක් දෙකක් නොදැනීම වගේ පහුවෙද්දී, අවුරුදු ගාණක් තිස්සේ එන්ජිමේ හඬ පිටිපස්සෙන් අහලා පුරුදු අපට එන්ජිමේ හඬ ඉස්සරහින් ඇහෙද්දී, බීට්ල් එකේ සිරියමේසාරා විසිල් එක වෙනුවට අමරසිරි පීරිස් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ගයන ගීතයක් වගේ ගීතයක් ඒ.සී. එක බේරගන්න තදට වැහුණු වීදුරු අතරින් පෙරිලා එද්දී අපි දෙන්නට දැනුණු සතුට සිංහල යුනිකෝඩ් වලට හරවන්න බැහැ. 




ඒත් මිනි එකක් ගන්න පෙළඹුණු විදිහ ගැන කවදාහරි බ්ලොග් පෝස්ට් එකක් ලිව්වොත් සහ මෙතනින් එහාට මිනි එකේ විශේෂ ගමනක් යන වාරයක් ගානේ අමරසිරි පීරිස් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ගයන ඒ අපූරු ගීතයේ පදවැල කාර් පිස්සුවෙ සටහන් කරන්න මම උත්සාහ කරනවා.

- තරිඳු ශ්‍රී ලොකුගමගේ
www.facebook.com/CarPissuwa 
2017.12.23  

(කොපිරයිට් ස්ටේට්මන්ට් එක: මේ සේරම ෆොටෝ ගත්තේ මමයි කෞශියි. මේ වගේ ඉවෙන්ට්ස් වලට යන්න, ෆොටෝ ගන්න, ලියන්න සහ එඩිට් කරන්න අපි කාලය කැප කරනවා. ඒ වගේම මේවයින් අපට සත පහක ආදායමක් හෝ වෙනත් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ; මේවා හිතු මනාපේ උස්සන්න එපා! මොනවා හරි දෙයක් උපුටා ගන්න ඕනේ නම් අහන්න. නැත්නම් ගත්තේ කාර් පිස්සුවෙන් කියලා කියන්න.) 

51 comments:

  1. හම්මේ ඉතින් මිනි තමා මිනි..

    - ජෑ මා කාර් පිස්සො -

    ReplyDelete
    Replies
    1. මිනිලොල් මකරෙක්...!

      Delete
  2. මයිනරේ දුන්නද? ඔන්න බලන්න වැඩි කල් නොගිහිං බීටලේ පැන්සන් යනවා.

    ReplyDelete
    Replies
    1. මයිනරේ එක්ක බීටලේ තරම් තදට බැඳෙන්න බැරුව ගියා. තාමත් වැඩියෙන් ආදරේ බීටලේට. ඒ වුණාට අනාගතේ ගැන ඉතින් අපි කාටවත් ඉන්තේරුවෙන් කියන්න බෑ තමා... :)

      Delete
    2. ඒ කියන්නේ ලගදීම බීටලේට අබ සරණයි.. මම හිතුව ඕක වේවි කියල ..

      Delete
    3. 'අනාගතේ ගැන ඉතින් අපි කාටවත් ඉන්තේරුවෙන් කියන්න බෑ' කියන එක ඔයා 'ලගදීම බීටලේට අබ සරණයි' කියල අර්ථකථනය කරගත්තේ කොහොමද අප්පා? ඔයා නිකන් ජ්‍යෝතිෂ්‍ය අප්පු කෙනෙක් වගේ නේ ;)

      Delete
  3. ඔය සුටිටන් කාර් එක නමි මරැ අයියේ..මම තාමත් අතින් අල්ලලාවත් නැති වුනාට ජංජාලේට පිංසිද්ද වෙන්න ඔිකට මාරම ආසයි.සදෙදේ වැඩ කැලි දාලා කාරේකට කරන්න පුලුවන් වැඩ කැලි..ලැල්ලට පාගන්න පුලුවන් එක..එකනමි මරැ...

    දැන් ඉතින් ඉබිබාට ගෙදර යන්න කාලේ හරි වගේ...

    ReplyDelete
    Replies
    1. ඉබ්බට එහෙම ලේසියෙන් යන්න ලැබෙන්නේ නැහැ. ගිය සතියේ කන්දෙ විහාරෙ ගියෙත් ඉබ්බා පිටේ...

      Delete
  4. මිනි.. මං කැමති වාහනයක්

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඊට කලින් ඉබ්බෙක් ගමු දේශකයාණනි....

      Delete
    2. අපි දන්න එකෙක්ට මිනියක් ඕනි කියලා අපි ඌව ඇරං ගියා මෝචරියට
      Suranga

      Delete
  5. අපි දන්න එකෙක්ට මිනියක් ඕනි කියලා අපි ඌව ඇරං ගියා මෝචරියට.

    ReplyDelete
    Replies
    1. මිනි ගවුමක් ඕනවෙලා මිනී පෙට්ටි සාප්පුවට ගිය බුවාගෙ යාලුවෙක් වෙන්න ඇති.

      Delete
    2. ටික කාලෙකට කලින් බ්ලොග් එකේ ගිය සංවාදෙකදී (සෙන්නා හෝ පත්තර මල්ලි සම්බන්ධයි වගේ මතකයි) එක්කෙනක් හොල්මන් වෙලා තිබ්බා 'අලුත්ම මිනියක් කපන්නේ වත් නැතුව වාහන ගොඩක් උඩ දාලා තිබ්බා' වගේ කතාවක් දැකලා... :)

      Delete
  6. මරු වාහන ටිකක්නෙ ලොක්කා.
    කොහොම උනත් ඉක්මනින්ම මිනියෙ ලොකු රවුමක් ගිහිල්ල කේමදාස මාස්ට‍ර්ගෙ පදවැලට ගැයෙන ගීය අපට අහන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේ දැන් මිනියේ සුන්දර රවුමක් ගහලා ගෙට ගොඩවුණා විතරයි :)

      Delete
    2. අඩියකුත් ගහ්න්වනම් බ්‍රන්ඩ් එක ගල්

      Delete
  7. අපේ කාර් පාක් එකෙත් නවත්තලා තිබ්බ හුරුබුහුටි මිනි පැ0චෙක්...තඩි ලෑන්ඩ් කෘසර් එකකුයි ෆෝඩ් එක්ස්ප්ලෝරර් එකකුයි මැද්දෑවෙ..අගේට හිටියෙ ආඩම්බරෙන් තේ කොල පෙට්ටියෙ කුරුමිණිය වගේ...

    ReplyDelete
    Replies
    1. //තේ කොල පෙට්ටියෙ කුරුමිණිය වගේ// හිනාවෙලා අඬන්න පුළුවන් උපමාවක්... :) ප්‍රතිචාරයට බොහොම ස්තූතියි!

      Delete
    2. කාර් පිස්සුවටම ගැළපෙන උපමාව.. :))))

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අයියේ අවංකවම කිව්වොත් ඔයාගෙ ඉබ්බට වඩා මං නම් ආස ඔයාගෙ මිනියට...ඒකට හේතුව මං දන්නෑ ඕං..

    ReplyDelete
    Replies
    1. මට ඒක තේරුම් ගන්න පුළුවන් මල්ලියේ...

      Delete
  10. ඉතාලියන් ජොබ්ස් ෆිල්ම් එක බලද්දි මිනි වලට ආස හිතුනා. එත් දැන් නම් ආසාවක් නැ. :( මොකද මගේ උසත් එක්ක මිනි හරියන්නෙ නැ. ඉඩ මදි වගේ හිතෙනවා. :/ ඒ උනාට මේකෙ තියෙන සුදු පාට 4ශ්‍රි එක වගේ ක්ලැසික් පෙනුම තියෙන එකකට මනාපයි. :D :D
    ඔකත් එහෙම හදමුද??? :D :D :p

    බ්රේක් හොදට තියෙනවා නම් අයේ මොකටද ඉතින් මිකැනික්ට පෙන්න පෙන්න ඉන්නේ.. ලැල්ලට පාගලා බලලා.. සුක්කානම දෙපැත්තට කපලා බැලුවම මිකැනික් ලගට යද්දි හදන්න ඔනේ දෙවල් ලිස්ට් එකත් අරන් ගිහින් හරියටම හදාගන්න පුලුවන් :p :p

    ReplyDelete
    Replies
    1. මිනි එකේ වෙනස්කම් කීපයක් වෙන්න ඉඩ තියනවා. හැබැයි සුදු පාට නම් වෙන එකක් නැහැ :)

      අලුත් කාර් එකක් ගත්තම මිකැනික් කෙනෙකුට පෙන්නන එක හැමෝම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. මොකද පාරේ යනවා කියන්නේ තමන්ගේ ජීවිතය, තමන් එක්ක යන අයගේ ජීවිත වගේම පාරේ යන අයගේ ජීවිතත් තමන් අතට ගැනීමක් නිසා. තමන් එක්ස්පර්ට් මිකැනික් කෙනෙක් නෙමෙයි නම්, වාහනේ අනිවාර්යයෙන් එහෙම කෙනෙකුට පෙන්නන්න ඕනේ. එහෙම නොකරන අය ස්වර්ණවාහිනියේ විකිණෙන කඳුළු බින්දුවක් වෙලා නවතින්න ඉඩ තියනවා ;)

      Delete
    2. මම කියන්නද ඕකට හරි යන පාට ? එක්කො ඕන නැහැ, ඕව කිව්වම ලොක්කගෙ බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා නෙව.

      කොහොම උනත් මගේ වාහනෙත් තවම සුදු පාටට තියන් ඉන්නෙ ලොක්ක මෙහෙ ආපු දවසක පැස්ටල් පෙට්ටියක් දීල පාට කර ගන්න ;-D

      Delete
  11. අර බුලට් මිරර්ස් එක්ක තියෙන මිනි එක දැක්කම නම් මටත් නිකන් මිනි පිස්සුවක් ගැහුවා වගේ.මේ දවස් වල වැඩත් එක්ක මේ පොස්ට් එක කියවන්න ඉඩ ලැබුනේ අද.හුරතලේට තියන් හිටිය කාර් එකක ටිකක් ඇරලා යන්න ගිහින් ගත්තු දවසෙම වෝටර් ජැකට් එකක් යවාගත්තු අත්දැකීමක් නම් මටත් තියෙනවා.
    මිනි එකට හිත ගිය නිදාන කතාවත් ඉක්මනටම ලියවෙයි කියල හිතනවා.මේ ටිකේම නිවාඩුවක් ලැබුන ගමන් මුළු දවසම වැය වෙන්නේ බිට්ල් එකේ වැඩ වලට.එන්ජිම නම් ගොඩ අරන් ඉවරයි.දැන් අනිත් පොඩි වැඩ ටික ඉවර කරගන්න තමයි තියෙන්නේ.එන්ජිමේ කතාව පුද්ගලික මට්ටමෙන් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. කතාවේ දෙපැත්තම අහන්න ආසාවෙන් බලන් ඉන්නේ.
      බුලට් මිරර් නම් මගේ පොඩ්ඩාටත් ලැබේවි ළඟදීම... ;)

      Delete
    2. ඔව් ඔව්....නාගත්ත විදිහ තමයි මුලින් එවන්ට වෙන්නේ...බුලට් මිරර්ස් එක්කම නොම්මර තහඩුවත් මාරු වෙයි කියල හිතනවා :)

      Delete
    3. නොම්මර තහඩුවටත් ඕඩර් එක දීලා ඉවරයි ;)

      Delete
  12. බීටලේට,මයිනරේට වඩා, ඉස්සර ඉදන්ම මද්දගෙ හිත ගන්නතේ මිනිම තමා.

    ReplyDelete
    Replies
    1. ඔය තුනට ආවේණික අපූරු ලක්ෂණ තියනවා. නමුත් මගේ හිත තාමත් තියෙන්නේ බීට්ල් ගාව :)

      Delete
  13. මට උඹ එක්ක තරහ.. උඹ අපිටත් කාර් පිස්සුව බෝ කරනවට.. පොඩ්ඩක් හිටහන්.. මාත් කවද හරි ලොකු වෙලා එනවා උඹලගේ ඔය ක්ලබ් වලට.. :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මගේ උත්සාහය සාර්ථකයි... ක්ලබ් සීන් එක විතරක් නෙමෙයි, මේවා එක්ක යන හැම ගමනක්ම පුදුම සතුටක්... ගමනාන්තයට වඩා ගමන අපේ ජීවිත අර්ථවත් කරන්න ඉඩ තියෙනවා :)

      Delete
    2. මු ලොකු උනහම නාවන්න මම එනවා මිනි මයිනර් එකක

      Delete
    3. නාවනවා බලන්න මම එනවා බීට ලේ...

      Delete
  14. මිනි මයිනර්, එහෙම එන්ඩ,

    3ශ්‍රී ඔරිම ඔරිජිනල් මොරිස් මිනියක් (රිවස් සහ 1 ක්‍රෑෂ් , ඉතිරිව සින්ක්රොමේෂ් ) විදුරු තල්ලුකරන ඒවා, වයින්ඩින් නැහැ. ගියර් ලිවරේ ලොරියේ වගේ, හැබැයි මල්ලි 60ට (පැයට හැතැප්ම) අදිනවා බබා වගේ, 5 දෙනෙක් දාලත්. වැඩක් නැහැ කතාකරලා.
    ඊට පස්සේ ලේලන්ඩ් ක්ලබ්මන් එකක් 1100, ඒක යන්ඩම හදපු එකක්. සේනානායක හන්දියේ කලර් ලයිට් එකේ ඉඳල YMBA හරියේදී තර්ඩ් එකට දානකොට තමයි පස්සේ හිටපු එකා පාර්ලිමේන්තු පාර ක්‍රොස් කරන්නේ. පවසලා පලක් නැහැ.
    දැන් පදින්නේ ග්රෑන්ඩ් මාකියක්, ටිකක් හයියෙන් කකුල තිබ්බොත් 130-140යි.

    ReplyDelete
    Replies
    1. හම්මේ අර 3 ශ්‍රී ඔරිම ඔරිජිනල් එකට නම් පෙරේත හිතුණා ආයිබෝවන්ඩ...

      Delete
  15. මිනි කල්චරල් එවෙන්ට් එකකදි හීනියට හරි මිනි කචල් එකක් ගියේ නැහැ කියල කොහොමද අප්පා රෙද්දක් ඇඳගෙන කියන්නෙ ?

    ඇති යාන්තම් ඒ නව නිංගිරාවෙන් බේරුණා !

    ReplyDelete
    Replies
    1. උඹ ඔහේ මිනි ඉවෙන්ටුවකට ගියා නේද? එහෙත් එහෙම වුණයි?

      Delete
    2. නෑ ලොක්ක ඒක නෝමල් ක්ලැසික් කාර් ඉවෙන්ට් එකක්, නමුත් මිනි වලට වෙනම ඩිස්ප්ලේ ඒරියා එකක් වෙන් කරලා තිබුණ. මෙහේ ඔය වගේ සෙල්ලම් නැහැනෙ It's either There Way or Highway :-D

      Delete
    3. දැනුයි මතක් වුණේ එක නෝමල් ක්ලැසික් කාර් ඉවෙන්ට් එකක් කියලා...

      එක අතකට Either their way or highway තියරිය හොඳයි කියලත් හිතෙනවා ;)

      Delete
  16. (කොපිරයිට් ස්ටේට්මන්ට් එක: මේ සේරම ෆොටෝ ගත්තේ මමයි කෞශියි. මේ වගේ ඉවෙන්ට්ස් වලට යන්න, ෆොටෝ ගන්න, ලියන්න සහ එඩිට් කරන්න අපි කාලය කැප කරනවා. ඒ වගේම මේවයින් අපට සත පහක ආදායමක් හෝ වෙනත් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ; මේවා හිතු මනාපේ උස්සන්න එපා! මොනවා හරි දෙයක් උපුටා ගන්න ඕනේ නම් අහන්න. නැත්නම් ගත්තේ කාර් පිස්සුවෙන් කියලා කියන්න.)

    ඒ කට එකගයි ..උබලා අපි වෙනුවෙන් ලියන්න කරන කැප කිරිමට උබට මගෙ ඩබල් පූශප් බ්‍රා එක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ... ඊයේ පෙරේදා බුකියේ කැලයක් අටවන් ඉන්න තවත් ඇඩ්මින් **යෙක් කාර් පිස්සුවෙ ලිපියක් උස්සලා තිබ්බා. එපාම වෙච්චි තැන මේ ස්ටේට්මන්ට් එක දැම්මේ...

      Delete
  17. එතකොට අර අහින්සක මයිනරය දුන්නද ආයුබොවන්ඩ

    ReplyDelete