Thursday, April 7, 2016

ප්‍රොජෙක්ට් එකක් ඉවර කරලා කාර් එකක් ගෙදර ගේන සතුට වචනවලින් කියන්න බැහැ. හැදුවට පස්සේ ඉස්සරලාම පාරට දාන එක වගේම ගෙදර ගෙනල්ලා නවත්තලා හැඩ බලන එකත් හරි අපූරු දෙයක්. මේ තියෙන්නේ මගේ පළවෙනි මොරිස් මයිනර් ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා කාර් එක ගෙදරට ගෙනාපු දවස...

අපි ජීවත් වෙන්නේ ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට. ඒ අතර තියෙන්නේ ඕන වීමයි එපා වීමයි අතර අමුතුම කාල සීමාවල් ගොඩක්!


12 comments:

  1. ඒක නම් ඇත්ත. ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙලා වාහනේ ගෙදර ගෙනාවම දැනෙන්නේ පුදුම සතුටක්. මම නම් වැඩියම අසා වාහනේ නැගල රට වටේ යන්න. ක්ලැසික් කාර් එකක වාඩි උනාම දැනෙන Feeling එක කොච්චර නවීන පන්නයේ වාහනයක උනත් මට නම් දැනෙන්නේ නෑ.හදාගන්න කොච්චර කට්ට කෑවත් මගදී නැවතුනත් වාහනේ ඉදගෙන යන්න ගත්තම ඒ ඔක්කොම අමතක වෙනවා

    ReplyDelete
  2. මම බැලුවෙ දොරේ මාර්ක් එක. කාර් පිස්සුවේ තරම ඒකෙන්ම හිතාගත්තැකි. මමත් පරණ කාර් වලට ආසයි. ඒත් එච්චර යට කරන්න තරම් සල්ලි නෑ. බලමු අනාගතයේදිවත්..

    ReplyDelete
    Replies
    1. මම 70,000 කට බීට්ල් එකක් ගත්තා කාලෙකට උඩදී. මයිනර් එකක් ගත්තා 75,000 කට ළඟදී. හරි වෙලාව ආවොත් වැඩිය යට කරන්නේ නැතුව ආසාවට පදින්න පුළුවන් හොඳ කාර් එකක් ගන්න පුළුවන්. ගේම අතඅරින්න එපා. සොයන්නාට (ලුහුඬු දැන්වීම් අතරින්) සම්බ වේ!

      Delete
  3. මම හිතුවා මට විතරයි පිස්සු කියලා. හැක්.....

    ReplyDelete
    Replies
    1. තවතව පිස්සන් මුණගැසීම සතුටකි!

      Delete
  4. තරිඳු... මයිනර් එකට රීම් කප් 4 නෑ නේද... ගම්පහ තියනවා 4ක්... මෙන්න ලින්ක් එක...
    http://riyasewana.com/buy/morris-mainar-sale-gampaha-411491

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම ඕක දැක්කා කලින්. මේ 1000 සීරීස් එකේ සෙට් එකක්. මගේ එක සීරීස් 2 මයිනර් එකක්. සහයෝගය ගොඩක් වටිනවා.

      Delete
  5. මටත් මේ පිස්සුව නැගිගෙන එනවා. <3
    තාම 25ඉ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මන් මී දවස් වල බීට්ල් ටිකක් බලාගෙන යනවා. මගේ ප්‍රශ්නේ තම තරිදු අය්යේ හොදටම හදපු බීට්ල් එකක් ගන්නවාද නෙත්නම් අඩුවට අරන් හදනවද ?

    ReplyDelete
  6. මටත් දැන් පිස්සුව තද වෙලා තියෙන්නෙ! project වලට නෝමල් කීයක් වගේ යට කරන්න උනාද? මගේ Ford එකක් තියෙනව හදල ගන්න?

    ReplyDelete
    Replies
    1. වාහනේ තත්වය අනුව තමයි. හරියට කරනවා නං මම සාමාන්‍යයන් තියාගන්න මූලික සීමාව තමයි ලක්ෂ 3

      Delete