Tuesday, September 6, 2016

මස්ටෑං හදන ෂෙල්බි අයියලෑ ගෙවල් මෙහෙද? ('ඒත් මොකෝ? මස්ටෑං නේ' ලිපියේ දෙවෙනි කොටස)





මස්ටෑං එක ජනප්‍රිය වෙන්න හේතු කියද්දී බොහොමයක් වාර්තා වැඩසටහන්වල නිතර ඇහෙන එක කතාවක් තියනවා. ඒ තමයි මස්ටෑං එක කෙනෙකුට 'පොරක් වෙන්න ෂෝට් කට් එකක් වුණා' කියන එක. මස්ටෑං එක බොහොම නාහෙට නාහන ලුක් එකක් තියන කාර් එකක් බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ඒක සාපේක්ෂව බොහොම අඩු මිලකට ගන්න පුළුවන් වුණා කියන එකත් අපි මේ ලිපියේ මුල් කොටසින් කතා කළා.

කොහොම වුණත් මස්ටෑං කියන්නේ පිනාව කදිරා කරන්න පුළුවන් කාර් එකක් කියන තැනට ඒක ලඝු කරන්න බැහැ. මොකද මස්ටෑං එක කාන්තාවන්ට මිලදීගන්න හිතෙන විදිහට ප්‍රමෝට් කරන්න ෆෝඩ් එකට අවශ්‍ය වුණු බව අපි කලිනුත් කිව්වා. ඒ වගේම ඉස්සරලාම මස්ටෑං එකක් ගත්තෙත් කාන්තාවක් නේ.

මස්ටෑං එක එළියට දානවත් එක්කම ඒක ගැන ජනතාව දැනුවත් කරන්න ෆෝඩ් සමාගම මොළේ කොලොප්පන් වෙන තරම් දැවැන්ත කැම්පේන් එකක් පටන්ගත්තා. පත්තර වාර්තා කාරයෝ 124 දෙනෙකුට හැතැම්ම 750 ක් දුර මස්ටෑං පදින්න ලැබුණා. මේකේ ප්‍රතිඵලේ තමයි මස්ටෑං එක ගැන ආල කතන්දර වරුසාවක් පත්තර පුරා ලියැවුණු එක. ඒ වගේම ප්‍රධාන රූපවාහිනී සමාගම් 3 ක ෆෝඩ් එකේ අනුග්‍රහයෙන් වැඩසටහන් විකාශය වුණා. ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගමක් මේ වගේ වැඩක් කළේ පළවෙනි වතාවට. ඒ වගේම ෆෝඩ් එක පත්තර දැන්වීම් 2,600 ක් විතරත් පළකළාලු!

මුල ඉඳන්ම මස්ටෑං එකේ බොඩි ස්ටයිල්ස් 3 ක් ආවා.

1. Hardtop
2. Fastback
3. Convertible


Hardtop එක. මේක ගත්තේ කෝකටත් දෙයියා විකිමීඩියා කොමන්ස් වලින්.




Fastback එක. ෆොටෝ එක ගත්තේ seriouswheels සයිට් එකෙන්. 






Convertible එක. ෆොටෝ එක ගත්තේ johnywheels සයිට් එකෙන්.

මේවා අතරින් ගොඩක් අය කැමතියි fastback එකට සහ convertible එකට. ඒ වගේම fastback ස්ටයිල් එකේ ෂෙල්බි මස්ටෑං එක ගොඩක් ජනප්‍රියයි.

ඔන්න දැන් අපට ෂෙල්බි මස්ටෑං එක ගැන කතාකරන්න පුළුවන්.

කැරොල් ෂෙල්බි ගැන අපි මීට කලිනුත් අපේ ලිපි වල විවිධ තැන්වල කතා කරලා තියනවා. එයා සුප්‍රසිද්ධ රේසිං ඩ්‍රයිවර් කෙනෙක් වගේම රේස් වලට සුදුසු විදිහට සාමාන්‍ය කාර් වැඩිදියුණු කරන්න දෙයියෙක්. ඉතින් 1964 දී ෆෝඩ් එක ගිහින් එයාගේ දොරට තට්ටු කරලා ඇහුවා 'ෂෙල්බි අයියේ, ෂෙල්බි අයියේ, අපේ අස්සයා මාක් කාර් එක තුත්තක් තුත්තක් ටියුන් කරලා ගමුද?' කියලා. ඔතනින් තමයි ඔය අදටත් ඉන්ටනෙට් එකෙන් ඔලුව දාලා අපේ හදවත අතගාලා අපිව ඔල්මොරොන්දන් කරන ෂෙල්බි මස්ටෑං එක උපත ලබන්න පාර කැපුණේ.

1965 ජනවාරි 27 වෙනිදා පළවෙනි ෂෙල්බි මස්ටෑං එක එළියට ආවා. මේක නම්කරලා ෂෙල්බි GT350 විදිහට. ගාලා තිබුණේ විම්බල්ඩන් වයිට් කියන පාට. මේකේ අමු රේස් වර්ෂන් එක වුණු 350R එක රේස් වලදී බොහොම සාර්ථක වුණා. 1967 දී තමයි Cobra V8 එන්ජිම එක්ක GT500 වර්ෂන් එක ආවේ. ෂෙල්බි සහ ෆෝඩ් අතර ඇතිවුණු ගැටලු නිසා එයාලගේ partnership එක 1969 අවුරුද්දෙදී ඉවර වුණා. ඒ නිසා ඔරිජිනල් ෂෙල්බි එක 1970 න් එහාට ගියේ නැහැ. නමුත් 2006 තරම් පස්සේ කාලෙකදී ෂෙල්බි ආපහු ෆෝඩ් එක එක්ක එකතු වෙලා අලුත් ෂෙල්බි මස්ටෑං එකක් හැදුවා. ඒක මේ ලිපියට එච්චර අදාළ නැති නිසා විස්තර කරන්න යන්නේ නැහැ.


1965 ෂෙල්බි මස්ටෑං එකක්. ෆොටෝ එක ගත්තේ hemmings එකෙන්.

2006 Shelby Mustang GT එකක්. මේ ෆොටෝ එකත් විකිමීඩියා කොමන්ස් එකට අයිති එකක්

1965 GT350 එකක් specs ටිකක් topspeed.com වෙබ් සයිට් එකේ සඳහන් වෙන්නේ මෙහෙමයි.


Shelby Mustang GT350

Year: 1965
Make: Ford
Model: Mustang Shelby
Engine: V8
Transmission: Four-speed manual
Horsepower @ RPM: 306 @ 6000
Energy: Carbureted
Displacement: 289 cubic inches
0-60 time: 6.8 sec.
Top Speed: 135 mph
Layout: Front Engine; Rear Drive
 
ෂෙල්බි එක වගේම තවත් ප්‍රසිද්ධ මස්ටෑං එකක් තමයි Boss 302 මස්ටෑං එක. 1966 දී Chevrolet Camaro එක ආවට පස්සේ ෆෝඩ් සහ ජෙනරල් මෝටර්ස් අතර පෝනි කාර් කාණ්ඩයේ කෙහෙවලු පටලවාගැනිල්ලක් පටන් ගත්තා. ඒ දවස් වල කාර් කොම්පැනි දෙකක වලියක් යනකොට වෙන්නේ එක කොම්පැනියක කාර් වලට වඩා පවර්ෆුල් කාර් හදන්න අනික් කොම්පැනිය දඟලන එකයි (අද තමයි ඔය ඉස්සරහින් හැප්පුනාම තරු මෙච්චරයි, පස්සෙන් හැප්පුනාම තරු මෙච්චරයි, දෙපරන්සේ අස්සෙන් හැප්පුනාම තරු මෙච්චරයි කියකියා සේෆ්ටි රේටිංස් වැඩිකරගන්න දඟලන්නේ. මම මේ වරදක් කියනවා නෙවෙයි ඕං....).

මේ වලියේ ප්‍රතිඵලයක් හැටියට තමයි මස්ටෑං Boss 302 එන්ජිම බිහිවුණේ. 
 
Boss 302 ගැන කතාකරද්දී කාර් ලෝකේ කට්ටිය ජොලියට කියන දෙයක් තමයි ඒක කාර් එකකට එන්ජිමක් නිර්මාණය වෙනවා වෙනුවට එන්ජිමකට කාර් එකක් නිර්මාණය වුණු අවස්ථාවක් කියන එක. හැබැයි ඉතිං ඒ කතාවේ වරදකුත් නැහැ. 
 
ඒ දවස්වල රේස් වලින් දිනන කාර් විකුණන්න ලේසියි. ඉතිං කමාරෝ එක එක්ක තිබුණු ගේම් එකේ උඩට එන්න නම් මස්ටෑං එකට රේසින් ලෝකේ වැඩ පෙන්නන්න වෙලා තිබුණා. මේ වෙනුවෙන් තමයි ෆෝඩ් සමාගම 1969 කාලේ Boss 302 එන්ජිම නිර්මාණය කළේ. හැබැයි SCCA (Sports Car Club of America) එකේ නීතිරීතිවලට අනුව, Trans-Am series එකෙන් රේස් වලට බහින්න නම් අදාළ කාර් එකේ ප්‍රඩක්ෂන් වර්ෂන් එකකුත් තියෙන්න ඕනේ වුණා. මේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න තමයි Boss 302 මස්ටෑං එකේ ප්‍රඩක්ෂන් වර්ෂන් එක හෙවත් සාමාන්‍ය පාරිභෝගිකයන්ට ගන්න පුළුවන් වර්ෂන් එක බිහිවුණේ. 
 
බොසා... ෆොටෝ එක ගත්තේ hemmings සයිට් එකෙන්.
 

Boss 302 එකේ specs www.automobile-catalog.com වෙබ්සයිට් එකේ සඳහන් වෙන්නේ මෙහෙමයි.

Ford Mustang Boss 302
Engine manufacturer:
Ford Windsor V-8 302 (5.0-Liter)
Engine type:
spark-ignition 4-stroke
Fuel type:
petrol (gasoline)
Fuel system:
carburetor
Charge system:
naturally aspirated
Valves per cylinder:
2
Valves timing:

Additional features:
Holley 780CFM 4-barrel








Cylinders alignment:
V 8
Displacement:
4942 cm3 / 301.6 cui






Horsepower gross:
216 kW / 294 PS / 290 hp (SAE gross)
Torque gross:
393 Nm / 290 ft-lb


Car power to weight ratio net:
112 watt/kg / 51 watt/lb (estimated by a-c)
Car weight to power ratio net:
9 kg/kW / 6.6 kg/PS / 14.7 lbs/hp (estimated by a-c)


1969 දී රේස් එක දිනන්න බොස් ට පුළුවන් වුණේ නැහැ. නමුත් 1970 දී කප් එක ගහන්න ඒකට පුළුවන් වුණා. අද වෙද්දී අපි එච්චර දන්නේ නැති වුණාට Boss 302 එකත් පිටරටවල ෂෙල්බි එක වගේම ජනප්‍රියයි. ඒ වගේම සාමාන්‍ය මස්ටෑං එක සහ ෂෙල්බි මස්ටෑං එක වගේම මේකෙත් අලුත් වර්ෂන් එකක් ආවා. ඒ 2012 දී. 

අලුත් බොසා... ෆොටෝ එක mustangdaily සයිට් එකෙන්.
1973 Yom Kippur යුද්ධය කියලා දෙයක් සිද්ධ වුණා. ඒකෙදී ඊජිප්තුව සහ සිරියාව එකතුවෙලා ඊශ්‍රායලයට නෙළන්න පටන් ගත්තා.  ඇමරිකාව එතැනදී කළේ ඊශ්‍රායලේට ආයුධ සපයන එකයි. මේකට මළ පැනලා අරාබියේ ඉන්ධන අපනයනය කරන රටවල් ටික ඇමරිකාවට ඉන්ධන සපයන එක නැවැත්තුවා. ඉතාම සරලව කියනවා නම් කිරෙන් කාලා පෙට්‍රල් වලින් අත හෝදන්න පුරුදු වෙලා හිටපු ඇමරිකාවට ඌයි ගෑවුණා. ඕක තමයි Oil embargo එක, නැත්නම් 1973 ඉන්ධන අර්බුදය කියලා කියන්නේ. 
 
මේක නිසා ඇමරිකාවේ ඉන්ධන හිඟ වුණු නිසා පත සයිස් එන්ජින් තියන කාර් වලට තියන මාකට් එක බැස්සා. ඒ වගේම මේ කාලේ වෙද්දී මාකට් එකේ තවතව වෙනස්කම් සිද්ධ වෙමින් තිබුණා. උදාහරණයක් විදිහට කිව්වොත් ලේන් තුනේ පාරක ලේන් දෙකහමාරක් පුරා පැතිරෙන සයිස් එකේ කාර් වෙනුවට ටිකක් පොඩි කාර් පැත්තට ඇමරිකන් පාරිභෝගිකයෝ ඇදෙන්න පටන් ගත්තා. ආයෙමත් සමීක්ෂණයක් කරලා බැලුවම ෆෝඩ් එකට තේරුණා එන පොට හොඳ නැති බව. ඒ නිසා ඔරිජිනල් හෙවත් ෆස්ට් ජෙනරේෂන් මස්ටෑං එක පෙන්ෂන් යවන්න ෆෝඩ් එක තීරණය කළා.  

මෙම අලුත් ප්‍රවණතා නිසා දෙවෙනි පරම්පරාවේ මස්ටෑං එක ප්‍රමාණයෙන් පොඩි, බලයෙන් අඩු කාර් එකක් විදිහට තමයි ආවේ. එහෙම කියලා ඒක සේල්ස් අතින් නම් අසාර්ථක වුණේ නැහැ. නමුත් මස්ටෑං එක මෙච්චර දුරක් ආවට පස්සේ, අද අපි ආපහු හැරිලා බලනකොට, පළවෙනි පරම්පරාවේ සහ දෙවෙනි පරම්පරාවේ මස්ටෑං දෙකක් එක ළඟ තියලා බලන කෙනෙකුට දෙවෙනි පරම්පරාවේ එක උඩට නැගලා ඒකෙ වින්ඩ්ස්ක්‍රීන් එක උඩට වමනේ දාන්න හිතුණොත් ඉතින් පොරට වරදක් කියන්න බැහැ. 

දෙවෙනි පරම්පරාවේ එකක්.  විකිපීඩියා එකෙන් ගත්තේ.

කාර් පිස්සෝ ගොඩක් දෙනෙක් තරුණ කාලෙදි හීන දකිනවා performance car එකක් ගන්න. නමුත් ලංකාවේ අපි බහුතරයකට එහෙම එකක් ගන්න බැහැ. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ පරණ කාර් අරන් එක එක වැඩ දාලා ඒවා performance කාර් කියලා පෙන්නන්න හදන එක.  හැබැයි ඉතිං ඒවා ෆයිබර් පොල්කටු එල්ලපු සරුංගල් කෑලි කියලා හැමෝම දන්නවා.
 
Performance කාර් ගන්න එක ඇමරිකාවේ අයටත් ඉස්සර හීනයක් වෙලා තිබුණා. මේ හීනය හැබෑ කරන්න පුළුවන් කම ගොඩක් දෙනෙකුට ලබාදුන්නු එක තමයි මස්ටෑං එක කරපු ලොකුම මෙහෙවර. අදටත් ඉතින් ටැක්ස් එහෙම වැදිලා සහ කාර් සේල් පප්පලාගේ මිල සූත්තර වලින් තෙම්පරාදු වෙලා අපේ රටට එනකොට මස්ටෑං ගොඩක් ගණන් වුණාට යුරෝපයේ performance කාර් වලට සාපේක්ෂව අලුත් මස්ටෑං එක ගණන් අඩුයි. නමුත් මස්ටෑං එකේ පෞරුෂය නිසා කාටවත් ඒක එච්චර මතක් වෙන්නේ නැහැ. 

1964 ඉඳන් මස්ටෑං එක වෙනස් වෙවී වෙනස් වෙවී ආවා. පහු වෙන්න පහු වෙන්න මස්ටෑං එක දරාගන්න බැරි තරම් කැත වුණා. නමුත් එහෙම කියලා අර මස්ටෑං එකේ නමේ තියන පෞරුෂය අඩු වුනේ නැහැ. 2005 දී ආපු 5 වෙනි ජෙනරේෂන් එකේ ඉඳන් නියම මස්ටෑං ස්පිරිට් එකක් පොඩ්ඩක් ආපහු ආවා කියලා මම හිතනවා. 2015 දී තමයි 6 වෙනි ජෙනරේෂන් එක ආවේ. Ecoboost එන්ජිම අමතක කළොත්, මම හිතන්නේ ෆෝඩ් එක ආපහු නියම මස්ටෑං එක දිහාට හැරිලා කියලයි. හැබැයි ඒක මගේ පෞද්ගලික අදහස... 
 
මම සාමාන්‍යයෙන් මගේ පරපුරේ බොහෝ දෙනෙක් වගේ චාන්ස් එක හම්බුණු ගමන් ගෙදර බල්ලටත් ටටා බල්ලෝ කියලා රට පනින්න හීන බලන කෙනෙක් නෙමෙයි. මම ප්‍රගුණ කරපු වෘත්තීය කුසලතා අනුව මට කවදාවත් ලංකාවෙන් පිට යන්න ලැබෙයි කියලා මම හිතන්නෙත් නැහැ. හැබැයි ඉඳහිට ග්‍රීන් කාඩ් දැන්වීමක් දකිද්දී, චිප් ෆූස් ගැන ඇහෙද්දී සහ රට ගිය එවුන් එක එක ප්‍රතිමා බිල්ඩින් කහඉරි ළඟ ඉඳන් ෆොටෝ දාද්දී  මට හිතෙන්නේ, අනේ ගියානං පිඟන් හෝදලා හරි මස්ටෑං එකක් ගන්න තිබුණා නේද කියලා. බැරිවෙලාවත් දෛවය  හෑන්ඩ්බ්‍රේක් ටර්න් එකක් ගහලා මට ඇමරිකාවේ යන්න චාන්ස් එකක් අරන් දුන්නොත් මම ඒක දැනගත්තු දාම ගූගල් එකට දුවලා බලන්නේ ෆස්ට් ජෙනරේෂන් එකේ මස්ටෑං එකක් ගන්න මට කොච්චර කාලයක් කඹුරන්න වෙයිද කියන එක තමයි. 
 
ඔය ලංකාවේදී ගෙදර ගේට්ටු කණුවෙත් ගහලා මන්ද මාරුතේටත් පොර ටෝක් දෙන්න හදාගත්තු ආත්ම ගරුත්වේ කියන මෙව්වා එක නම් බැලුමට නටරාජ් කවකට්ටකින් ඇන්නා වගේ ෆුටුහ් ගාලා පුපුරලා යයි. 
 
ඒත් මොකෝ? මස්ටෑං නේ...!  
 
-------------------------------------------------------------------- 
 
 මස්ටෑං ගැන දැනගන්න වටින කරුණු කීපයක් - 

1. මස්ටෑං කියන්නේ අශ්වයෝ වර්ගයක් වුණාට සහ අශ්වයෙකුගේ රූපයක් ලාංඡනයේ තිබ්බට මස්ටෑං එකට ඒ නම ලැබුණේ අශ්වයා හින්දා නෙමෙයි. දෙවෙනි ලෝක යුද්ධ කාලේ සුපිරි ෆයිටර් ප්ලේන් එකක් තිබ්බා P-51 Mustang කියලා. ඒක හින්දා තමයි කාර් එකට මස්ටෑං කියන නම ආවේ. අස්සයා ජැක් එක ගැහුවේ පස්සේ ලු... ෆිල් ක්ලාක් කියන නිර්මාණ ශිල්පියා තමයි මේ අස්ස රූපේ ඩිසයින් කරලා තියෙන්නේ. 

2. අද අපි ගොඩක් දෙනෙකුට මස්ටෑං කිව්වම අශ්ව රූපේ මතක් වුණාට 1975 ඉඳන් 1993 වෙනකල් ආපු කාර් වල මේ රූපේ තිබිලා නැහැ. ඒක ආපහු මස්ටෑං එකට දාන්න පටන් අරන් තියෙන්නේ 1994 ඉඳන් ලු. 

3. මස්ටෑං එකේ ත්‍රිමාණ ආකෘතියක් මැටියෙන් හදනකල්ම Lee Iacocca ඩිසයින් එක දැක්කේ නැහැ කියනවා (මේක නම් මට එච්චර විශ්වාස නැහැ). දැක්කට පස්සේ Iacocca මහත්තයට උන්හිටි තැන් මතක වුණා ලු (Lee Iacocca ගැන දැනගන්න මේ ලිපියේ මුල් කොටස කියවන්න).
 
4. පළවෙනි ජෙනරේෂන් එකේ මස්ටෑං දිවිය ලෝකෙන් බැස්සා වගේ පෙනුණට ඒකෙ වැඩිහරියක් තිබුණේ Ford Galaxy, Fairlane සහ Falcon වගේ බොහොම සාමාන්‍ය කාර්වල කෑලිබෑලි. 

5. 2010 අවුරුද්ද වෙද්දී ලෝකේ පුරා මස්ටෑං මිලියන 9 ක් විතර විකිණිලා තිබුණා. 

----------------------------------------------------------------------
 
www.facebook.com/CarPissuwa 
 
විශේෂ ස්තූතිය: පළවෙනියටම තියන ෆොටෝ එක එවුවේ ඉෂාන් මධුරංග, අබුඩාබි වල ඉඳලා. එයාට මගේ විශේෂ ස්තූතිය...

27 comments:

  1. දෙවෙනි එක එනකං ඇගිලි ගැන ගැන හිටියෙ.............
    මට නම් රට යන්න හිතෙන්නෙ ඕවෑ තියෙන junck yard වල video දකිනකොට. හම්මේ..... ගියානම් Devin`s Yard කියල බෝඩ් එකකුත් දාගෙන සපාන් එකේ ඉන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. අනී.............. අදත් මං එක!

      Delete
    2. ස්තූතියි ඩෙවින්... මටත් යන්න හිතෙනවා අර බ්‍රසීල් වල එහෙම බීට්ල් ටැක්සි ජන්ක්යාඩ් දකිනකොට..

      Delete
  2. දන්නැති දේවල් ගොඩක් දැනගත්ත. ස්තූතියි තරිඳු

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි තනුජ...

      Delete
  3. බොලා මේකෙ පළවෙනි කොටසේ කමෙන්ට් ආයෙම නොකියෙව්වට මුලින්ම අපේ විරෝධය.

    ඔය අස්සයා ගැන කමෙන්ට් දාලා තිබ්බ සමහර පිස්සො එතනත්

    ඉතිං තරිඳුට පුලුවන්නෙ ඕකෙ මස්සිනා වන ලංකාවෙ තියෙන ෆෝර්ඩ් කැප්‍රි එකක් ගන්න. ඒකත් මාර ලූක් එකක් තියෙන කා එකක්නෙ. ඒකෙත් ජර්මන් බිල්ට් එක සහ බ්‍රිටිෂ් බිල්ට් එක තියෙනවා. මම හිතන්නෙ වී ටයිප් එන්ජින් එකකුත් එනවද කොහෙද. මම චෙක් කලේ නෑ නිකම්ම මතකෙන් ගැහුවෙ.

    ReplyDelete
    Replies
    1. 1. කමෙන්ට් නොකියවීම ගැන සමාවෙන්න. අම්බානක බිසී වුණා.
      2. කැප්රි එක ඕක අහලකින් තියන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි Mustang නැති රටේ දැන් කැප්රි Mustang තරම් ගණන් ගිහින්. සමහරු දිරපු සහ කෑලි පූට්ටු කරපු ඒවටත් හිත හීරිලා යන ගණන් ඉල්ලනවා.
      3. එහෙම කිව්වට කැප්රි එකට මම ආසා නැත්තේ නැහැ. හැබැයි හොඳට හදපුවා ගන්න මට සල්ලි නැහැ. හදපු ඒවා තියන එවුන් ලෙසියකින් දෙන්නෙත් නෑ.

      Delete
    2. හැබැයි හොඳට හදපුවා ගන්න මට සල්ලි නැහැ.

      ඔය ප්‍රශ්ණෙම තමයි මටත් තියෙන්නෙ තරිඳු.

      සතුට මුදල් වලට ගන්න බැරි බව කිව්වට, සතුට ලැබෙන දේවල් ගන්න සල්ලි ඕනෙ කියලා මට තේරිලා හුඟක් කල්. :D

      Delete
  4. දෙපරන්සේ අස්සෙන් හැපුනොතින් නම් විසි වෙන්නෙ තරු නෙමෙයි මන්දාකිණි පිටින් නෙහ්... Lol
    ක්ලැසික් මස්ටෑන්ග් පිස්සුව නම් කාලෙක ඉදලම තිබ්බත් ඉතින් ලන්කාවටම තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් නෙහ්?
    කවදා හරි කැප්‍රියක් ගන්න ලැබුනොතින් තමා ඉතින්...

    ReplyDelete
    Replies
    1. මේකෙන් අන්තිමට කැප්රි තවත් ගණන් උස්සයිද දන්නේ නෑ... :)

      Delete
  5. Hitha athule lock karala ibba daala yathura wisikarala thibbe mekata thibba aadareta...Need for speed film eka baluwata passe papuwa palila eliya aawa..ube article eka dakkama prostitute job ekak hari katala us gihin me magula kare daaganna hithenawa ban

    ReplyDelete
  6. E madiwata office gihin enakota kiribathgoda pathhe eke red colour mustang ekak thiyen wada daanawa..mata uge hombata anala eka ussan enna hithenawa..ubala danna ekeknam samawenna oone ehema kiwwata :D
    Ara hama kollagema hithe kawadawath aithikaraganna bari kellek innawa wage mage hithe inne oya assa nambi thama ithin

    ReplyDelete
    Replies
    1. කිරිබත්ගොඩ එක කැප්රි එකක් නේද? :)

      Delete
  7. E madiwata office gihin enakota kiribathgoda pathhe eke red colour mustang ekak thiyen wada daanawa..mata uge hombata anala eka ussan enna hithenawa..ubala danna ekeknam samawenna oone ehema kiwwata :D
    Ara hama kollagema hithe kawadawath aithikaraganna bari kellek innawa wage mage hithe inne oya assa nambi thama ithin

    ReplyDelete
  8. Hitha athule lock karala ibba daala yathura wisikarala thibbe mekata thibba aadareta...Need for speed film eka baluwata passe papuwa palila eliya aawa..ube article eka dakkama prostitute job ekak hari katala us gihin me magula kare daaganna hithenawa ban

    ReplyDelete
  9. මස්ටෑන්ග් කතාවත් මාරයි බලන් යනකොට.. ලංකාවෙ එතකොට මස්ටෑන්ග් ඇත්තෙම නැත්ද ?

    ReplyDelete
    Replies
    1. තියනවා. මේ ලිපියේ පළවෙනි කොටසේ මම ෆොටෝ එකකුත් දාලා තිබ්බේ... :)

      Delete
  10. Fast & furious ම තමා ඉතින් සිහිවෙන්නෙ.. බලල නැත්නම් බලන්න..මස්ටෑං පිස්සන්ට හොඳ ෆිල්ම් එකක්.. :-)

    ඇමරිකා යන්න ඕනිම නෑ... ජනාධිපති පුතෙක්ව ඩිංගක් හරි අඳුනගත්තනම්... ;-)

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි. දේශපාලනේ නම් කතා නොකර ඉම්මු. නැත්තන් මෙතන වලියක් යයි :)

      Delete
  11. සුපිරි ආටිකල් එකක් බ්‍රෝ .

    ReplyDelete
  12. Need for speed 2014 film එකෙත් තියෙනවා ෂෙල්බි මස්ටෑං එකක්, පට්ටයි....

    ReplyDelete
  13. මරු ලිපිය.
    අමෙරිකා ගිහිල්ල පිඟං හෝදල මස්ටෑං එකක් ගත්ත පළවෙනි ශ්‍රීලාංකිකය වෙන්න වාසනාව ලැබේවා. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙටත් ස්තූතියි, ප්‍රාර්ථනාවටත් ස්තූතියි... :D

      Delete
  14. Replies
    1. ස්තූතියි කවීන්ද්‍ර...

      Delete