Monday, April 25, 2016

බැහැලා වැඩකරන්න බලාගෙන ෆොක්ස්වැගන් ලෝකෙට එන්න.





(මේකේ සඳහන් තොරතුරු මම අවුරුදු දෙක තුනකට කලින් කරපු අධ්‍යයනයක කොටසක්. බ්ලොග් එකට හරියන්න එඩිට් කළා). 

ෆොක්ස්වැගන් රථය සංකල්පයක් විදිහට බිහිවුණේ 1938 වසරේ ජර්මනියේදී. ෆොක්ස්වැගන් බීට්ල් රථ නිෂ්පාදනය අවසන් වූයේ 2003 දී මෙක්සිකෝවේ දී. එදා මෙදා තුර ෆොක්ස්වැගන් බීට්ල් රථ 21, 529, 464 ක් නිෂ්පාදනය වී තිබෙනවා. පෙනුමේ බරපතළ වෙනසක් සිදු නොවී එක් මෝටර් රථ මාදිලියක් වැඩිම සංඛ්‍යාවක් නිෂ්පාදනය වීමේ වාර්තාව දරන්නේ බීට්ල් රථයයි. ටොයෝටා කොරොල්ලා සහ ෆොක්ස්වැගන් ගොල්ෆ් ඇතුළු ඇතැම් රථ මාදිලි  සංඛ්‍යාත්මකව මේ වාර්තාව ඉක්මවා ගොස් තිබුණත් ඒවා වරින්වර බාහිර පෙනුම හා වෙනත් අංග විශාල වශයෙන් වෙනස් කොට තිබෙනවා. ඒවා එකම නාමයක් පාවිච්චි කරන වෙනස් රථවාහන ගොඩක්. 

එදා සිට අද දක්වාම, ෆොක්ස්වැගන් බීට්ල් රථය හුදෙක් මෝටර් රථයක් පමණක් නොවෙයි. එය හැමවිටම ‘ආදරණීය’ රථයක් වුණා. මෙම ආදරණීය හා විශ්වසනීය ගුණාංග හැමවිටම ෆොක්ස්වැගන් බීට්ල් රථයට ආදේශ කොට දක්වා තිබෙනවා. වරක් ෆොක්ස්වැගන් බීට්ල් දැන්වීමක එම රථය හැඳින්වීමට යොදන ලද්දේ, ආදරණීය ජීවන සහකාරියක (හෝ සහකරුවෙකු) හැඳින්වීමට යොදන ‘His better half’ යන යෙදුමයි. මේක අද දක්වාම ෆොක්ස්වැගන් රථවල හිමිකරුවෝ ඉතා තදින් විස්වාස කරන දෙයක්. 

දැවැන්ත අන්තර්ජාතික සාර්ථකත්වයක් අත්පත් කරගත් ෆොක්ස්වැගන් බීට්ල් (නිල නාමය Type 1) සහ කෑම්පර්වෑන් (නිල නාමය Type 2) රථ ඒවා නිෂ්පාදනය කෙරුණු හෝ අපනයනය කෙරුණු බොහෝ රටවල සුවිශේෂ වූ සංස්කෘති (හෝ උපසංස්කෘති) බිහිකිරීමට සමත් වුණා. මේ අතුරින් වඩාත් ප්‍රකටම දෙයක් නම් ෆොක්ස්වැගන් බීට්ල් හා කෑම්පර්වෑන් රථ සමග හිපි සංස්කෘතියේ ඇති සම්බන්ධයයි (වෙන අටුවා ටීකා ඕනේ නැහැ. Woodstock 1969 කිව්වම ඇති)

ශ්‍රී ලංකාව ද ෆොක්ස්වැගන් සංස්කෘතියක් බිහිකරන්නට සමත් වූ රටක්. ලංකාවේ ෆොක්ස්වැගන් බීට්ල් රථය හැඳින්වීමට යොදන ‘ඉබ්බා’ නාමය අන්තර්ජාතික රචකයන් විසින් ද සටහන් කර තිබෙනවා.

Wikipedia අන්තර්ජාල විශ්වකෝෂයේ ද ‘ඉබ්බා’ නාමයත් ‘ගෙම්බා’ නාමයකුත් දක්වා තිබෙනවා. (http://en.wikipedia.org/wiki/List_of_names_for_the_Volkswagen_Type_1 වෙබ් පිටුව බලන්න). මෙරට ෆොක්ස්වැගන් බීට්ල් රථ හිමිකරුවන්ගේ සංගමයක් ද පවතින අතර එහි සාමාජිකයන් නොවන ස්වාධීන හිමිකරුවෝ රැසක් ද ඉන්නවා. ඊට අමතරව විධිමත් අමතර කොටස් අලෙවි ජාලයක් ද නඩත්තු සේවා සැපයුම් ජාලයක් ද පවතී. Facebook බඳු social network වෙබ් අඩවි හරහාත් ‘රිය සෙවන’ (www.riyasevana.com), ‘ඉක්මන්’ (www.ikman.lk) බඳු සාමාන්‍ය අලෙවි වෙබ් අඩවි හරහාත්, ‘ලහිපිට’ (ඉරිදා ලංකාදීප පුවත්පත සමග නිකුත් කෙරේ) බඳු මුද්‍රිත මාධ්‍ය මගිනුත් මේ පිළිබඳ තොරතුරු විධිමත්ව හුවමාරු වෙනවා. 

පොයින්ට් එක මේකයි. ෆොක්ස්වැගන් කියන්නේ (අඩුතරමින් air-cooled ඒවා) හුදෙක් වාහන විතරක් නෙමෙයි. ෆොක්ස්වැගන් බ්‍රෑන්ඩ් එක අති දැවැන්ත සංස්කෘතියක් බිහිකරපු, බිහිකරමින් පවතින බ්‍රෑන්ඩ් එකක්. ෆොක්ස්වැගන් සීන් එකේ බැහැලා වැඩකරන අයට තමන් විශාල සමාජයක සාමාජිකයෙක් බව දැනෙන්නේ එකයි. ඒ නිසා නිකන් සල්ලි ටිකක් තිබුණු පලියට ෆොක්ස්වැගන් එකක් අරගෙන පිස්සු නටන්න එපා. බැහැලා වැඩේ කරන්න කැමති නම් විතරක් මේ පාරෙන් එන්න.

7 comments:

  1. අසාවෙන් කියෙව්වා. දිගටම ලියන්න. ලිපියක්. මම දනන් හිටියේ බීටල් එකට කියන්නේ "පොල්ලෙල්ල " කියල. "ඉබ්බා" කියල කියන්නේ මයිනර් එකට කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉබ්බා සහ ගෙම්බා නම් දෙකම බීට්ල් එකට පාවිච්චි වෙනවා. ඉබ්බා තමයි වැඩිපුරම ජනප්‍රිය...

      Delete
  2. හරියට හරි තරිඳු... වොක්ස්වැගන් කියන්නේ හුස්ම ගන්න කාර් එකක්...

    ReplyDelete
  3. කනේ මයිල් කියලා මොඩල් එකක් තියෙනවා නේද :p

    ReplyDelete
    Replies
    1. මේක හද්දා පරණ ලිපියක්. :p අලුත් ලිපිවලට ඇවිත් බලන්න, විස්තර ඇති. ප්‍රතිචාරයට ස්තූතියි...

      Delete
  4. මා ලග වොක්ස් වැගන් මැනුවල් ඇත විස්තර අවශ්‍යද

    ReplyDelete