Monday, November 6, 2017

ඇංජිං පිස්සුව


අභ්‍යන්තර දහන එන්ජිම ගැනයි ඒකෙ තාක්ෂණික ක්‍රියාවලිය ගැනයි මාලු පාන් ගෙඩියක තියන පරණ සැමන් කෑල්ලක් තරම් වත් හැඟීමක් නැති එකෙකුට බොනට් එකක් අරින හැම වෙලාවකමඋණු උණු එළවලු රොටියක් කාලා ප්ලේන්ටියක් බොනවා වගේ හැඟීමක් එන්න පුළුවන්ද?

මම හැම තිස්සෙම කියනවා වගේ මම කාර්මික කාර් පිස්සෙක් නෙමෙයි. කාර් වල තාක්ෂණය ගැන ලොකු අවබෝධයක් මට නැහැ. මම නිවාඩු දවසට ගරාජ් එකට වෙලා මජං අතගාන ඔයිල් කාවයියෙක් නෙමෙයි. මට ඒකෙ මහා ලොකු මැජික් එකෙක් දැනෙන්නෙත් නැහැ. බත් කන්න කුඹුරු කොටන්න ඕන නෑ වගේම කාර් පිස්සුව විඳින්න එන්ජින් පලු කරන්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ තර්කය. කාර් පිස්සුව බ්ලොග් එකේ පදනමත් ඒකයි. තාක්ෂණය ගැන අවබෝධයක් නැති, ඒත් කාර් වලට ඇත්තම ආසා කරන අයටත් මේක කරන්න පුළුවන් කියන එකයි මට හැම තිස්සෙම කියන්න අවශ්‍ය.

හැබැයි මොනවා වුණත් විශේෂ එන්ජිමක් දකින හැම වතාවකම අර ටියුෂන් පන්තියට සුදු කෙල්ලෙක් ආවම ඇතිවෙන හැඟීම මට ඇතිවෙනවා.

අර ඉන්ස්ටන්ට් ශෘංගාරය වගේ ෆීලින් එක...




පහුගිය කාලය ඇතුළත කාර් වර්ග බොහොමයක් අතපත ගාන්න මට අවස්ථාව ආවා. ඒ ඇයි කියන එක ළඟදීම කියන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඒ හැම වෙලාවකම මම කාර් එක දිහා තප්පර කීපයක් බලාගෙන ඉඳලා අයිතිකාරයට කිව්වේ 'එන්ජිම පොඩ්ඩක් පෙන්නන්න' කියලයි. ස්ටාර්ට් කරන්නත් කලින්. සමහරු ඒ වෙලාවට ළත වෙවී ඇවිත් බොනට් එක අරින්නේ හරියට අලුත් ලයිට් බිල් කාරයා මන්ද මාරුතේ බලු ගඳ ඉව කරකර ගේට්ටු අරිනවා වගේ ශැක ශංකාවකින්.

සාමාන්‍යයෙන් කාර් එක අවුරුදු දහයක් පාවිච්චි කරපු අයිතිකාරයත් බොනට් එක අරින්නේ දෙකේ හතරේ පූසෙක් ලියුම් පෙට්ටි කටකින් රිංගනවා වගේ අමාරුවකින්. අවුරුදු හය හතක් තිස්සේ බීට්ල් වල එන්ජින්ම ඇරලා පුරුදු මට ඩෑෂ් බෝඩ් එක යට ඇඟිලි ගහලා, ඊට පස්සේ කාර් එකේ ඉස්සරහ පැදකුණු කරලා, ආයේ ග්‍රිල් එක උඩින් අස්සෙන් යටින් පැත්තෙන් ඇඟිලි ගහලා සාංසාරික දුකක් විඳලා ඕක අරින එක ජෝක් එකක් වගේ දැනෙන්නේ.




හැබැයි බොනට් එක උඩට ඉස්සුණාට පස්සේ, එන්ජින් බේ එකේ තියෙන්නේ යාන්තමට හරි විශේෂත්වයක් තියන එන්ජිමක් නම්, ජෝක් එක දියවෙලා අර ඉන්ස්ටන්ට් ශෘංගාරය හදවතේ කුටීර හතරට ජොබොස් ගාලා පිරෙනවා.

මට මේක ඉස්සරලා වුණේ Honda එකක තිබුණු B series එන්ජිමක් දැක්ක වෙලාවේ.

සංසාරේ ඈත කොදෙව්වක කරපු පඩත්තර වැඩක් නිසාද කොහේදෝ ඒ කාර් එක මගේ ඇඟිලි තුඩු අතරින් ලිස්සලා ගියා. අයිතිකාරයන්ට බබා පාට් දාලා ඒක අරගෙන ගිය පසික්කාට්ටුවා ඒක මුහුදබඩ මාර්ගයේ කාර්යාලයීය දුම්රිය වගේ දිග ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන අනික් පැත්තට විකුණන්න දාලා පෝසත් වෙන්න ෂෝට් කට් එකක් හොයමින් ඉන්න නිසා මම ඒ කාර් එක මොකද්ද කියලා කියන්නේ නැහැ.

නමුත් මට ඒ වෙලාවේ දැනුණු හැඟීම නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මට ඒ ආසන්නයට හරි දෙයක් දැනුණේ ඉස්සරලාම BMW M20 එන්ජිමක් දැකපු දවසේ. ඒත් ඒ ෆීලින් එක B series ෆීලින් එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. 

මට ඇත්තටම ඉස්සරලාම එන්ජින් ගැන මෙව්වා එකක් ආවේ මීට අවුරුදු 7 කට විතර කලින් සුවාරපොළ මහේෂ්ගේ බීට්ල් එකේ එන්ජිම දැකපු වෙලාවේ තමයි. අවුරුදු 5 ක් විතර ලාන්සරේ එන්ජිම විතරක් දැකලා පුරුද්ද තිබුණු මට ඒක දැක්කම ශිෂ්ටාචාරේ පළවෙනි තාරහොට ප්ලැටිපසා දැක්කා වගේ අන්ධභූත සිතිවිලි මාලාවක් ආවා. ඒ අන්ධභූතත්වය නතර වුණේ 3 ශ්‍රී 5661 කරගහගැනීමෙන්. ඒ කාර් එකේ එන්ජින් එක පලු කරලා තියනවා ඉස්සරලාම දැක්ක දවසේ වත් මට හිතාගන්න බැරිවුණා මේ වගේ අමුතු කෑලි බෑලි ටිකකින් මේ වගේ අමුතු කාර් එකක් දුවවන්නේ කොහොමද කියන එක.




අන්තිමට ඔස්තාද්ලා කීප දෙනෙක්ගෙන් කෝප්-සිටි පරිප්පු කාලා ඉවර වුණාට පස්සේ තමයි නිවී සැනසිල්ලේ ඉඳගෙන ෆොක්ස්වැගන් එන්ජිමක් රස විඳින්න මට පුළුවන් කම ලැබුණේ. කොහොම වුණත් අදටත් මම ෆොක්ස්වැගන් එයා-කූල්ඩ් එන්ජිමක් දිහා බලනවට වඩා ඒකෙ සද්දේ අහන් ඉන්න ආසයි. එක පාරක් තුම්මුල්ල පැත්තේ තියන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානේ පොත් සාප්පුවේ උඩ තට්ටුවේ ඉන්නකොට පහළින් ෆොක්ස්වැගන් එකක් ස්ටාට් කරනවා ඇහිලා මම නයා වගේ පොත් රාක්ක අස්සෙන් රිංගලා ජනේලයක් හොයාගෙන දිව්වා මට තාමත් එතන පහු කරන් යන හැම වෙලාවකම මතක් වෙනවා.



ෆොක්ස්වැගන් එන්ජිම තරමටම මයිනර් එන්ජිමට බැඳෙන්න මට බැරුව ගියා. හැබැයි මයිනර් එන්ජිමෙත් ඒකට ආවේණික අමුතු රහක් තියනවා. මේ ගැන කලින් ලිපියක ලිව්වා මතකයි. පෙනුමෙන් මේ එන්ජින් දෙක අතර තියන ලොකුම විශේෂත්වය තමයි ෆොක්ස්වැගන් engine bay එකේ කළු කූඹියෙකුට අඩි දෙකක් යන්න ඉඩ නොතිබීම සහ මයිනර් එකේ engine bay එක ඇතුළේ එළුවෝ දෙන්නෙකුට දාම් අදින්න ඉඩ තිබීම. මේක හොඳක් හෝ නරකක් කීමක් නෙමෙයි. ඒ දෙකේ layouts දෙක වෙනස්.



අනික් අතට මිනි මයිනර්, ඔස්ටින් මිනි, රෝවර් මිනි මෙකී නොකී මිනි වල බොනට් එක ඇරියම පේන්නේ බේකරියෙන් පිටත් වෙන චූන් පාන් වීල් එක වගේ එක එක දේවල් එක පිට එක ගොඩගහපු layout එකක්. ඒ තරම් පොඩි ප්‍රමාණයක කාර් එකක් ඇතුළේ මේ තරම් වැඩ ගොඩක් දාන්න ඒක ඉස්සරලාම සැලසුම් කරපු ඇලෙක් ඉසිගෝනිස් මහත්තයට පර්චස් තුනේ ඉඩමක සුපර් මාර්කට් එකක් දානවා වගේ ගේමක් දෙන්න වුණා. ඒ අතින් අපි මෙහෙම ජෝක් එකක් කරන එක පවා පවක්. කොහොම වුණත් ලංකාවේ තියන හැම මිනි එකක්ම වගේ ඩොල්ෆින් කොත්තු වෙලා තියන නිසා බොනට් එක ඇරියම එන්නේ කුණු ඔයිල් ගඳ, කැරපොතු මකුළු මී ගඳ, කැටලොයි කුඩු ගඳ, රිවට් ඇන ගඳ සහ පාස්සපු එවුන්ගේ ගඳ වගේ දේවල් විතරයි. මේ නිසා මිනි එක කියන්නේ මම කොච්චර ආසා වාහනයක් වුණත් බොනට් එකක් අරින වාරයක් ගානේ මට මිනි අරහංච සදාතානං ගාථාව කියවෙනවා.




ක්ලැසික් කාර් වල එන්ජින් අතරින් මම දැකපු අමුතුම එන්ජින් එකක් තමයි ඉසබෙලාගේ හෙවත් Borgward Isabella කාර් එකේ එන්ජින් එක. ඉසබෙලා එක්ක මට සදාතනික ඒකපාර්ශ්වීය පලහිලව්වක් තියන බව කාර් පිස්සුවට සමීප අය දන්නවා. මහේන්ද්‍රගේ ගරාජ් එකේ ඉඳලා ඉසබෙලාව අතපත ගන්න පටන් ගත්තු වෙලාවේ මගෙ රාගී මන කැළඹෙනවා දැකලා මහේන්ද්‍ර මට බොනට් එක ඇරලා පෙන්නුවා. ඒ විසාල කාර් එකට තියෙන්නේ පුංචි එන්ජිමක්. ඒ වුණාට එන්ජිම පේන්නේ නැති වෙන තරමට එයාර් ෆිල්ටර් එක තියනවා. ඒක හරියට අර චිත්‍රපටි වල සහ කාටුන් වල තියන පිට සක්වළ යානයක 1:32 ස්කේල් එකක් වගේ... මම දකිද්දී ඉසබෙලා හිටියේ ලෙඩවෙලා නිසා මට එයාගේ එන්ජිමේ සද්දේ අහන්න බැරුව ගියා. නමුත් කවුරුහරි මට කිව්වොත් මම දැකපු ආකර්ෂණීයම එන්ජින් නම් කරන්න කියලා, මම ඉසබෙලාගේ එන්ජිම අනිවාර්යයෙන්ම ඒ ලැයිස්තුවට දානවා.




දැන් මේ කතාව වෙනම මානයකට ගෙනිච්චොත්, මොඩර්න් ක්ලැසික් කියලා කියන්න පුළුවන් සහ ලංකාවේ නිතර හමුවන කාර් වල එන්ජින් අතරින් මගේ හිත ගත්තු එන්ජිමක් තමයි Honda D series එන්ජින් එක. මේ SOHC එන්ජින් වලට මහා ලොකු දෙයක් කරන්න පුළුවන් කියල බැලු බැල්මට හිතෙන්නේ නැහැ. නමුත් මේකත් එක්ක VTEC තාක්ෂණය පෑහුණාම වෙන මැජික් එක ගැන අහන්න නම් හොඳ  හොන්ඩා ෆෑන් කෙනෙක් එක්ක කදයක් දාගන්නම වෙනවා. (බොන වෙලාවක එහෙම ඕක අහනවා නං ඊළඟ දවස් හතේම බොන්න බලාගෙන අහන්න). ජීවිතේ කොයියම් කාලෙක හරි Honda EG8 VTEC එකක් පාවිච්චි කරපු එකෙක් ගෙන් මේක ඇහුවොත් තේරේවි...




පුදුමේ කියන්නේ හොන්ඩා SOHC එන්ජින් එකකින් දැනෙන චූන් එක ටොයෝටා DOHC එකකින් නොදැනෙන එකයි. සාමාන්‍යයෙන් ටොයෝටා AE100 එකේ එන 4AE එන්ජින් එක දැක්කම ඒ රේන්ජ් එකේ වාහන හොයන කෙනෙකුගේ හිතට මෙවුවා එකක් එන්න ඕනේ. ඒක බොරු සෝබන නැති, හරිම පිළිවෙළ DOHC එන්ජින් එකක්. නමුත් ඒක දැක්කම 'යමං ළඳේ පැලට මගේ' ෆීලින් එක එන්නේ නැහැ. ඒක සමහර විට ටොයෝටා එක පොදු වෙළඳපොළට හදන වාහන කොහොමත් බෝරින් කියලා අපේ හිත ඇතුළේ තියන සංස්කෘතික අදහස ඔස්සේ ආපු දෙයක් වෙන්න පුළුවන්. අවස්ථාවක් ආවොත් මේ වර්ගයේ හෝ මීට සමාන ටොයෝටා එකක් පාවිච්චි කරලා බලන්න අදහසක් තියෙනවා. ටොයෝටා වාහන අතරින් ස්ටාර්ලට් GT සහ Glanza වලට පොඩි සෙනෙහසක් තිබ්බත් කන්වර්ෂන් කරලා 'දයියා බයිට්' වගේ අච්චාරු කරලා ගානත් ආහස උසට උස්සලා තියන මේ වාහන දැන් මිනි වලටත් හපන්. 




ඔය සියල්ල පැත්තකින් තියමු. Honda B series එකත් අමතක කරමු. මම දැකපු එන්ජින් වලින් ලස්සන, වැදගත්කම, පිළිවෙළ, බලය සහ කල්පැවැත්ම වගේ දේවල් සේරම එකපාරට මගේ ඔළුවට අතඇරපු එකම එන්ජිම තමයි BMW M20 එන්ජිම. ඔය එන්ජිම ඉස්සරලාම ලෝකෙට පය තිබ්බේ 1977 දී. එදා ඉඳන් 1993 වෙනකල් මේ එන්ජිම ආවා. මේක Straight 6 SOHC එන්ජිමක්. ධාරිතා පරාසය තියෙන්නේ 2.0 ඉඳන් 2.7l වෙනකල්. විකිපීඩියා එකේ තියන චාට් එකේ හැටියට මෙයින් වැඩිම බලයක් දීපු එන්ජිම 325i සහ 525i වාහන වලට ආපු M20B25  එක. මේකේ දත්ත ටික විකිපීඩියා එකේ තියෙන්නේ මෙහෙමයි. 


2,494 cc (152.2 cu in)
130 kW (174 bhp)
@ 5,800 rpm
226 N·m (167 lb·ft)
@ 4,000 rpm
1985-1987
Motronic 1.1

මෙතනදී මම කතා කරන්නේ Performance ගැන නොවන බව ආයෙත් මතක් කරන්න කැමැතියි. මොකද performance අතින් බැලුවොත් M20 එන්ජිම විශේෂ එන්ජිමක් නෙමෙයි. කොටින්ම BMW විශේෂඥයන්ගෙන් කාර් එකක් ගැන අහද්දී 'ඒකෙ තියෙන්නේ M20 එන්ජිමක් නේද?' කියලා අහන්නේ නිකං 'අරූව ඇඩ්මිට් කළේ බීලා වැටිලා ඉඳල නේද?' කියලා අහනවා වගේ. 

ඒ වුණාට BMW 520i එකක බොනට් එක අරිද්දී, ඒ ගඩාෆි ක්‍රීඩාංගණේ විතර දිග එන්ජින් බේ එක මැද්දේ අර්ජුන රණතුංග වගේ ඉඳගෙන ඉන්න M20 එන්ජිමක් දැක්කම අමාරුවෙන් මැද පන්තියට නැගගත්තු nobody කෙනෙකුට දැනෙන සතුට 96 වර්ල්ඩ් කප් ෆයිනල් එක ආයේ බලලවත් ගන්න බෑ මහත්තයෝ... 





---------------------------------------------------------------------
මීට අමතරව මම උනන්දුවෙන් බලපු වෙන එන්ජින් වර්ග කීපයක් සහ ඒවා දැක්කම මට හිතුණු දේවල්, කෙටියෙන් :

Honda Z එන්ජිම - මොන *&^%? 

Mazda B එන්ජිම- අනේ මන්දා... 

Subaru EJ20 එන්ජිම - අඩෝ! 

Daihatsu CB Turbo එන්ජිම - කවුද යකෝ උපන්දින කේක් අයිසින් කරන එවුන්ට කියලා එන්ජින් පේන්ට් කොරෝපු මෝඩයා? (මෙය පොදුවේ CB එන්ජිමට අදාළ දෙයක් නොව මා බැලූ කාර් එකේ අයිතිකාරයා හෝ පේන්ට් බාස් කෙනෙකු කෙළිය ගොන් පාට් එකක් බව කරුණාවෙන් සලකන්න). 

Peugeot PSA XU එන්ජිම- මේකේ ඉතින් මොන මගුලක් බලන්නද? 

Alfa Romeo 1.6 flat-four එන්ජිම - Mamma Mia!!! 






(සැලකිය යුතුයි: M20 එන්ජින් හෝ මෙතන සඳහන් කරලා තියන වෙනත් කිසිම එන්ජිමක් හොඳයි හෝ නරකයි කියලා කීමක් මේකෙන් අදහස් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට M20 එන්ජින් තිබුණු සමහර කාර් වල ඉතිහාසය ගැන අහපු සමහර කතා අර මහා සියඹලා ගහ එහාපැත්තෙ තියන කනත්ත ගැන ත්‍රීවීල් කාරයෝ කියන කතා වලටත් වැඩිය භයානකයි. ඒ නිසා කාර් එකක් හෝ වෙනත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නං හොඳට හොයලා බලලා මිසක් දැක්ක වෙලාවේ ආපු චූන් එකට ගන්න එපා). 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
03.11.2017 
www.facebook.com/CarPissuwa
(3 ශ්‍රී 5661 එකේ එන්ජිමේ ෆොටෝ එක ඇර අනික් සේරම ෆොටෝ ගත්තේ මම). 

47 comments:

  1. Replies
    1. අදහස නොපෙනේ අයියණ්ඩි :)

      Delete
    2. පේන්න ඉතිං මොකුත් ලියන්න එපැයි හිටං.

      Delete
  2. ඇත්තටම අයියේ ⁣ටොන් ගනක් පටවගෙන යන වාහනයක් දැක්කාම හිතෙනවා යකෝ කොහමද මෙි පොඩි යකඩ කැලි එකතු කරලා හදන එන්ජිමකට මෙිවිචර දෙවල් කරන්න පුලුවන් ද කියලා...

    ඔය වාහන වල වැඩකැලි දන්නේ නැති වුනත් එකෙ තියන එන්ජිම දකින්න ඔනිය කියන අමුතු හැහිමක් එනවා හිතට...

    ReplyDelete
    Replies
    1. එන්ජින් සෞන්දර්යය එක්තරා විදිහක අපූරු ඇබ්බැහියක්... ටික දෙනෙක් තාක්ෂණික පැත්ත කතා කරනකොට හැමෝටම පුළුවන් සීමා මායිම් නැතුව ඒක රසවිඳින්න... ප්‍රතිචාරයට ස්තූතියි තරිඳු...

      Delete
  3. සේරම හොදයි :D ලාන්සරේ එන්ජිම ගැන කියලා නැ. :p 1400cc එන්ජින් විශේෂයක් නැති උනාට 1.8 GSR Turbo Intercooler එන්ජින්.... යමි යමි.. ලාන්සරෙන් යමි

    ReplyDelete
    Replies
    1. අපේ ධනුක ගුණසේකර මට ඉස්සර ඔය GSR එන්ජිමේ වරුණේ නිතර කිව්වා. නමුත් මම මේ පාර කාර් දඩයමේදී ලාන්සර් බැලුවේ නැහැ. ඒ නිසා මට ඒ ගැන ලියන්න දෙයක් නැති එකයි වුණේ. :)

      Delete
    2. 2.0 , 1.8, 1.6 Lancer GSR Turbo engine කියන්නෙව ලාන්සර් පිස්සන්ගෙ හීන තමා බ්‍රෝ...

      Delete
    3. පළවෙනි කාර් එක හැටියට ලාන්සර් බොක්ස් එකක් පාවිච්චි කළ කෙනෙකු හැටියට ඒ බව හොඳින් දනිමි :)

      Delete
  4. එල එල මේ පාර එන්ජිමක් බයිට් එකට අරන්.....

    ReplyDelete
    Replies
    1. පහුගිය මාස දෙකේ තුනේ වගේ තමයි ඔය රහට සෑහෙන ඇබ්බැහි වුණේ :)

      Delete
  5. අරූව ඇඩ්මිට් කළේ බීලා වැටිලා ඉඳල නේද?' Lol...good one Tharindu 😂😂

    ReplyDelete
    Replies
    1. ඇත්තම කෙනෙක් අහලා තිබුණා එහෙම ස්වරේකින්... :D

      Delete
  6. අරූව ඇඩ්මිට් කළේ බීලා වැටිලා ඉඳල නේද?���� good one Tharindu..Being at the other end of the spectrum (grease monkey frequency), this write up was appealing for me. Enjoyed reading it though it is still too softcore to my taste of engines and the sounds of induction ��

    ReplyDelete
    Replies
    1. To be honest with you I was surprised when I first saw your Alpha album. So I can perfectly understand what you meant by 'it is still too softcore to my taste of engines' and I agree with you :)

      Delete
    2. What I actually wanted to say was that I would love to read a hardcore engine article from you Tharindu. You are very good at putting the right phrase to describe something perfectly.

      Sharing my opium with you: 😈

      https://youtu.be/95MhCNKf7CA

      Delete
  7. ඇයි අපි කළු ද ?
    -මම ඩීසල් එන්ජිමක්-

    ReplyDelete
    Replies
    1. පහුගිය මාස දෙක ඇතුළත එකම එක ඩීසල් කාර් එකයි බැලුවේ. ඒකට හිත ගියේ නැත :(

      Delete
  8. ඕන්න ඉතින් බලාපල්ලකෝ අපි වගේ උන්ටත් ඇන්ජින් පිස්සුව වැඩිකරවනවා..... ඉහි ඉහි....

    නියම පෝස්ට් එක... තිතටම

    ReplyDelete
  9. මට නං මෙලෝ දෙයක් තේරු නෙ නෑ බං.. කොච්චර උනත් අර උඹගේ කාර් එකේ පාට බීටලේ එන්ජිම දිලිසෙන විදියට නං හිත ගලවල අතට දෙන්න හිතෙනවා.. චියර්ස්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයාණෙනි... බයි ද වේ, ඔබතුමා නැතිවැ බුකිය පාලු යැ...

      Delete
  10. ඊයෙ ඇවිල්ල ෆස්ට් ප්ලේස් බුකිං දාල ගියාට දැන් තමයි කියවල ඉවර උනේ.
    මේ මනුස්සය පහුගිය ටිකේ සද්ද නැතුව ඉඳියට ඇන්ජින් ටිකක එයා ක්ලීනර් එකෙන් රිංගල සයිලන්සරෙන් එලියට ඇවිල්ල වගේ පේන්නෙ. හැක්..

    ඔය දැතිරෝද, වෑර් කෑලි, සැමන් ටින් වලින් ටොන් ගානක් ඇදගෙන පාරෙ දුවන්න පුලුවන් ගැජමැටික් එකක් හදන එකාට තෑගි දෙන්න වටිනවයි කියන එක අහන්න දෙයක්යැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා... පහුගිය මාස දෙක තුනේ දැකපු අහපු දේවල් දැක්කම ලංකාවේ කාර් ලෝකේ පාතාල ලෝකෙට වඩා සීරියස් කියලා හිතුණා. ලියන්න දේවල් බොහොමයි. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ලාංකිකයෝ ගැන නොසෑහෙන්න දේවල් ඉගෙනගත්තා මේ කාර් හන්ටිං කෙළියෙන්...

      Delete
  11. https://blog.feedspot.com/auto_car_blogs/

    You should be among the top in this list.
    I'm not an engine lover by any stretch of imagination, but I simply loved reading the intimate way you describe them.

    ReplyDelete
  12. මට නම් එක "ඇ"යන්න + "ජින්ජි" + "ම"යන්නක් කියල නැහැ සිත් ඇද ගන්නා සුළු බව වගේම ටේල් පයිප්පයෙන් එන සිංදු නිසා මට උන්ගිටි තැන අමතක කරපු එන්ජින් කිහිපයක්ම තියනවා. Dodge Viper, AC SHelby Cobra, Mustang 5.0, Ferrari, Lamborghini, Alfa Romeo ඉන් සමහරක්.

    එන්ජිම එතරම් අල්ලන්නෙ නැති උනත් ඉබ්බො විසිල් ගහන සද්දෙට බොහොම මනාපයි !

    ReplyDelete
    Replies
    1. ඔය කණ්ඩා වැලි කතරේ කණ්ඩෙක් නිසා ඔය නයි, අස්ප සද්ද අහන්ට පුළුවන්. අපට ඒ පිං එහෙමට නෑ ඉතිං...

      Delete
    2. ඒක පිනක් නෙමෙයි බං කරුමයක්, කවමදාවත් සෑහීමකට පත් වෙන්න බෑ බල බල හූල්ලන්න තමයි තියෙන්නෙ !

      Delete
  13. කාලෙකට පස්සේ ඇන්ජිමක් ගැන පෝස්ට් එකක් දාලා තියෙන්නේ...
    ඔය ඇන්ජිම තියෙන හරිය පිරිසිදුවට තියාගන්න කොච්චර ට්‍රයි කලත් සවුත්තු වෙනවනේ... අර බීට්ල් එකේ වගේ ගතියට තියාගන්න නම් වාහනේ පදින්නේ නැතුව තියන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... ඔහොම තියාගන්න වෙන්නේ ප්‍රදර්ශන වලට විතරක් ලොරි වල පටවලා ගේන වාහන විතරයි...

      Delete
  14. ඔන්න මෙි සතියේ සුක්කානමට ඉබිබොන්ගෙ අමතර කොටස් හදන ලංකාවේ තැනක් පෙන්නුවා.අයිතිකාරයා සුදු මහත්තැන් කෙනෙක් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද ඔය ගාල්ලේ මයිනර් බඩු හදන තැන නෙමෙයි කියලා? එතන නම් අයිතිකාරයා ඩෙන්මාර්ක් හෝ ඒ වගේ රටක මහත්මයෙක්....

      Delete
  15. Replies
    1. ඒක නේ... වෙලාවක මාත් ඔය පැත්තේ ගිහින් එන්න ඉන්නේ ;)

      Delete
  16. මේක කියෙව්වට කමෙන්ට් කරන්න මතක බැරි වෙලානේ...

    ///Subaru EJ20 එන්ජිම - අඩෝ! ///
    ඇයි ඇයි මොකද, වලියටද...

    ReplyDelete
    Replies
    1. අඩෝ...! > පික්ෂු හැදෙනවා ඩෝ..! ;)

      Delete
  17. අඩේ අර ටොයෝටා වලට ලාවට කණ හරහා ගහපු පාරවල් ටික අකා මකා වුනාම නිස්සාරණේ ආපහු තේකක් බිබී කියවන්න වටිනවා.... ටොයෝටා එකක සිරියාව තේරෙන්න එකක් පදින්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ටොයෝටා එකක් ගැන සීරියස්ලි හිතමින් ඉන්නේ...

      Delete
  18. office ඉවර වෙලා ගෙදර යන්න ලැහැස්ති වෙලා FB එකේ රව්මක් යනකොට අහම්බෙන් ඔයාගේ profie එක suggest කරලා අවා. ගිහින් බැලුවාම තමා දැක්කේ මේ පොස්ට් එක මට මග ඇරිලා.
    Engine ගැන කියනවා නම් මම දැක්ක සිරාම engine එකක් තම Land Cruiser V8 එකේ engine එක. එත් මගේ කරගන්න තාම දුර වැඩි. Mazda bg engine එක තමා මට හම්බ උන reliable ම engine එක. මගේ පළමු කාර් එක උන BG3P එක, කලින් අතිකාරයා පිස්සු නටල තිබ්බේ. එක piston එකකින් oil පිච්චෙනවා.එත් මම 30,000 km විතර ගියා. අන්තිමට මම ගොඩ වෙදකම් කරන්න ගිහින් කෙල උනා.අදටත් මම serous Mazda fan කෙනෙක් වෙලා ඉන්නේ BG3P කාර් එක නිසා. එක ගැන වෙනම දවසක ලියලා එවන්නම්.

    ReplyDelete
    Replies
    1. කතාව අහන්න ආසාවෙන් ඉන්නවා. ප්‍රතිචාරයට ස්තූතියි!

      Delete
  19. Great work mate and try to keep it updating! I'm a car fanatic as well and i love the starlet gt and Honda cvcc of the 70's. Never seen a cvcc driving with pride in our roads except for a few pics of some crippled and weary ones. Hope you'll work on one of those as well!

    ReplyDelete
    Replies
    1. Thank you very much. Yes, early Hondas usually don't get much love from the Sri Lankans. In fact even I didn't think of them seriously until now. Thank you for the idea. :)

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete