Monday, May 14, 2018

Ducati Brio සහ ජෝන් සීනාගේ පාන් බේකරිය

www.topspeed.com

ඩුකාටි එක ස්කූටර් එකක් හැදුවා කියන එක හරියට ජෝන් සීනා බේකරියක් කරනවා කිව්වා වගේ දෙයක්. අඩු තරමින් ඩුකාටි එකේ ඉතිහාසය ගැන එච්චර අවබෝධයක් නැති අයට දැනෙන්නේ එහෙමයි. 

මමත් එහෙම කෙනෙක්. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ ඉඳන් තිළිණ ලංකා එවපු බයික් ෂෝ එකක ෆොටෝ සීයක් විතර අස්සේ තිබිලා Ducati Brio එකක ෆොටෝ දැක්කම මට ජෝන් සීනා මාළුපාන් අනනවා වගේ මනෝ චිත්‍රයක් මැවුණා. 

ඒ වුණාට පොඩ්ඩක් අන්තර්ජාලයේ රෙස්ලින් පාරක් දාලා බලද්දී ඩුකාටි එකට ස්කූටර් හැදිල්ල එච්චර නුපුරුදු දෙයක් නොවන බව පෙනුණා. නමුත් ඉතිං ලංකාවේ අපි බොහෝ දෙනෙක් ඒ ගැන දන්නේ නැති නිසා මේ පුංචි සටහන ලියන්න හිතුවා. 

ඩුකාටි එක ඉස්සරලාම ස්කූටර් එකක් මාකට් එකට දැම්මේ 1952 අවුරුද්දේ. ඒ තමයි Ducati Cruiser එක. ඩුකාටි එකේ පළවෙනි ස්කූටර් එක වීමට අමතරව ඒකෙ තව විශේෂතා දෙකක් තිබුණා. 

1. ඉතාලියේ පළවෙනි four-stroke ස්කූටර් එක වීම 

2. ඉතාලියේ automatic transmission සහිත පළවෙනි ස්කූටර් එක වීම 

ඒ කියන්නේ ඩුකාටි කෲසර් එක ෆෝ-ස්ට්‍රෝක් ඔටෝ භාණ්ඩයක්. 


www.ducati.com


මුලින් මේක ඇවිල්ලා තියෙන්නේ 12hp එන්ජිමක් එක්ක. පස්සේ ස්කූටර් වල උපරිම වේගය පැයට කිලෝමීටර් 50 ට සීමාවෙන්න ඕනේ කියලා ඉතාලියේ ආණ්ඩුවෙන් නීතියක් ගෙනාපු නිසා මේක 7.5hp දක්වා අඩු කළා ලු.  

ඒක හරියට ජෝන් සීනා තිස්පහේ මාළුපාන් වෙනුවට දහයේ මාළුපාන් විකුණන්න ගත්තා වගේ වැඩක්! 

Giovanni Fiorio තමයි එන්ජිම සැලසුම් කළේ. බොඩිය නිර්මාණය කරලා තියෙන්නේ සුප්‍රකට Ghia සමාගම එක්ක එකතු වෙලා. 

ඔවු. Volkswagen Karmann Ghia එක ඩිසයින් කරපු කට්ටියම තමයි. 

කොහොම වුණත් ඩුකාටි කියන්නේ ස්කූටර් කලාවේ කප්පිත්තෙක් නොවෙන නිසා ඩුකාටි කෲසර් එකට Vespa සහ Lambretta වගේ දැවැන්ත නම් එක්ක හැප්පෙන්න බැරුව ගියාලු. ඉතින් මාකට් එකට ඇවිත් අවුරුදු දෙකකට පස්සේ කෲසර් එක මාකට් එකෙන් අතුරුදන් වුණා. මේ අවුරුදු දෙකට කෲසර් 1,000 ක් වගේ තමයි හදලා තියෙන්නේ. 

ඩුකාටි එක ආපහු ස්කූටර් මාකට් එකට මුට්ටිය දාලා බැලුවේ 1963 අවුරුද්දේ. 

ඒ කාලේ වෙද්දී තරුණ පරපුර ආයෙමත් ආත්ම ගරුත්වය තියාගෙන ලාබෙට ගමන් බිමන් යන්න පුළුවන් ක්‍රම හොයන්න ගත්තා. ඒ නිසා ස්කූටර් වලට මාකට් එකේ තියන ඉල්ලුම ඉහළ ගියා. 

මෙහෙම පසුබිමක් තියනකොට මුට්ටිය නොදා ඉන්න එක මුට්ටියට කරන අපහාසයක්... 

ඒ කාලේ වෙද්දී ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පියෝ කාර්මික සැලසුම් පැත්තටත් යොමු වෙලා හිටියා. ඉතාලිය කොහොමත් කොයි කර්මාන්තයේදීත් ලස්සන ඩිසයින් පැත්තට ලොකු අවධානයක් දෙන රටක් (ඉතාලි කාර් වල තියන මායාවී ආකර්ෂණය ගැන මම ලියපු ලිපියක් 2018 මැයි 13 'අනිද්දා' පත්තරේ පළවුණා. පුළුවන් නම් හොයාගෙන කියවන්න). ඉතින් ඩුකාටි එක ඒ කාලේ හිටපු ප්‍රමුඛ පෙළේ නිර්මාණ ශිල්පියෙක්ව මේ වැඩේට ගාවගත්තා. 

ඒ තමයි Gio Ponti. සුප්‍රසිද්ධ Pirelli Tower ගොඩනැගිල්ල පවා මෙයාගේ සැලැස්මක්. ඒ වගේම එයා 50 දශකයේදී Fiat එකේ කාර් ප්‍රොජෙක්ට් එකකටත් සම්බන්ධ වෙලා කටයුතු කරලයි හිටියේ.


en.wikipedia.org


1953 Milan Exhibition එකේදී තමයි ඉස්සරලාම Ducati Brio එක හඳුන්වලා දුන්නේ. 


www.ducati.com


ඉස්සරලාම ආවේ Brio 48 එක. ඒ කියන්නේ 48cc එන්ජිම. ඊට පස්සේ 100cc වර්ෂන් එකක් ආවා. මේ 100cc එක Bologna වල ට්‍රැෆික් පොලීසිය පවා පාවිච්චි කළා ලු. පස්සේ කාලෙක එන්ජින් ධාරිතාව අඩු කරලා 50 cc වර්ෂන් එකක් හඳුන්වලා දුන්නා කියලා www.ducati.com වෙබ් අඩවියේ තියනවා.  

Ducati Brio එකේ විශේෂ ලක්ෂණ දැනගන්න කැමති නම් මේ වෙබ් අඩවියට යන්න. මේවා සංකීර්ණ තාක්ෂණික යෙදුම් සහිත විශේෂතා නිසා මම ඒවා සිංහලට හරවන්න යන්නේ නැහැ. 

Brio එක ෆුල් ටෑන්ක් කරලා පැයට කිලෝමීටර් 40 වේගෙන් කිලෝමීටර් 220 ක් යන්න පුළුවන් වුණා ලු. තුට්ටු දෙකට ලස්සනට රවුම් ගහන්න ක්‍රම හොයපු පරම්පරාවකට මීට වඩා තෑග්ගක් තවත් කොයින්ද! 





මේ ෆොටෝ හතරම ඕස්ට්‍රේලියාවේ ඉඳන් එවුවේ තිළිණ ලංකා. එහෙ බයික් ෂෝ එකකදී තමයි එයා මේක දැකලා තියෙන්නේ. 


Brio එක අලෙවි වුණු හෝ නිෂ්පාදනය වුණු ප්‍රමාණවල් මූලාශ්‍රවල දක්වලා නැහැ. ඒ වුණාට අද කාලේ මේ ස්කූටර් ගොඩක් දුර්ලභ නිසා Brio එකත් එච්චර සාර්ථක වෙන්න නැතුව ඇති කියලා අපට හිතන්න පුළුවන්. 

ඒ වුණාට ජෝන් සීනා පාන් පිච්චුවා කියලා දැනගත්තු එකෙත් අමුතු ආතල් එකක් තියනවා. 

හා නැද්ද? 


තරිඳු ශ්‍රී ලොකුගමගේ 
2018 මැයි 14 
www.facebook.com/CarPissuwa

පසු සටහන්:  ප්‍රධාන වශයෙන් තොරතුරු ගත්තේ www.ducati.com වෙබ් අඩවියෙන්.  Brio එකක ෆොටෝ එවපු තිළිණ ලංකාට මගේ විශේෂ ස්තූතිය. නිල් පාට ස්කූටර් එකේ ෆොටෝ වල සියලු හිමිකම් එයා සතුයි. අනික් ෆොටෝ ගත්තු තැන් ඒ ෆොටෝ වලට යටින් දාලා තියනවා. ලිපියේ සහ කරුණු වල සිංහල පරිවර්තනයේ හිමිකම් මගේ. උපුටාගන්න අවශ්‍ය නම් අහලා ගන්න. නැත්නම් මම කළා වගේ credit දාන්න. ස්තූතියි.  


41 comments:

  1. Jiwithetama ahala thibbe nathi seen ekak meka nam...lambogini tractor case ekata wada wenas kathawak.balan yaddi godak wahana nishpadakayi me wage wada karala thiyenawa kawadahari dawasaka eyalage athithedi.aththatama ayya lipiyata ekathu karapu kulubaduth ekka patta rasa liyamanak... ��

    ReplyDelete
    Replies
    1. Photo tika hodata baladdi dakke aei ara Gio Ponti kiyana manussaya commode ekak usaan inne?

      Delete
    2. ප්‍රතිචාරයට ස්තූතියි මල්ලි. ඔයා කියන එක සහතික ඇත්ත. කොයි සමාගමේත් ඉතිහාසයේ කුණුබක්කියට බැහැලා අවුස්සද්දී ඔහොම ගුලි කරලා විසිකරපු අපූරු කතා අහුවෙනවා...

      Gio Ponti 'Ideal Standard' කියන සමාගමට සනීපාරක්ෂක උපාංග සැලසුම් නිර්මාණය කරලා තියනවා. ඒක වෙනුවෙන් හම්බවුණු මොකක් හරි ඇගයීමක් වෙන්න ඇති අතේ තියෙන්නේ...

      Delete
  2. ඇත්තටම අයියේ ජෝන් සිනා මලු පාන් පුචිචලා..ඇඩෙි...හැබැයි ඉතින් ඒ මාලු පාන් ලෙසටම තියෙන ඇති...

    ...ඩුකාටි...

    ReplyDelete
    Replies
    1. මේවා දකින්න දකින්න ස්කූටරයක් ගන්න ආසා හිතෙනවා ;)

      Delete
  3. තිලිනය දාල තියෙනවපදැකල මමත් ව්ස්තර හෙව්ව.
    හැබැයි මේ තරම් විස්විදැනන් හ්ටියෙ නෑ.
    මරු.

    ReplyDelete
    Replies
    1. තිළිණ දාපු එක මට මීටර් නෑ නේ :( ඌත් එක්ක චැට් එකක් දාන්න ඕනේ මේ ගැන. ප්‍රතිචාරෙට ස්තූතියි මද්දා!

      Delete
  4. මේක ලිව්වට ඉස්තූතියි. ඉස්කූටර් එක්ක මගෙ කිසි සම්බන්ධයක් නෑ. හැබැයි බයිසිකල් වලට මං කවදත් පණ ඇරලා. බයිසිකල් පැදිල්ලට මං ඒ තරං දස්ස නෑ. ඒ කිව්වෙ සමහර වෙලාවට මට බයිසිකලෙන් වෙනිං වාහනයක් ඉස්සර කරන්න බෑ. එහෙං මෙහෙං දාලා රිංගන්න බෑ. හැටට යමිං ගමං කන වංගුවලදි කණ බිම ගාන්න බෑ. ඒ වුනාට බයිසිකලේ යද්දි දැනෙන ආරක්ෂාකාරී හැඟීම මට වෙන කිසිම වාහනේක දැනිලා නෑ. ඒ හංදා මං අදත් මං තනියම යන ගමන් බිමන් යන්නෙ බයිසිකලේ. ළඟ ගමන් ටික ඩබල් දාලා යන්නෙත් බයිසිකලේ. හොන්ඩා PCX, පයියග්ගියෝ MP3 වගේ ඉහල තාක්ෂනේ තියෙන ස්කූටර්වලට හිත ඇදුනට මට එව්ව අත්කරගන්න හීන නෑ (ඊටත් වඩා බෑ). හැබැයි එකම හීනයක් ඉතුරුයි. කවදහරි දවසක බයිසිකලෙං නොතෙමි යන්න පුළුවං විදිහෙ වහලක් හයිකරන්න ඕන. බයිසිකලේ මට දැනෙන එකම අඩුව තෙමෙන එක විතරයි. මෝටසයිකල් දිනේවා! මෝටසයිකල් අපහරණය කරන එවුං බංගවේවා!

    ReplyDelete
    Replies
    1. මේක ඔළුව පයිත්තියන් කරන කොමෙන්ටුවක්. හරියට ජෝන් සීනා කෝච්චියේ ඉස්සෝ වඩේ විකුණනවා දැක්ක වගේ අත්දැකීමක්. //බයිසිකලේ යද්දි දැනෙන ආරක්ෂාකාරී හැඟීම මට වෙන කිසිම වාහනේක දැනිලා නෑ// //සයිසිකලෙං නොතෙමි යන්න පුළුවං විදිහෙ වහලක් හයිකරන්න ඕන//

      ප්‍රතිචාරයට ස්තූතියි. :)

      Delete
    2. බයිසිකලේ තියෙන නිදහස හරිම වෙනස්. ඒක නියමෙටම දැනෙන්නෙ ගල් ගොඩවල්, වාරිමාර්ග වෙච්චි අපේ ගම්පලාතෙ පාරවල්වල ගිය අයට. පාකිං ඉඩ හොයන්න කරදර වෙන්න ඕන නෑ. තරමක පළල තියෙන නියරක උනත් යතහැකි. මෙලෝ වාහනයක් අදින්නෙ නැති කඳු වුනත් බයිසිකලේට ඔට්ටුයි. දෙන්න එක්ක බයිසිකලේ යතොත් බස් ගාස්තුවට වඩා ලාබයි. ඒ සේරටම වඩා අපි දෙන්න ගිය ගමන් වලින් අපිට හැමදාම මතක තියෙන ගමන ගියෙත් බයිසිකලේ. ඒ හංදයි මට බයිසිකලේ නොතෙමෙන්න හදන්න ඕන.

      Delete
    3. අන්තිම වාක්‍යයට එනකල් ඔයාගේ කතාවට එකඟයි. අන්තිම වාක්‍යයේ තියන දේ ඉංජිනේරු අතින් ගත්තත්, නීතිමය අතින් ගත්තත්, sense එක අතින් ගත්තත් කරන්න බැරි දෙයක් නිසා මේක යාන් හෑලි ලෝකයේ twisted joke එකක් කියලා හිතනවා. මොනවා වුණත් බයික් එක්ක ඔයාගේ තියන බැඳීම මට තේරෙනවා. මට මතකයි ඔයාගේ ප්‍රසිද්ධ ෆොටෝ එකක් තිබ්බා, බයික් එකක මලු වගයක් ගැටගහපු. ඒකෙ අමුතු රෝයල් එන්ෆීල්ඩ් ගතියක් තිබුණා මට මතකයි.

      Delete
    4. නොාතෙමි යන්න පුලුවන් එකක් ඇත.
      https://youtu.be/lPQ8GpEtMQQ

      Delete
    5. BMW හදපු වහලෙතියෙන ඉස්කූටර් එකක් තියෙයි.

      Delete
    6. ශ්‍රංග, ඔක්කොටම කලිං කියං පයියග්ගියෝ කියන බයිසිකලේ මොකක්ද කියලා? මට නිකං කොයිල් වගේ

      Delete
    7. උගෙන් ඕවා අහලා වැඩක් නෑ. අර වයසක ටීචර් ලා වගේ උගේ ඔළුවේ තියෙන්නේ ඌම හදාගත්තු සිලබස් එකක්...

      Delete
  5. උපුට ගන්න අපිට ඉතින් මේවා තෙරෙනවා කියලැයි...උබ ලියන දෙයක් බලගෙන තියන දෙයක් කලා ඉන්නවා මිසක්..

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ පේජ් කරන සමහර අපතයෝ ඉන්නවා උන්ගේ වගේ උස්සලා දාන. ඒකයි මෙන්ඩයියේ...

      Delete
    2. අන්න ඒකටනම් මමත් විරුද්දයි....

      Delete
    3. අඩු ගානේ ස්තූතිය කියලා හරි නිකමට නම සඳහන් කරපිය. ඒත් නෑ. ඊට පස්සේ ඇයි ගත්තේ කියල ඇහුවම 'යාළුවෙක්ගේ වෝල් එකකින් කොපි කළේ මම හිතුවේ එයා ලිව්වා කියලා' වගේ බේබි ටෝක් දෙනවා.

      Delete
  6. https://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/11204-%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8-%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F

    ReplyDelete
  7. ස්කූටර් ගැන ලිව්වට ස්තූතියි. මොකද ස්කූටර් කාර් පදින අයට අරහංනේ. බයිසිකල් ගැන ලිව්වත් ලියන්ාන් classic muscle bikes වගේ සුපිරි ඒවා ගැනනේ. සුරංග කියන්නා වගේ බයිසිකලේ තියෙන නිදහස හරිම වෙනස්. ක්ලච් තියන බයිසිකලේකට වඩා ස්කූටර් තවත් වෙනස්. ඕනම පාරක කන්දක වගෙම කොළබ ටැපික් වලටත් ඔට්ටුය්. අනිද්දා ලිපියත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි. මටත් ස්කූටර් ආසාව සෑහෙන තදට ඇවිත් තියෙන්නේ... :)

      Delete
  8. ජෝන් සීනා සීනි බනිස් හැදුව වගේ වැඩක් තමයි මේක. ඔය ස්කූටර් එක සිත් ඇදගන්නා ගැජමැටික් එකක් නිසානෙ අර කෝඩුකාරයෝ වගේ ගෘෘප් හිටං බිහිවෙලා තියෙන්නෙ. අගෙයි විස්තරේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා...

      Delete
  9. ලිපියක් විදිහට හොඳයි, නමුත් ආසාවෙන් කියවන්න තරම් දෙයක් තිබුනේ නැහැ...
    ඒක අමතක කරන්න...

    බයික් වලට පණ ඇරලා හිටපු මට 2009 දී (හැප්පිලා බාගෙට හොරට හදපු) අවාසනාවන්ත ඩිජිබෙල් එකක 30 ට වගේ පාරේ අයිනෙන්ම යද්දී වංගුවක් කෙලින් කරපු පල්සර් එකක ආපු හරක් දෙන්නෙක් මුණටම හප්පලා වෙච්ච අනතුරෙන් අදටත් වම් කකුලේ එන වේදනාව සහ එක දිගට අකුරූ දහ පහළොවක් ලියා ගන්න කන කට්ට කන දකුණු අත මතක් වෙද්දී බයික් ගැන ඇතිවෙන්නේ මරණිය බයක්...
    ඒ වගේම ට්‍රැෆික් එකේදී වමේ ලේන් එකේ එද්දී ලේන් එකයි පේමන්ට් එකයි අතරේ තියෙන අඩිය හමාර අතරෙන් රිංගගෙන වමෙන් කෙළගෙන ඉස්සර කරන උන් ගැන තියෙන්නේ මරණීය කේන්තියක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැමෝම බයික් වල romantic පැත්ත කතා කරන කාලෙක reality එකෙන් දමලා ගැහුවට :)

      Delete
    2. මමත් නම් බයික් වලට බයයි....එක දවස්ක් ලොකු බයික් එකක් කිලෝ මිටර් 15ක් එන්න මට පැය 2ක් ගියා..

      Delete
    3. මෙන්ඩයියා තල්ලු කරන් ඇවිත්ද මන්දා!!!

      Delete
  10. http://www.visordown.com/features/motorcycle-top-10s/top-10-bikes-with-roofs

    ReplyDelete
  11. කූටර් පෙම මෝරලා.. වගේ

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.... ඉතාම අවංකව කියනවා නං ආසාවට නිකං ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට හරි එකක් ගෙනත් තියාගන්න හිතිලා තියෙන්නේ :)

      Delete
  12. පරණ කූටරේකට තියෙන ආසාව තව ටිකක් වැඩි වුණා මේකත් එක්ක. හැබැයි ඉතිං මගේ ආර්ථික තත්ත්වෙත් එක්ක පරණ කූටරෙත් බීටලේ වගේම හීනයක් වෙනවා සුවර්

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට අපි හීන හැබෑ කරගන්න කාලේ වෙනකොට පරණ කූටර් ඉතුරු වෙයිද මන්දා!

      Delete
  13. කාර් පිස්සුව බයික් පිස්සුව වෙයිද.?😂 දිගටම ලියන්න. ජයවේවා අයියේ...

    ReplyDelete
  14. ක්ලැසික් ලයින් කෞතුකාගාරය ගැන කිව්වට ස්තූතියි. දැනගෙන හිටියෙ නැහැ

    ReplyDelete
  15. ස්කූටර් නම් දැන් ත්‍රීවීල් වගේම වසංගතයක් වේගෙන එන්නෙ

    ReplyDelete