Saturday, April 23, 2016

ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්...





සාමාන්‍යයෙන් ලංකාවේ බහුලවම හම්බෙන ක්ලැසික් කාර් වර්ග දෙක තමයි ෆොක්ස්වැගන් සහ මොරිස් මයිනර්. ගොඩක් අය තමන්ගේ පළවෙනි ක්ලැසික් කාර් එක විදිහට තෝරාගන්නේ මේ දෙකෙන් එකක්.

ක්ලැසික් කාර් එකක් එළවන එක ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අලුත් වාහනවලට අත හුරුවෙලා නම් මේක කොහොමත් අමාරුයි.

ෆොක්ස්වැගන් වල එන්ජිම තියෙන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ rear engine, rear wheel drive ක්‍රමයට. නමුත් මොරිස් මයිනර් ඇතුළුව ගොඩක් වාහනවල එන්ජිම තියෙන්නේ ඉස්සරහා. ඒ කියන්නේ front engine, rear wheel drive.

මේ වෙනස සුක්කානමට හොඳට දැනෙනවා. මේවායේ පවර් ස්ටියරින් නැහැනේ. මොරිස් එකක වීල් එක අතට ගොඩක් බරට දැනෙනවා. නමුත් ෆොක්ස්වැගන් එකක වීල් එක ගොඩක් සැහැල්ලුයි.

හැබැයි එකක් මතක තියාගන්න! ෆොක්ස්වැගන් වල කොහොමත් ගොඩක් ලොකු ස්ටියරින් ප්ලේ එකක් තියනවා. ඒ නිසා සමහර විට කාර් එක මාර විදිහට under steer වෙනවා. සමහර පරණ ෆොක්ස්වැගන් වලක වැටුණාම කැලේ යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා කිසිම දවසක අතට හුරුවෙනකල් ෆොක්ස්වැගන් එකක් ස්පීඩ් කරන්න එපා.

මොරිස් වල නම් එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මොරිස් එකක් ළඟ කපනවට වඩා ලේසියි ජිම් ගිහින් කිලෝ හැට හැත්තෑවක් දාලා බෙන්ච් එක ගහන එක...

වරදවා තේරුම් ගන්න එපා. මේ වාහන දෙකම එළවන එක ඒ තරම් අමාරු නැහැ. හැබැයි පුරුදු වෙනකල් කිසිම වාහනේකින් වැඩ දාන්න යන්න එපා. පරිස්සමෙන් එළවන්න. ඒක කවදත් කොහොමටත් ඇඟට ගුණයි.

15 comments:

  1. තව ටිකක් විස්තර කරල දිගට ලියන්න

    ReplyDelete
    Replies
    1. ලියන්නම්. ස්තුතියි අදහසට!

      Delete
  2. අර පොලිස් කාරයෙක් "කොහේ යනවද මේ එන්ජිමකුත් ඩිකියේ දාගෙන " කියලා චෙක් පොයින්ට් එකකදී ඇහුවේ වොක්ස්වැගන් එකක් නවත්තලා නේද ??

    ReplyDelete
    Replies
    1. හරියට හරි... ඉස්සරහින් ගිය ෆොක්ස්වැගන් කාරයා කිව්වනේ උගේ එන්ජිම කවුද උස්සලා කියලා...

      Delete
  3. උඹට තව ලියන්න පුලුවන්.. මේ හොඳටම මදි !! ලියහංකො

    ReplyDelete
  4. ඔය දෙකෙන් මට නම් හොඳම එක වොක්ස්වැගන් බීටල් කාර් එක. ඕක අනික් පැත්තට දාපු පොල් ලෙල්ල වගේ පෙනුනට ඔකේ මෝස්‌තර 35ක් තියෙනවා. එන්ජිම පිටි පස්සේ නිසා හරිම බැලන්ස්. ඕනෑම වේගයකින් ගිහින් පස්ස ලිස්සන්නෙ නැතිව වංගුවක් ගන්න පුළුවන්. මොරිස් මයිනරයේ තිඑන එකම වැරැද්ද ඉස්සරහ රෝදය ගැලවෙන එක.

    සමරසේකර

    ReplyDelete
  5. මගේ මිකැනික් මට දිවුරලා කිව්වා මොරිස් මයිනරේ රෝද ගැලවෙන්නේ කල්ප ගානක් සර්විස් නොකර දිව්වම කියලා. ප්‍රශ්නේ තියන්නේ අපේ අය දුවන්නේ කල්ප ගානක් සර්විස් නොකර නේ... අනික් එක තමයි ඇත්තටම වේගෙන් ගිහින් බීට්ල් එක හරවන්න යන්න එපා. අපි ආදරේට කිව්වට ඒකෙ traction බින්දුවයි. මගේ බීට්ල් එක 1600cc එකක්. ඒ නිසා සාමාන්‍යයෙන් හැම වංගුවම adventure එකක්. හැබැයි ඒ fun එක වචනෙන් විස්තර කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන විදියට රෝදෙ ගැලවෙන්නේ මොරිස් මයිනර් එකතරා වර්ෂන් එකක විතරයි. ඒක නිර්මාණ දෝශයක්ලු.

      මරු සයිට් එක. ආයෙ එනවා. ජය වේවා.

      Delete
    2. බොහොම ස්තුතියි!

      Delete
  6. ඔබ වැදගත් දෙයක් අමතක කරලා. ෆොක්ස්වාගන් එකේ ටොප් ගියරය ඔවර්ඩ්‍රයිව් එකක්.ගියර් අනුපාතය 1:1 නෙමෙයි.ඒ නිසා අඩු වේගයකදී ටොප් ගියර් එක යෙදුවොත් කාර් එක ගැස්සෙනවා නැතිනම් කොටනවා.මමත් කාලයක් බීට්ල් එක්ක හැප්පුනා.

    ReplyDelete
    Replies
    1. හොඳ පොයින්ට් එකක්. ස්තුතියි අදහසට. මම ඒ ගැන ටිකක් වැඩිපුර හොයන්නම්.

      Delete
  7. බීට්ල් එකේ රිවර්ස් ගියර් එක දාන්න ඕනෙ විදිය වෙනස්ද ?

    ReplyDelete
    Replies
    1. පුෂ් කරලා වමට-පිටිපස්සට

      Delete