Friday, July 14, 2017

ස්ප්ලිට් බස්, රැග්ටොප්, ට්‍රෙකර් සහ වෙනත් සත්තු (World Volkswagen Day 2017)



දෙහිවල ඉවර වෙන්න කිට්ටු වෙද්දී විලියම් එක පේන මානෙන් වමට දාලා Marine Drive එකට දානවා කියන එක හරියට අපායේ ලෝදිය බාත් ටබ් එක පේන මානෙන් වමට දාලා දිව්‍ය ලෝකෙට හරවනවා වගේ අත්දැකීමක්.... 

මට මතක ඇති කාලෙක ඉඳන් වැල්ලවත්තේ ඉඳන් දෙහිවල හන්දිය පහුවෙනකල් ගාලු පාර - හරියටම කියනවා නං විලියම් හන්දියයි දෙහිවල හන්දියයි අතර පාර - ට්‍රැෆික් පිරුණු, වළවල් පිරුණු, ත්‍රීවීලර් පිරුණු, බස් පිරුණු, බාප්පලා පිරුණු පාරක්. වැඩ ඇරෙන වෙලාවක (හෝ වැඩට යන වෙලාවක) බස් පණුවෙක් එළවන ලේලන්ඩ් කට්ටක හිරවෙලා ඔය ටික පහු කරනවා කියන එක හරියට පැලුණු රබානක හරක් හම කනවා වගේ අප්‍රසන්න අත්දැකීමක් කියලයි මට හිතුණේ. ඊට පස්සේ කාලෙක වාහන එළවගෙන ඒ පැත්තේ යන එනකොටත් ඒ රබන් කට්ට එහෙමම කන්න සිද්ධ වුණා. අදටත් ඒ කුණු රහ එහෙමමයි.ඒ නිසා කොළඹ යනකොට Marine Drive එකට හරවන්නේ කොයි වෙලාවෙද කියලා බලබලා තමයි යන්නේ. 

විලියම් හන්දිය, ඉරිදා උදෙක වැල්ලවත්ත පැත්තේ ඉඳන් යනකොට පේන හැටි

පහුගිය ජූලි 9 වෙනිදා උදෙත් අපි දෙහිවල හරිය පහුකළේ ඒ සිතිවිල්ලෙන්මයි. උදේ පාන්දර මොරටු අහසේ පෝර දාපු අලුකෙසෙල් පාටට කළුවක් මෝදු වෙලා තිබ්බට දෙහිවල අහස නම් පොලීතීන් පුච්චනකොට නගින දුමට සමාන පාටකට තිබ්බා. 

Marine Drive එකේ වැල්ලවත්තට කිට්ටු වෙනකොට තමයි අහස අහසේ ඉඳන් අත දික්කරලා 'ඉඳා කාපිය' කියලා අපට අලුකෙසෙල් කවන්න ගත්තේ. මගේ ප්‍රථම ප්‍රේමය long distance relationship එකක් වෙලා ඊට පස්සේ මකන්න බැරි ඊමේල් එකතුවක් සහ පුච්චන්න බැරි කාඩ් එකතුවක් වෙන්න ඔන්න මෙන්න තිබ්බ එක්තරා දුරාතීතෙක වත්තල හරියේදී අහුවුණු අනෝරා වැස්සට පස්සේ මතක ඇති කාලෙකින් එහෙම වැස්සකට අහුවෙලා තිබුණේ නැහැ. උදේ පාන්දර කාර් ෂැම්පු දාලා, ඉන්ටීරියර් ක්ලීනර් දාලා, වින්ඩෝ ක්ලීනර් දාලා, ටයර් පොලිෂ් දාලා, කිරිබත හැඩ කරනවා වගේ සීරුමාරුවට තෙත මාත්තු කරලා එළියට දාපු 9 ශ්‍රී 5333 අර කොළඹ හද්ද ජරහන්ත අහස හෝදාගෙන එන ලුණු මිශ්‍ර ඇසිඩ් වතුරට රිඹ යන්න නෑවෙන්න ගත්තා. 

මමයි කෞශියි දුක තදකරන් මහමෙර තරන් වයිපර් දමන් හෙමිහෙමිහෙමින් ඉදිරියටම ඇදුණා. 

බම්බලපිටිය පහුකරලා කොල්ලුපිටිය පැත්තට යද්දී අහස 'දැන් තෝ අලුකෙහෙල් කෑවා ඇති' කියලා ඉතුරු වැහිබින්දු ටික අරන් පොකැට් එකේ දාගත්තා. අපි නිරිතදිග මෝසම් වැස්සේ ලේන්නු අල්ලන්න ගිහින් පොල් ගහෙන් ගලන වතුරට අහුවෙලා කැට් ප්‍රයිඩ් එක ෆ්ලකෑෂ් වෙච්ච පූස් පැටවු වගේ ආපහු ගාලු පාරට දාලා පාගලා ගිහින් ගෝල්ෆේස් හෝටලේ ගේට්ටුවෙන් ඇතුළට හැරෙව්වා. 


වෙනදට උදේ හතයි තිහට එන්න කිව්වම දහයට වත් නොඑන මිනිස්සු අද හතයි කාල වෙද්දී ඇවිල්ලා. ගෝල්ෆේස් හෝටලේ කාර් පාක් එක රතු පාට නිල් පාට කොළ පාට කහ පාට සුදු පාට දම් පාට රෝස පාට තැඹිලි පාට ගෝල්ඩ් පාට සිල්වර් පාට කාකි පාට කළු පාට අළු පාට යකඩ පාට මලකඩ පාට ගින්දර පාට කොස් පාට දෙල් පාට පොළොස් පාට වගේම නම නොදන්න පාට සහ නම කියාගන්න බැරි පාට වලින් හැඩවුණු බීට්ල් යායකින් වැහිලා ගිහිං. ඒ අතර ඉඳහිට වතුසුද්ද මල් යාය මැද්දෙන් හංගාගත්තු ආඩම්බරෙන් ඔලුව උස්සපු ඇන්තූරියම් මල් වගේ කාමන් ගියා එකක් දෙකක් සහ වේරියන්ට් එකක් දෙකක් එක්ක ස්ප්ලිට් බස් එකක් සහ ට්‍රෙකර් එකකුත් තිබ්බා. 



එදා එතන තිබුණේ VW Beetle Owners' Club එක සංවිධානය කරපු World Volkswagen Day රැලිය විතරක් නෙමෙයි. ලංකාවේ කාර් ක්ලබ් එකකින් පළවෙනි වතාවට ක්ලැසික් කාර් එකක් තෑගි දෙන raffle එකේ දිනුම් ඇදීමත් එදා තමයි කරන්න නියමිත වෙලා තිබුණේ. ඉතිං ටිකට් ගත්තු සහ ටිකට් ගන්න හිතපු අය සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ නිසා වෙනදා දකින, ඒත් එහෙමට ඇයි හොඳයියක් නැති පළපුරුදු මූණු ටික වෙනුවට මෙදා VW event එකක් උපන්තේකට දැකලා නැති මූණු ටිකකුත් ගෝල්ෆේස් හෝටලේට පායලා තිබ්බා. 

තෑග්ග විදිහට දීපු කාර් එක. මේක තියලා තිබ්බේ ගල්කිස්ස හෝටලේ

9 ශ්‍රී 5333 නවත්තලා වාහනෙන් බැහැලා හැරෙන්නත් කලින් ඇවිල්ලා අපිව පිළිගත්තේ ආසිරි ඇල්ලගේ. ආසිරි කියන විදිහට එයා ඉස්සර එපා වෙලා පැත්තකට දාලා තිබ්බ බීට්ල් එක හදන්න ඕනේ කියන සිතිවිල්ල ඇවිල්ලා තියෙන්නේ කාර් පිස්සුවෙ පාහියංගල ලිපිය කියෙව්වට පස්සේ ලු. ඒක ඇත්තද කියන්න මම දන්නේ නැහැ. හැබැයි එදා එහෙම පැත්තත දාලා තිබුණු කාර් එක දැන් ෆැක්ටරියෙන් ගත්තු දවසේ වගේ ලස්සනට තියනවා ඉස්සරලම දැක්කම මගේ හිතට දැනුණේ Big Bang Theory එකේ Penny ව ඇත්තට දැක්කා වගේ විස්මය, සතුට, ආදරය, ආශාව හා ශෘංගාරය මිශ්‍ර හැඟීමක්! 

ඔය සුදට හුරු පාටකට තියෙන්නේ ඇල්ලේගේ කාර් එක

එදා ඇත්තටම වැඩි දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තිබුණේ දොස්තර ශ්‍රීලාල් මහත්මයාගේ EN ස්ප්ලිට් බස් එකට. ලංකාවේ ඉස්සරහ වීදුරුව දෙකට බෙදුණු ෆොක්ස්වැගන් වෑන් (මේවට සාමාන්‍ය එයාර් කූල්ඩ් ව්‍යවහාරේදී ඇමරිකානුවෝ කියන්නේ 'බස්' කියලා. එංගලන්තේ හාදයෝ කියන්නේ 'කෑම්පර්' කියලා) හරිම අඩුයි. ඉඳලා හිටලා හබරල ගාලක් ළඟ අවුරුදු තිහක් විතර අතඇරලා දාලා තිබුණු, යකඩ දැදුරු කරගෙන මලකඩ මල් යායවල් පිටින් පිපුණු බස් වලට පවා බ්‍රෝකර් ලා ජර්මනියම සල්ලිවලට ගන්න පුළුවන් තරමේ ගණන් කියන නිසා අපි වගේ ගොඩක් දෙනෙකුට ඒවා හීන විතරයි. ඔහොම එකක් ගොඩ ගත්තොත් ඉතිං දොස්තර මහත්තයෙක්ම තමා! 





ඊට අමතරව සුපුරුදු විදිහට පීටර් ජාසිංහ මහත්මයාගේ ස්ප්ලිට් බීට්ල් එක, කපිල ජයවර්ධන මහත්මයාගේ ට්‍රෙකර් එක සහ දිනේෂ් මහත්මයාගේ Left hand drive ragtop එක එහෙමත් ගොඩක් දෙනෙක්ගේ වායු-සිසිලන ලාලසාව ඇවිස්සුවා. ඊට අමතරව තව ඔරිජිනල් convertible කියල විස්වාස කරන්න බැරි ඔරිජිනල් convertible එකක්, පිට ගේකට ආපු කුලෑටි දැරිවියෝ දෙන්නෙක් වගේ හැංගුණු ගොල්ෆ් දෙකක් සහ 'යකෝ කවුරුවත් මා දිහා බලන්නේ නැත්තේ ඇයි' කියලා හිතහිතා හිටපු වේරියන්ට් එකකුත් එතන තිබුණා. 






සුපුරුදු විදිහට තේ පානයෙන් පස්සේ අපි ගල්කිස්සේ හෝටලේට යන්න පිටත් වුණා. Volkswagen Day ඉවෙන්ට් එකේ සුන්දරම අත්දැකීම තමයි මේ ඩ්‍රයිව් එක. ඉරිදා උදේ ගාලු පාර දෙපැත්තේ උස ගොඩනැගිලි වල හැප්පිලා දෝංකාර දෙන ජර්මානු යකඩ විසිල් ගීතිකා කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස වසාගෙන පැතිරෙනවා. පාර දෙපැත්තේ ඉන්න අයගෙන් ලැබෙන්නේ අතීතකාමය සහ අනාගත බලාපොරොත්තු මුසුවුණු අපූරු බැල්මවල්. ඔය අතරේ උන්නු ගමන් තමන්ගේ තුනී යකඩ වාහන ගැන හීනමානයක් ආපු රියදුරෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් වෙට්ටු දාන්න ගන්නවා. 





මෙතනදී එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ. බීට්ල් ටික යන්නේ පෙරහැරක් විදිහට නෙමෙයි. ඔය එක පේළියට වගේ පෙන්නේ ගමන ආරම්භ කරපු ස්ථානය ආසන්නයේදී විතරයි. පාරේ අනික් වාහන වලට බාධා නොවෙන්න ගමන යන එක අපි හැමෝම බොහොම දැනුවත්ව කරන දෙයක්. මෙතෙක් මම සහභාගී වුණු කිසිම ඉවෙන්ට් එකකදී පොලීසියේ සහයෝගය ඇතුව අර බයිසිකල් රේස් වගේ පාර වහගෙන බීට්ල් රැලි ගිහිල්ලා නැහැ. ෆොක්ස්වැගන් ටික lane discipline ඇතුව යද්දී වෙන වාහන පදින සමහරු මංතීරු නීතිය අතට අරගෙන වනවනා යන හැටි එදාට බොහොම පැහැදිලිව දැකගන්න පුළුවන් (මේ කාරණාව පැහැදිලි වුණාම තනියම පුෂ්ප විකසිත කරගන්න පිරිසකුත් ඉන්නවා. ඉස්සරහට එයාලව කනෙන් පෙන්නන්න මට පුළුවන් වේවි).

බොහොම කෙටි වෙලාවක් ඇතුළත ගල්කිස්ස හෝටලෙත් ඉබ්බන්ගේ ග්‍රහණයට නතු වුණා. එතනට ආවට පස්සේ හැමෝගෙම වගේ හිතේ තිබ්බේ දිනුම් අදින බීට්ල් එක කාට ඇදෙයිද කියන එකෙයි. ඉවෙන්ට් එකේ ඉතිරි වැඩ කටයුතු ටික කෙරුණේ ගල්කිස්ස හෝටලේ Regency hall එකේ. වෙනදා ඇතිවෙන්න ආසන පහසුකම් තිබුණත් මෙදා පාර හිටපු ජන ගංගාවේ හැටියට සැලකිය යුතු පිරිසකට හිටගෙන ඉන්නත් වුණා. ඒ වගේම දෙමව්පියෝ සෙට් එකක් සෑහෙන ගේමක් දීලා කොක්කුන්ගෙන් ඉල්ලගෙන හෝ රෝස කැලෙන් ඇහිඳගෙන ගෙනාපු ළමයි සෙට් එකක් බුවෑව් බුවෑව් බ්රූම් බ්රූම් හූ හූ අම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් මාආආ තාච්ච්ච්ච්චී ආච්චි පෝච්චි චූ ගගා ශාලාව පුරා දුවපු නිසා කවුරුවත් කියපු කිසි දෙයක් හරියට ඇහුණේ නැහැ. 




කොහොමහරි අන්තිමට ඉවෙන්ට් එකේ ප්‍රධාන අරමුණ වුණු raffle එක දිනුම් ඇදීම වෙනකොට නම් හදවත පැසිපන්දු ගහන්න පටන් ගත්තා. ජයග්‍රහකයාගේ නම හැටියට මගේ නම හෝ කෞශිගේ නම කියවෙයි කියලා බලාගෙන හිටියත් කියවුණේ වෙන නමක් කියලා අර පැටිපස් පරාණේ විලාපය මැද්දෙන් ලාවට ඇහුණා (ගෝසාව කොච්චරද කියනවා නං සහ දුක කොච්චරද කියනවා නං ඒ වෙලාවේ හෝ, පස්සේ ජයග්‍රාහකයා හමුවෙලා සුබපතපු වෙලාවේ හෝ නම අහගන්න බැරි වුණා. පස්සේ ඩේවිඩ් ජැන්සේ තමයි මට නම තහවුරු කරලා දුන්නේ). 

Raffle එකෙන් 1 ශ්‍රී ඔරිජිනල් බීට්ල් එකක් දිනාගත්ත වාසනාවන්තයා වුණේ දමිත්‍ර ජයසූරිය. එයා ඒ වෙලාවේ එතන හිටියේ නැහැ. ක්ලබ් එකෙන් කෝල් එකක් දුන්නම විනාඩි විස්සෙන් එනවා කියපු මනුස්සයා විනාඩි දහයක් යද්දී ගල්කිස්ස හෝටලේට ආවා. දමිත්‍ර මම වගේ  සතුටට උඩ පැනලා සතුට ලෝකෙට පෙන්නන ජාතියේ කෙනෙක් නොවන බව බැලුබැල්මට පෙනුණත් එයා හිටියේ කොයිතරම් සතුටකින්ද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. 





උත්සවේ ඉවර වුණාට පස්සේ මට තවත් ජෙනුයින් බීට්ල් පිස්සෙක් වුණු, කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එක හරහා අඳුන ගත්තු අනුරාධ බමුණුකුලවත් හම්බවුණා. අනුරාධ ගැන මම දැන්ම වැඩි විස්තර කියන්නේ නැහැ, මොකද අනුරාධගේ කාර් එක දොරට වැඩියාම අපට ඊට වඩා කතාකරන්න දේවල් තියේවි කියලා මට හිතෙනවා.

අන්තිමට දමිත්‍ර ජයසූරියට සුබපතලා එයාගේ ෆොටෝ එකක් අරගෙන, එළියේ කහ කිරිල්ලිත් එක්ක හිටපු ප්‍රේමතිලක බාසුන්නැහැ සහ එයාගේ බෑණා සමීරටත් කතා කරලා එළියට ආපු අපි එහෙමම ආපහු කොළඹ පැත්තට හරෝලා BMICH එකට ගිහින් Thailand Week ප්‍රදර්ශනෙත් බලලා තමයි ගෙදර ගියේ. 




World Volkswagen Day 2017 ඉවෙන්ට් එක තමයි 9 ශ්‍රී 5333 සහභාගී වුණු 5 වෙනි බීට්ල් ඉවෙන්ට් එක. මීට අවුරුදු 4 කට විතර කලින් මේක විකුණන මොහොතේදී මේකේ කලින් අයිතිකාරයා වුණු සරත් කුමාර මහත්මයා කීයටවත් හිතන්න නැතුව ඇති එයා ගාව ප්‍රවාහන මාධ්‍යයක් විදිහට තිබුණු, එයාගේ දරුවන්ගෙන් අතේදුර ආදරයක් වත් නොලබපු 9 ශ්‍රී 5333 බොහොම ටික කාලයක් ඇතුළත මේ තරම් legend එකක් වේවි කියලා. 


අද බීට්ල් ඉවෙන්ට් වලදී වෙන අය ගත්තු ෆොටෝ ඇල්බම් වල පවා ඉහළින්ම 9 ශ්‍රී 5333 ඉන්නවා දකිනකොට මට වෙලාවකට පුදුමත් හිතෙනවා, අවුරුදු හය හතකට කලින් කලාවක් කරගෙන වෙලාවක් බලාගෙන නිලාවක් පත්තු කරගෙන වලාවක් වගේ ඉන්නවා ඇරෙන්න වෙන හීනයක් නොතිබුණු මම ම නේද මේක මෙතනට ගෙනාවේ කියලා... 

ජීවිතේ කියන්නේ ඇත්තටම Prototypes වල ඉඳලා 2003 දක්වා ඔරිජිනල් බීට්ල් එක ආපු ගමන වගේම සංකීර්ණ දෙයක්...

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
15/07/2017 
www.facebook.com/CarPissuwa
[කාර් පිස්සුවෙ ලිපි වලට කැමති නං බ්ලොග් එකේ web view එකට ගිහිල්ලා (මේක අදාළ ස්මාර්ට්ෆෝන් වලින් ඉන්ටනෙට් යන අයට) Followers ගැජට් එක ළඟ තියන Follow බට්න් එක ක්ලික් කරන්න]

50 comments:

  1. මමත් ඔයත් එක්කම ..හිතින් ඩ්‍රයිව් එක ගියා. ලබන අවුරුද්දෙවත් එන්න බලමු.

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සුවෙ යාළුවෝ වැඩි වැඩියෙන් එතන දකින්න තමයි මටත් ඕනේ. ඔයාටත් ලබන පාර එන්න ලැබේවා!

      Delete
  2. ඔය බස් එකට කියන නියම නම කොම්බි වෑන්.ඕක මොන අවුරුද්දේ එකක්ද? ටිකක් මොඩිෆයි ගතියක් තියනවා. 70 ගනන්වල මුලදි මගේ නෑදෑ අයිය කෙනෙක් ලඟ තිබුනා EL කොම්බි වෑන් එකක්. ඒකේ බොඩියයි මේකයි වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඕකේ ටෙක්නිකල් නම Type 2. අනික් ඔක්කොම පස්සේ හැදිච්චා. අපි (අඩු තරමින් මම) දැන් වැඩිපුර ෆලෝ කරන්නේ USA Aircooled scene එක නිසා මම පාවිච්චි කරන්නේ බස් නම. මේ වෑන් එකේ අවුරුද්ද නම් අහන්න මම උනන්දු වුණේ නැහැ හේතු ගොඩක් නිසා. මේක ගොඩගන්න මෙයාලා සෑහෙන ගේමක් දුන්නු බව මම දන්නවා. ඒ නිසා මම වෙන අක්මුල් හොයන්න ගියේ නැහැ. මේක 23 Windows Samba මොඩ්ල් එක මම හිතන්නේ. ඒක වෙන්නැති ඔයාට වෙනස් කියලා හිතෙන්නේ. අනික 70 ගණන් වල තිබ්බා නං බොහෝ දුරට Bay Window එකක් වෙන්න පුළුවන්, Split එකකට වඩා...

      Delete
    2. ස්ප්ලිට් එකේ ට කියන්නේ T1 කියලා

      Delete
  3. Question ekak ai 9 sri 5333 eke sides english white?

    ReplyDelete
    Replies
    1. ඒක පසුකාලීනව ආපු ටූ ටෝන් සිස්ටම් එකක්. තායිලන්තේ එහෙම ගොඩක් ජනප්‍රියයි. මම ඒ ක්‍රමේට ආසයි.

      Delete
    2. ප්‍රතිචාරයට ස්තූතියි කෙවින් :)

      Delete
  4. මට අලුත් බ්‍රා එකක් ලැබුනා වගේ

    ReplyDelete
  5. බත් ටික කන වෙලාවට බලන්න ලිපියක් ලියා තිබ්බට ඉස්තූතියි.

    මේ ගැන දීර්ග වසයෙං කතාකොලොත් මේ ඇවිල්ල තියෙන්නේ පාර අයිනෙ කොටං උඩ අතෑරලා දාපු පරණ ක්ලැසික් කාර්වල අස්ථි පංජරේටත් පරණ පත්තිරු හොයං ඇවිල්ලා අයිතිවාසිකං හදාගෙන අස්ප ගනංවලට විකුණන කාලයක්. අවංකවම කියතොත් වාහන නොවටිනා ගණංවලට විකිණෙන කාලයක්. දැං ඇලෝයි වීල් හතරක් දාලා මොකක් හරි පාටක ලැකර් ටින් දෙකාමාරක් උලපු වොක්ස්වාගන් වලට කියන ගනංවල හැටියට ඒ ගානෙං දෙවෙනි ලෝක යුද්දෙ කාලේ පාවිච්චි කරපු මෙසර්මිච් එකක් ගතහැකි. හැබැයි ඒකෙං එක හොඳක් වුනා. වෙනදට මයිනරයක්, වොක්ස්වාගන් එකක් දැක්කම තීවිල්ලෙකක් ගානටවත් ගනං නොගන්න රටේ "දැං ඔව්වත් ලක්ස හය හතක් වටිනවා" කියලා කියන මිනිස්සු ඉන්නවා. දැං දැං මිනිස්සු වොක්ස්වාගන්වල බඳට ටොකු ඇනලා "නියම ජරමං බඩු" කියනවා. එහෙම කියන එකාලම හැබැයි Opel එකක් දැක්ක ගමං පිටගමකිං ඇවිල්ලා අපේ ගමේ කසිප්පු පෙරන එකෙක් දිහා බලනව වගේ ඔරෝනව. එව්වා ජරමං නෙමෙයි වගේ.

    ඔය කොම්බි වෑන් පහුගිය කාලෙ හෙන අඩුමිලට තිබුණා. හැත්තෑ ගමංවල එකක් ඒසී කරලත් තිවුණද කොහෙද. මට මතක විදිහට ඔයිං සමහර ඒවයෙ මූනෙ තමයි ස්පෙයා වීල් එක තිබ්බෙ. ඔය වෑන් එකේ ඉස්සරහ විදුරු අරින්න හදල ඇත්තෙ ඒක කෑම්පිං වලට ගන්න ලේසිවට වෙන්න ඇති. ඕනම වාහනයක පිටිපස්සෙ ඩිකියෙ වීදුරුවත් ඔය විදිහට ඩිංගක් ඇරලා කිලෝමීටරයක් යන්න පුළුවං නං නිකම්ම වාහනේ ඇතුලෙ රස්නෙ බහිනවා.

    මටත් ආසාවක් තියෙනවා මයිනරයක් දරුකමට හදාගන්න. බොගෙ මයිනා විකුණන්න දාලා තියෙනව දැකලා කම්පා වුනේ මට ඒක ගන්න බැරි හංදයි. හැබැයි මං ගෙයක් හදාගත්තුදාට, හිතුවක්කාරකමට එයිං එකක් ගන්නවමයි. හැබැයි මරුටිය විකුණන්නෑ. පහුගිය ඉරිදා ඒකෙ අගේ මට තේරුණා. පහල පැත්තෙං කෙනෙක් ඉන්දැද්දි ගෑනු කෙනෙක්ට දනිස්ස ගාවට දිග සායක් ඇඳලා ලැජ්ජාව ආරස්සා කරගෙන බහින්න බැරි තරං සීඝ්‍ර කන්දක කිලෝ තුන්සීයක් විතර බර අපි හතර දෙනෙක්ව දාගෙන හනුමා වගේ එන්න හැකියාවක් ඒකට තියෙනව කියලා මං දැනගත්තෙ එදා. ඒ හංදා මං තීරණය කලා ඒක විකුණන්නෙ නෑ කියලා. කාලෙකදි මරුටිත් වොක්ස්වාගන් වගේම ලෙජන්ඩ් වෙයි. එදාට වොක්ස්වාගන් අල්ට්‍රා ලෙජන්ඩ්. ඒකට දැම්ම හුරුවෙයං.

    ReplyDelete
    Replies
    1. මරූටිය දීල ගනින් හොඳ තත්වයේ තියන 1300 බීටලයක් ! පෙට්‍රල් නම් මැරූටිය තරම් කරන්නේ නැති වෙයි හිතේ හැබැයි ඉතින් තව අවුරුදු 30ක් ගියත් ක්ලැසික් උනාට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙයි :-)

      Delete
    2. අපූරු කමෙන්ට් එකක්... ස්තූතියි...

      මම කවදත් මරුටි වලට පක්ෂ මිනිහෙක්. උඹ මගේ අලුත් කාර් බ්ලොග් එකේ 'දේ සී මී රෝලින්' එක කියෙව්වා නේ.. ඔය කතාවට මම එකඟයි.

      Delete
    3. @ කන්ඩා. සුපිරි කතාව මචං.

      Delete
    4. මරුටිය දීල ගන්න පුළුවං ජාති බැලුවොත්
      1) සුපිරිම තත්වේ 14 නොම්බරේ බොක්ස් ලාන්සර් එකක් අරං ගානක් අතට ඉතුරු වෙනවා.
      2) හොඳ තත්වෙ වොක්ස්වැගන් එකක්
      3) 16 නොම්බරේ ස්පින්ටර් එකක්
      4) Opal Astra එකක් අරං අතට ගානක් ඉතුරු වෙනවා
      5) 1970 ගනංවල අග ඩීසල් බෙන්ස් එකක්
      6) 1990 දශකෙ මැස්ඩා 90 මහත්තයෙක්
      7) 15 නොම්බරේ කොරෝනාවක්
      8) අලුත් ත්‍රීවිල් එකක්

      ඉතිං කෝකද හොඳ?

      Delete
    5. මේක නිකං ගෙදර ටිකක් ඉඩ තියනවා බල්ලෙක් ගේන්නද, බෝඩින් කාරයෙක් ගන්නද, ගෑනියෙක් ගේන්නද කියලා ඇහුවා වගේ සීන් එකක්. අවශ්‍යතාව අනුව චොයිස් එක වෙනස් වෙනවා. ආර්ථිකේ ගැන හිතනවා නං ත්‍රීවීල් එක. අධි වේගෙයි විස්වාසෙයි හන්දියේ කඩෙන් බඩු අරන් නඩත්තු කරන්නයි ඕන නං බොක්ස් එක. අත්දැකීම් පැත්ත ගැන හිතනවා නං සහ හොඳට නඩත්තු කරගෙන පාවිච්චි කරනවා නං කතා දෙකක් නෑ බීට්ල් එක. ලොකු සීන් ඕන නං බෙන්ස් එක. වාහන ගංගාව මැද්දේ තවත් එකක් වෙන්න ඕනේ නං ඉතුරු ටික.

      Delete
  6. හම්මා..... මේ තියෙන්නේ ටොයින් ටොයින් වෙන්න!

    ReplyDelete
  7. ඇයි හත් ඉලව්වේ අර VW Thing එක ගැනයි Karmann Gia ගැනයි වචනයක් කිව්වා නම් මොකෝ ? ඈ ලොක්කෝ බොට දැන් ඉබ්බො විතරමද පෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. තුනටිය දෙපැත්තෙ සමර ගෑම තායිලන්නෙං ආ ට්‍රෙන්ඩෙකක්ලු. ඩූ වී හෑව් එනිතිං ටු සේ එබවුට් දිස්?

      Delete
    2. මේ ... මේ ... කට වහන් ඉඳින් ඕකට එව්වා මේවා කියන්න ගොහින් ඔය යකා හිතේ අමාරු හැදිලා අඬන්න ගත්තොතින් මිනිහව සනසන්න වෙන්නේ නැහැ !

      Delete
    3. කන්ඩෝ, වෙලාවක ඒ දෙක ගැන සවිස්තරව ලියන්ඩද?

      Delete
    4. ආන්න එහෙම එනව නම් කමක් නැහැ 🙂

      මම හිතන විදිහට "කාමන් ගියා" එක තමයි එතෙක් මෙතෙක් හදපු සෙක්සිම වීඩබ්බ !

      ඔන්න කිව්ව වගේම නොලිව්වොත් .....

      Delete
    5. කාමන් ගියා එකටත් වඩා සෙක්සි බඩ්ඩක් ඉන්නවා ඔය කලෙක්ෂන් එකේ. ලිපියක් ලියන්නම වෙයි වගේ... ;)

      Delete
  8. දොස්තර මහත්තයාගේ EN සම්බා බස් එක එහෙම නැත්නම් 23 වින්ඩෝ බස් එක 1956 නිශ්පාදනය කරලා1957ලංකවේ ලියාපදිංචි කරලා තියනවා... මේ වෑන් එක අලුත්වැඩියාවෙන් පසු මංගල ගමන වොක්ස්වැගන් වෑන් හිමියංගේ සංගමයත් එක්ක තිරිකුණාමල සවාරියක් ගියා.... පැයට හැතැක්ම 80 වේගයෙන් චන්ඩියා වගේ.....
    මගේ හිතට ගැස්මක් තිබුණත් කිලෝමීටර 700ක පමණ දුරක්
    මමයි මගේ බිරිදයි ඔය වෑන් එකේ උජාරැවට ගිහිං ආවා.. දොස්තර ලියනාරච්චි මහතාත් මැතිනියත් දරැවන් දෙදෙනාත් දක්වන්නා වූ සහයෝගයෙන් මෙවැනි තව දුර්ලබ වාහන කිහිපයක් ඉදිරියට පැමිනේවි..

    ReplyDelete
    Replies
    1. විස්තර ටිකට ස්තූතියි තමරු. මටත් මේ ගැන දැනගන්න ලොකු ආසාවක් තිබුණා.

      Delete
  9. මේ විස්තර වලට ගොඩක් ස්තූති. ලබන අවුරුද්දේ මමත් හැමෝටම දැනෙන වෙනසක් අරන් එන්නම්

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්! මෙහෙම එක එක්කෙනා අලුතින් එකතුවෙන එක පුදුමාකාර සතුටක්!

      Delete
  10. විවිධ හැඩයෙන් ෆොක්ස්වැගන් වෑන් කිහිපයක්ම ජර්මන් ටෙක් එකේ 1993 - 1997 කාලේ තිබුනා. හැබැයි එතකොටත් එවා ධාවන තත්වයේ නම් තිබුනේ නෑ. දැන් ඒ වෑන් තියේනවාද කියලා නම් දන්නේ නෑ. ඉස්සර ෆොක්ස්වැගන් වෑන් පාවිච්චිකලා කියනවා ඇම්බුයලන්ස් විදිහට. මුල්කාලේ වායුසිසිලන පිටුපස එන්ජිම තිබුනත් පසුව ආවේ ඉදිරිපස ජල සිසිලන එන්ජින්.
    මට මතකයි රූපවාහිනි සංස්ථාවෙ පාවිච්චිවුනු ෆොක්ස්වැගන් වෑන් එහෙමත් ජර්මන්ටෙක් එකට ආවා හදාගන්න.

    ReplyDelete
    Replies
    1. තදබල VW cultures තියන සමහර රටවල aircooled පැත්තට බර අය watercooled ඒවා සලකන්නේ 'කෙළෙසීමක්' විදිහට. වෙලාවක මේ භේදය ගැන ලියන්න ඕනි :)

      Delete
  11. පිස්සු තද ෙවනව උන නගිනව ෙම්ව දැක්කම අෆ්පා

    ReplyDelete
    Replies
    1. ළඟදීම බීට්ල් එකකුත් අරගෙන මෙහෙම එකකට එන්න අදිටන් කරගන්න :)

      Delete
  12. ඔයාගෙ ලිපි පට්ට කියල මන් සැරෙන් සැරේට කියන්න යන්නෙ නෑ එහෙම කියල නිකන් ඇඩ් එකක් වෙන්න වෙන නිස, හැබැයි එවා පට්ට����.....
    ප්පොඩි විවේකයක් ලැබුනු වෙලාවෙ මාව මනසින් මේ එක්කන් යන චාරිකාවට බොහොම පින්. ජය වේවා
    පලි: ඊලඟ පාර මාවත් එක්කන් පලයන් ලොකූ, මන් ඔයට බ්ලොග් එකේ දාන්න පින්තූර ටිකකුත් අරන් දෙන්නම්.. ��(පොඩි අල්ලසක්������)

    ReplyDelete
    Replies
    1. අන්න නියම අල්ලසක් :) ඊළඟ පාර ඉන්දික වත් ඇදගෙන ඔයාවත් එක්කගෙන ගියා නම් සුපිරි අත්දැකීමක් වෙයි...

      අගය කිරීමට ස්තූතියි කවියා. ගොඩක් වටිනවා!

      Delete
  13. මිනිහෙට්ට ඉරිසියාව කියල එකක් ඇති වෙනෝ නම් ඕ0 මට ඒක ඇතිඋනා......හැඩකාර ඉබ්බියක් ට හිතින් ලව් කරන ගමන්........

    ඒත් ඉතින් දුරු රට වෙසෙන අපට.......අතේ තිබුනට කෝටියක්....මගේ හීනෙට කෝ ඉඩක්.........
    කමහ් නැහ්....බොලාම රැලි ගහපල්ලකො...

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු හයකට විතර කලින් කවුරුහරි කිව්වා නං මම 9 ශ්‍රී බීට්ල් එකක් හදලා බීට්ල් රැලි වලට ගිහින් ටිකක් ජනප්‍රිය පහේ බ්ලොග් එකකුත් පටන් අරන් දිගට ලියනවා කියලා, මම ඌට ඇඟිලි පහෙන් එකක් පෙන්නන්න ඉඩ තිබ්බා...

      සමහර වෙලාවට අපේ යහපත් ප්‍රර්ථනා ඉෂ්ට වෙනවා...!

      Delete
  14. ඔය තියෙන්නෙ එළකිරිස් එකට.
    අර වගේ ඉබ්බෙක් තෑග්ගකට දෙන්න අතාරින්න උනත් කවුද බොල හිත හදාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ක්ලබ් එකේ වැඩකට නිසා හිත හදාගන්න ඇති. අනික ඒ මහත්මයා අවුරුදු 50 කට වැඩිය කල් පාවිච්චි කරපු කාර් එකක් කිව්වා. ඒ කියන්නේ එතුමා දැන් වයස ඇති නේ. මම හිතන්නේ එතුමාට තිබුණු හොඳම ඔප්ෂන් එක තමයි මේක. මොකද දැන් ඕක තව සෑහෙන කාලයක් ඔරිජිනල් විදිහට තියේවි.

      Delete
  15. මේ තෑග්ගට දීපු වාහනේ මුල් අයිතිය කාගෙද?

    ReplyDelete
    Replies
    1. නම නං මතක නැහැ. නමුත් ඒ මහත්මයා අවුරුදු 50 කට වැඩි කාලයක් පාවිච්චි කරපු වාහනේ ලු. ක්ලබ් එකේ වැඩක් නිසා තමයි දෙන්න ඇත්තේ. ඒ කතාවත් පුළුවන් වුණොත් හොයලා ලියන්නං.

      Delete
  16. //මේක නිකං ගෙදර ටිකක් ඉඩ තියනවා බල්ලෙක් ගේන්නද, බෝඩින් කාරයෙක් ගන්නද, ගෑනියෙක් ගේන්නද කියලා ඇහුවා වගේ සීන් එකක්. අවශ්‍යතාව අනුව චොයිස් එක වෙනස් වෙනවා. ආර්ථිකේ ගැන හිතනවා නං ත්‍රීවීල් එක. අධි වේගෙයි විස්වාසෙයි හන්දියේ කඩෙන් බඩු අරන් නඩත්තු කරන්නයි ඕන නං බොක්ස් එක. // මේ කමෙන්ට් එක දැක්කාම මට ආව ප්‍රශ්නයක්, බොක්ස් එකෙන් පස්සේ ආපු ලාන්සර් (CB,CK,CS,CJ) ගැන මොකද හිතෙන්නේ? ඒවා //වාහන ගංගාව මැද්දේ තවත් එකක්// ද කොරොල්ලා වගේ? ඒක එහෙම නම්, එහෙම වෙන්න හේතුව මොකක් ද?

    අද ලිපියේ සිංහල නම් පට්ට :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ලාන්සර් ගැන මට බොහොම වැදගත් දේවල් දෙකතුනක් කිව්වා කාර් පිස්සුවෙ හිතවත්තු දෙන්නෙක් වන ධනුක ගුණසේකර සහ ඉෂාර ගයාන් කරුණාරත්න. එයාලට අනුව මේවා සුපිරි වාහන. විශේෂයෙන්ම වේගෙන් යන්න කැමති නම් CK1, CK2 වගේ ඒවා. ධනුක කියන විදිහට ඔය CB8 වගේ ඒවාට ඔරිජිනල් පාට්ස් තමයි ගන්න තියෙන්නේ ගොඩක් (හොර බඩු ඇති. නැතිවෙන්නේ නැහැ). මේවා ටිකක් ගණන්. අපේ මිනිස්සු වියදම් කරලා වාහන ගත්තට හරියට නඩත්තු කරන්න කැමති නැති නිසා තමයි මාකට් එක අඩු. නමුත් හරියට නඩත්තු කරපු එකක් හොඳට හොයලා බලලා ගත්තොත් වරදින්නේ නැහැ.

      Delete
  17. ඊලග රැල්ලට ගහගෙන එන්න පුළුවන් වගෙයි මගේ ප්‍රොජෙක්ට් එක යන විදිහට නම්.
    දැනට අළුත්ම තත්ත්වය ඊයෙ රෑම එවල ඇති.
    අර කන්වර්ටබල් එක ඇත්තටම ඔරිජිනල් එකක් වගෙයි පේන්නෙ මට නම්.

    ReplyDelete
    Replies
    1. //ව ඔරිජිනල් convertible කියල විස්වාස කරන්න බැරි ඔරිජිනල් convertible එකක්// රිජිනල් convertible එකක් තමයි පුබුදු. ඒක තියන විදිහට එහෙම හිතන්න බෑ කියන එක මම කිව්වේ. :) ඔයාගේ අප්ඩේට්ස ටික බලන්න බැරි වුණා තාම. නමුත් වැඩේ ඉවර වෙලා එනකල් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ...

      Delete
  18. මටත් ඉන්න බැරියෝ...ඉක්මණට බීට්ල් එකක් ගන්නවෝ....

    ReplyDelete
    Replies
    1. නියමයි. අපි ඊයේ කුරුණෑගලත් ගිහින් ආවේ. කුරුණෑගල කිව්වට ඊටත් කිලෝමීටර් තිහක් හතළිහක් ඇතුළට. ඒ විස්තරෙත් ලියන්නම්.

      Delete
  19. ෆ්ලයි ඕවර් වලින් සාර්ථකත්වයක් අඩුවෙන්ම ලැබුන එක දෙහිවල

    http://www.express.co.uk/news/uk/431958/Volkswagen-say-Bye-bye-to-camper-vans

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒක කන්දක ට්‍රැෆික් එකේ ක්ලච් බැලන්ස් එක තියාගන්න හැටි ගැන අත්දැකීම් ලබන්න තියන තැනක් විතරයි.

      Delete